ඉන්ද්‍රිය සංවරය ඇතිකර ගැනීමට කෙසේ කටයුතු කළ යුතු ද? (23-02-2024)

ඉන්ද්‍රිය සංවරය ඇතිකර ගැනීමට කෙසේ කටයුතු කළ යුතු ද 23 02 2024

ඉන්ද්‍රිය සංවරය ඇතිකර ගැනීමට කෙසේ කටයුතු කළ යුතු ද? (23-02-2024)

ඉන්ද්‍රිය සංවරය ඇතිකර ගැනීම පිලිබඳ අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදුකල මෙම ධර්ම දේශනාව තුලින් මේ ජීවිතයේ දී සහ සසරේ දී ඉමහත් වටිනා ප්‍රතිඵල ලබා ගත හැකි ක්‍රමවේදයක් සහ පුහුණුවක් පැහැදිලි කෙරේ. 

අප මෙම පුහුණුව දියුණු කරන ප්‍රමාණය මත මේ ජීවිතයේ උතුම් සතුටක් ලබන දියුණු මනසක් අත්කර ගැනීම හෝ මේ ජීවිතය තුල දීම නිවන් දැකීම හෝ යන ඉහල ප්‍රතිලාභ අත්විඳීමට අපට හැකි වේ. එමෙන්ම නිවනින් මෙපිට සසර ගමන පහසු කිරීමට සහ කෙටි කිරීමට උදවු වෙන බොහෝ කුසල් රැස්වීම පිණිස ද මෙම පුහුණුව මහෝපකාරී වේ.

මෙම වටිනා ධර්ම දේශනාවේ දී ඉන්ද්‍රිය සංවරය ඇතිකර ගැනීමට සමථ සහ විදර්ශනා භාවනා ක්‍රම දෙක තුලින්ම පුහුණුවේ යෙදෙන ආකාරය විචිත්‍රවත් ආකාරයෙන් පැහැදිලි කර තිබේ.

මෙම වටිනා ධර්ම දේශනාවට පාදක වූයේ ධම්මපදයේ භික්‍ෂු වර්‍ගයේ එන වටිනා ගාථා ධර්ම දෙකකි. එම ගාථා සහ එහි නිධාන කථා මෙතැනින් කියවන්න;
01. චක්ඛුනා සංවරො සාධු…
02. කායෙන සංවරො සාධු… 

එමෙන්ම මෙම වටිනා ධර්ම දේශනාවේ දී සඳහන් වුනු අනෙක් සූත්‍ර දේශනා ත්‍රිපිටකයෙන් කියවීමට මෙම යොමුවන් භාවිතා කරන්න;

  1. ඉන්ද්‍රියභාවනා සූත්‍රය. (ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » මජ්‌ඣිම නිකාය » උපරි පන්නාසකය » සළායතන වර්ගය)
  2. මධුපිණ්ඩික සූත්‍රය. (ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » මජ්‌ඣිම නිකාය » මූල පන්නාසකය » සීහනාද වර්ගය.)

අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 09 දායකත්ව ධර්ම දේශනා – 09
  2. Dayaka Dhamma Talks – 08 දායකත්ව ධර්ම දේශනා – 08
  3. Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
  4. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  5. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  6. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  7. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  8. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  9. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.