Dasa Kusal – දස කුසල්

Picture by Ganesh Kumar on Unsplash.

පූජනීය උඩදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ විසින් වර්ෂ 2020 සැප්තැම්බර මාසයේ සිදුකරන ලද අපේ අධ්‍යාත්මික ශක්තිය වර්ධනය කරගැනීමට මනාව  ප්‍රයෝජනවත් වන දේශනා මාලාවකි. සිත සකස් කරන කුසලතා දහය (දස කුසල්) පිළිබඳව මෙම දේශනා මාලාව සිදුකරන ලදී.

This series of valuable video Dhamma based on Dasa Kusal  was conducted by Ven. Ududumbara Kashyapa Thero during September 2020.

බුදු රජාණන් වහන්සේ විසින් සාලා ගම්වැසියන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස දස කුසලයේ හැසිරෙන්නා මරණින් මතු සුගතිගාමී වන බවත් දස අකුසලයේ හැසිරෙන්නා මරණින් මතු දුගතිගාමී වන බවත් වදාල සේක.

දස අකුසල් යනු කුමක් දැයි කියැවීමට පහත සඳහන් වෙබ් යොමුවන් මත click කරන්න.

  1. දස කුසල් සහ දස අකුසල්
  2. දස අකුසල් (බෞද්ධයාගේ අත්පොත)
  • දස කුසල් – 01 හැඳින්වීම: අපේ අධ්‍යාත්මික ශක්තිය වර්ධනය කරගැනීමට ඉතාම ප්‍රයෝජනවත් දේශනා මාලාවක ආරම්භක දේශනාවකි. පූජනීය උඩදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ විසින් වර්ෂ 2020 සැප්තැම්බර් මස 09 වන දින, සිත සකස් කරන කුසලතා දහය (දස කුසල්) පිළිබඳව මෙම ආරම්භක දේශනාව සිදුකරන ලදී.  දේශනාවේ හඬ පටය ශ්‍රවණය/බාගත කිරීමට මෙතන click කරන්න. 

  • දස කුසල් – 02: ප්‍රාණ ඝාතයෙන් වැලකීම (10-09-2020)  අපේ අධ්‍යාත්මික ශක්තිය වර්ධනය කරගැනීමට ප්‍රයෝජනවත් වන දස කුසල් දේශනා මාලාවේ දෙවන දේශනාවයි. පූජනීය උඩදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ විසින් සිත සකස් කරන කුසලතා දහය (දස කුසල්) පිළිබඳව මෙම දේශනා මාලාව සිදුකරන ලදී. මෙම දේශනාවේ ශබ්ද සංස්කරණය කරනලද හඬ පටය මේ link එකෙන් බා ගත කරන්න: https://bit.ly/ප්‍රාණඝාත 
  • දස කුසල් – 03: සොරකමින් වැලකීම (11-09-2020)  අපේ අධ්‍යාත්මික ශක්තිය වර්ධනය කරගැනීමට ප්‍රයෝජනවත් වන දස කුසල් දේශනා මාලාවේ තෙවන දේශනාවයි. මෙම දේශනාවේ ශබ්ද සංස්කරණය කරනලද හඬ පටය මේ link එකෙන් බා ගත කරන්න: https://bit.ly/සොරකම්නොකිරීම  
  • දස කුසල් – 04: වැරදි කාම සේවනයෙන් වැලකීම (12-09-2020)  අපේ අධ්‍යාත්මික ශක්තිය වර්ධනය කරගැනීමට ප්‍රයෝජනවත් වන දස කුසල් දේශනා මාලාවේ සිව්වන දේශනාවයි. මෙහිදී ස්වාමින්වහන්සේ අපගේ ජීවිතවලට සමීප උදාහරණ දක්වමින් මෙම අකුසලයෙන් වැලකීම පැහැදිලි කරන සේක. මෙම දේශනාවේ ශබ්ද සංස්කරණය කරනලද හඬ පටය මේ link එකෙන් බා ගත කරන්න: https://bit.ly/2UgFv4G  
  • දස කුසල් – 05: වචනයෙන් වෙන වැරදි වලින් වැලකීම (13-09-2020)  මෙම දේශනාවෙන් සත්‍ය කථා කිරීම, පිසුනා වාචයෙන් වැලකීම, පරුෂා වාචයෙන් වැලකීම සහ සම්ප්‍රඵලාපයෙන් වැලකීම යන ආකාරයෙන් වචනය පිරිසිදු කරගැනීම නිසා අපගේ අධ්‍යාත්මික ශක්තිය වර්ධනය වෙන ආකාරය මනාව පැහැදිලි කෙරේ. මෙම දේශනාවේ ශබ්ද සංස්කරණය කරනලද හඬ පටය මේ link එකෙන් බා ගත කරන්න: https://bit.ly/36vwkDg   
  • දස කුසල් – 06: දැඩි ලෝභයෙන් සහ ව්‍යාපාදයෙන් වැලකීම (14-09-2020)  මෙම දේශනාවෙන් දැඩි ලෝභයෙන් හෝ ව්‍යාපාදයෙන් යම් දෙයක් ගැන හෝ යම් කෙනෙක් ගැන හෝ සිතීම පමණක් වුවත් ඊළඟ ප්‍රතිසන්ධියට බලපාන කර්ම පථයක් වෙන ආකාරය මානව විස්තර කෙරේ. උදාහරණයක් ලෙස යමෙක් ගැන මරණීය චේතනාවක් පමණක් වුවත් ඊළඟ ප්‍රතිසන්ධියට බලපාන කර්ම පථයක් විය හැකි බව විස්තර වේ. මෙම දේශනාවේ ශබ්ද සංස්කරණය කරනලද හඬ පටය මේ link එකෙන් බා ගත කරන්න: https://bit.ly/36Aq8K1   
  • දස කුසල් – 07: මිථ්‍යා දෘෂ්ටියෙන් වැලකීම (15-09-2020)  අපේ අධ්‍යාත්මික ශක්තිය වර්ධනය කරගැනීමට ප්‍රයෝජනවත් වන දස කුසල් දේශනා මාලාවේ හත්වන සහ අවසාන ධර්ම දේශනාවයි. පූජනීය උඩදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ විසින් සිත සකස් කරන කුසලතා දහය (දස කුසල්) පිළිබඳව මෙම දේශනා මාලාව සිදුකරන ලදී. මෙම දේශනාවේ ශබ්ද සංස්කරණය කරනලද හඬ පටය මේ link එකෙන් බා ගත කරන්න: https://bit.ly/3nsvgGX