දස පාරමිතා අංක: 10 (ශීල පාරමිතාව – 04) 20-04-2024

දස පාරමිතා අංක 10 ශීල පාරමිතාව 04 20 04 2024

දස පාරමිතා අංක: 10 (ශීල පාරමිතාව – 04) 20-04-2024

දස පාරමිතා අංක: 10 (ශීල පාරමිතාව – 04) – Saturday Dhamma Discussion was conducted via Zoom on 20th April 2024 by Most Ven. Kukulpane Sudassi Thero.  This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය තිස් හත් වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2024 අප්‍රේල් මස 20 වන දින සිදුකරන ලදී. 

මෙවර ධර්ම දේශනාව තුලින් වාරිත්‍ර ශීලය දියුණු කිරීමට සම්බන්ධ ඉතා වටිනා කරුණු පැහැදිලි කෙරිණි.  ශීල ප්‍රතිපදාව ඉදිරියට යන සාධක හඳුනා ගෙන ඒවා දියුණු කිරීම තුලින් ශීලය ඉබේම කෙරෙන කාර්යක් බවට පත්වෙන ආකාරය පැහැදිලි කෙරිණි.

එමෙන්ම අප විසින් වඩනා ශීල ප්‍රතිපදාවේ ස්වරූපය හඳුනා ගැනීම සඳහා යොදා ගන්නා හාන භාගීය, තිථි භාගීය, විශේෂ භාගීය සහ නිබ්බේධ භාගීය ශීලයන් ගැඹුරින් පැහැදිලි කෙරිණි.

මෙදින ධර්ම සාකච්ඡාවේ දීද ශීල පාරමිතාව සම්බන්ධ වටිනා කරුණු මතු කෙරුණු අතර ගිහියන්ට වැදගත් වෙන භික්ෂූ විනය සම්බන්ධ ප්‍රයෝජනවත් පැන බොහොමයක් විමසීම සිදු වුනි.

මෙම සම්පුර්ණ ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව ශබ්ද සංස්කරණය කොට ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් වෙන්කොට පහතින් ඇතුලත් කර තිබේ.


  1. ධර්ම දේශනාව: වාරිත්‍ර ශීලය දියුණු කිරීමට අවශ්‍ය සාධක ගොනු කරගැනීම සහ ශීල ප්‍රතිපදාවේ ස්වරූපයන් හඳුනා ගැනීම පැහැදිලි කරන්න. ***(වාරිත්‍ර ශීලය ගැඹුරින් දියුණු කරගැනීම සිදු කිරීමට අවශ්‍ය වෙන කරුණු පැහැදිලි කෙරෙන ඉතා වටිනා ධර්ම දේශනාවකි.)
  2. වාරිත්‍ර ශීලය ඉබේම සිදුවෙන තත්වයකට දියුණු වීමේ දී නාම රූප පරිච්චේද ඥානය සහ නිරතුරුව දියුණු කරන සති සම්පජඤ්ඤය විශේෂයෙන්ම උපකාරී වෙනවා නොවේ ද? *** (ඉතා වටිනා සාකච්ඡාවක් සහ පැහැදිලි කිරීමකි.)
  3. නිවසක සාංඝික දානයක අතුරුපස පිළිගැන්වීමේ දී ඒවා වෙන්කොට වෙන වෙනම දීසි වල පිළිගැන්වීම සුදුසු ද?
  4. භික්ෂූන් වහන්සේලා වර්ථමානයේ දී සිදුකරන මුදල් සම්බන්ධ ගනු දෙනු සහ වෙනත් මෙවන් වැඩ විනයට එකඟ වේ ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  5. විදේශ රටවල දානය බුෆේ ක්‍රමයට පිළිගැන්වීම විනයට එකඟ වේ ද? ***
  6. නිවසක දී පවා දානය බුෆේ ක්‍රමයට පිළිගැන්වීම වඩා සූදුසු ද? ***
  7. වාරිත්‍ර ශීලය ඉබේම සිදුවෙන තත්වයකට දියුණු වීමේ දී කුසල්, අකුසල් වල චෛතසික ස්වභාව මෙවන් ආකාරයක් වේ ද? ***
  8. භික්ෂූන් වහන්සේලා මුදල් පරිහරණය නොකිරීම වැදගත් නිසා ගිහි පිරිසක් එයට යොදා ගැනීම වඩා සුදුසු නොවේ ද? ***
  9. දානයේ මූලික පරමාර්ථය අත්හැරීම නොවන බවට යමෙකුට පැහැදිලි කරන ආකාරය පෙන්වා දෙන්න. *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  10. බුද්ධ පුජාව වළඳන ස්වාමින්වනසේ කෙනෙකුගේ ප්‍රතිපදාව නිවැරදි ද?
  11. ගෞරවනීය ස්වාමින් වහන්සේගේ ආශීර්වාදය සහ අවසානය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.