බුදු දහමේ සතිය නිවැරදිව හඳුනා ගනිමු.

බුදු දහමේ සතිය සහ වර්තමානයේ සතිය/mindfulness පිළිබඳව ඇති වෙනස්කම් ගැන මෙයට පෙර දම්සර දහම් පුවත් පතකින් විස්තර කළෙමු. (ඒ ගැන ඇති වෙබ් පිටුවට මෙතැනින් පිවිසිය හැක).  බුදු දහමේ සතිය පිළිබඳව තව දුරටත් පැහැදිලි කිරීම වැදගත් වේ.  ඒ මන්ද? බුදු දහමේ සඳහන් වෙන පරිදි අන්ධයන් කිහිප දෙනෙක් ඇතෙකු ගේ සිරුර අල්ලා ඇතා යනු කවර සතෙක් දැයි කීවා වැනි පටලැවිලි ඇති නොවීම පිණිස වේ.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ සතිමත්බව පිලිබඳ බොහෝ ආයතන බුදු දහමේ සතියේ කුඩා කොටසක් පමණක් සතිය ලෙස අර්ථ දැක්වීමෙන් අසන්නන්/කියවන්නන් නොමග යාම අවම කිරීම පිණිස මෙම නව එකතුව ඉහත ලිපියට එකතුවක් ලෙස ඉදිරිපත් කරනෙමු.

  1. මේ බුදු දහම ඇත්තේ සිහිය පිහිටුවා ගත් තැනැත්තාට පමණි:
    බුදුරජාණන් වහන්සේ සූත්‍ර පිටකයේ,අඞ්‌ගුත්‌තර නිකායේ, අට්ඨක නිපාතයේ, ගහපති වර්ගයේ එන අනුරුද්‌ධ සූත්‍රයේ දී මේ බව දේශනා කර තිබෙනවා.  ඒ පිළිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් දේශනා කරන ලද විනාඩි 2.5 ක දහම් ඛණ්ඩයක් පහතින් දැක්වේ.

    මේ බුදු දහම ඇත්තේ සිහිය පිහිටුවා ගත් තැනැත්තාට පමණි_අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  2. බුදු දහමේ සිහිය කියන්නේ කුමක් ද සහ සිහි වෙනවා සහ සිහි කරනවා අතර ඇති වෙනස: බුදුරජාණන් වහන්සේගේ ‘සිහි කර දෙන්නේ සිහියයි.’ යන දහම් පාඨය බුදු දහමේ සතිය යන්න කියා දී ඇත්තේ කුමක් ද කියා පැහැදිලි කර ගැනීමට ඇති ඉතා වටිනා ප්‍රවේශයකි. එම පාඨය නිවැරදිව තේරුම් ගැනීමේ දී අපට උපාදානය නිසා සිදු වෙන මතක් වීම, දේවල් භුක්ති විඳීම සහ සතියෙන් සිහි කිරීමත් අතර අති වෙනස පැහැදිලි වේ.  ඒ පිළිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් දේශනා කරන ලද විනාඩි 08 ක දහම් ඛණ්ඩයක් පහතින් දැක්වේ. 
    බුදු දහමේ සිහිය කියන්නේ කුමක් ද සහ සිහි වෙනවා සහ සිහි කරනවා අතර ඇති වෙනස_අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  3. සිහියෙන් තොර වූ විට පූර්ව උපාදාන, අනාගත උපකල්පනයන් මතු වීමෙන් වර්ථමානය වෙනස් වෙන ආකාරය:
    පහත ඉදිරිපත් කර ඇති දහම් ඛණ්ඩයෙන් ප්‍රායෝගික උදාහරණ සහිතව එසේ පුර්ව උපාදානයන් සහ අනාගත උපකල්පනයන් මතු වීමෙන් වර්තමානය වෙනස් වෙන ආකාරය පැහැදිලි කෙරේ.  එම ‘උපාදාන පරිපථයෙහි/ක්‍රියාවලියෙහි’ මූලධර්මය හඳුනා ගෙන සතිමත් බව පුහුණු වීමේ දී ඇතිවන ප්‍රඥා සම්පන්න යොමු වීම නිවන දෙසට දිශාගත වූවකි.  වර්තමානයේ සතිය පුහුණු කරන බොහෝ පාඨමාලාවන් තුලින් උගන්වන, අප යම් අවස්ථාවක කරන ක්‍රියාවක නිමග්න වී එය කිරීම පමණක් බුදු දහමේ සතිය නොවිය හැක.  ඒ මන්ද යත් එවැනි ක්‍රියා අකුසල ක්‍රියාවන් තුල ද නිමග්න වෙමින් ඇති කරගත හැකි නිසාවෙනි. 
    සිහියෙන් තොර වූ විට පූර්ව උපාදාන, අනාගත උපකල්පනයන් මතු වීමෙන් වර්ථමානය වෙනස් වෙන ආකාරය_අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.(විනාඩි 14)
  4. සතියෙන් අතීතය ගැන සිහි කිරීම හෝ අනාගතය ගැන සැලසුම් කිරීම බුදුරජාණන් වහන්සේ තහනම් කර නැත:
    මෙම කාරණය ද වර්තමානයේ සතිය පිළිබඳව බොහෝ දෙනා ඇති කර ගෙන ඇති වැරදි අදහසකි.
     සතියෙන් අතීතය ගැන සිහි කිරීම හෝ අනාගතය ගැන සැලසුම් කිරීම බුදුරජාණන් වහන්සේ තහනම් කර නැත_අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.(විනාඩි 10)
  5. සියළුම කුසල් සිත්වල බුදු දහමේ උගන්වන සතිය යෙදේ:
    මෙම කරුණ ද වර්ථමානයේ ඇතැම් පිරිස් අතර යටපත් වී ඇති වැදගත් දෙයකි.  සතිය ශෝභන සාධාරණ චෛතසිකයකි. එබැවින් මෛත්‍රිය, කරුණාව වැනි සියළුම කුසල් සිත්වල බුදු දහමේ උගන්වන සතිය යෙදේ. සියළුම කුසල් සිත්වල බුදු දහමේ උගන්වන සතිය යෙදේ_අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.(විනාඩි 01)
  6. වර්ථමානයේ සිත පිහිටා තිබුණු පමණිත් එය බුදු දහමේ උගන්වන සතිය නොවිය හැක: වර්ථමානය තුල හැඟීම් වලට වසඟ නොවී සිටීමට පුහුණු වීම වැදගත් වේ. දනිමින්, දකිමින් උපාදානයන් ගෙන් තොරව සිටීමට හැකි වෙන ගතිය මෙහිදී පැහැදිලි කෙරේ. වර්ථමානයේ සිත පිහිටා තිබුණු පමණින් එය බුදු දහමේ උගන්වන සතිය නොවිය හැක_අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.(විනාඩි 04) 
  7. සිහිය, ඒකාග්‍රතාව සහ ප්‍රඥාව සමග අන්‍යෝන්‍ය ප්‍රත්‍ය ව යෙදෙන ආකාරය: මෙම කාරණය ද වර්තමානයේ ඇතැම් පිරිස් අතර යටපත් වී ඇති වැදගත් දෙයකි. සිහිය සමාධිය සහ ප්‍රඥාව යන කරුණු දෙකට ම ආධාර වේ. එපමණක් නොව සිහිය ඒවා එකිනෙක අන්‍යෝන්‍ය වශයෙන් දියුණු කිරීමටත් හේතු වේ. සිහිය ඒකාග්‍රතාවය සහ ප්‍රඥාව සමග අන්‍යෝන්‍ය ප්‍රත්‍ය ව යෙදෙන ආකාරය_අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ. (විනාඩි 4.5) 
  8. සති චෛතසිකය දියුණු කරන ආකාරය: සතිය දියුණු කර ගැනීමට කාලයක් තිස්සේ ඕනෑ කමක් ඇතිකර ගැනීමත්, සතිය අනෙක් චෛතසික වලින් වෙනස් වෙන ආකාරයත් සහ සතියේ ආවේණික ලක්‍ෂණ ආදිය හඳුනා ගැනීමත් මෙම පුහුණුවේ දී වැදගත් වේ.  සති චෛතසිකය දියුණු කරන ආකාරය_අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.(විනාඩි 08)

බුදු දහමේ සතිය පිළිබඳව උනන්දු වෙන අය අතර මෙය බෙදා හරින්න. 
 
තෙරුවන් සරණයි! 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.