අභිධර්මයේ මූලික කරුණු අංක: 51 (කර්මාදි ප්‍ර‍ත්‍යයන් ගෙන් උපදනා රූප) 20-06-2026

අභිධර්මයේ මූලික කරුණු අංක: 51 (කර්මාදි ප්‍ර‍ත්‍යයන් ගෙන් උපදනා රූප) 20-06-2026

අභිධර්මයේ මූලික කරුණු අංක: 51 (කර්මාදි ප්‍ර‍ත්‍යයන් ගෙන් උපදනා රූප) 20-06-2026

අභිධර්මයේ මූලික කරුණු අංක: 51 (කර්මාදි ප්‍ර‍ත්‍යයන් ගෙන් උපදනා රූප) Saturday Dhamma Discussion  was conducted via Zoom on 20th June 2026 by Most Ven. Kukulpane Sudassi Thero.

This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ දෙසිය දහඅට වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2026 ජූනි මස 20 වන දින සිදුකරන ලදී.

මෙම දේශනා අති පූජනීය රේරුකානේ චන්දවිමල මහ තෙරුන් වහන්සේ විසින් රචිත “අභිධර්මයේ මූලික කරුණු” යන වටිනා ග්‍රන්ථය ඇසුරෙන් සිදු කෙරේ.

“අභිධර්මයේ මූලික කරුණු” ග්‍රන්ථයට මෙතැනින් පිවිසෙන්න: අභිධර්මයේ මූලික කරුණු.  එම වටිනා ග්‍රන්ථයේ මෙවර සාකච්ඡා කෙරුණු කොටසට මෙතනින් පිවිසෙන්න: රූප ජනක චිත්තයන්ගේ ශක්තිය, කර්මාදි ප්‍ර‍ත්‍යයන් ගෙන් උපදනා රූප

මෙවර ධර්ම දේශනාව තුලින් චිත්ත සහ කර්මාදි ප්‍ර‍ත්‍යයන් ගෙන් උපදනා රූප පිළිබඳව වටිනා පැහැදිලි කෙරීමක් සිදු කෙරිණි.  එසේම මෙදින ධර්ම සාකච්ඡාවේදී ද භාවනාවට සම්බන්ධ ඉතා වටිනා ප්‍රායෝගික පැන නැගුණු අතර ඒවා පිලිබඳව ප්‍රායෝගික වටිනා පැහැදිලි කිරීම් සිදු කෙරිණි.  එමෙන්ම මෙම වැඩසටහනට අනුගත වටිනා පැන රැසක් මතු කෙරිණි.


  1. ධර්ම දේශනාව: චිත්ත සහ කර්මාදි ප්‍ර‍ත්‍යයන් ගෙන් උපදනා රූප පිළිබඳව පැහැදිලි කරන්න. **** (රූපයන් උපදනා ආකාර පිළිබඳව සිදුකල පුළුල් වටිනා දේශනාවකි.)
  2. එදිනෙදා ගත කරන ජීවිතයේදී අපගේ සිත සතිය සහ සම්පජඤ්ඤය තුලින් දියුණු කරන විට අද දින දේශනාවේ පැහැදිලි කල ආකාරයට චිත්තය සහ කර්මයෙන් රූප ඉපදවීමට පුළුවන් නොවේ ද ? **** (ප්‍රායෝගික ජීවිතයේ භාවනාමය හැකියාව දියුණු කර ගැනීම තුලින් සිදු වෙන දියුණු ප්‍රතිඵල පැහැදිලි කෙරෙන ඉතා වටිනා සාකච්ඡාවකි.
  3. මා දැන් ඕස්ට්‍රේලියාවේ වාසය කරමි. පෙර මා සති අන්තය ගත කළේ භාවනා වැඩසටහන් වලය. නමුත් දැන් දරුවන් සමඟ සිටීම, සාප්පු ගොස් ගෙදරට අවශ්‍ය බඩු ගැනීම ආදී දේවල් සිදු කරමි. සමහර අවස්ථාවලදී ​සියලු වැඩ මා හටම කිරීමට ඇති නිසා සිතේ ගැටීමක් ඇතිවෙයි. එවිට මා සිතන්නේ මෙය හොඳ විදර්ශනා කමටහනක් ලෙස කියාය. එවැනි ​අවස්ථා හොඳ විදර්ශනා කමටහනක් කරගන්නේ කෙසේද ? වේදනානුපස්සනා එනම් වේදනාවේ ඇති වී නැති වී යන ස්වභාවය එය හේතු නිසා හටගත් බව ද ? සමහර අවස්ථාවලදී සිත පංච කාමයට නැඹුරු වන විට එය ප්‍රත්‍යවේක්ෂාවෙන් පමා වී හෝ දකිමි. **** (වටිනා ප්‍රායෝගික පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  4. සත්වයකුගේ ජීවිතයේ ආයුෂ විවිධ බාහිර කාරණා නිසා (හදිසි අනතුරු වැනි) අඩුවිය හැකි නමුත්, උප්පත්ති ජනක කර්මයෙන් සත්වයකුගේ ජීවිතය පැවතීමේ “උපරිම කාලය” කිසිසේත්ම වැඩිකරගත නොහැකි බව අසා ඇත. එය නිවැරදිද ? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  5. පරදත්තූපජීවී කොට්ඨාශය අපට පෙනෙන්න ඉන්න කොටසක් ද ? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  6. ජනක ප්‍රත්‍යයෙන් උපදින චක්කුප්‍රසාදය වයසත් සමග දුබල වෙන්නේ කර්මය ප්‍රත්‍ය වීමෙන් ද ? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  7. අනුපාලක ප්‍රත්‍ය යනු කුමක්ද සහ එය ක්‍රියා කරන්නේ කෙසේ ද ? ***
  8. අසංඥ තලයේ සිටින විට සිත නැති නම් ඒ අය එහි ගත කරන කාලය කුමක් වැනි ද ? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  9. සතර ඉද්ධිපාද ආයුෂ වලට හේතු වෙන ආකාරය පැහැදිලි කරන්න. ***
  10. ක්‍ෂණික නිරෝධය, සංතති නිරෝධය, සමුච්ඡේද නිරෝධය පිළිබඳව නැවත පැහැදිලි කරන්න. ***
  11. පන්සැත්තැ යනු කුමක් ද ?
  12. භවාංග සිත් පසොලස යනු කුමක් ද ?
  13. අභිඥා යනු මොනවා ද ? මනොද්වාරාවජ්ජන සහ කාමජවන අතර ඇති වෙනස කුමක් ද?
  14. සතෙකුට පහරදීමක දී ඇතිවෙන ද්වේශ මුලික චිත්තය, චිත්තජ රුපයකටත් පසුකාලීනව කර්මජ රුපයකටත් හේතු වන්නට පුළුවන් ද ? 
  15. සංතති නිරෝධයට සහ සමුච්ඡේද නිරෝධයට යන දෙකටම හේතු වන්නේ කර්මයද ? ***
  16. කර්ම වේගය නිසා සමේ තුවාලයක් ඇති වී පසුව එය සුවපත් වන්නේ අකුසල විපාකය අඩුවීමෙන් ද නැතහොත් කුසල විපාකයක් මතු වීමෙන් ද ? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  17. සමාලෝචනය සහ අවසානය.

සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම  ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.