චිත්තානුපස්සනාව තුලින් බොජ්ඣංග ධර්මයන් දියුණු කරන ආකාරය.


Sathipattana Viwarana – සතිපට්ඨාන විවරණ (24-02-2024):

මීතිරිගල නිස්සරණ වන වාසී පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් ITN රුපවාහිනිය තුලින් සිදුකල මෙම දේශනාව තුලින් චිත්තානුපස්සනාව තුලින් බොජ්ඣංග ධර්මයන් දියුණු කරන ආකාරය පැහැදිලි කෙරේ.

මෙම භාවනා, ධර්ම දේශනා සහ දහම් පැන පිළිතුරු සැපයීම, දහම් මග දියුණු කර ගැනීමට බෙහෙවින් ඉවහල් වේ. එපමණක් නොව මේ තුලින් අපගේ එදිනෙදා ජීවිතයේ මානසික සතුට සහ දියුණුව ඉහල තලයකට පත්කර ගැනීමේ ඉතා වටිනා ක්‍රමවේදයක් පැහැදිලි කෙරේ.

එමෙන්ම මෙම දේශනාවට පළමුවෙන් සිදු කෙරෙන මෙහෙයුමක් සහිත කෙටි පර්යංක භාවනා පුහුණුව තුලින් ශ්‍රාවකයාගේ සතිමත් බව අවධි කෙරෙනුයේ ඔවුන්ගේ සම්පජඤ්ඤය ද පුබුදු වෙන ආකාරයෙනි. මේ අයුරින් මුළු සිරුරේ දැනෙන ආකාරයන් මත සිහිය පවත්වමින් සන්සුන් වීම තුලින් ආනාපාන සතිය වැනි භාවනාවකට අවතීර්ණ වීම තුලින් ඇතැම් යෝගීන් නිදා ගත්තා මෙන් පත්වෙන ”මෝහ සමාධියෙන්” අත් මිදීමට හැකි වේ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.