Announcements contain the latest Dhamma updates from Damsara. Click on the links to reach the respective web pages at Damsara.
Ariyasāvaka Sutta (15-07-2026) Uploaded on 15 July 2026: Ariyasāvaka Sutta was selected by Ven. Panadure Chandaratana Thero of Mitirigala Nissarana Vanaya Forest Monastery as the next Sutta for Sutta Teachings in English on 15th July 2026.
භාවනාව දියුණු කර ගැනීමට – 01: (20-09-2025) Uploaded to Damsaraorg Sri Lanka on 12 July 2026: මෙම ඉතා වටිනා කෙටි දහම් ඛණ්ඩ තුලින් අප බොහෝ දෙනාට භාවනාව දියුණු කර ගැනීමට මහත් සේ උපකාරී වෙන ඇතැම් වටිනා කරුණු ඉදිරිපත් කරනෙමු.
🏵️ මෙම විනාඩි 10 ක කෙටි වීඩියෝ ධර්ම සාකච්ඡාව තුලින් කුක්කුච්චය හෙවත් පසුතැවීම යන මානසිකත්වය අපගේ භාවනාව සෑහෙන්න දියුණු වීමට පෙර අපට බොහෝ අවස්ථා වල වද දෙන කරුණක් බව පැහැදිලි කෙරේ. මෙම දහම් ඛණ්ඩය වර්ෂ 2025 සැප්තැම්බර් මස 20 දින අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් සිදුකල සෙනසුරාදා ධර්ම සාකච්ඡාවෙන් උපුටා ගන්නා ලදී.
🏵️ මෙහි දී භාවනාව දියුණු වීමට පෙර, භාවනාවේ දී සිත පිටත අරමුණකට ගිය විට ඒ ගැන පසුතැවීමක් ඇති වී ඉන්පසු තමාගේ ඒ සිත පිට යාම ගැන ගැටීමක් හෙවත් ද්වේශයක් උපදී. ඒ ගැන ඒ මොහොතේම දැන ගනිමින් සිතේ පසුතැවීමක් හෝ ද්වේශයක් ඇති නොවීම සඳහා සතියට අමතරව සම්පජඤ්ඤය තිබීම අත්‍යාවශ්‍ය වෙන බව මෙහි දී පැහැදිලි කෙරේ.
🏵️ එමෙන්ම එසේ පර්යන්කයේ දී සම්පජඤ්ඤය (නුවණ) හොඳින් දියුණු කල විට එදිනෙදා ජීවිතයේ දී පසුතැවීම් ඇතිවිය හැකි බොහෝ අවස්ථා වලින් මිදීමට හැකි වීම තුලින් අකුසල් වලින් අඩු සුවපහසු මානසිකත්වයක් ඇතිවෙන බව ප්‍රයෝගිකව පැහැදිලි කෙරේ. (අපගේ එදිනෙදා ජීවිතයේ එක පැයක් තුල පවා සිදුවෙන විදුලි පංකාවක් නිවීමට අමතක වීම වැනි සුළු අමතක වීම් නිසා ඇතිවෙන පසුතැවීම් මෙවන් මානසිකත්වයක් තුලින් මග හැරෙන විට ක්ෂණික සුවපහසු බවක් අත්දැකීම ඇරඹේ.)
🏵️ කුක්කුච්චය යනු බුදු දහමට අනුව කෙනෙකු අතින් සිදු වූ වරදක් (පව් කමක්) ගැන හෝ සිදු නොවූ යහපත් දෙයක් (පින්කමක්) ගැන පසුතැවීම සහ සිත තැවීමයි. මෙය සිතේ දියුණුවට සහ නුවණට බාධා කරන අකුසල චෛතසිකයක් මෙන්ම පංච නීවරණ (උද්ධච්ච කුක්කුච්ච) අතරින් එකකි. එමෙන්ම කුක්කුච්චය අකුසලයක් වෙන අතර එමගින් එදිනෙදා ජීවිතයේ දී සිතේ නොසන්සුන් බවක් ඇති කර, ආධ්‍යාත්මික දියුණුවට සහ සමාධියට බාධා පමුණුවයි. (Ref: pitaka.lk)
Loka Sutta – Sutta Teachings in English (08-07-2026) Uploaded on 12 July 2026: Loka Sutta was selected by Ven. Panadure Chandaratana Thero of Mitirigala Nissarana Vanaya Forest Monastery as the next Sutta for Sutta Teachings in English on 08th July 2026.
විපස්සනා මනසිකාරයක් පාදක කර ගනිමින් මෛත්‍රිය තුලින් අන් කෙනෙකුගේ ස්වභාවය ක්‍ෂණිකව වෙනස් කිරීමට හැකි වූ පුදුමාකාර අවස්ථාවක් – 02 (08-11-2025) Uploaded on 08 July 2026:
ඉහත මාතෘකාවේ දෙවන සාකච්ඡා කොටස මෙහි දී විනාඩි 09 ක කෙටි වීඩියෝවක් තුලින් ඉදිරිපත් කරනෙමු.
🏵️ මෙහිදී සමථ සහ විපස්සනා භාවනාවන්ගේ ප්‍රයෝගිකව ක්‍රියාත්මක වීමේ සුවිශේෂී වෙනස්කම් පැහැදිලි කෙරේ.
🏵️ එමෙන්ම ප්‍රඥාවේ ඇති විශේෂ බලය මෙහි දී පැහැදිලි කෙරේ.
🏵️ එසේම මහා බෝධිසත්වයන්ගේ පාරමී පුරමින් යන අතිශයින් දිග සංසාර ගමනේ ධ්‍යාන වලට අමතරව විශේෂයෙන්ම මෙවන් විපස්සනා ඥාන උපදවා ගැනීම, සියලු සත්වයන් කෙරේ මහා කරුණාව ඇති කර ගැනීමට රුකුලක් වෙන බව මෙහි දී පැහැදිලි කෙරේ.
සෝභන චෛතසික 02 – සතිය. (25-10-2025) Uploaded to Damsaraorg Sri Lanka on 07 July 2026:
🏵️ ඊයේ දිනයේ දී ඉදිරිපත් කල “විපස්සනා මනසිකාරයක් පාදක කර ගනිමින් මෛත්‍රිය තුලින් අන් කෙනෙකුගේ ස්වභාවය ක්‍ෂණිකව වෙනස් කිරීමට හැකි වූ පුදුමාකාර අවස්ථාවක් – 01” යන වටිනා ධර්ම සාකච්ඡාවට මූලික වූ ඉතා වටිනා ධර්ම දේශනාවයි මේ.
🏵️ අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්වහන්සේ මෙම ධර්ම දේශනාව තුලින් සෝභන චෛතසික වල සතිය පැහැදිලි කරන ලද සේක.
🏵️ මෙහි දී සති චෛතසිකය යනු කුසල පක්‍ෂයට පමණක් සම්බන්ධ වෙන ධර්මයක් බව මනාකොට පැහැදිලි කෙරිණි. එමෙන්ම සතිය යනු අතීතය සහ අනාගතයෙන් සිත මුදවා ගෙන වර්ථමානයේ පමණක් තබා ගැනීමක් නොවන බව අවධාරණය කෙරිණි.
විපස්සනා මනසිකාරයක් පාදක කර ගනිමින් මෛත්‍රිය තුලින් අන් කෙනෙකුගේ ස්වභාවය ක්‍ෂණිකව වෙනස් කිරීමට හැකි වූ පුදුමාකාර අවස්ථාවක් – 01 (25-10-2025) Uploaded on 06 July 2026: මෙය දැනට මාස අට හමාරකට පෙර සිදු වූ සුවිශේෂී සිදුවීමක් ගැන පැහැදිලි කෙරෙන විනාඩි 11 ක ඉතා වටිනා කෙටි වීඩියෝවකි.
🏵️ මෙහි දී මොහු මෛත්‍රී භාවනාව පුහුණු කල ආකාරයේ ඇති යම් වෙනස් කම් පැහැදිලි කෙරේ.
🏵️ විපස්සනා ඥාන වල භංග ඥානය අත්වින්ද අවස්ථාවක් සිහිකර ගෙන විපස්සනා මනසිකාරයක් පාදක කර ගනිමින් මෛත්‍රිය කෝපයෙන් දැවෙන කෙනෙකු වෙත යොමු කරමින් එම තැනැත්තාගේ මානසික සහ කායික ස්වභාවය ක්‍ෂණිකව වෙනස් කිරීම.
🏵️ දිගු කාලයක් යම් භාවනාවක් පුහුණු කල කෙනෙකුට අළුත් භාවනාවක් වේගයෙන් දියුණු කිරීමේ හැකියාව පැහැදිලි කිරීම. මොහු දිනපතාම නොවෙතත් වසර 50 කට වැඩි කාලයක් පුහුණු කලේ ආනාපානසති භාවනාවයි.
🏵️ සමථයක් ලෙස මෛත්‍රී භාවනාව දියුණු කිරීම සිදු කරන විට ඇතිවන දුබලතා පැහැදිලි කිරීම.
🏵️ මෙම මානසික තත්වය තුල ගැබ් වී ඇති ශක්තිය පැහැදිලි කිරීම.
අභිධර්මයේ මූලික කරුණු අංක:53 (ප්‍රත්‍ය විභාගය 02) 04-07-2026 Uploaded on 05 July 2026: මෙවර ධර්ම දේශනාව තුලින් හේතු ප්‍රත්‍යයේ ඉතිරි කොටස සහ ආරම්මණ ප්‍රත්‍යය පිළිබඳව ඉතා වටිනා කරුණු පැහැදිලි කිරීමක් සිදු කෙරිණි. එසේම මෙදින ධර්ම සාකච්ඡාවේදී මෙම වැඩසටහනට අනුගත වටිනා පැන රැසක් මතු කෙරුණු අතර ඒවා පිළිබඳව බොහෝ වටිනා පැහැදිලි කිරීම් සිදු කෙරිණි.🏵️ මෙහි දී විශේෂයෙන් ප්‍රායෝගික ජීවිතයේ ධර්මය ප්‍රගුණ කිරීම පිළිබඳව වටිනා පැහැදිලි කිරීම් පැන අංක 13, 14, 17, 19 සහ 20 තුලින් සිදු කෙරේ.
🏵️ එමෙන්ම මෙම වැඩසටහනේ වීඩියෝව, ශබ්ද සංස්කරණය කර වෙන් කල පැන, පිළිතුරු සහ පසුගිය සියළු වැඩසටහන් වලට පිවිසීමට යොමුවක් ද මෙම වෙබ් පිටුවේ පළකර ඇත.
ආනාපානසති භාවනාව පුහුණු කිරීමේ දී සතිය සහ සම්පජඤ්ඤයෙන් යුතු වූ ශීලය අවශ්‍ය වෙනවා නොවේ ද ? Uploaded on 03 July 2026: සදහම් මණ්ඩපය අංක: 04 තුලින් උපුටාගත් විනාඩි 10 ක ඉතා වටිනා පැනයක් සහ සාකච්ඡාවකි. භාවනාව දියුණු කිරීමට අවශ්‍ය වන මූලික ශීලය පංච ශීලය පමණක් නොවන බවත් ඒ සඳහා සිත පිරිසිදු කිරීමට අවශ්‍ය වන ශීලය කුමන ආකාරයේ ශීලයක් විය යුතු දැයි මෙම ඉතා වටිනා සාකච්ඡාවේ දී පැහැදිලි කෙරේ. එමෙන්ම මෙරට ඇතැම් බොහෝ බෞද්ධයන්ට සහ බටහිර භාවනයෝගීන්ට මෙවන් ශීලයක අවශ්‍යතාවය පිලිබඳ අවබෝධයක් නොමැති බවත් මෙහිදී පැහැදිලි කෙරේ. මේ ඉතා වටිනා විනාඩි දහයක වීඩියෝව භාවනාව ගැන උනන්දුවක් දක්වන සැමට බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.
සදහම් මණ්ඩපය – 04 (සතිපට්ඨාන දේශනා 02- ආනාපානසති භාවනාව 01) 02-07-2026 Uploaded on 03 July 2026: අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්වහන්සේ විසින් සිදුකල මෙවර ධර්ම දේශනාව තුලින් කායානුපස්සනාවේ පළමු අංගය වන ආනාපානසති භාවනාවේ එක් කොටසක් හොඳින් පැහැදිලි කෙරිණි. මෙහි දී ආනාපානසතිය සිදු කරන ආකාරය පැහැදිලි කිරීමට අමතරව එම භාවනාවෙන් සිදුවෙන ප්‍රයෝජන පැහැදිලි කෙරිණි. එමෙන්ම මෙදින ධර්ම සාකච්ඡාවේ දී මාතෘකාවට අනුගත වූ ඇතැම් වටිනා පැන නැගුණු අතර ඒවා පිලිබඳව ඉතා වටිනා පැහැදිලි කිරීම් සිදු කෙරිණි. මෙම සම්පුර්ණ වැඩ සටහනේ වීඩියෝව ද සාකච්ඡාවේ ශබ්ද සංස්කරණය කර වෙන් කල පැන, පිළිතුරු සහ පසුගිය වැඩසටහනට පිවිසීමට යොමුවක් ද ඇතුළුව පහත ඉහත වෙබ් පිටුවේ පළකර ඇත
Paccaya Sutta – Sutta Teachings in English (01-07-2026) Uploaded on 01 July 2026: Paccaya Sutta was selected by Ven. Panadure Chandaratana Thero of Mitirigala Nissarana Vanaya Forest Monastery as the next Sutta for Sutta Teachings in English on 01st July 2026.
ලෝක ධර්මයන් කෙරේ කම්පා නොවීම (29-06-2026) Most Ven. Kukulpane Sudassi Thero Uploaded to Damsaraorg Sri Lanka on 30 June 2026 : අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්වහන්සේ වර්ෂ 2026 පොසොන් පෝය දිනයේ දී තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානයේ දී දේශනා කරන ලද ඉතා වටිනා ධර්ම දේශනාවකි. මෙම ධර්ම දේශනාව මංගල සූත්‍රයේ එකොළොස්වෙනි ගාථා රත්නය පැහැදිලි කරමින් සිදු කෙරිණි. ලෝක ධර්මයන් කෙරේ කම්පා නොවීම යනු කුමක්ද සහ එවැනි තත්වයක් ලබා ගැනීම සඳහා අපගේ සිත පුහුණු කරන ආකාරය මෙහිදී පැහැදිලි කෙරිණි.
අභිධර්මයේ මූලික කරුණු අංක: 52 (ප්‍රත්‍ය විභාගය) 27-06-2026 Uploaded to Damsara on 28 June 2026: මෙවර ධර්ම දේශනාව තුලින් ප්‍රත්‍ය විභාගය සහ හේතු ප්‍රත්‍යය පිළිබඳව ඉතා වටිනා කරුණු පැහැදිලි කිරීම ආරම්භ කෙරිණි. එසේම මෙදින ධර්ම සාකච්ඡාවේදී මෙම වැඩසටහනට අනුගත වටිනා පැන රැසක් මතු කෙරුණු අතර ඒවා පිළිබඳව බොහෝ වටිනා පැහැදිලි කිරීම් සිදු කෙරිණි. එමෙන්ම මෙම සාකච්ඡාවේ ශබ්ද සංස්කරණය කර වෙන් කල පැන, පිළිතුරු සහ පසුගිය සියළු වැඩසටහන් වලට පිවිසීමට යොමුවක් ද ඇතුළුව මෙම වෙබ් පිටුවේ පළකර ඇත.