
අභිධර්මයේ මූලික කරුණු අංක: 53 (ප්‍රත්‍ය විභාගය 02 ) 04-07-2026
අභිධර්මයේ මූලික කරුණු අංක: 53 (ප්‍රත්‍ය විභාගය 02) Saturday Dhamma Discussion was conducted via Zoom on 04th July 2026 by Most Ven. Kukulpane Sudassi Thero.
This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.
“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ දෙසිය විසි වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2026 ජූලි මස 04 වන දින සිදුකරන ලදී.
මෙම දේශනා අති පූජනීය රේරුකානේ චන්දවිමල මහ තෙරුන් වහන්සේ විසින් රචිත “අභිධර්මයේ මූලික කරුණු” යන වටිනා ග්‍රන්ථය ඇසුරෙන් සිදු කෙරේ.
“අභිධර්මයේ මූලික කරුණු” ග්‍රන්ථයට මෙතැනින් පිවිසෙන්න: අභිධර්මයේ මූලික කරුණු. එම වටිනා ග්‍රන්ථයේ මෙවර සාකච්ඡා කෙරුණු කොටසට මෙතනින් පිවිසෙන්න: හේතු ප්‍රත්‍යය ,
මෙවර ධර්ම දේශනාව තුලින් හේතු ප්‍රත්‍යයේ ඉතිරි කොටස සහ ආරම්මණ ප්‍රත්‍යය පිළිබඳව ඉතා වටිනා කරුණු පැහැදිලි කිරීමක් සිදු කෙරිණි. එසේම මෙදින ධර්ම සාකච්ඡාවේදී මෙම වැඩසටහනට අනුගත වටිනා පැන රැසක් මතු කෙරුණු අතර ඒවා පිළිබඳව බොහෝ වටිනා පැහැදිලි කිරීම් සිදු කෙරිණි.
- ධර්ම දේශනාව: හේතු ප්‍රත්‍යයේ ඉතිරි කොටස සහ ආරම්මණ ප්‍රත්‍යය පිළිබඳව පැහැදිලි කරන්න. **** (ඉතා වටිනා සහ ගැඹුරු කරුණු පැහැදිලි කෙරෙන වටිනා ධර්ම දේශනයකි.)
- ප්‍රත්‍යනීක ධර්ම වල ආරම්මණ ප්‍රත්‍ය, රුප විසි අටේ අන්තර්ගත වන්නේ කෙසේ ද ? ***
- විස්තරාත්මකව අභිධර්මය දේශනා කරන්නේ පට්ඨාන ක්‍රමයටයි. ඉන් පසුව පටිච්චසමුප්පාදය අතර මැදි ක්‍රමයයි. ඉන් පසුව චතුරාර්ය සත්‍යයයි. එතකොට චතුරාර්ය සත්‍යයයි, පට්ඨාන ක්‍රමයයි අතර සම්බන්ධයක් තියෙන තැනක් තිබේ ද ? *** (වටිනා පැනයක් සහ වටිනා පැහැදිලි කිරීමකි.)
- ආරම්මණ සහ හේතු ප්‍රත්‍යයන්ගේ දී සහේතුක සිත් හැත්තෑ එක සහ ආරම්මණ ප්‍රත්‍යයේ සිත් අසූනවය හට ගැනීමත් එකවර ප්‍රත්‍ය වෙනවා ද ? ***
- සූවිසි ප්‍රත්‍ය තේරුම් ගැනීම මදක් සංකීර්ණ බැවින් ය දැන ගැනීමට ලොකු ප්‍රඥාවක් තිබීම අවශ්‍ය වේ. එනමුත් පටිච්චසමුප්පාදයේ දැක්වෙන එක හේතුවක් තේරුම් ගැනීම වැඩ පහසු නොවේ ද ? *** (වටිනා පැනයක් සහ වටිනා පැහැදිලි කිරීමකි. මෙය ඉහත අංක 03 ට සම්බන්ධ වේ.)
- රූප විසිඅට, රූප හතකට අඩු කිරීම සඳහන් වන්නේ කොතැනක ද ? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- චතුරාර්ය සත්‍යය, පටිච්චසමුප්පාදය සහ පට්ඨාන ක්‍රමය මේ ආකාරයෙන් තේරුම් ගැනීම නිවැරදි ද ? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- සහේතුක සහ අහේතුක යන වචන දෙක පහදා දෙන්න. ***
- ආරම්මණ ප්‍රත්‍යය පිළිබඳව වචන දෙකකින් මෙසේ පැහැදිලි කල හැකි ද? එමෙන්ම මෙම කරුනුත් පැහැදිලි කර දෙන්න. ***
- නිවනට පැමිණි උතුමෙකුට මූල හයම නිරුද්ධ වෙනවා ද ? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- මනුලොව ඉපදීමට නම් ද්විහේතුක, ත්‍රිහේතුක හෝ අහේතුක හෝ උනත් ඒවා කුසල මුල විය යුතු නොවේ ද ? ***
- අසංඛත ධර්ම වල මෙම කරුණ පැහැදිලි කරන්න. *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- එදිනෙදා ජීවිතයේ අප හට විවිධාකාර සිතුවිලි උපදී. සමහර අවස්ථාවලදී දුක උපදී. සමහර අවස්ථාවලදී සැප උපදී. අප ඒ වෙනුවට කළ යුත්තේ ඒ සිත් සමඟ යෑම නවතා සිත කුමක්ද කියා අවබෝධ කර කර ගැනීම ද ? චිත්තානුපස්සනාව වැඩීම ද ? *** (වටිනා ප්‍රයෝගික පැනයක් සහ පැහැදිලි කිරීමකි.)
- මා භාවනා කරන කෙනෙකි. නමුත් සමහර අවස්ථා වලදී සිතට එන සිතුවිලි සමඟ ඉබේටම වාගේ ඇදී ගොස් සමහර විට බොහෝ වේලාවක් ඒ සිතුවිල්ලට යට වී සිටිමි. එය පිළිබඳව අවබෝධ වන්නේ පසුවය. මෙයට කළ යුත්තේ කුමක්ද ? **** (වටිනා ප්‍රයෝගික පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- පසුගිය ධර්ම සාකච්ඡාවේදී නැගූ ප්‍රශ්නයක පටිච්ච සමුප්පාදය හේතු ප්‍රත්‍යයේ සංක්ෂිප්ත දේශනයක් වශයෙන් කියවුනා. පටිච්ච සමුප්පාදය හේතු ඵල දහමේ සංක්ෂිප්ත දේශනයක් නේද ස්වාමින් වහන්ස ? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- අහේතුක සිත් කොටසට ප්‍රීති චෛතසිකය හට ගන්නේ නැත්ද ?
- අපට මුදල්, දරුවන් සහ පිරිස සිටිනවා කියා අප ආරක්‍ෂිත යයි කියා සිතීම මුලාවක් ද ? සැබෑ ආරක්‍ෂාව කුමක් ද ? **** (වටිනා ප්‍රයෝගික පැනයක් සහ වටිනා පැහැදිලි කිරීමකි.)
- සිතක් උපදින්නට අරමුණක් අවශ්‍ය බව ඔබ වහන්සේ දේශනාවේ දී පැහැදිලි කළා. රහතන් වහන්සේ කෙනෙක් පිරිනිවන් පෑමේදී අවසන් චුති සිතට අරමුණක් නොගනී ද ? ***
- තුන්තරා බෝධි අතුරින් ශ්‍රාවක බෝධියෙන් නිවන් දැකීම පහසු යැයි සිතීම නිවැරදි ද ? **** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- භාවනාමය ඥානයට අභිධර්මයේ දැනුම සහය කරගන්න පුළුවන් නේ ද ? විද්‍යාව සහ තාක්‍ෂණය ඉගෙන ගැනීමත් උදව් කරගන්න පුළුවන් නේද ? ලෝකෝත්තර හා ලෞකික අවබෝධය යන දෙකටම ? **** (වටිනා ප්‍රයෝගික පැනයක් සහ වටිනා පැහැදිලි කිරීමකි.)
- කර්මය නිසා පිලිකාවක් ඇති වූ අවස්ථාවක ඇති වන්නේ ජීවිත නවක කලාපද ස්වාමින් වහන්ස ? ***
- අහේතුක සිත් දහඅට සහ අහේතුක කුසල විපාක සිත් අතර ඇති වෙනස පැහැදිලි කරන්න. ***
- ප්‍රීති චෛතසිකයේ නොදෙන උපේක්‍ෂා සහගත සිත් පනස් පහ කුමක් ද ?
- නිවන් අවබෝධ කරගත් සෑම මනුෂ්‍යයෙකුටම අභිධර්මය අන් මනුෂ්‍යයින්ට ඉගැන්විය හැකි වේ ද ? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- මේ කාය සංස්කාර, වචී සංස්කාර සහ මනෝ සංස්කාර බෙදීම නිවන් මග පැත්තෙන් බලා පිළිතුරක් දෙන්න. එමෙන්ම මේ කරුනුත් පැහැදිලි කර දෙන්න. *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- දුෂ්කර පලාතක කථින පිං කමක් කිරීමේ දී වස් ආරාධනාව කෙසේ සිදුකල යුතු වේද ? ***
- සමාලෝචනය සහ අවසානය.
සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.
- https://us02web.zoom.us/j/4457486152?pwd=VExxT3RyQndMQXBtdGROR2pJWnJvdz09
Meeting ID: 4457486152
Passcode: Dhamma.
- 2026 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2025 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2024 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2023 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.