සිත යෝනිසෝමනසිකාරය දක්වා පුහුණු කිරීම. (08-05-2023)

සිත යෝනිසෝමනසිකාරය දක්වා පුහුණු කිරීම. (08-05-2023)

සිත යෝනිසෝමනසිකාරය දක්වා පුහුණු කිරීම පිළිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදුකල මෙම ධර්ම දේශනාව ඉතා විශිෂ්ඨ දේශනාවක් වන්නේ එමගින් අපගේ සිත යෝනිසෝ මනසිකාරය දක්වා පුහුණු කිරීමේ අවශ්‍යතාවයත් සහ සිත එසේ පුහුණු කරන්නේ කෙසේද යන කාරණා මැනවින් පැහැදිලි කරන බැවිනි.

එමෙන්ම මෙම යෝනිසෝමනසිකාරය, චිත්තානුපස්සනා සහ ධම්මානුපස්සනා සතිපට්ඨාන භාවනාවට සම්බන්ධ වෙන ආකාරය මෙම දේශනාව හොඳින් ශ්‍රවණය කිරීමේ දී පැහැදිලි වේ.

මෙහිදී පහත දැක්වෙන කරුණු විශේෂයෙන්ම මතු කෙරිණි.

  1. බුදුරජාණන් වහන්සේ ආශ්‍රව වශයෙන් කෙලෙස් නැති කිරීම ගැන දේශනා කලේ නුවණින් මෙනෙහි කිරීමට හැකි අයට පමණි! එතරම් සුවිශේෂ වූ නුවණින් මෙනෙහි කිරීම යෝනිසෝ මනසිකාරය බව මන ලෙස පැහැදිලි කිරීම.
  2. එමෙන්ම සතිය සහ සම්පජඤ්ඤය කුමක්ද යන්න ගැඹුරින් තේරුම් කර දීම. එම පැහැදිලි කිරීම විශේෂයෙන්ම වැදගත් වන්නේ වර්ථමානයේ සතිය පිළිබඳව වෙනස් අර්ථකථන ඇති බැවිනි.

මෙම ධර්ම දේශනාවට පාදක වූයේ මජ්‌ඣිම නිකායේ, මූල පන්නාසකයේ, මූලපරියාය වර්ගයේ එන සබ්බාසව සූත්‍රයයි. එම සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න: සබ්බාසව සූත්‍රය.


අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
  2. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  3. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  4. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  5. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  6. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  7. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

සුගත පද විවරණ – (ධර්ම විනිශ්චය 05 – ප්‍රර්ථනා) 23-10-2022

මෙවර සුගත පද විවරණ වල ප්‍රර්ථනා පිලිබඳ වැඩසටහන විශේෂ ප්‍රායෝගික වැදගත් කමකින් යුතු වන නිසාවෙන් එයින් උපුටා ගන්නා ලද කෙටි දහම් ඛණ්ඩයන් දෙකක් පළමුවෙන් ඉදිරිපත් කරනෙමු.  අති පූජ්‍ය රේනුකානේ චන්දවිමල මහා නායක ස්වාමීන් වහන්සේ විිසින් රචිත “ධර්ම විනිශ්චය” ග්‍රන්ථය ඇසුරු කරගනිමින් සුගත පද විවරණ දහම් මාලාවේ නව පරිච්චේදයක් වර්ෂ 2022 සැප්තැම්බර් මස 18 ඉරු දින ආරම්භ කෙරිණි.  බුදු දහම පැහැදිලි කරගත යුත්තේ කවර පදනමක මත සිටද යන මූලික සංකල්ප සහ අත්‍යවශ්‍ය කරුණු මෙම ග්‍රන්ථයේ පැහැදිලි කෙරේ.  බුදු දහම පිළිබඳව නොයෙකුත් විකෘති මතවාදයන් පැතිරෙන මෙවන් කාලයක සිදු කෙරෙන මෙම නව සුගත පද විවරණ දහම් මාලාව බෙහෙවින් කාලීන වැදගත් කමකින් යුතු වේ.

  1. ඉක්මනින් නිවන් දැකීමේ ප්‍රාර්ථනාව නිවැරදිද_අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ. (විනාඩි 08).
  2. දානය සහ ශීල, භාවනා අතර පරමාර්ථ වශයෙන් ඇති වෙනස_අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ. (විනාඩි 06)

සම්පුර්ණ වැඩසටහන වන අංක 05 නැරඹීමට හෝ සවන් දීමට පහත ඇති යොමුවෙන් පිවිසෙන්න.

සුගත පද විවරණ – ධර්ම විනිශ්චය.

සමාධිභාවනා සූත්‍රය – Samadhibhavana Sutta. (පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ)

සමාධිභාවනා සූත්‍රයSamadhibhavana Sutta මීතිරිගල නිස්සරණ වණසේනාසන වාසී පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් ඉරිදා සූත්‍ර දේශනා මාලාවේ 20 වන සූත්‍රය ලෙස වර්ෂ 2022 සැප්තැම්බර් මස 25 වන දින ආරම්භ කර ඔක්තෝබර් මස 09 වෙනි දින අවසාන කරන ලදී.

පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින් වහන්සේ සමාධිය පිලිබඳ සිදුකරන දේශනා මාලාවේ දෙවන සූත්‍රය ලෙස උද්දේසවිභඞ්ග සූත්‍රයට පසුව මෙම සූත්‍ර දේශනාව ආරම්භ කරන ලදී.  එම පළමු සූත්‍ර දේශනාවට මන ලෙස ගැලපෙන අයුරින් මෙම සමාධිභාවනා සූත්‍ර දේශනා මාලාව ඉදිරිපත් කෙරේ. 

මෙම සූත්‍රයේදී සමාධි භාවනාවේ ‘වර්ග’ හෝ ‘ආකාර’ හෝ හතරක් පිළිබඳව පැහැදිලි කෙරේ. මෙම සූත්‍රය භාවනා යෝගීන් හට ඉතාම වැදගත් වෙන බුද්ධ දේශනාවකි. එමෙන්ම ප්‍රායෝගික වටිනා කමකින් යුතු ධර්ම සාකච්ඡාවන් ද මෙහි ඇතුලත් වේ.

සමාධිභාවනා සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න: සමාධිභාවනා සූත්‍රය.


  1. ධර්ම දේශනාව 01 – සමාධිභාවනා සූත්‍රය. (25-09-2022)
  2. ධර්ම සාකච්ඡාව 01 – සමාධිභාවනා සූත්‍රය. (25-09-2022)
  3. ධර්ම දේශනාව 02 – සමාධිභාවනා සූත්‍රය. (02-10-2022)
  4. ධර්ම සාකච්ඡාව 02 – සමාධිභාවනා සූත්‍රය. (02-10-2022)
  5. ධර්ම දේශනාව 03 – සමාධිභාවනා සූත්‍රය. (09-10-2022)
  6. ධර්ම සාකච්ඡාව 03 – සමාධිභාවනා සූත්‍රය. (09-10-2022)

සමාධිභාවනා සූත්‍රය මූලික කරගත් ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා මාලාව මෙයින් අවසාන වේ.

පසුගිය ඉරිදා දහම් වැඩසටහන් ඇති වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න.</str

එදිනෙදා ජීවිතයේ මමත්වය අඩු කරගත හැකි ආකාරය. (09-10-2022)

එදිනෙදා ජීවිතයේ මමත්වය අඩු කරගත හැකි ආකාරය පිළිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදුකල මෙම වටිනා ධර්ම දේශනාව පහත සඳහන් කරුණු නිසා ගිහි පැවිදි සෑම දෙනාටම ඉතාම වැදගත් වේ;

  1. අප සංකල්පීය වශයෙන් ගොඩනගා ගන්නා මමත්වය දැඩිව උපාදාන කර ගැනීම නිසාම අප ‘මම’ මෙහෙම කෙනෙක් යැයි අර්ථ නිරූපණය කර ගනිමින් ඒ තුලින් ගැටීම්, චිත්ත වේදනා සහ ඇලීම් ඇති කරගන්නා ආකාරය එදිනෙදා ජීවිතයේ ප්‍රායෝගික උදාහරණ තුලින් පෙන්වා දීම. 
  2. ම ‘මම’ නිසා මිනිසුන් එදිනෙදා ජීවිතයේදී ඇති කරගන්නා ‘මම සිතන විධියටම දේවල් සිද්ධ වෙන්නට ඕනෑ’ සහ ‘මම මෙහෙම කෙනෙක්’ යන දැඩිව අල්වා ගන්නා හේතුව නිසා විවාහ සහකරුවන් තුල, සමාජය තුල, ආයතන තුල, වෛද්‍යවරුන් තුල, ප්‍රධානින් තුල, ගුරුවරුන් තුල, භික්ෂුන් වහන්සේලා තුල, භාවනා යෝගීන් තුල, දෙමාපියන් තුල, යනාදී බොහෝ දෙනා තුල ඇති වන මමත්වයේ ප්‍රබල තාවය මත සිදුවිය හැකි, මේ ජීවිතයේ සහ සංසාරයට බල පැවැත්විය හැකි, ඒ අයට නොතේරෙන දුබල කම් රැසක් හඳුනා ගන්නා ආකාරය පැහැදිලි කිරීම. එමෙන්ම ඒ නිසා විවාහ බිඳ වැටීම්, පුද්ගල සහ සමාජ සංවර්ධනයේ දුබලතා ඇතිවීම් සහ ආධ්‍යාත්මික ප්‍රවර්ධනයේ දුබලතා ඇති වෙන ආකාරය පැහැදිලි කිරීම.
  3. එවැනි මමත්වය අඩු කරගත හැකි ආකාරයන් පෙන්වා දීම.

මෙම ධර්ම දේශනාවට පාදක වූයේ ධම්ම පදයේ බාල වග්ගයේ සඳහන් ගාථා රත්නයකි.  එම ගාථාව සහ නිධාන කථාව මෙතැනින් කියවන්න.


ගෞරවනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  2. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  3. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  4. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  5. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  6. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

රටේ පවතින වත්මන් තත්වය හමුවේ අප විසින් සිදු කළ යුතු දේ.

Image by anuvat intarachune from Pixabay.

රටේ පවතින වත්මන් තත්වය හමුවේ අප විසින් සිදු කළ යුතු දේ පිලිබඳ අති පුජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියස රූපවාහිනිය තුලින් සිදුකල මෙම ධර්ම දේශනාව ශ්‍රී ලාංකිකයන් හට ඉතාම කාලෝචිත වන්නේ;

  1. පුද්ගලිකව සහ ජනතාවක් වශයෙන් අප අපදා අවස්ථාවන් වලදී හැඟීම් මත සහ ඇබ්බැහි මත ප්‍රතික්‍රියා කිරීම වෙනුවට සිහිය සහ නුවණ අවධි කරගන්නා ආකාරය.
  2. අපදා අවස්ථාවන් (අපේක්ෂා නොකළ කරදරයක්) වලදී අපගේ මානසික හා කායික වීර්යත් සහ බලයත් පුබුදුවා ගැනීමේ හැකියාවේ ඇති වැදගත්කම.
  3. මෙවන් ආපදා කාලයක දී එයින් නැගී සිටීමට අප විසින් සිදුකල යුතු පියවර පහක් ඇතුලත් ක්‍රමවේදය හඳුන්වා දීම.

යන කරුණු නිසාවෙනි.


ගෞරවනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  2. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  3. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  4. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  5. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  6. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

A Special Announcement & a Valuable Dhamma Talk


  • මහාසුඤ්ඤත සූත්‍රය.

Image by Bhikku Amitha from Pixabay

  • මහාසුඤ්ඤත සූත්‍රය පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් ඉරිදා සූත්‍ර දේශනා මාලාවේ දහතුන්වන වන සූත්‍රය ලෙස වර්ෂ 2021 ජනවාරි මස 30 වෙනි දින ආරම්භ කරන ලදී.  අද දින ධර්ම දේශනාවේ ඇති විශේෂ වටිනාකමක් වනුයේ සක්මන් භාවනාව දියුණු වීමේ එක් එක් අවස්ථා මනා කොට පහදා දෙමින් එම අවස්ථා නිවන් මග දියුණුවීම සමග මනාකොට සසඳා තිබීම වේ.
  • එම මහාසුඤ්ඤත සූත්‍රය වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.

Maha-suññata Sutta – January 2022

Maha-suññata Sutta was selected by Ven. Panadure Chandaratana Thero as the next Sutta for Sutta Teachings in English on 19 January 2022.

Maha-suññata Sutta provides many valuable lessons on practical issues surrounding the attempt to develop an internal meditative dwelling of emptiness, to maintain it, and to see it through to Awakening. Some of these issues include the need for seclusion as a conducive setting for the practice, types of conversation and thinking that are beneficial and harmful for the practice, the dangers of being distracted by visitors, and the proper attitude to have toward one’s teacher.

As this is a Post you would not be able to see future updates of this series on this page. However, you could reach the webpage of Maha-suññata Sutta – January 2022 by clicking here: Maha-suññata Sutta – January 2022.


Image by Bhikku Amitha from Pixabay

Maha-suññata Sutta was selected by Ven. Panadure Chandaratana Thero as the next Sutta for Sutta Teachings in English on 19 January 2022.

Maha-suññata Sutta provides many valuable lessons on practical issues surrounding the attempt to develop an internal meditative dwelling of emptiness, to maintain it, and to see it through to Awakening.

Please click the following link to read a description and the text Sutta in English: Maha-suññata Sutta.

  1. Dhamma Talk 01 – Maha-suññata Sutta (19-01-2022)
  2. Dhamma Discussion 01 (19-01-2021)

To be continued…

Please click here to reach the other Sutta Teaching series conducted by Ven. Panadure Chandaratana Thero.

ආනාපානසති සූත්‍රය – ධම්මානුපස්සනාව තුලින් සප්ත බොජ්ඣංග වැඩෙන ආකාරය.

මෙවර ඉරු දින (09-01-2021), අනාපානසති සූත්‍ර ධර්ම දේශනාවේදී ගෞරවනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් ධම්මානුපස්සනාව තුලින් සප්ත බොජ්ඣංග වැඩෙන ආකාරය පැහැදිලි කරන ලදී.  
අද දින ධර්ම දේශනාව විශේෂයෙන් වැඩිදුරටත් වැදගත් වන්නේ එහිදී අනිච්චනුපස්සනාව, විරාගානුපස්සනාව, නිරෝධානුපස්සනාව සහ පටිනිස‍්සග‍්ගානුපස්සනාව වැඩෙන ආකාරය ඉතා පැහැදිලි ලෙස විස්තර කර දීම නිසාවෙනි. 

එම දේශනාව විපස්සනා භාවනා යෝගීන් හට බෙහෙවින් වැදගත් වේ.

එමෙන්ම ධර්ම සාකච්චාවේදීද විපස්සනාවට සම්බන්ධ ඉතා වටිනා කරුණු සාකච්චා කෙරිණි.

Image by river_cm from Pixabay

පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් ඉරිදා සූත්‍ර දේශනා මාලාවේ එකොලොස් වන සූත්‍ර මාලාව ලෙස ආනාපානසති සූත්‍රය පිලිබඳ දේශනා මාලාව වර්ෂ 2021 නොවැම්බර් මස 14 වෙනි දින ආරම්භ කරන ලදී.

ආනාපාන සතිය බුදුරජාණන් වහන්සේ විසින් අප වෙත හඳුන්වා දුන් ප්‍රධානම භාවනා ක්‍රම වේදයකි. ආශ්වාසය හා ප‍්‍රාශ්වාසය මූලික කොටගෙන වෙනත් ආගම් වලද භාවනාවන් ප්‍රචලිත වී තිබේ. එනමුදු ඒවා තුලින් ලබන ප්‍රතිඵලයන් බුදු දහමේ ඉලක්ක කරන ප්‍රතිඵලයන් වලට වඩා වෙනස් වේ. බුදුරජාණන් වහන්සේ දේශනා කල ආනාපානසති සූත්‍රය තුලින් ආශ්වාසය සහ ප‍්‍රාශ්වාසය පිලිබඳව ඇති කරගන්නා සතිය නිවන් දැකීම සඳහා දියුණු කරන ක්‍රමවේදය පැහැදිලි වේ.

ආනාපානසති සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න.


මෙම Zoom දුරස්ථ වැඩසටහනට සම්බන්ධ වීමට Zoom මෘදුකාංගය ස්ථාපිත කරගෙන පහත දැක්වෙන අයුරින් සම්බන්ධ වන්න.

Use the following link and meeting details to join the program.
මෙම වැඩසටහන ඉරිදා දිනවල ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදැසන 07.00 ආරම්භ වේ.
Meeting ID:  882 8951 5672

Password: 171717


  1. ධර්ම දේශනාව 01 – ආනාපානසති සූත්‍රය. (14-11-2021)
  2. ධර්ම සාකච්චාව 01 (14-11-2021)
  3. ධර්ම දේශනාව 02 – ආනාපානසති සූත්‍රය – කායානුපස්සනාව. (21-11-2021)
  4. ධර්ම සාකච්චාව 02. (21-11-2021)
  5. ධර්ම දේශනාව 03 – ආනාපානසති සූත්‍රය – වේදනානුපස්සනාව. (05-12-2021) ***
  6. ධර්ම සාකච්චාව 03. (05-12-2021) ***
  7. ධර්ම දේශනාව 04 – ආනාපානසති සූත්‍රය – චිත්තානුපස්සනාව සහ ධම්මානුපස්සනාව. (12-12-2021) ***
  8. ධර්ම සාකච්චාව 04. (12-12-2021) ***
  9. ධර්ම දේශනාව 05 – ආනාපානසති සූත්‍රය – කායානුපස්සනාව තුලින් සප්ත බොජ්ඣංග වැඩෙන ආකාරය. (19-12-2021) ***
  10. ධර්ම සාකච්චාව 05. (19-12-2021) ***
  11. ධර්ම දේශනාව 06 – ආනාපානසති සූත්‍රයවේදනානුපස්සනාව සහ චිත්තානුපස්සනාව තුලින් සප්ත බොජ්ඣංග වැඩෙන ආකාරය. (26-12-2021) ***
  12. ධර්ම සාකච්චාව 06. (26-12-2021) ***
  13. ධර්ම දේශනාව 07 – ආනාපානසති සූත්‍රයධම්මානුපස්සනාව තුලින් සප්ත බොජ්ඣංග වැඩෙන ආකාරය. (09-01-2022) ***
    මෙම දේශනාවට වැදගත් වෙන සටහන සහිත PDF ආනාපානසති සූත්‍රය.
  14. ධර්ම සාකච්චාව 07. (09-01-2022)

To be continued…

පසුගිය ඉරිදා දහම් වැඩ සටහන් ඇතුලත් මූලික වෙබ් පිටුවට පිවිසීමට මෙතන click කරන්න.

Madhupindika Sutta – Sutta Teachings in English

Image by André Rau from Pixabay

Madhupindika Sutta was selected by Ven. Panadure Chandaratana Thero as the next Sutta for Sutta Teachings in English.  These in-depth Sutta teachings are conducted for Dhamma practitioners who could understand mainly English.

These teachings are presented as a progressive developmental path for the Vipassana and Samatha practitioners by this Venerable Forest Monk of Mitirigala Nissaranavanaya Forest Monastery of Sri Lanka.

Please click the following link to read the Sutta in English: Madhupindika Sutta: The Ball of Honey 

This program is conducted via Zoom connections.

Given below are the local commencing times of the program.

  • SL: Wednesday at 7am
  • USA: Tuesday 9:30pm
  • AEST: Wednesday 11:30am
  • UK: Wednesdays 2am

This program is coordinated from USA by Jennifer Chang.

To join the program on Zoom use the below link and meeting ID/password:
https://us02web.zoom.us/j/6957443611?pwd=VW0wa3R6REhndEVneDEzbFovUFlhUT09
Meeting ID: 695 744 3611
Password: 642885

To listen to the recordings directly: Please left click on the link to listen directly. Once the link is clicked, you will be directed to a separate page containing the talk. Usually the file starts to play in that window. If it doesn’t you could highlight the browser window and click ‘reload this page’. It will start to play.

To download the recordings: You could download the file by right clicking on the link and then selecting “save… as” from the drop down menu.

  1. Dhamma Talk 01 – Madhupindika Sutta 11-08-2021
  2. Dhamma Discussion 01 – 11-08-2021
  3. Dhamma Talk 02 – Madhupindika Sutta 18-08-2021
  4. Dhamma Discussion 02 – 18-08-2021
  5. Dhamma Talk 03 – Indriya Bhavana Sutta 01 25-08-2021
  6. Dhamma Discussion 03 – 25-08-2021
  7. Dhamma Talk 04 – Indriya Bhavana Sutta 02 (01-09-2021)
  8. Dhamma Discussion 04 – 01-09-2021
  9. Dhamma Talk 05 – SakkaPanha Sutta 01 (08-09-2021)
  10. Dhamma Discussion 05 – 08-09-2021
  11. Dhamma Talk 06 – SakkaPanha Sutta 02 (15-09-2021)
  12. Dhamma Discussion 06 – 15-09-2021

To be continued…

Please click here to reach the other recordings of the Thero in English.

Share this with others as a gift of Dhamma!

සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චාවන් අංක: 28 සහ 29

තෙරුවන් සරණයි!,

සති කිහිපයකට පසුව මෙම දහම් සාකච්චා පිලිබඳ විස්තර ඔබ වෙත ඉදිරිපත් කරනෙමු. කොවිඩ් 19 රෝගය වැළඳීම නිසා අපහට සති දෙකක් පමණ දහම් ප්‍රචාරක කටයුතු වල නිරතවීමට නොහැකි විය.  දැන් කටයුතු යථා තත්වයට පැමිණ තිබේ.

මේ පහලින් දැක්වෙන්නේ පසුගිය සති දෙකේ ඇති පුජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින්  සිදුකල වටින ධර්ම සාකච්චා දෙකකට ඇති වෙබ් යොමුවන් වේ. මේ රූ සටහන් මත click කිරීමෙන් නියමිත වෙබ් පිටුවට යා හැකිය.

මෙම ධර්ම සාකච්චාවන් සතර සතිපටිඨානයේ ධම්මානුපස්සනාවේ ස්කන්ධ සහ ආයතන පාදක කරගෙන සිදුකරනු ලැබීය. ඉතා ප්‍රායෝගික වැදගත්කමක් ඇති ප්‍රශ්න සහ පිළිතුරු මෙහි ඇතුලත් වේ.  එම විශේෂ වටිනාකමකින් යුතු ප්‍රශ්න වෙනම සඳහන් කර ඇත.

මෙයට දහම් හිතකාමී,

අරුණ මනතුංග

Saturday Dhamma Discussion – 29 (සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චාව – අංක: 29)

Saturday Dhamma Discussion – 28 (සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චාව – අංක: 28)