Video Dhamma of Most Ven. Kukulpane Sudassi Thero

Most Ven. Kukulpane Sudassi Thero

Given below are important Video Dhamma conducted by Most Ven. Kukulpane Sudassi Thero.

පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකල වටිනා වීඩියෝ ධර්ම දේශනා සහ සාකච්චා මෙහි පල කෙරේ.

It’s sensible to watch the videos by clicking on the videos – without downloading because downloading could consume a lot of internet Data. We have also provided the links to the audio files for those who wish to save the Dhamma for listening.

To download the Audio file : You could download the file by right clicking on the file link and then selecting “save as” from the drop down menu. Save the file into a pre designated folder to listen on multiple occasions. This is the best way to save your internet allocation.

වීඩියෝ නැරැඹීම සඳහා එම වීඩියෝ මත click කරන්න. ඒවා බාගත කිරීමෙන් ඔබගේ අන්තර්ජාල data වැයවීම අධික වියහැක. එබැවින් සෑම වීඩියෝවක් සමගම පසුව ශ්‍රවණය කිරීමට බාගත කළහැකි හඬ පටයේ link (යොමුව) ද ඉදිරිපත් කරන්නෙමු.



    1. සම්මා දිට්ඨිය. (08-04-2021): මජ්ඣිම නිකායේ සම්මා දිට්ඨි සූත්‍රයහි සම්මා දිට්ඨිය යනු කුමක්දැයි මූලික න්‍යාය පැහැදිලි කෙරෙන ගාථාව පාදක කොට අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්වහන්සේ විසින් වර්ෂ 2021 අප්‍රේල් මාසයේ 08 දින ධර්ම දේශනාවක් සිදුකෙරිණි. මෙම දේශනාවේ විශේෂත්වයක් වනුයේ සම්මා දිට්ඨිය හඳුනා ගන්න ආකාරය, දැනුම සහ දැක්මේ අතර වෙනස සහ එම දැක්ම දියුණුකරන ආකාරය සරල, ප්‍රායෝගික ආකාරයෙන් ඉදිරිපත් කිරීමයි. මෙම වීඩියෝවේ ශබ්ද සංස්කරණය කල හඬ පටය ලබා ගැනීමට මෙතන click කරන්න. 
    2. අර්ථ චර්යාව නිවන් මාර්ගයක් හැටියට ප්‍රගුණ කිරීම (17-03-2021): අර්ථ චර්යාව යනු කුමක්ද සහ එය නිවන් මාර්ගයක් හැටියට ප්‍රගුණ කරන්නේ කුමන ආකාරයකින්ද යන්න පැහැදිලි කරමින් වටිනා ධර්ම දේශනාවක් අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 මාර්තු මස 17 දින සිදුකරන ලදී.  මෙම වීඩියෝවේ ශබ්ද සංස්කරණය කල හඬ පටය මෙතනින් ලබා ගන්න: https://bit.ly/3cEZaFE </li>
    3. චිත්තානුපස්සනාව (27-03-2021): සතිපට්ඨාන සූත්‍රයේ දැක්වෙන චිත්තානුපස්සනාව පිළිබඳව වැදගත් ප්‍රායෝගික කරුණු අරම්භයා වටිනා ධර්ම දේශනාවක් අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 මාර්තු මස 27 වෙනි දින සිදු කෙරිණි.                                                                                                        මෙම වීඩියෝවේ ශබ්ද සංස්කරණය කල හඬ පටය මෙතනින් ලබා ගන්න: https://bit.ly/3cAHJWw</li>
    4. කාමයන්ගේ ආදීනව දකිමින් එයම අපේක්ෂා කරන්නේ ඇයි? (17-03-2021): ගිහි පැවිදි දෙපාර්ශවයටම වැදගත්වන සහ ගැටලුවක් වන ඉහත මාතෘකාව පාදක කරගනිමින් වටිනා ධර්ම දේශනාවක් අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 මාර්තු මස 17 වෙනිදා සිදුකරන ලදී. මෙහිදී බුදුරජාණන්වහන්සේ විසින් මහානාම රජුන් හට ලබා දුන් උපදේශයක් පාදක කරගනිමින් නිරතුරුව සතිපට්ඨානය තුලින් දියුණු කරගත් සතියක් හෝ සමථ ධ්‍යානයක් හෝ නැති ඕනෑම අවස්ථාවක අනාගාමී තත්වයෙන් පහල සිටින ඕනෑම අයකුට අකුසලයන්ගේ අදීනව දැන සිටියා වුවත් එම අකුසල සිතුවිලි ඇතිවිය හැකි බව පැහැදිලි කෙරිණි. මෙම දේශනාවට පාදක වූ සූත්‍රය, ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න ( චූල දුක්ඛක්ඛන්ධ සූත්‍රය) : https://pitaka.lk/main?n=18114 මෙම වීඩියෝවේ ශබ්ද සංස්කරණය කල හඬ පටය මෙතනින් ලබා ගන්න: https://bit.ly/3lS3kwI</li>
    5. සෙනසුරාදා ධර්ම සාකච්ඡාව අංක: 12 (20-03-2021): මෙවර ධර්ම සකච්චාවද “දසවිධ උපාසක ගුණ” පාදක කරගෙන සිදුකරනු ලැබීය. මෙදින පස්වන උපාසක ගුණය මූලික කොටගෙන දහම් සාකච්චාව සිදුකෙරිණි. “ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ දොලොස්වන ධර්ම සාකච්චාව වර්ෂ 2021 මාර්තු මස 20 දින සිදුකරන ලදී. පුජ්‍යපාද අනුරාධපුරයේ අනුරුද්ධ ස්වාමින්වහන්සේද එම Zoom සාකච්චාව මෙහෙයවීමට දායක වූ සේක. මෙම පැය 2කට වඩා දිගු වන ධර්ම සාකච්චාව, අසන්නන්ගේ පහසුව පිණිස ප්‍රශ්න හා පිළිතුරු වශයෙන් වෙන්කර, ශබ්ද සංස්කරණය කොට ඉදිරිපත්කර ඇත්තෙමු. එම වෙබ් පිටුවට පිවිසීමට මෙම යොමුව click කරන්න: https://bit.ly/3d3L1AF/li>

 

Share this with others as a gift of Dhamma!