Kamatahana – කමටහන ධර්ම සාකච්ඡාව 02

Kamatahana – කමටහන ධර්ම සාකච්ඡාව 02

Kamatahana – කමටහන ධර්ම සාකච්ඡාව 02 ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති පූජනීය කොත්මලේ කුමාර කාශ්‍යප ස්වාමින් වහන්සේ විසින් වර්ෂ 2022 දෙසැම්බර් 10 දින සති TV නාලිකාව තුලින් සිදුකරන ලදී.

මෙම සාකච්ඡාව සුවිශේෂී වන්නේ පහත සඳහන් හේතුන් නිසාවෙනි.

  1. ඔබ භාවනා කරන්නේ කුමක් සඳහා ද? බෞද්ධයෙකුගේ භාවනා පරමාර්ථය කුමක් විය යුතු ද සහ ඒ අනුව ජීවිතය භාවනාවෙන් සකසා ගන්නේ කෙසේ දැයි පහදා දීම. එමෙන්ම වර්ථමාන භාවනා සංස්‌කෘතිය තුල ගිහියන් හට නිවණ සාක්‍ෂාත් කර ගැනීමට නිවැරදි පසුබිමක් නැති බවත්, භාවනාවට යොමු වෙන ගිහි කෙනෙකු එය කෙරේ යොමු විය යුත්තේ පැවිදි අයෙකු ලෙස නොවන බව මෙහි දී පැහැදිලි කෙරේ. එමෙන්ම තමන්ගේ සිතේ බොහෝ විට බල පවත්නා ස්වභාවය අවංකව තේරුම් ගනිමින් සමථ භාවනාවන් සහ නිවැරදි චර්යාවන් ඇසුරින් සිත කර්මණ්‍ය කර ගනිමින් විපස්සනාවට සූදානම් කරගන්නා ආකාරය මෙහිදී පැහැදිලි කෙරේ.
  2. භාවනා කරන්න කලින් සුතමය ඥාණය තිබිය යුත්තේ ඇයි? ත්‍රිපිටකයට අනුගත නිවැරදි දහම් පොත් සහ කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කිරීමේ වැදගත් කම මෙහිදී පැහැදිලි කෙරේ.  විශේෂයෙන්ම බෞධයන් විසින් තමා තෝරා ගන්නා භාවනාව බුදුරජාණන් වහන්සේ දේශනා කල දහමට එකඟ දැයි ත්‍රිපිටකය පරිශීලනය කොට දැන ගැනීම වැදගත් වෙන බව මෙහිදී පැහැදිලි කෙරේ.  බුදු දහම විකෘති කෙරෙන මෙවන් කාලයක එය ඉතා වැදගත් වේ.
  3. නිවන් දැකීමට භාවනාවට යොමුවෙන අයට උපකාරක වෙන ධර්ම මොනවාද? ශීලය, සතිය, සම්පජඤ්ඤයේ සහ වීර්යයේ ඇති වැදගත්කම මෙහිදී පැහැදිලි කෙරේ.
  4. භාවනා කරන්න යොමුවන ගිහියෙකුගේ දින චරියාව කෙසේ විය යුතු ද?
  5. භාවනා කරන කෙනෙකු සතුවිය යුතු ගුණාංගයන් මොනවා ද? භාවනා කිරීම නිසා බොහෝ අය තුල අධි මානයක් ඇති විය හැකි ආකාරය ගැන ඉතාම වටිනා කරුණක් මෙහිදී පැහැදිලි කෙරේ.

Kamatahana – කමටහන ධර්ම සාකච්ඡා මාලාවේ අනෙකුත් සාකච්ඡා වෙත පිවිසීමට ඇති මූලික වෙබ් පිටුවට මෙතැනින්  පිවිසෙන්න.