Dweshaya Durukarana Krama – ද්වේෂය දුරුකරන ක්‍රම.

Most Ven. Kukulpane Sudassi Thero ද්වේෂය දුරුකරන ක්‍රම.

Dweshaya Durukarana Krama (Methods for eliminating hatred) was a very valuable set of six Dhamma sermons conducted by Most Ven. Kukulpane Sudassi Thero during 2013. These Dhamma sermons were used as a reference by the Thero in many occasions. A series of discussions were also initiated based on these Dhamma Talks on 06 February 2021 under Saturday Dhamma Discussions.

අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ වර්ෂ 2013 දී ”ද්වේෂය දුරුකරන ක්‍රම” යන මාතෘකාව යටතේ ඉතා ප්‍රයෝගික වටිනාකමකින් යුතු ධර්ම දේශනා 06 ක් සිදුකල සේක.  ගෞරවනීය ස්වාමින්වහන්සේ නොයෙක් අවස්ථාවලදී එම දේශනා වල සඳහන් කරුණු මතුකොට දක්වන සේක. “ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන සෙනසුරාදා දිනවල පවත්වන සජීවී ධර්ම සාකච්ඡා පෙළට මෙම දේශනා පාදක කරගනිමින් නව සාකච්ඡා පෙළක් වර්ෂ 2021 පෙබරවාරි මස 06 දින ආරම්භ කෙරිණි.

How to Download or Directly Listen to the audio files.

To download: You could download the file by right clicking on the file link and then selecting “save as” from the drop down menu. Save the file into a pre designated folder to listen on multiple occasions. This is the best way to save your internet allocation.

To listen directly: Please left click on the link to listen directly. Once the link is clicked, you will be directed to a separate page containing the talk. Usually the file starts to play in that window. If it doesn’t you could highlight the browser window and click ‘reload this page’. It will start to play.

  1. ද්වේෂය දුරුකරන ක්‍රම – 01
  2. ද්වේෂය දුරුකරන ක්‍රම – 02
  3. ද්වේෂය දුරුකරන ක්‍රම – 03
  4. ද්වේෂය දුරුකරන ක්‍රම – 04
  5. ද්වේෂය දුරුකරන ක්‍රම – 05
  6. ද්වේෂය දුරුකරන ක්‍රම – 06

අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේගේ damsara.org වෙබ් පිටුවට මෙතන click කර පිවිසෙන්න.

අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේගේ නව වෙබ් අඩවියට මෙතන click කර පිවිසෙන්න.

 

 

Saturday Dhamma Discussion – 05

The Saturday Dhamma Discussion – 05 (සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චාව – අංක 05)

මෙහි ඇතැම් ප්‍රශ්න හා ඒවාට දුන් පිළිතුරු සුවිශේෂී වටිනාකමක් ඇති ඒවා වේ. එම පැනයන් නම් අංක 1, 2, 3, 5, 16, 13 සහ 17 වේ.

The fifth Saturday Dhamma Discussion was conducted on 30 January 2021 by Most Ven. Kukulpane Sudassi Thero. The two hour long recording of Saturday Dhamma Discussion – 05, was audio edited to remove unwanted noises and pauses and are presented below as separate questions and answers in order to facilitate better listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ පස්වන ධර්ම සාකච්චාව වර්ෂ 2021 ජනවාරි මස 30 දින සිදුකරන ලදී.

  • මෙම පැය 2කට වඩා දිගු වන ධර්ම සාකච්චාව, අසන්නන්ගේ පහසුව පිණිස ප්‍රශ්න හා පිළිතුරු වශයෙන් වෙන්කර, ශබ්ද සංස්කරණය කොට ඉදිරිපත්කර ඇත්තෙමු.

  • එමෙන්ම, එසේ වෙන් කර ඉදිරිපත්කර ඇති සෑම හඬ පටයකින්ම මෙම ප්‍රධාන පිටුවට පිවිසිය හැකි යොමුවක් MP3 ගොනුව තුලට ඇතුලත් කර ඇති බැවින් මෙම ඕනෑම MP3 පටයක් බා ගත කල පසු SMART PHONE එකකින් හෝ පරිගණකයකින් හෝ මෙම වෙබ් පිටුවට පිවිසීමට පුළුවන. ඒ යොමුව සෑම MP3 ගොනුවකම “COMMENTS”  අංශයට ඇතුලත් කර ඇත.

එමෙන්ම ඇතැම් ප්‍රශ්න හා ඒවාට දුන් පිළිතුරු සුවිශේෂී වටිනාකමක් ඇති ඒවා වේ. එම පැනයන් නම් අංක 1, 2, 3, 5, 16, 13 සහ 17 වේ.

To download: You could download the file by right clicking on the link and then selecting “save as” from the drop down menu.

To listen directly: Please left click on the link to listen directly. Once the link is clicked, you will be directed to a separate page containing the talk. Usually the file starts to play in that window. If it doesn’t you could highlight the browser window and click ‘reload this page’. It will start to play.

  1. පිංකමක් සිදුකරන විට ඇති කරගන්නා ප්‍රර්ථනාවන් ඉටුවීමට අවශ්‍ය පංච ධර්ම විස්තර කරන්න.
  2. පිංකම් සිදුකර දිව්‍ය තලවල උප්පතිය ප්‍රර්ථනා කිරීම හොඳද?
  3. බෞද්ධ ලංකාවේ මිනිසුන්ට වඩා පිටරට මිනිසුන් හොඳ ඇයි?
  4. දිව්‍ය ලෝක වල සත්ව ස්වරූපයෙන් සිටින දිව්‍ය සත්වයන් පහල වන්නේ කෙසේද?
  5. පිංකම් කිරීම නිවනට බාධාවක්ද?
  6. නිවසේදී දහම් ඇසීමේදී සුදුසු ඇඳුමින් සහ සුදුසු ඉරියව්වෙන් නොසිටීම නිසා අකුසල් සිදුවනවාද?
  7. ”අවිජ්ජා පච්චයා සංකාරා” හි ඇති සංකාරා වචනය පැහැදිලි කරන්න.
  8. පිංතුරයක ආහාරයක් දුටු විට කැමැත්තක් ඇතිවීමේදී චක්කු විඥානය හා මනෝ විඥානය ක්‍රියා කරන ආකාරය පැහැදිලි කරන්න.
  9. අටසිල්, අෂ්ටාංග උපොසත ශීලය සහ ආජීව අට්ටමක ශීලය එකක්ද නැතිනම් වෙනස් ශීලයන් ද?
  10. අනාපාන සති භාවනාව කරන විට සිත අරමුණින් පිට යාම ගැන කුමක් කල යුතුද?
  11. ආජීව අට්ටමක ශීලයේ පරුෂා වාචා පැහැදිලි කරන්න.
  12. භාවනා කරන විට බෙල්ලේ පිටුපස වේදනාවට කුමක් කල යුතුද?
  13. ශාරීරික වේදනාවක් ඇති විටෙක වේදනානුපස්සනාව වඩන්නේ කෙසේද?
  14. ආජීව අට්ටමක ශීලයේ මිච්චා ආජීව ශීලය, පෘතග්ජනයකුට රැකීමට අපහසු මන්ද?
  15. ආකාරවතී ශ්‍රද්ධාව ඇති පුද්ගලයාගේ විශේෂ ලක්‍ෂණ මොනවාද?
  16. භාවනාව නිසා කයේ ඇතිවන ඇදවීම වැනි වෙනස්කම් නැති කරගන්නේ කෙසේද?
  17. මරණාසන්න අවස්ථාවේ සිත සකසා ගැනීම කරන්නේ කෙසේද?
  18. අවසානය.

එම ධර්ම සාකච්චාවේ වීඩියෝව නැරඹීමට මෙතන click කරන්න.

අනෙකුත් සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න. 

Saturday Dhamma Discussion – 04 (සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව – අංක 04)

Saturday Dhamma Discussion - 04

Saturday Dhamma Discussion – 04

The fourth Saturday Dhamma Discussion was conducted on 23 January 2021 by Most Ven. Kukulpane Sudassi Thero. The two hour long recording was audio edited to remove unwanted noises and pauses and are presented below as separate questions and answers in order to facilitate better listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ සිව්වන ධර්ම සාකච්චාව වර්ෂ 2021 ජනවාරි මස 23 දින සිදුකරන ලදී.

  • මෙම පැය 2කට වඩා දිගු වන ධර්ම සාකච්චාව, අසන්නන්ගේ පහසුව පිණිස ප්‍රශ්න හා පිළිතුරු වශයෙන් වෙන්කර, ශබ්ද සංස්කරණය කොට ඉදිරිපත්කර ඇත්තෙමු.

  • එමෙන්ම, එසේ වෙන් කර ඉදිරිපත්කර ඇති සෑම හඬ පටයකින්ම මෙම ප්‍රධාන පිටුවට පිවිසිය හැකි යොමුවක් MP3 ගොනුව තුලට ඇතුලත් කර ඇති බැවින් මෙම ඕනෑම MP3 පටයක් බා ගත කල පසු SMART PHONE එකකින් හෝ පරිගණකයකින් හෝ මෙම වෙබ් පිටුවට පිවිසීමට පුළුවන. ඒ යොමුව සෑම MP3 ගොනුවකම “COMMENTS”  අංශයට ඇතුලත් කර ඇත.

To download: You could download the file by right clicking on the link and then selecting “save as” from the drop down menu.

To listen directly: Please left click on the link to listen directly. Once the link is clicked, you will be directed to a separate page containing the talk. Usually the file starts to play in that window. If it doesn’t you could highlight the browser window and click ‘reload this page’. It will start to play.

  1. කර්ම විපාක දෙන ක්‍රම තුන පිළිබඳවපැහැදිලි කරන්න.
  2. චේතනාව කර්මයට මුල්වනවා නම් කර්මය සිත, කය, වචනය යන තුන් දොරින් සිදුවන බවට බෙදන්නේ ඇයි?
  3. සිතත් සමග කය හෝ වචනය හෝ සමබන්ධ වීමේදී ඇතිවන විපාකයේ වෙනසක් තිබේද?
  4. ලෞකික සම්මා දිට්ඨියෙන් තොරව ලෝකෝත්තර සම්මා දිට්ඨියක් දැකිය හැකිද?
  5. සත්වයකුගේ ජීවිතය ගලවාගැනීමට නොහැකිවූ විට අපට ඇතිවන දුක නිසා අකුසලයක් වේද?
  6. සත්වයකුගේ ගොදුරක් වීමට යන සතෙක් බේරාගැනීම කුසලයක් වේද?
  7. පින්කම් කිරීමේදී ප්‍රතිඵල බලාගෙන කිරීමෙන් සිදුවන යහපත සහ අයහපත කුමක්ද?
  8. පින සහ කුසලය යනු දෙකක්ද?
  9. වැඩ කටයුතු කිරීමේදී කෘමීන් වැනි කුඩා සතුන් මිය යාම නිසා සිදුවන අකුසල වළක්වන්නේ කෙසේද?
  10. පාපී දිවියක් ගත කරන රටවල් වල/ඇතැමුන්ගේ ධන සම්පත්, සැප ආදිය ධම්මානු ධම්ම ප්‍රතිපදාවේ යෙදෙන අපට වඩා වැඩිවන්නේ ඇයි?
  11. සංස්කාර යනු කුමක්ද?
  12. පාපී දේවදත්ත තෙරුන් ඉදිරියේදී පසේ බුදුබව ලබන්නේ කෙසේද?
  13. වැරදි නොකර සිටීමට පසුව ඇතිවන පසුතැවීම සහ කෙලෙස් මාර යුද්ධය.
  14. දහම් මග ප්‍රයෝගිකව දියුණු කරන විට ඇතිවන උදාසීන බව දුරු කරගන්නේ කෙසේද?
  15. භාවනාව හොඳින් නොවැඩෙන අපහසු අවස්ථාවලදී භාවනා කරන්නේ කෙසේද?
  16. ආරම්භක යෝගාවචරකුට වඩා සුදුසු භාවනාවක් තිබේද?
  17. අවසානය.

චිත්තොපක්ලෙශ ධර්ම පිලිබඳ දේශනා මාලාව.

Statue of the Buddha at Abhayagiriya, Anuradhapura, Sri Lanka. Photo Credit: Aruna Manathunge on Pixabay.

අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2020 ජූලි මාසයේදී චිත්තොපක්ලෙශ ධර්ම පිළිබඳව දේශනා මාලාවක් ශ්‍රී ලංකා ගුවන්විදුලි ස්වදේශීය සේවාව තුලින් ආරම්භ කරන ලදී. මෙම දේශනා මාලාවට පාදක වූයේ වත්ථුපම සූත්‍රයයි. 

  • මෙම සියලු හඬ පට ශබ්ද සංස්කරණය කොට ඉදිරිපත්කර ඇත්තෙමු.

  • එමෙන්ම, එසේ ඉදිරිපත්කර ඇති සෑම හඬ පටයකින්ම මෙම ප්‍රධාන වෙබ් පිටුවට පිවිසිය හැකි යොමුවක් MP3 ගොනුව තුලට ඇතුලත් කර ඇති බැවින් මෙම ඕනෑම MP3 පටයක් බා ගත කල පසු SMART PHONE එකකින් හෝ පරිගණකයකින් හෝ මෙම වෙබ් පිටුවට පිවිසීමට පුළුවන. ඒ යොමුව සෑම MP3 ගොනුවකම ”COMMENTS” අංශයට ඇතුලත් කර ඇත.

Most Ven. Kukulpane Sudassi Thero commenced a new weekly Dhamma series at SLBC based on Upakkilesa Dhamma in Sinhala medium in July 2020. The series was based upon Vatthupama Sutta.

ත්‍රිපිටකයේ වත්ථුපම සූත්‍රය කියවීම සඳහා යොමුව:
(ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » මජ්‌ඣිම නිකාය » මූල පන්නාසකය » 1. මූලපරියාය වර්ග)        සුත්‍රය කියවීම සඳහා මෙතන click කරන්න.

අති පූජනීය රේරුකානේ චන්දවිමල මහා තෙරුන්වහන්සේ විසින් රචිත ”වඤ්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම” යන ග්‍රන්ථයේ pdf පොත මෙතනින් බාගත කරන්න.  

How to Download the files.

To download (Audio files): You could download the file by right clicking on the file link and then selecting “save as” from the drop down menu. Save the file into a pre designated folder to listen on multiple occasions. This is the best way to save your internet allocation.

To listen directly (Audio files): Please left click on the link to listen directly. Once the link is clicked, you will be directed to a separate page containing the talk. Usually the file starts to play in that window. If it doesn’t you could highlight the browser window and click ‘reload this page’. It will start to play.

ධර්ම දේශනා ඇසීමට සහ බාගත කරගැනීමට පහත යොමුවන් භාවිතා කරන්න.

  1. හැඳින්වීම – චිත්තොපක්ලෙශ ධර්ම_05-07-2020
  2. අභිධ්‍යා විෂමලොභය – චිත්තොපක්ලෙශ ධර්ම_12-07-2020
  3. ව්‍යාපාදය – චිත්තොපක්ලෙශ ධර්ම_19-07-2020
  4. ක්‍රොධය සහ උපනාහය (බද්ධ වෛරය)_චිත්තොපක්ලෙශ ධර්ම_26-07-2020
  5. මක්ඛය (ගුණ මකු බව)_චිත්තොපක්ලෙශ ධර්ම_02-08-2020
  6. පළාසය (යුගග්‍රාහය)_චිත්තොපක්ලෙශ ධර්ම_09-08-2020
  7. ඉස‍්සා (ඊර්ෂ්‍යාව)_චිත්තොපක්ලෙශ ධර්ම_16-08-2020
  8. මච‍්ඡරියං (මසුරු බව) _චිත්තොපක්ලෙශ ධර්ම_23-08-2020
  9. මායා (මායාව)_චිත්තොපක්ලෙශ ධර්ම_30-08-2020
  10. සාඨෙය්‍ය (කපටිබව)_චිත්තොපක්ලෙශ ධර්ම_06-09-2020
  11. ථම්භය (තදබව)_චිත්තොපක්ලෙශ ධර්ම_13-09-2020
  12. සාරම්භය (එකට වැඩියෙන් එකක් කිරීම)_චිත්තොපක්ලෙශ ධර්ම
    _20-09-2020
  13. මානය_චිත්තොපක්ලෙශ ධර්ම_27-09-2020
  14. අතිමානය_චිත්තොපක්ලෙශ ධර්ම_04-10-2020
  15. මදය_චිත්තොපක්ලෙශ ධර්ම_11-10-2020
  16. ප්‍රමාදය_චිත්තොපක්ලෙශ ධර්ම_18-10-2020
  17. අවසාන දේශනාව_චිත්තොපක්ලෙශ ධර්ම_25-10-2020

චිත්තොපක්ලෙශ ධර්ම පිළිබඳව ශ්‍රී ලංකා ගුවන්විදුලි ස්වදේශීය සේවාව තුල සිදුකල ධර්ම දේශනා මාලාව මෙතකින් අවසානයි.

අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේගේ නව වෙබ් අඩවියට මෙතන click කර පිවිසෙන්න.

අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේගේ damsara.org වෙබ් පිටුවට මෙතන click කර පිවිසෙන්න.

 

Saturday Dhamma Discussion – 03 (සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චාව)

Saturday Dhamma Discussion – 03

The third Saturday Dhamma Discussion was conducted on 16 January 2021 by Most Ven. Kukulpane Sudassi Thero. The two hour long recording was audio edited to remove unwanted noises and pauses and are presented below as separate questions and answers in order to facilitate better listening.

We are now happy to inform that web links to this page are created within each MP3 file of the following questions. As such it’s now possible to reach this web page from any of these MP3 audio files, even after many years! That will be possible if these audio files are downloaded either to a Smart Phone or a computer. The link is provided in the “Comments” section of MP3 file.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ තෙවන සාකච්චාව වර්ෂ 2021 ජනවාරි මස 16 දින සිදුකරන ලදී.

  • මෙම පැය 2කට වඩා දිගු වන ධර්ම සාකච්චාව, අසන්නන්ගේ පහසුව පිණිස ප්‍රශ්න හා පිළිතුරු වශයෙන් වෙන්කර, ශබ්ද සංස්කරණය කොට ඉදිරිපත්කර ඇත්තෙමු.

  • එමෙන්ම, එසේ වෙන් කර ඉදිරිපත්කර ඇති සෑම හඬ පටයකින්ම මෙම ප්‍රධාන පිටුවට පිවිසිය හැකි යොමුවක් MP3 ගොනුව තුලට ඇතුලත් කර ඇති බැවින් මෙම ඕනෑම MP3 පටයක් බා ගත කල පසු Smart Phone එකකින් හෝ පරිගණකයකින් හෝ මෙම වෙබ් පිටුවට පිවිසීමට පුළුවන. ඒ යොමුව සෑම MP3 ගොනුවකම ”Comments”  අංශයට ඇතුලත් කර ඇත.

To download: You could download the file by right clicking on the link and then selecting “save as” from the drop down menu.

To listen directly: Please left click on the link to listen directly. Once the link is clicked, you will be directed to a separate page containing the talk. Usually the file starts to play in that window. If it doesn’t you could highlight the browser window and click ‘reload this page’. It will start to play.

  1. සාධක සහ බාධක හඳුනාගන බාධක දුරු කිරීම සහ සාධක සම්පාදනය කිරීම.
  2. අපේ සිතේ ඇති වන ශ්‍රද්ධාව අමූලිකා, ආකාරවතී සහ අචල යන කුමන ශ්‍රද්ධාවක් දැයි හඳුනා ගැනීම.
  3. ගුණ දහම් වර්ධනය කරන විට ලැබෙන භෞතික සහ මානසික ප්‍රතිඵල හඳුනා ගන්නේ කෙසේද?
  4. පසුතැවීමේ ආදීනව මොනවාද සහ එයින් නැගී සිටින්නේ කෙසේද?
  5. සිත පවතින්නේ හදවත අසුරුකොටද නැතිනම් මොලය ඇසුරුකොට ද?
  6. සිත,විඥානය සහ මනස යනු එකක්ද?
  7. ඇතැම් අකුසල කර්ම අප සිතේ කුසල කර්ම ජනිත කිරීමේ ආසන්න හේතුව විය හැකියි.
  8. මුදිතා ගුණය ජීවිතයට ලංකර ගන්නේ කෙසේද?
  9. කසින භාවනා දියුණු වූ යෝගීන්හට විශේෂ හැකියාවන් ලැබන්නේ කෙසේද?
  10. ඊළඟ උප්පත්තිය සිදුවන්නේ චුති සිත අනුවද?
  11. මතකය තියෙන්නේ කොහෙද?
  12. රහතන් වහන්සේ කියා නොදැන රහතන් වහන්සේට දෙන දානයේ විපාකය කෙබඳුද?
  13. පඨවි, ආපෝ, තේජෝ සහ වායෝ සරලව පැහැදිලි කරන්න.
  14. දරුවෙක් ලොවට බිහිකර හදා වැඩීම නිවනට සාධකයක් ද බාධකයක් ද?
  15. චතුරාර්‍ය සත්‍ය සහ පටිච්චසමුප්පාදය.

එම ධර්ම සාකච්චාවේ වීඩියෝව නැරඹීමට මෙතන click කරන්න. 

අනෙකුත් සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න. 

Dayaka Dhamma Talks – දායකත්ව ධර්ම දේශනා

Dayaka Dhamma Talks are conducted by Ven. Kukulpane Sudassi Thero for various Dayakas. These are conducted at Sri Vinayalankararamaya, Pokunuwita or elsewhere in the country.

මෙම දායකත්ව ධර්ම දේශනා, පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් පොකුණුවිට, ශ්‍රී විනයාලංකාරාරාමයේදී හෝ ශ්‍රී ලංකාවේ නොයෙකුත් ස්ථානයන් හීදී දේශනා කල වටිනා දහම් කරුණු වේ.

නවතම එකතු කිරීම: අංක 30. සක්කාය දිට්ඨිය දුරු කරගන්නා ආකාරය. (එකතුකළ දිනය: 30/01/2021 ( වෙබ් පිටුවේ පහලට යන්න.) 

How to Download/listen/watch/read the files.

To download (Audio files): You could download the file by right clicking on the file link and then selecting “save as” from the drop down menu. Save the file into a pre designated folder to listen on multiple occasions. This is the best way to save your internet allocation.

To listen directly (Audio files): Please left click on the link to listen directly. Once the link is clicked, you will be directed to a separate page containing the talk. Usually the file starts to play in that window. If it doesn’t you could highlight the browser window and click ‘reload this page’. It will start to play.

Video Files: As it will consume a lot of internet data, it’s best to directly watch the video by left clicking on the video link.

Reading the Sutta/Dhammapada links: Just left click on the link. The link will open on a separate page.

  1. Audio of the Dhamma talk conducted by Ven. Kukulpane Sudassi Thero on 19 September 2020 titled අප්‍රමාදය නිසා පෙර වූ ප්‍රමාදය නැති වී ඥානාලෝකය බැබලීම. (Link to the video on YouTube, Link to text of the Dhammapada verse) යම් අයෙකු මුලදී ප්‍රමාදයට පත්වුවත් පසුව අප්‍රමාදීව කටයුතු කිරීම හේතුවෙන් ප්‍රමාදය නැති වී ඥානාලෝකයෙන් බැබලීමට හැකිවන බව ධම්මපදයේ සම්මුඤ්ජනී තෙරුන් පිළිබඳ කථා පුවත ඇසුරු කොටගෙන මෙම දේශනාව සිදුකරන ලදී.
  2. Audio of the Dhamma talk conducted by Ven. Kukulpane Sudassi Thero on 20 September 2020 titled භික්ෂුණී සාසනය. (Link to the video on YouTube, Link to text of the Sutta from Tripitaka) භික්ෂුණී සාසනයේ පහළවීම, පැවතීම සහ අහෝසිවීම තුල වර්තමාන කාන්තාවගේ ස්වභාවය සහ නිවන් අවභෝදය සඳහා ස්ත්‍රී පුරුෂ භේදයක් නොමැති බව පැහැදිළි කෙරෙන කාලෝචිත දායකත්ව ධර්ම දේශනාවකි.
  3. Audio of the Dhamma talk conducted by Ven. Kukulpane Sudassi Thero on 24 September 2020 titled මනසේ ඇතිවන මායාකාරී ස්වභාවය. (Link to the video on YouTube, Link to text of the Sutta from Tripitaka) මේ දේශනාවේ සුවිශේෂ වැදගත්කම වනුයේ සම්මා සතිය, යෝනිසෝ මනසිකාරය, අයෝනිසෝ මනසිකාරය සහ භාවනාව පිළිබඳව සිදුකර ඇති වැදගත් සහ වටිනා කරුණු වේ.
  4. Audio of the Dhamma talk conducted by Ven. Kukulpane Sudassi Thero on 30 July 2020 titled තමන්ට තමා ප්‍රිය නුවණැත්තා අකුසලින් මිදී සුරැකෙයි. (Link to the video on YouTube, Link to text of the story from Dhammapada) තමන්ට තමා ප්‍රිය නම් ජීවිතයේ එක් යාමයකදී හෝ තමා අකුසලින් මිදී සුරක්ෂිත වන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර ගත යුතු වන බව මෙම දේශනාවෙන් මනාව පැහැදිලි කරන ලදී.
  5. Audio of the Dhamma talk conducted by Ven. Kukulpane Sudassi Thero on 25 September 2020 titled අපේ ජීවිත කාලය තීරණය කරන සාධක. (Link to the video on YouTube, Link to text of the Sutta from Tripitaka) මෙම දේශනාවේ දී විශේෂ කරනා 3 ක් පිළිබඳව පැහැදිලි කරන ලදී. 1. මියගිය හෝ ජීවත්වෙන හෝ ඥාතියෙකුට පින් අනුමෝදම් කරවීමට සම්පූර්ණ විය යුතු කරුණු. 2. අකුසල ධර්ම අඩු කරන සහ සහ යටපත් යටපත් කරන කරන ආකාරය. 3. මරණය නවත්වන ආකාරය පිළිබඳව.
  6. Audio of the Dhamma talk conducted by Ven. Kukulpane Sudassi Thero on 10 October 2020 based on විවාද මූලක සූත්‍රය. (Link to text of the Sutta from Tripitaka) මෙම දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කල මිනිසුන් අතර වාද විවාද, ගැටුම් ඇතිවීමට හේතුවෙන කාරණා 06 පිළිබඳව වැදගත් ප්‍රායෝගික පැහැදිලි කිරීමක් ඉදිරිපත් කෙරිණි.
  7. Audio of the Dhamma talk conducted by Ven. Kukulpane Sudassi Thero on 29 July 2020 titled මරණය තුලින් ජීවිතයේ යථාර්ථය දකිමු.  Link to text of the Sutta from Tripitaka – Pali, Link to text of the Sutta from Tripitaka – Sinhala ) මරණය බොහෝ දෙනෙකුට බිය උපදවන දෙයකි. මෙම ධර්ම දේශනාව, අපට අපේ මරණය තුලින් ජීවිතයේ යථාර්ථය අවභෝද කරගැනීමට මහෝපකාරීවනවා ඇත. පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ ඨාන සූත්‍රයේ සඳහන් වන ඉතා ප්‍රසිද්ධ දහම් පාඨයක් ඇසුරු කොටගෙන මෙම ධර්ම දේශනාව පවත්වන ලද සේක.
  8. Audio of the Dhamma talk conducted by Ven. Kukulpane Sudassi Thero on 01 September 2020 titled වේදනානු පස්සනා සතිපට්ඨානය.  (Link to the video on YouTube, Link to text of the Sutta from Tripitaka – Pali) පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වේදනානු පස්සනා සතිපට්ඨානය පිළිබඳව අප කා හටත් හොඳින් අවභෝද වන ආකාරයට මෙම වටිනා දේශනාව සිදුකරන ලදී.
  9. බෝසත් ප්‍රතිපදා පූර්ණයේදී දෙවියන්ගේ කාර්යභාරය: මෙම ධර්ම දේශනාව ඉතාම කලාතුරකින් ඇසීමට ලැබෙන වටිනා දහම් දේශනාවකි. මෙහිදී අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් දෙවියන් සහ බ්‍රහ්මයන් විසින් බෝසත් වරුන් හට ප්‍රතිපදා පූර්ණයේදී ආධාර සහ ආරක්ෂාව සලසා දෙන ආකාරය ගැන පැහැදිලි පැහැදිලි කෙරේ. බෝසත් වරුන්ගේ සුවිශේෂී ගුණයන් සහ විශේෂ ශක්තීන් පිළිබඳව ද මෙහිදී පැහැදිලි කෙරේ.
    ගෞරවනීය ස්වාමින්වහන්සේ මෙහිදී එසේ දෙවියන් සහ බ්‍රහ්මයන් විසින් බෝසත් වරුන් හට ආධාර සිදුකරන ක්‍රම 7ක් පිළිබඳව දේශනාවට සවන් දෙන මිනිසුන් සහ දෙවි බඹුන් හට ඉදිරිපත් කරනු ලැබුවා.   
    Audio of the Dhamma talk conducted by Ven. Kukulpane Sudassi Thero on 22 October 2020 titled බෝසත් ප්‍රතිපදා පූර්ණයේදී දෙවියන්ගේ කාර්යභාරය.  (Click here to reach the link to the video on YouTube
  10. මරණයේදී ඥාති වරයෙකුට උපකාර කරන ආකාරය: බුද්ධ ධර්මයට අනුව දරුවන් හට තම දෙමාපියනට සිදුකල හැකි හොඳම උපකාරය ඔවුන් ධර්මයේ මනාකොට පිහිටුවීමයි. හොඳ දරුවන් විසින් එම වටිනා ප්‍රතිඋපකාරය දෙමාපියන්හට සිදුකරන්නේ කෙසේද යන්න පිළිබඳව පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2020 ජනවාරි 12වෙනි දින සිදුකල වටිනා දායක ධර්ම දේශනාවකි. Audio of the Dhamma talk conducted by Ven. Kukulpane Sudassi Thero on 12 January 2020 titled මරණයේදී ඥාති වරයෙකුට උපකාර කරන ආකාරය.  (Click here to reach the link to the video on YouTube) 
  11. මිනිසාගේ ඇතිවීම, පැවතීම සහ අවසානය: දැනට ලෝකයේ පවතින Covid 19 වසංගත තත්වය පාදක කරගනිමින් බුද්ධ ධර්මයේ සඳහන් මිනිසාගේ ඇතිවීම පැවතීම සහ අවසානය පිළිබඳව පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2020 ජූනි මාසයේ 19 වෙනි දින පැවැත්වූ වටිනා දායකත්ව ධර්ම දේශනාවකි.
    චක්‍රවර්ති සිංහනාද සූත්‍රයේ සඳහන් වෙන ”තමන් සරණ කොට, තමන් පිහිට කොට වාසය කරන්න. වෙනත් කෙනෙක් සරණ කොට, වෙනත් කෙනෙක් පිහිට කොට වාසය නොකරන්න. ධර්මය සරණ කොට, ධර්මය පිහිට කොට වාසය කරන්න.”යන බුද්ධ වචනය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වන මෙම දේශනාවේදී පිය උරුමය නම් වූ සතර සතිපට්ඨානය තුල ජීවත්වෙන ලෙසට බුදුරජාණන් වහන්සේ භික්ෂූනට දුන් අවවාදය ද මතුකර දක්වමින් මෙම වටිනා දේශනාව විකාශනය වේ. Audio of the Dhamma talk conducted by Ven. Kukulpane Sudassi Thero on 19 June 2020 titled මිනිසාගේ ඇතිවීම, පැවතීම සහ අවසානය. (Click here to reach the link to the video on YouTube)
  12. ඉන්ද්‍රිය සංවරයේ වැදගත්කම: මෙම ධර්ම දේශනාව පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ චිත්ත සමාධියක් දියුණු කරන තැනැත්තා විසින් භව ගමන අවසන් කල යුත්තේ කුමන තැනකින්ද යන්න පැහැදිලි කිරීම සඳහා සිදුකරන ලදී.
    උපදවාගත් ඉන්ද්‍රිය සංවරය, සති සම්පජඤේඤය සහ යෝනිසෝමනසිකාරයෙන් පන්නරය ගැනීමෙන් භව ගමනේ අවසානය සිදුකෙරෙන පුරුක විවරකර ගතහැකි බව මෙම දහම් දේශනාවෙන් පැහැදිලි කෙරේ. Audio of the Dhamma talk of Ven. Kukulpane Sudassi Thero broadcast on 02 November 2020 titled ඉන්ද්‍රිය සංවරයේ වැදගත්කම. (Click here to reach the link to the video on YouTube)
  13. සතුට ගුණ දහම් වඩන්නට උපකාර වෙන හැටි: නියම ආකාරයෙන් යොමුකරන සතුට අපගේ ගුණ දහම් වඩන්නට උපකාර වෙන ආකාරය පිළිබඳව ගිහි පැවිදි සෑම දෙනා හට ඉතාම ප්‍රයෝජනවත් ධර්ම දේශනාවක් අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2020 නොවැම්බර් මාසයේ 10 වෙනි දින වදාරන ලදී. අඞ්ගුත්තරනිකායේ එකකනිපාතයේ, විරීයාරම්භ වර්ගයේ ඇති සන්තුට්ඨ සූත්‍රය ඇසුරු කොටගෙන මෙම දේශනාව සිදුකරන ලදී.  Click here for the audio.  Click here for the video.

  14. මෙත්තා මනෝභාවය (05-12-2020): මෛත්‍රීය භාවනාවක් ලෙස කුඩා කල සිට අප ඉගෙන ගෙන පුහුනු කලත් එම පුහුණු ක්‍රමයේ අද කාලයේ දී සමාජ ගතවී ඇති වැරදි පෙන්වා දෙමින් සිදු කෙරුණු මෙම දේශනාව වටිනා ධර්ම විවරණයක් වේ. මෙත්තා මනෝභාවය හඳුනා ගැනීමට අවශ්‍ය වන මනුෂ්‍ය ධර්ම අවධි වීමේ වැදගත්කම, වචන භාවිතා කරමින් වර්ථමාන කාලයේ බහුල ලෙස සිදු කෙරෙන ”මෙත් වැඩීමේ” දුර්වලතා, සිතුවිල්ලේ සහ මනොභාවයේ වෙනස සහ ”මුලින් තමන්ට මෙත් වැඩීම” යන වර්ථමාන මෙත් වැඩීමේ ක්‍රමයේ දුබලතාවය යන සුවිශේෂී කරුණු ඇතුලත් මෙම ධර්ම දේශනාව ගිහි පැවිදි දෙපාර්ශවයටම වැදගත් වේ.  Click here for the audio.  Click here for the video.
  15. යෝග ක්‍රම විදර්ශනාවට උපකාර වන ආකාරය (01-12-2020): යෝග ක්‍රම විදර්ශනාවට උපකාර වෙන්නේ කෙසේද කියන කාරණය පැහැදිලි කෙරෙන මෙම ධර්ම දේශනාව අපට පුරුදු වෙනත් ධර්ම දේශනා වලට වඩා වෙනස් වේ. යෝග ක්‍රම ප්‍රගුණ කිරීම බුදුරජාණන් වහන්සේ විසින් වදාල ”සුඛා ප්‍රතිපදාව” ට අධාර වෙන ආකාරය පැහැදිලි කෙරෙමින් වර්ෂ 2020 දෙසැම්බර් මස 01 දින පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකල සුවිශේෂී ධර්ම දේශනාවකි.  Click here for the audio.  Click here for the video.
  16. ජීවිතයේ අනිත්‍යතාවය (08-12-2020): ජීවිතයේ අනිත්‍යතාවය ගැන කෙතරම් අප දහම් ශ්‍රවණය කලත්, මතුපිටින් තේරුම් ගත්තා වුවත් එය ගැඹුරින් අවභෝද කිරීම පහසු කාරණයක් නොවේ. දහමේ සිධාන්තයන් සුතමය, චින්තාමය සහ භාවනා ඥානය යනුවෙන් ක්‍රම තුනකින් දිගුකලක් ප්‍රගුන කිරීම එම අනිත්‍යතාවය පැහැදිළි කරගැනීමට වැදගත් වෙන ආකාරය මෙම ධර්ම දේශනාවේ පැහැදිලි කෙරේ. එමෙන්ම ජීවිතයේ නොයෙක් අවස්ථාවල දී හැඟීම් වලට යට නොවී දහමෙන් ජීවිතය විනිවිද දැකීමත්, ජීවිතයෙන් දහම විනිවිද දැකීමත් යන දෙයාකාර හැකියාව ප්‍රායෝගිකව ප්‍රගුණ කිරීම අපට ”අනිත්‍යතාවය” ප්‍රත්‍යක්ෂ වශයෙන් අවභෝද කර ගැනීමට ප්‍රයෝජනවත් වන ආකාරයත් මෙම මෙම දේශනාවේ ඉදිරිපත් කෙරේ.  Click here for the audio.  Click here for the video.
  17. සම්මා දිට්ඨියෙහි සහ කල්‍යාණ මිත්‍ර සම්පන්තියෙහි ඇති වටිනාකම (13-12-2020): ලෞකික සම්මා දිට්ඨියේ අප නොදුටු පැති එදිනෙදා ජීවිතයේ උදාහරණ යොදා ගනිමින් පැහැදිලි කෙරෙන මෙම ධර්ම දේශනාව ගිහි පිංවතුන් හට මනා ප්‍රායෝගික වටිනා කමකින් යුතුවේ. ඇතැම් අය ආරම්භ කරන ව්‍යාපාර සාර්ථක වීමටත් ඇතැම් අය ආරම්භ කරන ව්‍යාපාර අසාර්ථක වීමටත් හේතුව වශයෙන් බුදුරජාණන් වහන්සේ දැක්වූ කාරණය ඒ පිලිබඳ අපූරු උදාහණයකි. මෙම ධර්ම දේශනාව පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකල දායක ධර්ම දේශනාවකි. Click here for the audio.  Click here for the video.
  18. පරෝපකරයේ වටිනාකම දියුණුකරන ආකාරය. (13-11-2020): යහපත් වූ කුසලයක් කිරීමේදී ඒ පිලිබඳ ඇතිවන්නා වූ මනෝභාවය සහ එම ක්‍රියාව ලෝකයට අර්ථ සම්පන්න වේද යන කාරණයන් දෙක මත එහි වටිනාකම සහ බලවත්කම තීරණය වේ. එමෙන්ම ලෝකයට වැඩි යහපතක් කරන්නට නම් අප අපේ ප්‍රඥාව හසුරුවා ගැනීමේදී අප දක්‍ෂ විය යුතු බවත්, අපගේ මනෝභාවය කරුණාව, මෛත්‍රිය සහ මුදිතාව පෙරදැරිව සිදුවිය යුතු බවත් මෙම දේශනාවන් පැහැදිලිවේ. පින්කම් කිරීමේ වටිනාකම, ප්‍රයෝජනය පිළිබඳව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මාපුඤ්ඤභායි සූත්‍රයහි දැක්වෙන දේශනා පාඨයක් ඇසුරුකොට මෙම ධර්ම දේශනාව පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන ලදී.  Click here for the audio.  Click here for the video.
  19. ගිරිමානන්ද සූත්‍රය (20 -12 -2020): ගිරිමානන්ද සූත්‍රයේ එන දස සංඥාවන් මූලික කොටගෙන සම්මා සතිය පිළිබඳව පැහැදිලි කිරීමක් මෙම ධර්ම දේශනාවෙන් සිදුකෙරේ. මෙම ධර්ම දේශනාව අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2020 දෙසැම්බර් මස 20 වෙනි දින Zoom දුරස්ථ මාද්‍යයෙන් සිදුකෙරිණි. Click here for the audio.  Click here for the video.
  20. පෘතග්ජන භාවයෙන් මිදීමට (25-12-2020): අප නිතර අසා ඇති සියළු බුදුවරයන්ගේ දේශනාව වන ”සබ්බ පාපස්ස අකරණං…” ගාථාව ඇසුරු කොටගෙන මෙම වටිනා ධර්ම දේශනාව වර්ෂ 2020 දෙසැම්බර් මස 25 දින අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන ලදී.  Click here for the audio.  Click here for the video.
  21. අත්හැරීම (23-12-2020): අත්හැරීම පිලිබඳ බොහෝ කතා බහ ගිහි සහ පැවිදි දෙපක්ෂය අතරම සිදුවුවත් බුදුරජාණන් වහන්සේ අනුදැන වදාල අත්හැරීම සහ නික්මීම පිළිබඳව විශාල පටලැවිලි බවක් මේ කාලයේ ඇතිබව පැහැදිලි කෙරෙන මෙම ධර්ම දේශනාව ඉතාම කාලෝචිත සහ ප්‍රායෝගික වටිනා කමකින් යුතු දේශනාවක් වේ. බොහෝ බෞධයන් ද්වේශය නමැති අකුසලය වර්ධනය කරමින් එය අත්හැරීම ලෙස වරදවා වටහා ගැනීමත් එයින් මිදීමට සිදුකලයුතු වැඩපිළිවෙලත් පැහැදිලි කෙරෙන මෙම ධර්ම දේශනාව වර්ෂ 2020 දෙසැම්බර් මස 23 දින අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන ලදී. Click here for the audio.  Click here for the video.
  22. අකල් මරණ වලින් බේරෙන හැටි (29-12-2020): අකාලයේ මරණයට පත් නොවී දිගුකලක් ජීවත්වීමට අප සෑමදෙනා තුලම කැමැත්තක් සහ ප්‍රාර්ථනාවක් පවතී. එසේ අකල් මරණ වලින් ගැලවී සිටීමට දහමේ දක්වන ප්‍රතිපදාවන් පිළිබඳව සිදුකල මෙම ධර්ම දේශනාව වර්ෂ වාර්ෂ 2020 දෙසැම්බර් මස 29 දින අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් පවත්වන ලදී. Click here for the audio.  Click here for the video.
  23. අකල් මරණ වලින් බේරෙන හැටි (29-12-2020): අකාලයේ මරණයට පත් නොවී දිගුකලක් ජීවත්වීමට අප සෑමදෙනා තුලම කැමැත්තක් සහ ප්‍රාර්ථනාවක් පවතී. එසේ අකල් මරණ වලින් ගැලවී සිටීමට දහමේ දක්වන ප්‍රතිපදාවන් පිළිබඳව සිදුකල මෙම ධර්ම දේශනාව වර්ෂ වාර්ෂ 2020 දෙසැම්බර් මස 29 දින අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් පවත්වන ලදී. Click here for the audio.  Click here for the video.
  24. අනිත්‍ය ධර්මය (05-12-2020): මෙම ධර්ම දේශනාව පහත සඳහන් හේතුන් නිසා විශේෂයෙන් වැදගත් වේ. 1. අනිත්‍ය දහම ප්‍රායෝගිකව අප එදිනෙදා ජීවිතයේදී ක්‍රියාත්මක වනවිට අපගේ සිත සකසා ගතයුතු ආකාරය. 2. විපස්සනා භාවනා යෝගීන්ගේ සුතමය ඥානය දියුණු වීමට වැදගත්වන කරුණු ඇතුලත් වීම. 3. විපස්සනා ඥාන දියුණු වීමේ එක්තරා කඩඉමක දී එම භාවනානු යෝගියා නිදිමත සහ කම්මැලි ස්වභාවයකට පත්වේ. එහිදී භාවනා ගුරුවරයා එම යෝගියාගේ විපස්සනා භාවනාව නවත්වන්නේ නැතිව දිගටම කරන ලෙස අවවාද අවවාද කරයි. එහෙත් බොහෝ යෝගීන් හට එම කඩඉම් පසුකිරීමට නොහැකි වීමෙන් ඔවුන්ගේ භාවනාවේ දියුණුවීම නවතී. මෙම දේශනාවේ ඇතැම් කරුණු එම කඩඉමේ දී තම මනස ක්‍රියා කෙරෙන ආකාරය වටහා ගැනීමට යම් අත්වැලක් සපයයි. Click here for the audio.  Click here for the video.
  25. ගිහි ජීවිතය තුල විදර්ශනාව ප්‍රගුණ කරන ආකාරය (04-01-2021): ගිහි ජීවිතය තුල විදර්ශනාව ප්‍රගුණ කරන ආකාරය පිලිබඳ කාලෝචිත ධර්ම දේශනාවක් වර්ෂ 2021 ජනවාරි 04 දින අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන ලදී. විදර්ශනාව යනු කුමක්ද, විදර්ශනාව ප්‍රගුණ කිරීමට අවශ්‍ය සාධක, ගෘහ ජීවිතයක් තුල එම අවශ්‍ය සාධක සම්පාදනය කරන ආකාරය, ගිහියෙකුට ඇතිවන බාධක කාරණා මොනවාද යන ආදී ඉතා ප්‍රායෝගික වැදගත් කමකින් යුතු බොහෝ වටිනා කරුණු කරුණු සහ මග පෙන්වීම් මෙම දේශනාවේ අඩංගු වේ. දැනට විදර්ශනා භාවනාවේ යෙදෙන හෝ යෙදීමට බලාපොරොත්තු වන හෝ ගිහියන් හට මෙම ධර්ම දේශනාව විශේෂයෙන් වැදගත් වේ.  Click here for the audio.  Click here for the video. 
  26. ආර්ය අෂ්ටාංගික මාර්ගය පැහැදිලි කිරීම (05-01-2021): නිවන් මග වන ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව පැහැදිලි අදහසක් අද කාලයේ ඒ සඳහා කටයුතු කරන බොහෝ උද්‍යෝගමත් බෞද්ධයින් වෙත නොමැති බව මෙම අගනා ධර්ම දේශනාවට සවන් දීමේදී පැහැදිලි වේ. මෙම කාලෝචිත දේශනාව හොඳින් ශ්‍රවනය කොට තම ප්‍රතිපදාව වැඩීමේ දී සහ දියුණු කිරීමේදී නැවත නැවතත් ගලපා ගැනීම, නිවන් මග සඳහා කටයුතු කරන පින්වතුන් හට බොහෝ වැඩදායක වනු ඇත. මෙම ඉතා වටිනා දහම් දෙසුම අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 ජනවාරි මස 05 දින සිදු කරනලදී.  Click here for the audio.  Click here for the video.
  27. බුදුරජාණන් වහන්සේගේ අවසාන අනුශාසනාව (12-01-2021): බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේදී වදාල අවසාන අනුශාසනාව, සමස්ථ බුද්ධ ධර්මයම සම්පිණ්ඩනය කොට දේශනාකළ දහම් පිඬුවකි. එම අනුශාසනාව පාදක කොට සුවිශේෂී ධර්ම දේශනාවක් වර්ෂ 2021 ජනවාරි මස 12 වෙනි දින පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන ලදී. මෙම දේශනාවේ අරමුණු වනුයේ; 1. නිවන පිලිබඳ එතරම් වැටහීමක් නොමැති අය තුල ඒ පිළිබඳව දැනුමක් ඇතිකිරීමටත්, 2. නිවන් දැකීම සඳහා අප විසින් කුමක් කල යුතුද යන කරුණු පැහැදිලි කිරීමටත් වේ. Click here for the audio.  Click here for the video.
  28. මමත්වය නිසා ඇතිවන ද්වේශය පාලනය කිරීම (30-12-2020): මමත්වය නිසා ද්වේශය ඇතිවන ආකාරය සහ එය පාලනය කරන ආකාරය පිළිබඳව ඉතාම ප්‍රායෝගික වටිනා කමකින් යුතු ධර්ම දේශනාවක් පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් 2020 දෙසැම්බර් මස 30 දින සිදුකරන ලදී. මෙම දේශනාවේ දී පහත සඳහන් කරුණු පැහැදිලි කෙරේ. 1. පටිඝය සහ අයෝනිසෝ මනසිකාරය හේතු කොට ද්වේශය ඉපදෙන ආකාරය. 2. මමත්වය නිසා ද්වේශය වැඩිදියුණුවන ආකාරය. 3. ද්වේශය දුරුකිරීමට බුදුරජාණන් වහන්සේ පෙන්වූ උපාය මාර්ග 06. Click here for the audio.  Click here for the video.
  29. ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුකට මුහුණ දෙන ආකාරය (24-01-2021): මෙම දේශනාව හොඳින් ශ්‍රවණය කිරීම අපගේ ආධ්‍යාත්මයේ සුභවාදී, ප්‍රඥා ගෝචර වෙනසක් ඇතිකිරීමට හේතුවන කරුණක් වියහැක. ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුකට මුහුණ දෙන ආකාරය ගැන වර්ෂ 2021 ජනවාරි 24 වන දින පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන ලද සුවිශේෂී ධර්ම දේශනාවකි. මෙහි ඇති සුවිශේෂත්වය නම් තමාට ප්‍රියවන සෑම දෙයක්ම වෙනස්වීමට ලක්වෙන බව නිතර ප්‍රත්‍යවේක්ෂා කලයුතු බව යන සම්බුද්ධ වදන පෙරදැරි කොට අපගේ සිත් තුලට ඉතාම ගැඹුරින් ඇතුළුවන ලෙස ප්‍රායෝගික උදාහරණ සහිතව දේශනා කල ධර්ම දේශනාවක් වන නිසාවෙනි.  Click here for the audio.  Click here for the video.
  30. සක්කාය දිට්ඨිය දුරු කරගන්නා ආකාරය (28-01-2021): සක්කාය දිට්ඨිය දුරු කරගන්නා ආකාරය පිළිබඳව වටිනා ධර්ම දේශනාවක් සක්කාය සූත්‍රය ඇසුරු කොට ගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 ජනවාරි 28 දුරුතු පෝය දින සිදුකරන ලදී. සක්කාය දිට්ඨිය යනු කුමක්ද, එය ඇතිවන ආකාරය, එය නැති කරන ආකාරය සහ එය නැති කිරීම සඳහා අනුගමනය කලයුතු පිළිවෙත පිළිබඳව පැහැදිලි වැටහීමක් මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් ඇති කරගැනීමට පුළුවන. ගෞරවනීය ස්වාමින්වහන්සේ මේ මේ පිලිබඳ ඇති ගැඹුරු කාරණා අපගේ ප්‍රායෝගික ජීවිතයේ උදාහරණ යොදාගනිමින් සරල ලෙස මෙහිදී පැහැදිලි කරන සේක.  Click here for the audio.  Click here for the video.

Aggi-Vachchagoththa Sutta

A burning Fire!

A burning Fire!

Aggi-Vachchagoththa Sutta was a sutta taken up for weekly Dhamma sermons conducted at the upper monastery of Mitirigala Nissaranavanya. The program was conducted by Most Ven U Dhammajiva Maha Thero for the resident Monks and resident lay yogis.

The Maha Thero started this new series on Aggi-Vachchagoththa Sutta on 31 March 2016. In Aggi-Vachchagoththa Sutta, the Lord Buddha clarifies his views on the nature of existence and explains the nature of Nibbana to Vachchagoththa by means of a simile. Nibbana is compared to an extinguished fire, a common theme in Buddhist thought. Aggi-Vachchagoththa Sutta is a sutta from Majjhima Nikaya, Majjhima Pannasaka, Paribajaka Vagga of Sutta Pitaka. Please click here to reach the Sutta from Thripitakaya.org

How to Listen and Download the audio files

To listen directly: Please left click on the link to listen directly. Once the link is clicked, you will be directed to a separate page containing the talk. Usually the file starts to play in that window. If it doesn’t you could highlight the browser window and click ‘reload this page’. It will start to play.

To download: You could download the file by right clicking on the link and then selecting “save as” from the drop down menu.

01. Aggi Vachchagoththa Sutta 01_31.03.2016
02. Aggi Vachchagoththa Sutta 02_07.04.2016
03. Aggi Vachchagoththa Sutta 03_28.04.2016
04. Aggi Vachchagoththa Sutta 04_21-07-2016
05. Aggi Vachchagoththa Sutta 05_28.07.2016
06. Aggi Vachchagoththa Sutta 06_11.08.2016
07. Aggi Vachchagoththa Sutta 07_18.08.2016
08. Aggi Vachchagoththa Sutta 08_25.08.2016
09. Aggi Vachchagoththa Sutta 09_01.09.2016
10. Aggi Vachchagoththa Sutta 10_16.09.2016
11. Aggi Vachchagoththa Sutta 11_22.09.2016
12. Aggi Vachchagoththa Sutta 12_06.10.2016
13. Aggi Vachchagoththa Sutta 13_20.10.2016
14. Aggi Vachchagoththa Sutta 14_27.10.2016
15. Aggi Vachchagoththa Sutta 15_17.11.2016
16. Aggi Vachchagoththa Sutta 16_24.11.2016
17. Aggi Vachchagoththa Sutta 17_01.12.2016
18. Aggi Vachchagoththa Sutta 18_08.12.2016
19. Aggi Vachchagoththa Sutta 19_02.02.2017
20. Aggi Vachchagoththa Sutta 20_09.02.2017
21. Aggi Vachchagoththa Sutta 21_16.02.2017
22. Aggi Vachchagoththa Sutta 22_02.03.2017
23. Aggi Vachchagoththa Sutta 23_09.03.2017
24. Aggi Vachchagoththa Sutta 24_16.03.2017
25. Aggi Vachchagoththa Sutta 25_23.03.2017
26. Aggi Vachchagoththa Sutta 26_30.03.2017
27. Aggi Vachchagoththa Sutta 27_06.04.2017
28. Aggi Vachchagoththa Sutta 28_13.04.2017

Aggi Vachchagoththa Sutta Completed.

Please click here to reach the other Dhamma series done by Most Ven U Dhammajiva Maha Thero.

One Day Retreats at Nissaranavanaya (In Sinhala)

The forest water stream at Nissaranavanaya Monastery.

The forest water stream at Nissaranavanaya Monastery. The water supply to the monastery is connected from this stream.

A novel program of One Day Retreats was commenced at the serenity of Nissaranavanaya Forest Monastery from October 2016. It is a once a month program conducted by Ven. Panadure Chandaratana Thero in Sinhala medium. The program commences at 7.30 am for the benefit of those travelling from distant places like Colombo. The lunch and Tea will be provided for the attendees.

This program caters for both the beginners and the experienced.

The program conducted on 4 March 2017 was very valuable to the Yogis. Some invaluable explanations were given by the Thero during the Questions and Answer period. The Ven. Thero proceeded on as to how the Seven Factors of Enlightenment (Sapta Bojjanga) is developed during the Kāyānupassanā level by the ardent practitioner of Anāpanasati meditation.

The program is organized by Mr. Lakmal Nandasiri. Please contact him for further details on his mobile number 0773336237.

The next program is scheduled for 01 April 2017. 

Please click here to reach the web page.

Sri Gnanarama Center on 31 Dec 2016

A Kuti of Sri Gnanarama Meditation Center, Thalawathugoda.

Ven. Panadure Chandaratana Thero conducted a valuable one day meditation program at Sri Gnanarama Meditation Center on 31 December 2016. A large group of yogis attended this program on the eve of the New Year 2017.

The program consisted of guided sitting meditation, walking Meditation, a question and answers session and a Dhamma Talk. The Dhamma Talk emphasized the area of සංඥා and its vast influence in our lives. The Thero also explained the methodology to gradually free the minds of the practitioners of this influence.

There was a seamless connection between the guided meditation, the questions and answers and the Dhamma Talk. The Dhamma Talk was a continuation of the Sila Sutta conducted by Most Ven. U. Dhammajiva Maha Thero. These recordings are highly recommended to both the beginners as well as the experienced Yogis.

To listen directly: Please left click on the link to listen directly. Once the link is clicked, you will be directed to a separate page containing the talk. Usually the file starts to play in that window. If it doesn’t you could highlight the browser window and click ‘reload this page’. It will start to play.

To download: You could download the file by right clicking on the link and then selecting “save as” from the drop down menu.

  1. 01. Guided Meditation_31-12-2016
  2. 02. Dhamma Discussion_31-12-2016
  3. 03. Dhamma Talk_31-12-2016

Please click here to reach other Dhamma programs conducted by Ven. Panadure Chandaratana Thero.

 

First Retreat for Children


Most Ven. U. Dhammajiva Maha Thero conducted the first residential retreat at Nissaranavanaya Forest Monastery for children during early December 2016.

It was a 3 day residential retreat. Some of the photographs taken during the retreat are given above.

To listen directly: Please left click on the link to listen directly. Once the link is clicked, you will be directed to a separate page containing the talk. Usually the file starts to play in that window. If it doesn’t you could highlight the browser window and click ‘reload this page’. It will start to play.

To download: You could download the file by right clicking on the link and then selecting “save as” from the drop down menu.

  1. 01. RET 134 First Retreat for Children_Dhamma Talk 01_08-12-2016
  2. 02. RET 134 First Retreat for Children_Q&A 01_09-12-2016
  3. 03. RET 134 First Retreat for Children_Dhamma Talk 02_09-12-2016
  4. 04. RET 134 First Retreat for Children_Q&A 02_10-12-2016
  5. 05. RET 134 First Retreat for Children_Dhamma Talk 03_10-12-2016