දස පාරමිතා අංක: 11 (ශීල පාරමිතාව – 05) 27-04-2024

දස පාරමිතා අංක 11 ශීල පාරමිතාව 05 27 04 2024

දස පාරමිතා අංක: 11 (ශීල පාරමිතාව – 05) 27-04-2024

දස පාරමිතා අංක: 11 (ශීල පාරමිතාව – 05) – Saturday Dhamma Discussion was conducted via Zoom on 27th April 2024 by Most Ven. Kukulpane Sudassi Thero.  This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය තිස්අට වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2024 අප්‍රේල් මස 27 වන දින සිදුකරන ලදී. 

මෙවර ධර්ම දේශනාව තුලින් චාරිත්‍ර ශීලයේ ප්‍රතිපත්ති ක්‍රමය සම්බන්ධ ඉතා වටිනා කරුණු පැහැදිලි කෙරිණි. අප විසින් චාරිත්‍ර ශීලය දියුණු කිරීමේ දී දියුණු කරගත යුතු අංගයන් ප්‍රගුණ කල යුතු අකාරය සහ ඒවා ඇලීම් සහ ගැටීම් වලින් තොරව සහ හැඟිම්බර නොවී දියුණු කලයුතු ආකාරය මෙහි දී ඉතා වටින ආකාරයෙන් පහද දෙන ලදී.

විශේෂයෙන්ම වර්තමානයේ දී ශීලය පිළිබඳව පවතින අදහස වන ‘අයහපතින් වැලකීම’ යන කරුණට වඩා පුළුල් සහ ගැඹුරු ක්‍ෂේත්‍රයක් ශීලයට අයත් වන බව මෙම ධර්ම දේශනාවෙන් පැහැදිලි කෙරිණි.  එම දැනුවත් බව බෞධයන්ගේ අධ්‍යාත්මික දියුණුවට ඉතා වැදගත් වේ.

එමෙන්ම මෙදින මාතෘකාවට අදාළ ඉතා වටිනා පැන මතු කෙරුණු අතර ඒ තුලින් ඉතා වටිනා පැහැදිලි කිරීම් සිදු විනි.

මෙම සම්පුර්ණ ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව ශබ්ද සංස්කරණය කොට ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් වෙන්කොට පහතින් ඇතුලත් කර තිබේ.


  1. ධර්ම දේශනාව: චාරිත්‍ර ශීලයේ ප්‍රතිපත්ති ක්‍රමය පැහැදිලි කරන්න. *** (ශීලයේ ඇති පුළුල් භාවය දැක්වෙන ඉතා වටිනා දේශනාවකි.)
  2. චාරිත්‍ර ශීලය දියුණු කිරීමට ප්‍රඥාව තිබීම අවශ්‍ය වෙන නිසා ‘ශීලය දියුණු වීමෙන් සමාධියට’ යන කරුණ, සරල රේකීය ආකාරයෙන් සිදු නොවන්නක් නොවේ ද? *** (මෙම පැනය තුලින් ඉතා වටිනා පැහැදිලි කිරීමක් සහ සාකච්චාවක් ඇති විනි.)
  3. රෝගී බැවින් පෙලෙන තමාගේ කිට්ටු ඥාතියෙකුට පවා චාරිත්‍ර ශීලය ඉහලින් දියුණු වෙන ආකාරයෙන් ප්‍රතිකාර කිරීමට අපට පුළුවන් නොවේ ද? *** (ඉතා විශිෂ්ඨ පැහැදිලි කිරීමකි.)
  4. සමාජ සම්බන්ධතා ඇතිවෙන මූලිකම අඩිතාලම වෙන පවුල තුල දී ඇතිවෙන අමනාපකම් වල දී ඇතිවෙන ගැටීම් ඒ මොහොතේ දීම හඳුනා ගැනීම තුලින් ඒවාට සමාව දීම සිදුවෙනවා නොවේ ද? *** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.  මෙහි දී සතිය සහ සම්පජඤ්ඤය ප්‍රයෝගිකව ක්‍රියාත්මක වීම චාරිත්‍ර ශීලයට අත්වැලක් වෙන ආකාරය පැහැදිලි කෙරේ.)
  5. සුභාෂිතය සහ ගුණ වෘද්ධතාවය හඳුනා ගත යුත්තේ පුද්ගලයා මත ද නැතහොත් භාෂිතය මත ද? *** (වටිනා පැහැදිලි කිරීමක් සහ සාකච්චාවකි.)
  6. අප කෙනෙකු ගැන දැනගන්නවා කියන්නේ හොඳ හෝ නරක ලෙස අප ගන්නා සිතුවිල්ලක් පමණක් නොවේ ද? *** (කාලෝචිත පැනයක් සහ ඉතා වටිනා පිළිතුරකි.)
  7. බුදු රජාණන් වහන්සේ දෙව්දත් තෙරුන් ගැන සමාජයට කී ලෙස වර්තමානයේ දී මහනායක ස්වාමින්වහන්සේලා විසින් දුස්ශීල භික්‍ෂුන් ගැන කීම සිදු විය යුතු නොවේ ද?
  8. රෝගියෙකුට කෙලින්ම ප්‍රතිකාර කිරීමට නොහැකි වුවත් සමාජ මාධ්‍ය තුලින් දක්වා ඇති රෝගීන්ට පරිත්‍යාග කිරීම චාරිත්‍ර ශීලයට අයත් වෙනවා ද? ***
  9. දහම් සෙවනේ ස්වාමින්වහන්සේ දැක්වූ අදහස්. ***
  10. අවසානය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.