Announcements

The latest Dhamma updates of Damsara are given in Announcements. Please click on the links to reach the respective web pages at Damsara.

සුගත පද විවරණ (ධර්ම විනිශ්චය 25 – නිවන සැපයක් වන්නේ කෙසේද?) 26-03-2023. Uploaded on 26 March 2023:  මෙවර සුගත පද විවරණ, නිවන සැපයක් වන්නේ කෙසේද? යන වටිනා පැනයෙන් ආරම්භ කෙරිණි. නිවන් දැකීමේදී සත්ව පුද්ගලභාවය නැති වන්නේ නම් එය සැපයක් වන්නේ කෙසේද සහ එම සැපය විඳින්නේ කවරෙක් ද යන කරුණු බොහෝ බෞධයන් හට ඇති වෙන ගැටළු විය හැක. එම සුවිශේෂී ගැටලුව මෙහිදී විශිෂ්ඨ ලෙස පැහැදිලි කෙරිණි.

දහම් අමා ගඟ අංක: 02 – බුදු දහමේ දැක්වෙන පටිච්චසමුප්පාදයේ වැදගත් කම. (19-03-2023)  Uploaded on 24 March 2023: බුදු දහමේ දැක්වෙන පටිච්චසමුප්පාදයේ වැදගත් කම පිළිබඳ මෙම ධර්ම දේශනාව, “බුදු දහම යනු කුමක් ද?” යන පළමු දේශනාවේ දිගුවක් ලෙස සිදු කෙරිණි. මෙහිදී පටිච්චසමුප්පාදය හෙවත් හේතු ඵල වාදය පිළිබඳව ඉතා ප්‍රායෝගික වටිනා කමකින් යුතු දේශනාවක් සිදු කෙරිණි.

An update to Alagaddupama Sutta – February 2023 (Sutta Teachings in English)  Uploaded on 22 March 2023: Alagaddupama Sutta was selected by Ven. Panadure Chandaratana Thero of Mitirigala Nissarana Vanaya Forest Monastery as the next Sutta for Sutta Teachings in English on 15 February 2023.

දහම් අමා ගඟ අංක: 01 – බුදු දහම යනු කුමක් ද? (18-03-2023). Uploaded on 21 March 2023: දහම් අමා ගඟ, අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් බුද්ධ ධර්මයේ මූලික සිද්ධාන්ත කෙටියෙන් පැහැදිලි කරමින් ක්‍රමයෙන් දහමේ ගැඹුරට පිවිසෙන නව ධර්ම දේශනා මාලාවයි.  බුදු දහම යනු කුමක් ද?, යන්න මූලික තේමාව කොටගෙන ‘දහම් අමා ගඟ’ ධර්ම දේශනා මාලාවේ පළමු දේශනය සිදු කෙරිණි.

සුගත පද විවරණ (ධර්ම විනිශ්චය 24 – බුදුවරුන්ට කර්ම විපාක දෙනවා ද?) 19-03-2023. Uploaded on 20 March 2023: මෙවර සුගත පද විවරණ, බුදුවරුන්ට කර්ම විපාක දෙනවා ද යන මාතෘකාවෙන් ඇරඹිණි. එමෙන්ම එම මාතෘකාව පිලිබඳව වර්ථමාන ගිහි පැවිදි සමාජයන් තුල පවතින වැරදි වැටහීම මෙහිදී මනා ලෙස පැහැදිලි කරන ලදී.
එමෙන්ම වර්ථමානයේ තවත් මතභේදයට තුඩුදුන් කරුණක් වෙන “දිව්‍ය ලෝක සහ අපාය තියෙන්නේ මිනිස් ලොව තුලම ද?” යන පැනය ද ඉතා හරවත් උදාහරණයක් සහිතව සාකච්ඡා කෙරුනේ පුහුදුන් මිනිස් සංතානයේ ඇති එක්තරා සිතීමේ දුබල තාවයක් ඉතා ප්‍රඥා ගෝචර ලෙස පෙන්වා දෙමිනි. 

නැවැත්ම සඳහා පැවැත්ම අංක: 09 – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව – 99 (18-03-2023).  Uploaded on 19 March 2023: මෙවර ධර්ම දේශනාවේ දී මෙතෙක් සිදුකල දේශනා වල ගොනු කිරීමක් සහ අම්බලට්ඨික රාහුලොවාද සූත්‍රය ඇසුරු කොටගෙන කායික, මානසික සහ වාචසික ක්‍රියා සිදු කිරීමට ප්‍රථම ඒවා ගැන ප්‍රත්‍යවේක්‍ෂා කිරීමේ වැදගත්කම පැහැදිළි කරන ලදී. එමෙන්ම මෙදින ධර්ම සාකච්ඡාවේ දී දේශනාව සම්බන්ධයෙන් ඉතා වටිනා ප්‍රශ්නයන් මතු කෙරුණු අතර ඒ අනුසාරයෙන් බෙහෙවින් වටිනා පිළිතුරු සහ පැහැදිලි කිරීම් සිදුවිණි.

කර්මය විපාක දෙන බියකරු සහ විශ්මිත ආකාරය. (විනාඩි 06 ක කෙටි වීඩියෝ පණිවිඩයක්).  Uploaded on 14 March 2023: සම්පුර්ණ දේශනාව නැරඹීමට හෝ ඇසීම සඳහා මෙම වෙබ් පිටුවට පිවිසෙන්න: http://bit.ly/3JBX09Z  සත්වයන් විසින් සිදු කරන අකුසල සහ කුසල කර්ම විපාක දීමේ දී ඒවා සංසාරයේ දී අන්‍යයන්ටද බලපාන බියකරු සහ විශ්මිත ආකාරය මෙම විනාඩි 06ක කෙටි වීඩියෝවෙන් පැහැදිලි කෙරේ.

සුගත පද විවරණ (ධර්ම විනිශ්චය 23 – කර්ම විපාක දීමේ සංකීර්ණ බව) 13-03-2023. Uploaded on 14 March 2023: මෙවර සුගත පද විවරණ, කුසල සහ අකුසල කර්ම විපාක දීමේ සංකීර්ණ සහ විවිධ ආකාරයන් අපට පහදා දෙන වටිනා දහම් සාකච්ඡාවක් විනි. සත්වයාගේ මරණය සිදුවීමට කර්මය බලපානවා ද? කාල මරණ සහ අකාල මරණ සිදුවීමට හේතු මොනවා ද? කර්මය විපාක දෙන බියකරු සහ විශ්මිත ආකාරයන් මොනවා ද යන බෞධයින් හට ඉතා වටිනා කරුණු මෙහි දී පැහැදිලි කෙරේ.

නැවැත්ම සඳහා පැවැත්ම අංක: 08 – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව – 98 (11-03-2023). Uploaded on 12 March 2023: මෙවර ධර්ම දේශනාවේ දී සහ ධර්ම සාකච්ඡාවේ දී සිඟාලෝවාද සූත්‍රය ඇසුරු කර ගනිමින් ස්වාමි/සේවක සහ ශ්‍රමණ/ගෘහස්ථ සම්බන්ධතා ගුණයෙන් සහ නුවනින් පවත්වා ගන්නේ කෙසේදැයි පැහැදිලි කෙරිණි. ජීවත් වීම සඳහා සෑම දෙනාගේම සහයෝගයේ අවශ්‍යතාවය තේරුම් ගනිමින් මෙම අන්තර් සම්බන්ධ තාවයන් ධාර්මිකව පැවැත්ම ගුණය සහ නුවණ අවධි කරමින් සිදු කිරීමේ වැදගත් කම මෙහි දී අවධාරණය කෙරිණි.

පංචනීවරණ ධර්ම.(03-03-2023) Uploaded on 11 March 2023: පංචනීවරණ ධර්ම පිළිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදුකල මෙම ධර්ම දේශනාව වැදගත් වන්නේ පහත දැක්වෙන කරුණු නිසාවෙනි. 01. පංචනීවරණ ධර්ම හඳුනා ගන්නා ආකාරය. 02. පංචනීවරණ ධර්ම ඇතිවීමේ හේතු මොනවා ද? 03. පංචනීවරණ දුරු කරන්නේ කෙසේ ද? 04. පංචනීවරණ ධර්ම දුරු කර ගැනීම ලෞකික ජීවිතය සහ නිවන් මග දියුණු කර ගැනීමට උපකාර වෙන ආකාරය පැහැදිලි කිරීම.

සෑම මොහොතකම සිතේ ඇතිවන සිතිවිලි අපේ ජීවිතයට බලපාන අයුරු. (06-03-2023)  Uploaded on 08 March 2023: සෑම මොහොතකම සිතේ ඇතිවන සිතිවිලි අපේ ජීවිතයට බලපාන අයුරු පිළිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදුකල මෙම ධර්ම දේශනාව සුවිශේෂ වැදගත් කමකින් යුතු වන්නේ පහත දැක්වෙන කරුණු නිසාවෙනි.
01. සිතුවිලි ඇති වෙනවා යන්න කුමක්ද යන්න මුලින්ම බුදු දහමට අනුව පහදා දීම. 02. කුසල සහ අකුසල මූලික සිත් ඇති වෙන සහ වෙනස් වෙන ආකාරය පහදා දීම. 03. අප දකින, ඇසෙන, දැනෙන දේ පිළිබඳව තීරණ ගන්නා ආකාරය. 04. යෝනිසෝමනසිකාරය සහ අයෝනිසෝමනසිකාරය යන්න ගැඹුරින් සහ ප්‍රායෝගිකව පහදා දීම. 05. සංඥා විපල්ලාස, චිත්ත විපල්ලස පිළිබඳව ධ්‍යාන ලාභී වර්ථමාන භිෂුන් වහන්සේ කෙනෙකු ගේ සත්‍ය උදාහරණයක් තුලින් පැහැදිලි කිරීම. 06. “මම” යන ලෝකය අප නිර්මාණය කරගන්නා ආකාරය.  07. සම්මා සතිය සහ යෝනිසෝමනසිකාරය තුලින් අපගේ සිතුවිලි වලින් ඇති වෙන පටලැවිල්ල ලිහෙන ආකාරය.

සුගත පද විවරණ (ධර්ම විනිශ්චය 22 – ප්‍රඥාවන්ත කුසල ප්‍රාර්ථනා ) 05-03-2023.  Uploaded on 06 March 2023: මෙවර සුගත පද විවරණ, ප්‍රඥාවන්ත කුසල ප්‍රාර්ථනා වල ඇති වැදගත්කම පෙන්වා දෙමින් ඉතා වටිනා පිවිසුමකින් ආරම්භ කරන ලදී. දාන ආදී පිංකම් සහ කුසලයන් අප කෙසේ කුමන ආකාරයෙන් සිදුකල යුතුද, මියගිය ඥාතීන් සඳහා සිදු කෙරෙන දාන ආදී පිංකම්, පින් ලබාගැනීම සඳහා අවශ්‍ය වෙන කරුණු සහ එසේ පින් ලබාගත හැකි අවස්ථා කවරේද යන ලොකු කුඩා බෞධයින් හට ඉතා වටිනා කරුණු මෙහි දී පැහැදිලි කෙරේ.  විශේෂයෙන්ම කුසලයක් සිදුකරන සෑම අවස්ථාවකම අප ප්‍රඥා සම්පන්න ප්‍රාර්ථනාවක් ඇති කරගත යුත්තේ මන්ද යන කරුණ එතරම් ප්‍රකට නැති එහෙත් ඉතාම වැදගත් වෙන ධර්ම කරුණෙකි. එවන් වටිනා කරුණු රැසක් මෙවර සුගත පද විවරණ ධර්ම සාකච්ඡාවේ ඇතුලත් වේ.

නැවැත්ම සඳහා පැවැත්ම අංක: 07 – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව – 97 (04-03-2023)  Uploaded on 05 March 2023: මෙවර ධර්ම දේශනාවේ දී සහ ධර්ම සාකච්ඡාවේ දී සිඟාලෝවාද සූත්‍රය ඇසුරු කර ගනිමින් ගුරු ශිෂ්‍ය සහ යහළු මිත්‍රයෝ භූමිකාවන් නැවැත්ම සඳහා පැවැත්ම සිදු කිරීමේ දී පුද්ගල විවිධත්වය, අවස්ථාවන් සහ භූමිකා තේරුම් ගනිමින් එම සම්බන්ධතා සති සම්පජඤ්ඤයෙන් පවත්වා ගන්නේ කෙසේදැයි පැහැදිලි කෙරිණි.

Kamatahana – කමටහන ධර්ම සාකච්ඡාව 02 (Ven. Kothmale Kumara Kassapa Thero) Uploaded on 03 March 2023.

Kamatahana – කමටහන ධර්ම සාකච්ඡාව 01 (Ven. Kothmale Kumara Kassapa Thero)  Uploaded on 02 March 2023.

An update to Alagaddupama Sutta (Sutta Teachings in English) Uploaded on 01 March 2023. This is a Sutta Teaching in English conducted by Ven. Panadure Chandaratana Thero of Mitirigala Forest Monastery, Sri Lanka.

Donation to Damsara – February 2023. Uploaded on 01 March 2023.

Alagaddupama Sutta (Sutta Teachings in English). Uploaded on 22 February 2023: Alagaddupama Sutta focuses on clinging to Views or Ditthi and on the Skill needed to develop the Right View.

සුගත පද විවරණ (ධර්ම විනිශ්චය 21 – රැකියා නිසා සිදු වෙන කර්ම?) 19-02-2023. Uploaded on 20 February 2023: මෙවර සුගත පද විවරණ තුලින් රැකියා නිසා හෝ අණ කිරීම් නිසා හෝ සිදු කරන කර්ම වල විපාක කෙබඳු දැයි පිළිබඳව ඉතා වටිනා විග්‍රහයක් සිදු කෙරේ. එමෙන්ම වර්ථමාන මනෝ විද්‍යාවේ සහ ඇතැම් Mindfulness පාඨමාලා වල සඳහන් වෙන ‘සහකම්පනය’ හෙවත් Empathy පවා බුදු දහමේ පෙන්වා දෙන කරුණාව නොවිය හැකි බව ඉතා ප්‍රඥා ගෝචර ආකාරයකින් මෙහි පැහැදිලි කෙරේ. මෙය බාල මහළු සම දෙනාටම ඉතා වටිනා වැඩසටහනකි.

නැවැත්ම සඳහා පැවැත්ම අංක: 06 – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව – 96 (18-02-2023). Uploaded on 19 February 2023: මෙවර ධර්ම දේශනාවේ දී සහ ධර්ම සාකච්ඡාවේ දී සිඟාලෝවාද සූත්‍රය ඇසුරු කර ගනිමින් නැවැත්ම සඳහා යන ගමනේ දී අඹු සැමි සම්බන්ධය කෙලෙස් වලට වසඟ නොවී කල්‍යාණ මිත්‍ර සබඳතාවයක් ලෙස පවත්වා ගන්නේ කෙසේ දැයි පැහැදිලි කෙරිණි. එම සරාගී බන්ධනය නිසා දුර්ගුණ බහුල වීමට ඇති හැකියාව පාලනය කරමින් එම සබඳතාවය නිවැරදි කල්‍යාණ මිත්‍ර සබඳතාවයක් ලෙස පවත්වා ගැනීමේ අවශ්‍යතාවය ද මෙම සිඟාලෝවාද සූත්‍රයම ඇසුරෙන් පෙන්වා දෙන ලදී.

සුගත පද විවරණ (ධර්ම විනිශ්චය 20 – නොදැන කරන අකුසලය?) 12-02-2023. Uploaded on 13 February 2023:
මෙවර සුගත පද විවරණ වැඩසටහනේ දී අප නොදැන කරන අකුසලය දැනගෙන කරන අකුසලයට වඩා බරපතල විපාක දෙන්නක් බව පහදා දෙන්නේ සුවිශේෂී උදාහරණයන් ඇතුලත් කර ගනිමිනි. නොදරුවෙක් සිදු කරනා අකුසල කෙබඳු ආකාරයෙන් විපාක දේ ද? ගොවියන් කුඹුරු කොටන විට අකුසල් සිදු වේ ද? මේ ආකාරයේ අප බොහෝ දෙනා නොදැන සිටි කර්මය සම්බන්ධ වටිනා කරුණු මෙහි ඇතුලත් වේ.  මෙම නවතම සාකච්ඡාව සඳහා අංක: 20 වෙත යන්න.

නැවැත්ම සඳහා පැවැත්ම අංක: 05 – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව – 95 (12-02-2023) Uploaded on 12 February 2023: මෙවර ධර්ම දේශනාවේ දී සිඟාලෝවාද සූත්‍රය ඇසුරු කර ගනිමින් නැවැත්ම සඳහා යන ගමනේ දී මව්පිය දූ දරු සම්බන්ධතාවයන් පැවැත්විය යුත්තේ කෙසේ දැයි පැහැදිලි කෙරිණි. තම තමන්ගේ භූමිකා වල යුතුකම් සහ වගකීම් ඉටු කිරීම සඳහා කල යුත්තේ කුමක්ද සහ ඒවා නැවැත්ම සඳහා දායක වන්නේ කෙසේ දැයි අද දින ධර්ම දේශනාවෙන් සහ ඇතැම් ප්‍රශ්න වලට ලබා දුන් පිළිතුරු සහ සාකච්ඡා තුලින් දහමට අනුව මතු කෙරිණි.

බොහෝ දෙනා අසාර්ථක වෙන්නේ අධික ආශාව නිසා. (03-02-2023). Uploaded on 11 February 2023: පූජනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ විසින් වර්ෂ 2023 පෙබරවාරි මස තුන්වන දින ”ලොවක් විනිවිද දකින්න” යන තේමාව යටතේ සිදු කල මෙම ධර්ම දේශනාව වැදගත් වන්නේ පහත සඳහන් කරුණු නිසාවෙනි.  01. බෝධිසත්වයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වීමට සිදුකල පාරමිතා පිරීම යනු කුමක්ද සහ ඒවා මිනිස් බව ලැබූ අප දියුණු කිරීමෙන් ලැබෙන ප්‍රායෝගික ප්‍රතිඵලයන් ලෞකික සහ ලෝකෝත්තර වශයෙන් පහදා දීම. 02. කාමච්චන්දය හෙවත් අධික ආශාව, ව්‍යාපාදය හෙවත් ගැටෙන ගතිය, ථීනමිද්ධය හෙවත් සිතේ මැලි ගතිය, උද්දච්ච කුක්කුච්ච හෙවත් සිතේ නොසන්සුන්කම සහ පසුතැවීම, විචිකිච්චාව හෙවත් සැකය යන පංච නීවරණ ප්‍රායෝගික ජීවිත තුලින් පැහැදිලි කරමින් ඒවා අභිභවා යාමට අවශ්‍ය මානසික ශක්තිය, ධර්මතා උපදවා ගන්නා ආකාරය මහා බෝසත් චරිතයේ පාරමිතා ඇසුරින් මනා ලෙස පැහැදිලි කිරීම. 03. දානය, ශීලය, යනාදී පාරමිතා ධර්ම චිත්ත චෛතසික ධර්මයන් ඇසුරෙන් දියුණු වීම නිසා ඇතිවෙන ප්‍රමෝදය තුලින් වර්ධනය වෙන ආකාරය ප්‍රබල ලෙස පැහැදිලි කිරීම. 04. නෙක්ඛම්ම සංකල්පනා විතක්ක චෛතසිකයේ ක්‍රියාකාරීත්වය ඇසුරු කරගෙන ඉතා ප්‍රායෝගිකව ලෞකික සහ ලෝකෝත්තර මාර්ගයේ දියුණුව සඳහා යෙදෙන ආකාරය පැහැදිලි කිරීම. 05. ප්‍රඥාව සහ වීර්ය පාරමිතාවන් ප්‍රායෝගිකව දියුණු කරමින් මානසික ශක්තිය දියුණු කරන ආකාරය මනාලෙස පැහැදිලි කිරීම. 06. ඛන්තී, සත්‍යවාදී බව, අධිෂ්ඨාන, මෛත්‍රිය සහ උපේක්‍ෂාව යන ගුණාංග, ශක්තීන් ලෙස දියුණු කරන ආකාරය පැහැදිලි කිරීම.

Haliddikani Sutta (Sutta Teachings in English). Uploaded on 10 February 2023: We are pleased to provide an update to the currently ongoing Haliddikani Sutta conducted in English via Zoom by Ven. Panadure Chandaratana Thero of Mitirigala Nissarana Forest Monastery. The original recordings were audio edited to remove spaces, unwanted parts and to improve the sound quality.

සුගත පද විවරණ (ධර්ම විනිශ්චය 19 – කර්ම ඵල, ආනිශංස සහ විපාක) 05-02-2023. Uploaded on 06 February 2023: මෙවර සුගත පද විවරණ වැඩසටහනේ දී කර්ම ඵල, ආනිශංස සහ විපාක පිළිබඳව පහත දැක්වෙන ඉතා වටිනා කරුණු පැහැදිලි කෙරිණි. 01. සැමියා කරන කුසල් හෝ අකුසල් හෝ බිරිඳටත් ලැබෙනවාද සහ විපාක දෙනවාද යන සමාජයේ පටලවා ගෙන ඇති කරුණ පැහැදිලි කිරීම. 02. සත්වයන් එකිනෙකාගෙන් වෙනස් වන්නේ කර්මය හේතු කොට ගෙන ද නැතහොත් ග්‍රහ බල පෑම් හේතු කොට ගෙන ද යන්න හේතු ඵල අනුව කර්ම, ඉර්තු, බීජ, ධර්ම, චිත්ත යනාදී නියාම පහකින් ගැඹුරින් පැහැදිලි කරමින් එවැනි වෙනස්කම් කර්මය මත පමණක් නොවන බව පැහැදිලි කිරීම. 03. ජෝතිර් විද්‍යාව, කර්මය සහ ධර්මය පිළිබඳව ඉතා වටිනා පැහැදිලි කිරීම. 04. විඥාන වාදය, පුබ්බේ කත හේතු වාදය, නියති වාදය යනාදී නොයෙක් වාද තුල අප හසු වෙන ආකාරය පැහැදිලි කිරීම.
වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න. මෙම නවතම සාකච්ඡාවේ ශබ්ද සංස්කරණය කල MP3 හඬ පටය සහ වීඩියෝව සඳහා අංක: 19 වෙත යන්න : https://bit.ly/3f2A07d

Haliddikani Sutta, a New Sutta Teaching in English by Ven. Panadure Chandaratana Thero. Uploaded on 02 February 2023.

A Donation to Damsara – January 2023. Uploaded on 01 February 2023.

සුගත පද විවරණ (ධර්ම විනිශ්චය. 18 – කර්මය, සැප සහ දුක.) 29-01-2023.  Uploaded on 30 January 2023: මෙවර සුගත පද විවරණ වැඩසටහන අපට ඇතිවන සියළු සැප සහ දුක සිදුවන්නේ කර්මය නිසාවෙන් යයි අප සමාජයේ පවතින වැරදි විශ්වාසයක් නිවැරදි කරමින් සිදු කෙරේ. සැප සහ දුක ඇතිවෙන වෙනත් බොහෝ කරුණු මෙහිදී හෙළි කෙරේ. එමෙන්ම කර්මයෙන් ඇතිවන රෝග ආදිය සුව කරන ක්‍රමය මෙහිදී පැහැදිලි කෙරේ.

මහාසළායතනික සූත්‍රය – Maha Salayatanika Sutta (ඉරු දින ධර්ම දේශනාව) Completed. Uploaded on 30 January 2023: මීතිරිගල නිස්සරණ වණසේනාසන වාසී පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් සිදු කල මහාසළායතනික සූත්‍රය ජනවාරි 29 දින අවසන් විය. එදින සිදුකල අවසාන ධර්ම දේශනාවේ දී පහත දැක්වෙන සුවිශේෂී කරුණු පැහැදිලි කෙරිණි. 01. නිවැරදි ලෙසින් ඇස, කණ යනාදී ආයතන පරිහරණය කරන යෝගාවචරයා තුල ආයතන ඇසුරෙන් ඇතිවෙන කෙලෙස් ක්‍රමයෙන් අඩුවෙන ආකාරය. 02. එලෙස විපස්සනාව වඩන යෝගාවචරයා තුල සම්මා දිට්ඨිය, සම්මා සංකප්ප, සම්මා වායාම, සම්මා සතිය, සම්මා සමාධිය, වැඩෙන නිවැරදි ආකාරය සහ ඒවායේ ස්වභාවයන් විස්තර කිරීම. 03. සම්මා දිට්ඨියේ, සම්මා සතියේ සහ සම්මා වායාමයේ ඇති අන්තර් සම්බන්ධය සහ වැදගත් කම. 04. සම්මා සමාධිය දියුණු වීම සඳහා සමථ සහ විපස්සනා භාවනා යුගනන්ද ආකාරයෙන් වැඩෙන ආකාරය සහ එහි ක්‍රියාකාරීත්වය. 05. මේ සියල්ල සඳහා ශීල සික්ෂාවෙන් ලබා දෙන පිටුවහල. 06. බෝධි පාක්ෂීය ධර්ම, සතර ඉර්ධිපාද, ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, බොජ්ඣංග ධර්ම එකිනෙකට සම්බන්ධ වී වැඩෙන ආකාරය. 

නැවැත්ම සඳහා පැවැත්ම අංක: 04 – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව – 94 (28-01-2023) Uploaded on 28 January 2023: මෙවර ධර්ම දේශනාවේ දී සිඟාලෝවාද සූත්‍රය ඇසුරු කරගනිමින් නිවන් මගට අතිශයින් වැදගත් වෙන හැඟීම් වලට වහල් නොවී තමන්ගේ යුතුකම් සහ වගකීම් ඉටුකරමින් තමාගේ භූමිකාව පැවැත්වීමේ අවශ්‍යතාවය පැහැදිලි කිරීම ආරම්භ කරන ලදී. වර්ථමාන ගිහි සහ ඇතැම් පැවිදි සමාජ වල පවා වැරදි ආකල්පයක් ලෙස මුල්බැස ගෙන පවතින ‘අන් අයට කුමක් වූවත් මම මගේ නිවන් ගමන කරනවා’ යන දැඩි ආකල්පයෙන් කටයුතු කිරීම නිසාම සෝවාන් ආදී මාර්ගයන් වැළකෙන ආකාරය මෙහිදී පැහැදිලි කෙරිණි.  එමෙන්ම මෙවර ධර්ම සාකච්ඡාවේ දීද මතුකළ සියළුම පැනයන් වාගේ මෙම මාතෘකාවට අදාල වටිනා කරුණු මතුකළ  ප්‍රශ්නයන් විය.

New update to මහාසළායතනික සූත්‍රය – Maha Salayatanika Sutta (ඉරු දින ධර්ම දේශනාව) Uploaded on 24 January 2023:  ගරු ස්වාමින්වහන්සේ ජනවාරි 22 දින සිදුකල ධර්ම දේශනාවේ දී අධිමුත්ත රහතන් වහන්සේගේ කථා පුවත මතුකරමින් රහතන් වහන්සේගේ පැවැත්ම පිළිබඳව සුවිශේෂී ආකාරයෙන් දේශනා කළහ. එමන්ම එහිදී සෝවාන් තත්වයේ සිට ආර්යන් වහන්සේලාගේ මනසේ සිදුවන ක්‍රමික වෙනස විචිත්‍රවත් ලෙස මෙහිදී දේශනා කෙරේ. එදින සිදුකල ධර්ම සාකච්ඡාවේද වටිනා දහම් පැන ඇතුලත් වී තිබේ.

සුගත පද විවරණ (ධර්ම විනිශ්චය 17 – කර්මය අපට බලපාන ආකාරය.) 22-01-2023. Uploaded on 23 January 2023:
මෙවර සුගත පද විවරණ වැඩසටහන තුලින් කර්මය සත්වයන්ට බලපාන ආකාරය පිලිබඳ අප බොහෝ දෙනා නොදැන සිටි කරුණු සරල ආකාරයෙන් පැහැදිලි කෙරේ. මෙය බෞද්ධයන් හට විශේෂයෙන්ම වැදගත් වන්නේ වර්ථමාන සමාජයේ හොඳ හෝ නරක හෝ අයුරින් කර්මය විපාක දෙන ආකාරය සම්බන්ධ ඇතැම් කරුණු පිළිබඳව ඇති නොවැටහීමයි. උදාහරණයක් ලෙස ඇතැමුන් කෙතරම් කුසලයන් වර්තමානයේ දී කලත් ඔවුනට අකුසල කර්ම බොහෝ සේ විපාකත්වයට පැමිණෙන ආකාරය සහ ඇතැම් අකුසල කර්ම බොහෝ කරනා අයට ධනය සහ බලය ලැබෙන ආකාරය යන කරුණු දැක්විය හැක. එමෙන්ම ප්‍රායෝගිකව අපට මේ ජීවිතයේ දීම ප්‍රතිඵල ලබා ගැනීමට උදව් වෙන තවත් බොහෝ කරුණු මෙම සාකච්ඡාවේ ඇතුලත් වේ.

නැවැත්ම සඳහා පැවැත්ම අංක: 03 – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව – 93 (21-01-2023) Uploaded on 22 January 2023:
මෙවර ධර්ම දේශනාවේ දී අරියවංශ සූත්‍ර දේශනාව තවදුරටත් පැහැදිලි කරමින්, භෞතික සම්පත් කෙරේ අප හැඟීම් වලට වහල් නොවී අවශ්‍යතා මත පැවැත්විය යුතු ආකාරයත් එම සම්පත් ගුණ දහම් වැඩෙන ආකාරයට රැස් කිරීම සහ භාවිතා කිරීම පුහුණු කරන ආකාරයත් පැහැදිලි කරන ලදී. එමෙන්ම මෙවර ධර්ම සාකච්ඡාවේදී ද මතු කළ සියළුම පැනයන් වාගේ මෙම මාතෘකාවට අදාල වටිනා කරුණු මතු කළ ප්‍රශ්නයන් විය.

දුක, මම, ලෝකය සහ අතරමං වීම. (16-01-2023) Uploaded on 20 January 2023: දුක, මම, ලෝකය සහ අතරමං වීම යන මාතෘකාව ඇසුරු කර ගනිමින් අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදුකල මෙම ධර්ම දේශනාව සුවිශේෂ වැදගත් කමකින් යුතු වන්නේ පහත දැක්වෙන කරුණු නිසාවෙනි. 01. එකිනෙකට සම්බන්ධයක් නොමැති සේ මතුපිටින් පෙනෙන මෙම කරුණු එනම් දුක, මම, ලෝකය සහ අතරමං වීම යන ඒවායේ ඇති අන්තර් සම්බන්ධතාවය සහ බැඳීම තේරුම් ගැනීම දුක නැති කරන ගමනේ යෙදී සිටින සැමට ඉතා වැදගත් කරුණු වේ. 02. සියලු සංස්කාරයන්ගේ ඇති දුක්ඛ ලක්‍ෂණය වේදනාව තුලින් නොමැතිව ආර්ය දේශනාවේ දක්වා ඇති නිවැරදි ආකාරයෙන් පැහැදිලි කිරීම. 03. දුකේ පැතිකඩ තුනක් වශයෙන් දුක්ඛ ලක්‍ෂණය, දුක්ඛ වේදනාව සහ දෝමනස්සය පිළිබඳව පැහැදිලි කිරීම. 04. අනිත්‍ය නිවැරදිව තේරුම් ගැනීම සඳහා ප්‍රඥප්තියේ (පීරිසිය, අග්ගලා ගෙඩිය සහ මිනිසා වැනි ඝන සංඥා) අනිත්‍ය දැකීම පසුකර, නම රූප ධර්ම වල අනිත්‍ය දැකීමට විපස්සනා නුවණ දියුණු කර ගැනීමේ අවශ්‍ය තාවය. 05. නිබ්බින්‍දති යන වචනයේ තේරුම නිවීමට සම්බන්ධ වෙන ආකාරය පැහැදිලි කිරීම. 06. ආර්ය දුක්ඛ ලක්‍ෂණය නොපෙනීම නිසා මම සහ ලෝකය යන සම්මුති තුල සත්වයා අතරමන් වෙන ආකාරය.

Maha Salayatanika Sutta (Sutta Teachings in English – Ven. Panadure Chandaratana Thero) Uploaded on 18 January 2023:  Maha Salayatanika Sutta was selected by Ven. Panadure Chandaratana Thero of Mitirigala Nissarana Vanaya Forest Monastery as the next Sutta for Sutta Teachings in English on 11 January 2023.  Lord Buddha teach us through Maha Salayatanika Sutta that developing insight into arising and working of the six senses is connected to the Noble Eightfold Path and leads to the final Liberation.

සුගත පද විවරණ (ධර්ම විනිශ්චය 16 – කර්මය යනු කුමක් ද?) 15-01-2023. Uploaded on 16 January 2023: මෙවර සුගත පද විවරණ වැඩසටහන තුලින් කර්මය ගැන බුද්ධ ධර්මයේ සඳහන් ඉතා වැදගත් කරුණු සාකච්ඡාවට යොමු විනි. එමෙන්ම කර්මය ගැන දැනගැනීමේ අවශ්‍යතාවය මෙහිදී පැහැදිලි කෙරිණි.

මහාසළායතනික සූත්‍රය (ඉරු දින ධර්ම දේශනා සහ සාකච්ඡා)Uploaded on 16 January 2023: මීතිරිගල නිස්සරණ වණසේනාසන වාසී පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් ඉරිදා සූත්‍ර දේශනා මාලාවේ 24 වන සූත්‍රය ලෙස වර්ෂ 2023 ජනවාරි මස 15 වන ඉරු දින ආරම්භ කරන ලදී.
මෙම සූත්‍රය බුදුරජාණන් වහන්සේ ආයතනය හය පිළිබඳව දේශනා කල වැදගත් කරුණු ඇතුලත්වෙන සූත්‍රයකි. සත්වයා ලෝකය සමඟ සම්බන්ධ වන ඇස ආදි ආයතන හයෙහි ස්වභාවය පැහැදිලි කරමින් ඒවා මැනැවින්‌ පිරිසිඳ නොදැකීමෙන් දුක්‌ පැමිණෙන ආකාරයත් සහ එම ආයතන මැනැවින්‌ වටහා ගැනීමෙන්‌ දුකින්‌ නිදහස් විය හැකි ආකාරයත්‌ මෙම වටිනා සූත්‍රයේ විස්තර කර තිබේ.

Nagaropama Sutta teaching series in English conducted by Ven. Panadure Chandaratana Thero was completed. Final Upload on 16 January 2023.

නැවැත්ම සඳහා පැවැත්ම අංක: 02 – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව – 92 (14-01-2023) Uploaded on 15 January 2023:
මෙවර ධර්ම දේශනාවේ දී අරියවංශ සූත්‍ර දේශනාව විග්‍රහ කරමින් ඒ තුලින් නැවැත්ම සඳහා පැවැත්ම සිදු කරන්නේ කෙසේ දැයි ගැඹුරින් විස්තර කිරීම ආරම්භ කරන ලදී. එමෙන්ම ධර්ම සාකච්ඡාවේ දී මතු කළ සියළුම පැනයන් වාගේ මෙම මාතෘකාවට අදාල වටිනා දහම් විවරණ වලට මග හෙළි කල වටිනා පැනයන් විනි.

මග්ගාමග්ග ඥාණ දස්සන විශුද්ධිය. (08-01-2023)  Uploaded on 14 January 2023: මග්ගාමග්ග ඥාණ දස්සන විශුද්ධිය පිළිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදුකල මෙම ධර්ම දේශනාව නිවන් සාක්‍ෂාත් කර ගැනීම පිණිස පුහුණු වෙන යෝගාවචරයන් හට ඉතා වටිනා දේශනාවක් වන්නේ එමගින් පහත දැක්වෙන මූලික කරුණු පැහැදිලි කෙරෙන නිසාවෙනි.  01. විපස්සනා ඥාන වල පස් වන ඥානය වන මෙය පිළිබඳව එනම් ‘ නිවන් ලබා ගැනීමේ නිවැරදි මග සහ වැරදි මග’ කුමක්දැයි තේරුම් ගන්නා මෙම කඩඉම ගැන මනා පැහැදිලි කිරීමක් ඇතුලත් වී තිබීම.  02.විපස්සනා යෝගාවචරයාගේ දියුණුව නිසාම ඇතිවන තත්වයන් කෙරේ පහල වන ‘නිකන්තිය’ ඇතිවන සහ එයට හසු වෙන ආකාරය පැහැදිලි කිරීම.  03. එම නිකන්තියට හසු නොවන්නට සහ එම විශුද්ධිය ලැබීම සඳහා වැඩි දියුණු කල යුතු කර්මස්ථානය වන ඝන සංඥාව නැති කරමින් අනිත්‍ය සංඥාව දියුණු කරගන්නා ආකරය සවිස්තරව, ප්‍රායෝගික උදාහරණ තුලින් පැහැදිලි කිරීම.

සුගත පද විවරණ (ධර්ම විනිශ්චය 15 – දුස්සීලයින්ට දන් දීම) 08-01-2023.  Uploaded on 10 January 2023: මෙවර සුගත පද විවරණ වැඩසටහන තුලින් වර්ථමානයේ ඇතැම් බෞධයන්ගේ කතා බහට නිතර යොමු වෙන මාතෘකාවක් වෙන දුස්සීලයින්ට දන් දීම පිළිබඳ ඉතා ප්‍රයෝජනවත් සහ කාලීන පැහැදිලි කිරීමක් ඇතුලත් වේ.

An update to නගරූපම සූත්‍රය – Nagaropama Sutta (ඉරු දින ධර්ම දේශනාව) පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ. Updated on 08 January 2023.

Ven. Kukulpane Sudassi Thero – නැවැත්ම සඳහා පැවැත්ම 01 – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 91 (07-01-2023) Uploaded on 08 January 2023: මෙවර ධර්ම දේශනාවේ දී නැවැත්ම සඳහා පැවැත්ම යන මාතෘකාවේ මූලික වැදගත්කම පැහැදිලි කෙරිණි. එමෙන්ම නැවැත්ම සඳහා යන ගමනේ පැවිදි සහ ගිහි ප්‍රතිපදාවන් අරියවංශ සූත්‍ර දේශනාවේ ඇතැම් කරුණු ඇසුරු කර ගෙන නැවැත්ම සඳහා පැවැත්ම කෙසේ සිදුකල යුතු ද යන්න පැහැදිලි කරන ලදී. එමෙන්ම ධර්ම සාකච්ඡාවේ දී ඒ පිලිබඳ වැදගත් ප්‍රායෝගික කරුණු මතු කෙරිණි.

දමනය කළ පිරිසිදු සිතක් පවත්වා ගැනීම. (01-01-2023) Uploaded on 05th January 2023: දමනය කළ සිතක් පවත්වා ගැනීම පිළිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදුකල මෙම ධර්ම දේශනාව ඉතා ප්‍රයෝජනවත් දේශනාවක් වන්නේ එමගින් පහත දැක්වෙන කරුණු පැහැදිලි කෙරෙන නිසාවෙනි. 01. සිතේ ස්වභාවය විස්තර කරමින් සිත දමනය සහ පිරිසිදු කරනවා යන්න කුමක්දැයි පැහැදිලි කිරීම. 02. දුකට හේතු වෙන නාම රූප ධර්ම පාලනය කරනවා කියන්නේ කුමක් ද යන්න පැහැදිලි කිරීම. 03. හික්මීම සහ සංවරයේ ඇති වෙනස සහ ඒ තත්වයන් ඇති කරගන්නා ආකාරයන් පැහැදිලි කිරීම. 04. සති සම්පජඤ්ඤය සහ ප්‍රඥාව දියුණු කිරීමේ වැදගත් කම පැහැදිලි කිරීම. 05. විශේෂ කෞශල්‍යයන් වන අභිඥා පිලිබඳ පැහැදිලි කිරීම. 06. සිහිය, ප්‍රඥාව සහ වීර්යයේ ඇති වටිනාකම පැහැදිලි කිරීම. 

Donations to Damsara (December 2022). Uploaded on 01 January 2023.

An update to සුගත පද විවරණ – ධර්ම විනිශ්චය.  Uploaded on 26 December 2022: මෙවර සුගත පද විවරණ වැඩසටහන තුලින් කාලීන මාතෘකාවක් වන භික්ෂුන් වහන්සේ සහ සික්ෂා පද පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කෙරේ. මෙම වැඩසටහන පැවිදි සහ ගිහි යන දෙපාර්ශවයටම වැදගත් වේ.

නගරූපම සූත්‍රය – Nagaropama Sutta (Sunday Dhamma Sermon by Ven. Panadure Chandaratana Thero.  Uploaded on 25 December 2022.

Nagaropama Sutta (Sutta Teaching in English)  Uploaded on 24 December 2022: A new Sutta Teaching series in English based on Nagaropama Sutta was started by Ven. Panadure Chandaratana Thero of Mitirigala Nissarana Vanaya Forest Monastery on 21 December 2022.

Vatthupama Sutta, Sutta Teaching in English conducted by Ven. Panadure Chandaratana Thero was completed. Uploaded on 23 December 2022.

මහා චත්තාරීසක සූත්‍රය. (19-12-2022) Uploaded on 21 December 2022: මහා චත්තාරීසක සූත්‍රය එදිනෙදා ජීවිතයට සහ සම්මා දිට්ඨිය දියුණු කර ගැනීමට උපයෝගී වන ආකාරය පිළිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදුකල මෙම ධර්ම දේශනාව ඉතා විශිෂ්ට දේශනාවක් වන්නේ පහත සඳහන් මූලික හේතුන් නිසාවෙනි. 01. සම්මා දිට්ඨිය පුර්ව කොට, සම්මා වායාම සහ සම්මා සතිය පරිවාර කොට සම්මා සමාධිය දියුණු කරන ආකාරය පැහැදිලි කිරීම. 02. එමෙන්ම එම සම්මා දිට්ඨිය, සම්මා වායාම සහ සම්මා සතිය එදිනෙදා ජීවිතයට යොදා ගන්න ආකාරය පැහැදිලි කිරීම. 03. කෙලෙස් ප්‍රහාණය වන ගුණ ධර්ම වැඩීම සිදුවන්නේ අවශේෂ ගුණ ධර්ම දියුණු වීමට සමගාමී වීම බව පැහැදිලි කිරීම. 04. පරතෝ ඝෝෂය සහ යෝනිසෝමනසිකාරය තුලින් සම්මා දිට්ඨිය ඇතිවෙන ආකාරය. 05. සම්මා වායාමය දියුණු කරගන්නා ආකාරය පැහැදිලි කිරීම. 06. බොහෝ පෘථග්ජන සිත් තුල ‘සම්මා වායාම’ කියා ‘මිච්ඡා වායාම’ ඇතිවන ආකාරය පෙන්වා දීම. 07. සම්මා සතිය කුමක්ද සහ එය සම්මා සමාධියට හේතු වෙන ආකාරය පැහැදිලි කිරීම යන කරුණු නිසාවෙනි.

සුගත පද විවරණ (ධර්ම විනිශ්චය 12 – සිල්වතුන් සහ දුසිල්වතුන් ) 18-12-2022.  Uploaded on 19 December 2022:  මෙවර සුගත පද විවරණ වැඩසටහන තුලින් සිල්වතුන් සහ දුසිල්වතුන් යන්නෝ කවරහුදැයි පැහැදිලි කෙරිණි. මෙහිදී ගිහි සහ පැවිදි සිල්වතුන් සහ දුසිල්වතුන් වන්නේ කෙසේදැයි ඉතා හොඳින් පැහැදිලි කෙරේ. මෙම වැඩ සටහන බාල මහළු සියළු දෙනා හට ඉතා වටිනා වේ. විශේෂයෙන්ම වර්තමානයේ දී ‘චේතනාව’, ‘මත් ද්‍රව්‍ය’, ‘නීතිය’, ‘වෛශ්‍යා වෘත්තිය’, ‘භික්ෂුවගේ සීලය’ යන කරුණු පිළිබඳව ජනතාව තුල ඇති වැරදි නිර්නායකයන් පිළිබඳව ඉතා වටිනා පැහැදිලි කිරීමක් මෙහි ඇතුලත් වේ.

වත්ථුපම සූත්‍රය – Vatthupama Sutta, (ඉරුදින ධර්ම දේශනාව – පුජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ) Completed. Uploaded on 18 December 2022.

සෙනසුරාදා ධර්ම සාකච්ඡාව – අංක: 89 (භාවනා පහාතබ්බා 02 – සබ්බාසව සූත්‍රය 09) 17-12-2022. Uploaded on 18 December 2022:  මෙවර ධර්ම දේශනාවේ දී සබ්බාසව සූත්‍රයේ දැක්වෙන භාවනා පහාතබ්බා යන්න කුමක්දැයි පැහැදිලි කර අවසාන කරන ලදී. මෙහිදී සප්ත බොජ්ඣංග ධර්මයන් තුලින් භාවනාව එදිනෙදා ජීවිතයේදී දියුණු වෙන ආකාරය දහම් ග්‍රන්ථ සහ සූත්‍ර දේශනා අනුසාරයෙන් සිදු කරන ලදී. එමෙන්ම ඉතා ප්‍රයෝගික වටිනාකමක් ඇති කරුණු ධර්ම සාකච්ඡාවේ දී විමසීමට ලක් කෙරිණි.

සම්මා සංකප්ප (01-11-2022). Uploaded on 17 December 2022:
ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ දෙවන අංගය වන සම්මා සංකප්ප පිළිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදුකල මෙම ධර්ම දේශනාව දහම් මග පුහුණු කරන ශ්‍රාවකයන්ට බොහෝ වැදගත් වන්නේ පහත සඳහන් මූලික හේතුන් නිසාවෙනි.  එනම් සම්මා සංකප්ප වන නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප සහ අවිහිංසා සංකප්ප යනු කුමක්දැයි පැහැදිලි කිරීම, ඒවා වර්ධනය කර ගන්නා ආකාරය සහ අනුගමනය කල යුතු මාර්ගයන් සහ මිත්‍යා සංකල්පනාවන් ගෙන් ඒවා වර්ධනයේ දී බාධා පැමිණෙන ආකාරය මනා කොට පැහැදිලි කෙරෙන නිසාවෙනි.

An update to වත්ථුපම සූත්‍රය – Vatthupama Sutta (ඉරු දින ධර්ම දේශනාව, පුජනීය පානදුරේ චන්දරතන ස්වාමින් වහන්සේ) 04-12-2022.  Uploaded on 05 December 2022.

සුගත පද විවරණ – (ධර්ම විනිශ්චය 11 – සංඝික දානය) 04-12-2022. Uploaded on 05 December 2022: මෙවර සුගත පද විවරණ වැඩසටහන තුලින් සංඝික දානය පිළිබඳව අප බොහෝ දෙනා නොදන්නා කරුණු හෙළි කෙරේ. සංඝික දානයක් වීමට උපසපන් භික්ෂුන් හතර නමක් සිටිය යුතු යන වැරදි විශ්වාසය ඇතුළු ගිහි පැවිදි සමාජයේ පවතින වැරදි විශ්වාසයන් සහ සංඝික දානයක වටිනාකම උපරිම කරගන්නා ලෙස එය සිදුකරන ආකාරයත් ඇතුළු වටිනා කරුණු බොහොමයක් මෙහි ඇතුලත් වේ.

සෙනසුරාදා ධර්ම සාකච්ඡාව – අංක: 88 (භාවනා පහාතබ්බා 01 – සබ්බාසව සූත්‍රය 08) 03-12-2022. Uploaded on 04 December 2022මෙවර ධර්ම දේශනාවේ දී සබ්බාසව සූත්‍රයේ දැක්වෙන භාවනා පහාතබ්බා යන්න කුමක්දැයි පැහැදිලි කිරීම ආරම්භ කරන ලදී. එමෙන්ම මෙහිදී විශේෂයෙන් සති සම්බොජ්ඣංගය සහ එම සති සම්බොජ්ඣංගය විවේක නිස්සිත, විරාග නිස්සිත, නිරෝධ නිස්සිත වොස්සග්ග පරිණාම නිස්සිතව දියුණු කරන ආකාරය පැහැදිලි කරන ලදී.
එමෙන්ම මෙදින ධර්ම දේශනාවට සම්බන්ධ වටිනා ප්‍රායෝගික පැන බොහොමයක් ද ධර්ම සාකච්ඡාවේ දී ඉදිරිපත් කෙරිණි.

An Update to Vatthupama Sutta (Sutta Teachings in English). Uploaded on 01 December 2022.

Donations to Damsara during November 2022.  Uploaded on 01 December 2022.

සුගත පද විවරණ – (ධර්ම විනිශ්චය 10 – තෙරුවන් සරණ යාම) 27-11-2022. Uploaded on 28 November 2022: තෙරුවන් සරණ යාම යන්න කුමක්දැයි යන ඉතාම මුලික, එනමුත් වර්තමානයේ බොහෝ බෞද්ධයන් වරදවා වටහා ගෙන ඇති මෙම කරුණ පිළිබඳව කෙරෙන මෙවර සුගත පද වැඩසටහන විශේෂයෙන් බල මහළු සියළු බෞද්ධයන් විසින් ශ්‍රවණය කල යුතු වටිනා වැඩ සටහනකි.

An update to වත්ථුපම සූත්‍රය – Vatthupama Sutta (ඉරු දින ධර්ම දේශනාව) 27-11-2022.  Uploaded on 27 November 2022.

සෙනසුරාදා ධර්ම සාකච්ඡාව – අංක: 87 (විනෝදනා පහාතබ්බා – සබ්බාසව සූත්‍රය 07) 26-11-2022. Uploaded on 27 November 2022: මෙවර ධර්ම දේශනාවේ දී සබ්බාසව සූත්‍රයේ දැක්වෙන විනෝදනා පහාතබ්බා යන්න කුමක්දැයි පැහැදිලි කරන ලදී. මෙහිදී දෝෂ දැකීම් සහිතව වීර්යයෙන් පහ කල යුතු ආශ්‍රවයන් පිළිබඳව පැහැදිලි කෙරේ. උපදිනා කාම විතර්ක, ව්‍යාපාද විතර්ක සහ විහිංසා විතර්ක නුවනින් සලකා දුරු කිරීම සහ නැවත නුපදින තත්වයට පත් කිරීමට කටයුතු කිරීම මෙහිදී දැක්වේ. එමෙන්ම මෙදින ධර්ම දේශනාවට සම්බන්ධ වටිනා ප්‍රායෝගික පැන බොහොමයක් ද ධර්ම සාකච්ඡාවේ දී ඉදිරිපත් කෙරිණි.  එසේම මෙවර වෙබ් පිටුවේ අසන්නන් ධර්ම සාකච්ඡාවේ දී විමසූ බොහෝ අමතර කරුණු ඇතුලත් කර තිබේ.

සප්ත බොජ්ඣංග ධර්ම. (24-11-2022) Uploaded on 25 November 2022: සප්ත බොජ්ඣංග ධර්ම පිළිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදුකල මෙම ධර්ම දේශනාව, බොජ්ඣංග ධර්ම පිලිබඳව මෑත කාලයේදී සිදුකල විශිෂ්ඨතම ධර්ම දේශනාවක් වන්නේ පහත සඳහන් හේතුන් නිසාවෙනි. 01. දේශකයාණන් වහන්සේ බොජ්ඣංග ධර්ම මොනවාද සහ එම ධර්ම වලට බොජ්ඣංග කියා කියන්නේ කුමන හේතුවක් නිසාවෙන් දැයි පැහැදිලි කිරීම පළමු බොජ්ඣංග ධර්මය වන සති සම්බොජ්ඣංගයෙන් ආරම්භ කරති. වර්තමාන සමාජයේ සතිය පිළිබඳව ඇති ජනප්‍රිය අර්ථ දැක්වීම් විග්‍රහ කරමින් සහ සතිමත් බව පුහුණු කරනා ක්‍රම වේදයන් තුලින් අනායාස සතිමත් බවක් ඇති කරගන්නේ කෙසේදැයි ඉතා අපූර්ව උදාහරණයක් ඇසුරු කරගනිමින් පැහැදිලි කෙරේ. එමෙන්ම බුදුදහමේ දක්වන සතිය කුසල චෛතසිකයක් වන්නේ මන්ද සහ සති චෛතසිකය අකුසලයෙන් තොර වීමේ වැදගත්කම දහම් මග වැඩීමට අත්‍යවශ්‍ය වෙන ආකාරය මෙහිදී පැහැදිලි කෙරේ. 02. දෙවනුව, නිවන් ලබා ගැනීම සඳහා එනම් බොජ්ඣංග ධර්මයක් වීම සඳහා එම අනායාස සතිමත් බව තව දුරටත් දියුණු කල යුත්තේ කෙසේදැයි යන්න දේශකයාණන් වහන්සේ පැහැදිලි කරන්නේ විවේක නිස්සිත, විරාග නිස්සිත, නිරෝධ නිස්සිත වොස්සග්ග පරිණාම නිස්සිතව එම සතිය දියුණු කරන ආකාරය පැහැදිලි කිරීම තුලින් වේ. 03. එම ආකාරයන් හතර පදනම් කර ගනිමින් අවශේෂ බොජ්ඣංග ධර්මයන් වන ධම්මවිචය, වීරිය, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපෙක්ඛා සම්බොජ්ඣංගයන් මනා කොට විස්තර කෙරේ.

වත්ථුපම සූත්‍රය – Vatthupama Sutta (ඉරුදින ධර්ම දේශනාව – පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ) Uploaded on 22 November 2022.

සුගත පද විවරණ – (ධර්ම විනිශ්චය 09 – දුගියන්ට දන් දීම.) 20-11-2022. Uploaded on 21 November 2022: “අප දිය යුත්තේ කා හට ද” යන්න ඇසුරු කොට ඉදිරිපත් කෙරෙන මෙවර සුගත පද විවරණ වැඩ සටහන, අප බාල මහළු සියළු බෞද්ධයන් විසින් ශ්‍රවණය කලයුතු වන්නේ ඒ තුලින් බුදු දහමේ ඇති ගැඹුරු අර්ථයන්, සරළ සුගම සහ ප්‍රයෝගික එකතුවක් ලෙස අපට ඉදිරිපත් කෙරෙන නිසා වෙනි.  දුගියන් හට දැන් දීම සහ දහම් මග දියුණු කිරීම පිලිබඳ සමාජීය දැක්ම සහ බුදු දහමේ පැහැදිලි කිරීම, හේතුඵල දැක්ම ආකාර පහක් තුලින් සමබරව ලෝකය දෙස බැලීමට යොදා ගන්නා ආකාරය, ආකාර තුනක් ඇසුරු කොට ගනිමින් බුද්ධ පූජා තුලින් තමන්ගේ ගුණයන් අවධි කර ගන්නා ආකාරය, බුද්ධ පූජාවක් අවසන් කල පසු ඒවා පරිහරණය කල යුතු ආකාරයන් යනාදී ඉතා වටිනා කරුණු බොහොමයක් මෙහිදී පැහැදිලි කෙරේ. 

Vatthupama Sutta – Sutta Teachings in English – 16-11-2022.  Uploaded on 18 November 2022: Vatthupama Sutta was selected by Ven. Panadure Chandaratana Thero of Mitirigala Nissarana Vanaya Forest Monastery as the next Sutta for Sutta Teachings in English on 16 November 2022.

සුගත පද විවරණ – (ධර්ම විනිශ්චය 08 – ප්‍රඥාවන්ත වන්දනාව)13-11-2022. Uploaded on 17 November 2022: මෙවර සුගත පද විවරණ වැඩසටහනේ දී බුද්ධ පූජාවන් සහ බුද්ධ වන්දනාවන් ප්‍රඥාවන්තව කිරීම සහ නොකිරීම යන හේතුවෙන් දහම් මග දියුණු වීම හෝ වැඩෙන දහම් මග දුබල වීම සිදු වෙන ආකාරය පැහැදිලි කෙරේ. විශේෂයෙන් මල් පූජාවක් කමටහනක් වෙන ආකාරයෙන් කිරීම සහ පහන් පුජාවන් ගුණ නුවන දියුණු වෙන ආකාරයෙන් සිදු කරනා ආකාරය විචිත්‍ර සහ නුවණැති ලෙස මෙහිදී පැහැදිලි කෙරේ.

උපක්කිලේස සූත්‍රය – Upakkilesa Sutta, Sunday Dhamma Sermon in Sinhala completed.  Final upload on 14 November 2022.

Upakkilesa Sutta, (the Sutta Teaching in English) conducted by Ven. Panadure Chandaratana Thero completed. Final upload on 09 November 2022.

සුගත පද විවරණ – (ධර්ම විනිශ්චය 07 – බුද්ධ පූජාවේ කුසලය) 06-11-2022. Uploaded on 07 November 2022: මෙවර සුගත පද විවරණ වැඩසටහනේ දහම් මග දියුණු කිරීමට ඉතා වටිනා ප්‍රායෝගික වටිනාකමක් ඇති කරුණු බොහොමයක් ඇතුලත් වේ. මෙහිදී බුද්ධ පූජාවේ කුසලය පිළිබඳව කරුණු පැහැදිලි කරමින් ඒ පිළිබඳව වර්තමාන සමාජයේ ඇති වැරදි අවබෝධයන් මොනවා දැයි පහත දැක්වෙන මුලික කරුණු අනුව පැහැදිලි කරන ලදී. 01. චේතනාවෙන් පමණක් කුසලයක් ඇතිවේ ද?
02. කුසලයේ ඇති ප්‍රතිසන්ධි විපාකය සහ ප්‍රවෘත්ති විපාකයන් බුද්ධ පූජාවේ දී ක්‍රියාත්මක වෙන ආකාරය. 03. ජීවී ප්‍රතිග්‍රාහකයකුට කරන පූජාවකින් පසු අපර සිත සකසා ගැනීමට පූජාවන් අර්ථ සම්පන්නව කිරීමේ වැදගත් කම (විමසා බලා දැන් දීමේ වැදගත් කම). 04. කුසල චේතනාව යනු කුමක් ද? 05. චාරිත්‍ර සහ වාරිත්‍ර ශීලය වශයෙන් ශීලය පූර්ණව දියුණු කිරීම වැදගත් වන්නේ කුමන හේතු නිසා ද? 06. ”අපි හොඳට හිටියොත් ඇති” යන ජීවන පැවැත්ම ධර්මානු ධර්ම ප්‍රතිපදාව අනුව නිවැරදි ද?

Updates to උපක්කිලේස සූත්‍රය – Upakkilesa Sutta, Sunday Dhamma Sermon in Sinhala.  Uploaded on 06 November 2022. අද දින ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාවේ භාවනා යෝගීන් හට ඉතා වටිනා ප්‍රායෝගික කරුණු ඇතුලත් වේ.

දම්සර Dhamma Newsletter No.143 (මෛත්‍රිය,කරුණාව සහ මුදිතාවේ අවශ්‍යතාවය) E Mailed on 06 November 2022.

Updates to Brief Dhamma Clips in Sinhala. Uploaded on 06 November 2022.

Updates to Upakkilesa Sutta (Sutta Teachings in English).  Uploaded on 02 November 2022.

Donations to Damsara – October 2022. Uploaded on 01 November 2022.

 

Share this with others as a gift of Dhamma!

6 thoughts on “Announcements

    • Dear Christie,
      They made this request based on a legal request originated from ‘Katukurunde Gnanananda Sadaham Senasun Bharaya’.
      You can listen to the ongoing series at nissarana.lk

      With Metta,

      Aruna

  1. For the first time i went to Mithirigala Nissarana Forest Monastery on 4th Feb 2017. Well organized one day retreat and really loved the silent surrounding and the trees ans breeze that catch anybody’s heart, surely. Ideal place to meditate and the Kindhearted Ven. Theros and other gentlemen are really helpful at newcomers. Everyone should go there at least once in a lifetime. Hope to continue with one day program and other Retreats..

    THERUWAN SARANAYI !!!

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.