අභිධර්මයේ මූලික කරුණු අංක: 50 (රූප කලාප සහ රූප උපදවන හේතු) 13-06-2026

අභිධර්මයේ මූලික කරුණු අංක: 50 (රූප කලාප සහ රූප උපදවන හේතු) 13-06-2026

අභිධර්මයේ මූලික කරුණු අංක: 50 (රූප කලාප සහ රූප උපදවන හේතු) 13-06-2026

අභිධර්මයේ මූලික කරුණු අංක: 50 (රූප කලාප සහ රූප උපදවන හේතු) Saturday Dhamma Discussion  was conducted via Zoom on 13th June 2026 by Most Ven. Kukulpane Sudassi Thero.

This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ දෙසිය දාහත් වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2026 ජූනි මස 13 වන දින සිදුකරන ලදී.

මෙම දේශනා අති පූජනීය රේරුකානේ චන්දවිමල මහ තෙරුන් වහන්සේ විසින් රචිත “අභිධර්මයේ මූලික කරුණු” යන වටිනා ග්‍රන්ථය ඇසුරෙන් සිදු කෙරේ.

“අභිධර්මයේ මූලික කරුණු” ග්‍රන්ථයට මෙතැනින් පිවිසෙන්න: අභිධර්මයේ මූලික කරුණු.  එම වටිනා ග්‍රන්ථයේ මෙවර සාකච්ඡා කෙරුණු කොටසට මෙතනින් පිවිසෙන්න: රූප කලාප, රූප උපදවන හේතු

මෙවර ධර්ම දේශනාව තුලින් විකාර රූප කලාප සහ රූප උපදවන හේතු පිළිබඳව වටිනා පැහැදිලි කෙරීමක් සිදු කෙරිණි.  එසේම මෙදින ධර්ම සාකච්ඡාවේ දී භාවනාවට සම්බන්ධ ඇතැම් වටිනා ප්‍රායෝගික පැන නැගුණු අතර ඒවා පිලිබඳව වටිනා පැහැදිලි කිරීම් සිදු කෙරිණි.  එමෙන්ම මෙම වැඩසටහනට අනුගත වටිනා පැන රැසක් මතු කෙරිණි.


  1. ධර්ම දේශනාව: රූප කලාප සහ රූප උපදවන හේතු පැහැදිලි කරන්න. **** (ගැඹුරු පැහැදිලි කිරීම් ඇතුලත් වටිනා දේශනාවකි.)
  2. දැනට සති දෙකකට පෙර එක්තරා මහත්මයෙක් ආනාපානසති භාවනාව බිත්තියට හේත්තුවී කිරීම පිළිබඳව ඇසූ පැනයයි. **** (පැනය සහ සාකච්ඡාව ඉතා ප්‍රායෝගික වටිනාකමකින් යුතුවේ.)
  3. ප්‍රතිසන්ධිචිත්තය පහළ වුනාට පසුව එයින් රූප පහල වෙන්නේ නැහැ කියන කරුණ පහදා දෙන්න. *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  4. රූප කලාප පරම්පරාව පවත්වා ගෙන යනකොට ඒවා කලින් රූප කලාප වල ප්‍රතිඵලයක් ලෙස ඇති වෙනවා ද ? ***
  5. නව රූප කලාප හටගන්නවා නම් ශරීරය ජරාවට පත්වන්නේ ඇයි ? **** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  6. ආහාරජ රූප, කර්මජ රූප සහ චිත්තජ රූපත් ඉර්තුජ රූප මෙන් ස්වාධීනව පැවැත්වීමට පුළුවන් ද ? ***
  7. චෛතසික පනස් දෙකම සමත් වන්නේ චිත්තජ රූප ඇති කරන්නද නැතහොත් කර්මජ රූප ඇති කරන්න ද ? ***
  8. රූප කලාප වල ආකර්ෂණ ශක්තිය සහ විකර්ශන ශක්තිය ගැබ් වී තියෙනවා ද? ***
  9. මෙහි සඳහන් කරන ශුධාෂ්ටකය පිළිබඳව මෙවැනි කරුණක් ගැලපිය හැකි ද ? **** (ඉතා වටිනා අදහසක් සහ පැහැදිලි කිරීර්මකි.)
  10. සියලු සත්වයන්ගේ චුති සිතෙන් රූප උපදවන්නේ නෑ කියලා ආචාර්ය මතයක් තිබේ නම් ඊළඟ භවය හට ගන්නේ කොහොම ද ස්වාමීන් වහන්ස ? ***
  11. රෝගී කෙනෙකුට මොන ඉරියව්වෙන් ආනාපානසති භාවනාව කරන්නෙ කියලා පැහැදිලි කර දෙන්න. *** (මෙම පැනය ඉහත අංක 02 ට සම්බන්ධ වේ.)
  12. මෙම පැහැදිලි කිරිම අපට බලා ගන්න රූප සටහනක් වශයෙන් කොහේ හෝ (පොතක වගේ) සදහන් වෙලා තියනවද ? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  13. සමාලෝචනය සහ අවසානය. ***

සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම  ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.