Ven. Kothmale Kumara Kashyapa Thero.

Ven. Kothmale Kumara Kashyapa Thero

Given below are important Video Dhamma conducted by Ven. Kothmale Kumara Kashyapa Thero. Ven. Thero is the Chief incumbent of Labunoruwa Kanda Aranya Senasanaya of Labunoruwa, Anuradhapura.

ලබුනොරුව කන්ද අරණ්‍ය සේසනාධිපති පූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමින්වහන්සේ විසින් සිදුකල වටිනා වීඩියෝ ධර්ම දේශනා සහ සාකච්චා මෙහි පල කෙරේ.

වීඩියෝ නැරැඹීම සඳහා එම වීඩියෝ මත click කරන්න. ඒවා බාගත කිරීමෙන් ඔබගේ අන්තර්ජාල data වැයවීම අධික වියහැක. එබැවින් සෑම වීඩියෝවක් සමගම පසුව ශ්‍රවණය කිරීමට බාගත කළහැකි හඬ පටයේ link (යොමුව) ද ඉදිරිපත් කරන්නෙමු.

  • ආවේග පාලනය (24-03-2021):වත්මන් සමාජයේ සිතුම් පැතුම් සහ ක්‍රියාකාරකම් නිසා ආවේගයන් හටගන්නා හැටි සහ එම ආවේගයන් පාලනය කිරීමේ දුබල කම නිසා ඒවා තුලින් සිදුවන විනාශයත් පිළිබඳව මෙම විනාඩි 27ක වීඩියෝවෙන් ඉතා වටිනා මගපෙන්වීමක් ඉදිරිපත් කෙරේ.
    ශ්‍රී ලාංකික සමාජයේ රූපවාහිනී සහ පුවත්පත් යන ප්‍රධාන මාධ්‍යන් පටන් අනෙකුත් YouTube, Facebook, WhatsApp යනාදී ඔබ අප භාවිතා කරන සියළු සමාජ මාධ්‍යන් අවභාවිතය තුලින් සමාජයට සිද්ධවෙන හානිය මෙම ආවේගයන්ට සම්බන්ධ වන ආකාරයත් ආවේග පාලනය පිළිබඳව බුදු දහමේ දැක්වෙන ඇතැම් මුලික ඉගැන්වීම් ගැනත් මෙම සරල සහ වටිනා වීඩියෝවෙන් පැහැදිලි කෙරේ. (දහම් දේශනාවේ හඬ පටය බාගත කරගැනීමට ඇති link/යොමුව).   
  • අපගේ දිට්ඨිගතික බව හඳුනා ගැනීමේ වැදගත්කම (09-01-2021): දහම් මග ගමන් කරනා අප බොහෝ දෙනා පාවා දිට්ඨිගතික බව තුල සිරවී කටයුතු කරන බව පැහැදිලි කරගැනීම, අප ගමන් ගමන් කරන දහම් මග නිවැරදි කර ගැනීමට ඉතා වැදගත් වැදගත් වේ. ලබුනොරුව කන්ද අරණ්‍ය සේසනාධිපති පූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමින්වහන්සේ, බෞධයා රුපවාහිනී නාලිකාවේදී සහභාගී වූ වටිනා ධර්ම ධර්ම සාකච්චාවකි. (දහම් දේශනාවේ හඬ පටය බාගත කරගැනීමට ඇති link/යොමුව).