
සදහම් මණ්ඩපය – 06 (සතිපට්ඨාන දේශනා 04 – ඉරියාපථ මනසිකාරය) 01-10-2026
සදහම් මණ්ඩපය අංක: 06 (සතිපට්ඨාන දේශනා 04 – ඉරියාපථ මනසිකාරය) monthly Dhamma talk and discussion was conducted via Zoom on 01st October 2026 by Most Ven. Kukulpane Sudassi Thero.
This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.
සදහම් මණ්ඩපය, සෑම මාසයකම පළමු බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.30 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ හෝ ස්මාර්ට් ජංගම දුරකථනයේ හෝ ස්ථාපිත කරගන්න. ඉන් පසුව පහත Link එක Click කර පහත දැක්වෙන Passcode එක ඇතුල් කරන්න.
- https://us02web.zoom.us/j/4457486152?pwd=VExxT3RyQndMQXBtdGROR2pJWnJvdz09
Meeting ID: 4457486152
Passcode: Dhamma.
සදහම් මණ්ඩපය යන මෙම නව මාසික දහම් වැඩ සටහන ඕස්ට්‍රේලියා සහ නවසීලන්ත දහම් ශ්‍රාවකයන්ගේ ආරාධනය අනුව අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සෑම මසකම පළමු බ්‍රහස්පතින්දා සිදු කෙරේ. මෙම හයවන දහම් වැඩසටහන වර්ෂ 2026 ඔක්තෝබර් මස 01 දින ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 2.30 ට සිදු කෙරිණි.
සතර සතිපට්ඨානය ත්‍රිපිටකයෙන් කියවීමට මෙතනින් පිවිසෙන්න: සතිපට්ඨාන සූත්‍රය., මහා සතිපට්ඨාන සූත්‍රය, සතිපට්ඨාන සතර
අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකල මෙවර ධර්ම දේශනාව තුලින්
- ධර්ම දේශනාව: ඉරියාපථ මනසිකාරය පැහැදිලි කරන්න. **** (ඉරියාපථ මනසිකාරය පිලිබඳ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- ගිහියන්ට යුගනද්ධ වශයෙන් සමථ විපස්සනා වැඩීමට ඉරියාපථ මනසිකාරය කලක් දියුණු කල අයට මේ අයුරින් ප්‍රයෝජනවත් වෙනවා නොවේ ද ?*** (වටිනා පැනයක්, සාකච්ඡාවක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- සක්මන් භාවනාවේ දී ප්‍රකට වන ධාතු මොනවා ද ? *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- සක්මන් භාවනාවේ දී පය ඉදිරියට ඔසවා ගෙනයාමේ දී ඇතිවෙන චේතනාව පැහැදිලි කරන්න. එමෙන්ම කකුලක් ඔසවා තනි කකුලෙන් සිටින විට ප්‍රකට වන්නේ කිනම් ධාතුව ද ? *** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- යම් අවස්ථාවක දී අප ආපන ශාලාවක් හෝ ආහාර අලෙවි කරන ස්ථානයක් අසලින් ගමන් කරන විට, එහි ඇති ආහාරවල රසයට සිත ඇදී ගොස්, එම ආහාරයේ ගුණාගුණ හෝ අපට එය සැබවින්ම අවශ්‍යද යන්න පිළිබඳව නොසිතා එය අනුභව කිරීමට දැඩි කැමැත්තක් ඇති විය හැකිය. එවැනි අවස්ථාවකදී එම ආශාවට වහල් නොවී, සිත සංවර කරගෙන නිවැරදි තීරණයක් ගැනීමට වඩාත් සුදුසු ක්‍රමය කුමක්දැයි දැන ගැනීමට කැමැත්තෙමි. එම අවස්ථාවේදී එම ආශාව නිරීක්ෂණය කරමින් සිහියෙන් සිටීම වඩාත් සුදුසු ද ? නැතහොත් එවැනි පෙළඹීම් වලින් වැළකී සිටීමට බෞද්ධ ක්‍රමයක් භාවිත කළ යුතුද ? **** (වටිනා ප්‍රායෝගික පැනයක් සහ ඉතා වටිනා පිළිතුරකි.)
- බොජ්ඣංග පිරිත් දේශනා කර අසා සිටීමෙන් රෝගී වූ මහාකාශ්‍යප මහරහතන් වහන්සේ සුවපත් වූ බව අප අසා තිබෙනවා. බොජ්ඣංග පිරිත් දේශනාව තුළ ඇති විශේෂත්වය කුමක්ද ? එය අසා සිටීමෙන් මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ රෝගී තත්ත්වය සුවපත් වීමට හේතු වූයේ කෙසේ දැයි පැහැදිලි කර දෙන්න. *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- උදෑසන භාවනා වැඩසටහනකට සහභාගී වීමට ඇති නිසා, එදින මගේ දෛනික ශරීර ව්‍යායාමය නතර කිරීමට සිදුවෙනවා. ඒ වගේම දරුවන්ගේ කටයුතු, ගෙදර දොර වැඩ සහ රැකියාව සමඟ භාවනා කටයුතුත්, ශරීර සෞඛ්‍යය ගැන සැලකිලිමත් වීමත් සමබර කරගෙන යාම සමහර අවස්ථාවල අපහසු වෙනවා. එවැනි අවස්ථාවකදී භාවනා කටයුතු, ශරීර සෞඛ්‍යය, රැකියාව සහ පවුලේ වගකීම් අතර නිසි සමබරතාවයක් පවත්වාගෙන යාමට අප කටයුතු කළ යුත්තේ කෙසේ ද ? අපට ලැබී ඇති මේ කෙටි මනුෂ්‍ය ජීවිතය තුළ ධර්මය අවබෝධ කරගැනීමටත්, ධර්මය ශ්‍රවණය කිරීමටත් ප්‍රමුඛත්වය ලබා දිය යුතු බව සැබෑ නේද ? එසේ නම්, ලෞකික ජීවිතයේ දෛනික වගකීම් ඉටු කරමින්, ඒ අතරම ධර්මය ශ්‍රවණය කිරීමට හා භාවනා කිරීමට ප්‍රමාණවත් කාලයක් වෙන් කර ගැනීමේ දී අප ප්‍රමුඛතා සකස් කරගත යුත්තේ කෙසේ ද ? **** (වටිනා ප්‍රායෝගික පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- මා දෛනික ජීවිතයේ භාවනා කටයුතු හා ධර්ම දේශනා ශ්‍රවණය කිරීම වැනි කටයුතුවල යෙදී සිටින අතරතුර, සමහර අවස්ථාවලදී සිතට යම් කම්මැලිගතියක් හෝ අලස බවක් ඇති වෙනවා. එවැනි අවස්ථාවලදී මම සුළු මොහොතකට වෙනත් දෙයකට, සමහර විට කෙටි වීඩියෝ නැරඹීමට වැනි දේකට යොමු වෙනවා. නමුත් වීඩියෝ නැරඹීම අවසන් වූ පසුව මට සිතෙනවා, “අපරාදේ, ඒ කාලයත් තවත් ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමට හෝ භාවනා කිරීමට යොමු කළා නම් හොඳයි” කියලා. පින්වත් ස්වාමීන් වහන්ස, එවැනි අවස්ථාවලදී සිත තුළ කාමච්ඡන්දය හෝ වෙනත් අකුසල් සිතුවිල්ලක් ඇති වී තිබෙන බව මට යම් අවස්ථාවකදී වැටහෙනවා. නමුත් එය ඇති වූ මොහොතේම හඳුනාගෙන එතැනින් නවතා ගැනීම මට අපහසුයි. බොහෝ විට එය අවසන් වූ පසුව තමයි මට ඒ බව පැහැදිලිව වැටහෙන්නේ. එබැවින් මෙවැනි අවස්ථාවකදී මා කුමක් කළ යුතුද? සිත වෙනත් ආරම්මණයකට ඇදී යන විට, කැමති පිරිත් දේශනාවක් ශ්‍රවණය කිරීම, දරුවන්ට ඉගැන්වීමට හෝ වෙනත් යහපත් ආරම්මණයකට සිත යොමු කිරීම සුදුසුද ? කාමයෙන් නිරාමිසයට යන්නෙ කෙසේද ? **** (වටිනා ප්‍රායෝගික පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- බුද්ධ වන්දනාව සිදු කිරීමෙන් පසුව සිතේ ඇතිවන ප්‍රීතිය හා සතුටත් විදර්ශනා භාවනාවට භාවිත කළ යුතුද ? එම ප්‍රීතිය දෙස අනිත්‍ය, දුක්ඛ, අනත්ත වශයෙන් නුවණින් බැලීම සුදුසුද ? ***
- අරුණ මහත්මයා පැහැදිලි කළ ආකාරයට එයට එකතුවක් ලෙස මේ ක්‍රමය භාවිතා කළ හැකිද ? උදාහරණයක් ලෙස, රූපයක් දකින විට ‘මේ රූපය දැකීම’ එකක්, ‘එය දැනගැනීම’ තවත් එකක් ලෙස වෙන් කර දැකීමත්, ශබ්දයක් ඇසෙන විට ‘ශබ්දය ඇසීම’ එකක්, ‘එය දැනගැනීම’ තවත් එකක් ලෙස වෙන් කර දැකීමත් කළ හැකිද? එසේ ඇස, රූපය සහ චක්ඛු විඤ්ඤාණය ආදී ආයතන හා ක්‍රියාවලිය වෙන් වෙන්ව නිරීක්ෂණය කරමින් සිටින විට, ඒවාට බැඳෙන ලෝභය, ද්වේෂය වැනි කෙලෙස් ක්‍රමයෙන් අඩු වීමට උපකාරී වේද? මෙය විදර්ශනා භාවනාවට සුදුසු ක්රමයක්ද ? එසේ නම් එය නිවැරදිව ප්‍රායෝගිකව කරන්නේ කෙසේ දැයි පහදා දෙන සේක්වා. **** (වටිනා පැනයක් සහ ඉතා පැහැදිලි කිරීමකි.)
2026 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.