
අභිධර්මයේ මූලික කරුණු අංක: 57 (ප්‍රත්‍ය විභාගය 06) 19-09-2026
අභිධර්මයේ මූලික කරුණු අංක: 57 (ප්‍රත්‍ය විභාගය 06) Saturday Dhamma Discussion was conducted via Zoom on 19th September 2026 by Most Ven. Kukulpane Sudassi Thero.
This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.
“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ දෙසිය විසි හතර වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2026 සැප්තැම්බර් මස 19 වන දින සිදුකරන ලදී.
මෙම දේශනා අති පූජනීය රේරුකානේ චන්දවිමල මහ තෙරුන් වහන්සේ විසින් රචිත “අභිධර්මයේ මූලික කරුණු” යන වටිනා ග්‍රන්ථය ඇසුරෙන් සිදු කෙරේ.
“අභිධර්මයේ මූලික කරුණු” ග්‍රන්ථයට මෙතැනින් පිවිසෙන්න: අභිධර්මයේ මූලික කරුණු. එම වටිනා ග්‍රන්ථයේ මෙවර සාකච්ඡා කෙරුණු කොටසට මෙතනින් පිවිසෙන්න: නිඃශ්‍රය ප්‍රත්‍යය
මෙවර ධර්ම දේශනාව තුලින් නිඃශ්‍රය ප්‍රත්‍යය පිළිබඳව ගැඹුරු පැහැදිලි කිරීමක් සිදු කෙරිණි. එසේම මෙදින ධර්ම සාකච්ඡාවේදී මෙම වැඩසටහනට අනුගත සහ සිත ප්‍රායෝගිකව අධ්‍යාත්මික බවේ දියුණු කරන අයට සම්බන්ධ වටිනා පැන රැසක් මතු කෙරුණු අතර ඒවා පිළිබඳව බොහෝ වටිනා පැහැදිලි කිරීම් සිදු කෙරිණි.
- ධර්ම දේශනාව: නිඃශ්‍රය ප්‍රත්‍යය පිළිබඳව පැහැදිලි කරන්න. **** (වටිනා, ගැඹුරු පහදා දීමකි.)
- චිත්ත වීථි ඇති වන්නේ සිතක් ආශ්‍රය කරගෙන චිතක්ෂණ දාහතක් යන ආකාරයට බාහිර රූප වලත් ඒ කාලය තිබෙනවා. එය අපට අදාළ ද ? **** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- ස්වාමීන්වහන්සේ කියවන පොත මොකක්ද කියල මට දැන ගන්න පුළුවන්ද ?
- සබ්බපාපස්ස අකරණං, කුසලස්සඋපසම්පදා ගාථාවේ කුසල් යන්නෙන් සිත පිරිසුදු කිරීම යන්න අර්ථවත් කරනවාද ? එසේ නම් සචිත්ත පරියෝදපනං යන්නෙන් සිත පිරිසිදු කිරීමද නැත්නම් වෙනත් අර්ථයක් ද පැහැදිලි කර දෙන්න. **** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- මා ගෙදර සිටින විට ගෙදර දොරේ කමටහන ලෙස ඉරියාපථ භාවනාව සිදුකරමි. එහෙත් උදේ රැකියාවට ගියපසු ඒ සෑම දේම අමතක වී යයි. ගෙදර ආපසු නිමිති ගොඩක් ගෙන තිබීම නිසා සිතට මහත් වදයක් වේ. මෙයින් මිදිය හැක්කේ කෙසේද ? *** (වටිනා ප්‍රායෝගික පැහැදිලි කිරීමකි.)
සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.
- https://us02web.zoom.us/j/4457486152?pwd=VExxT3RyQndMQXBtdGROR2pJWnJvdz09
Meeting ID: 4457486152
Passcode: Dhamma.
- 2026 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2025 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2024 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2023 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.