Kamatahana – කමටහන ධර්ම සාකච්ඡාව 01

Kamatahana – කමටහන ධර්ම සාකච්ඡාව 01 ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති පූජනීය කොත්මලේ කුමාර කාශ්‍යප ස්වාමින් වහන්සේ විසින් වර්ෂ 2022 දෙසැම්බර් 03 දින සති TV නාලිකාව තුලින් සිදුකරන ලදී.  

මෙම සාකච්ඡාව සුවිශේෂී වන්නේ පහත සඳහන් හේතුන් නිසාවෙනි.

  1. මනස නිවැරදිව භාවිතා කරමින් ඇති කරන මානසික දියුණු කිරීම භාවනාව ලෙස බුදු දහමට අනුගතව පැහැදිලි කිරීම.
  2. භාවනාව නිවන් මගට භාවනාව අත්‍යාවශ්‍ය වන්නේ ඇයි දැයි පැහැදිලි කිරීම සහ වර්ථමාන භාවනා සංස්කෘතියේ ඇති දුබලතාවය පැහැදිලි කිරීම.
  3. තමන්ට ගැලපෙන භාවනාවක් තෝරා ගැනීම වැදගත් වන්නේ මන්ද? මුලදී තමන්ට සුදුසු භාවනාව තෝරා ගැනීමේ දී තමන්ගේ මනසේ නිතරම බාධා කරන ක්ලේශයන් හඳුනා ගත යුත්තේ ඇයි දැයි පැහැදිලි කිරීම.
  4. රාග චරිත, ද්වෙශ චරිත, මෝහ චරිත වල ලක්ෂණ ප්‍රායෝගික ජීවිතය තුලින් දකින ආකාරය පැහැදිලි කිරීම.
  5. භාවනාව වැඩීමට ගුරු ඇසුරක් අවශ්‍ය ම ද? භාවනාව නිවැරදි ආකාරයට කිරීම ඉතාම අවශ්‍ය වේ. බුදුරජාණන් වහන්සේ දේශනා කල භාවනාව කුමක්දැයි ත්‍රිපිටක ධර්මය තුලින් පැහැදිළි කරන ගුරු ඇසුරක් අත්‍යාවශ්‍ය වෙන්නේ ඇයි දැයි පැහැදිලි කිරීම.
  6. භාවනාව වඩන කොට අමනුස්ස බලපෑම් වැඩි වෙනවා ද යන්න තුලින් අප හට සිදුවිය හැකි නොමග යාම් පිලිබඳ වටිනා පැහැදිලි කිරීමක් ඇතුලත් වීම

Kamatahana – කමටහන ධර්ම සාකච්ඡා මාලාවේ අනෙකුත් සාකච්ඡා වෙත පිවිසීමට ඇති මූලික වෙබ් පිටුවට මෙතැනින්  පිවිසෙන්න.