සිත යෝනිසෝමනසිකාරය දක්වා පුහුණු කිරීම. (08-05-2023)

සිත යෝනිසෝමනසිකාරය දක්වා පුහුණු කිරීම. (08-05-2023)

සිත යෝනිසෝමනසිකාරය දක්වා පුහුණු කිරීම පිළිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදුකල මෙම ධර්ම දේශනාව ඉතා විශිෂ්ඨ දේශනාවක් වන්නේ එමගින් අපගේ සිත යෝනිසෝ මනසිකාරය දක්වා පුහුණු කිරීමේ අවශ්‍යතාවයත් සහ සිත එසේ පුහුණු කරන්නේ කෙසේද යන කාරණා මැනවින් පැහැදිලි කරන බැවිනි.

එමෙන්ම මෙම යෝනිසෝමනසිකාරය, චිත්තානුපස්සනා සහ ධම්මානුපස්සනා සතිපට්ඨාන භාවනාවට සම්බන්ධ වෙන ආකාරය මෙම දේශනාව හොඳින් ශ්‍රවණය කිරීමේ දී පැහැදිලි වේ.

මෙහිදී පහත දැක්වෙන කරුණු විශේෂයෙන්ම මතු කෙරිණි.

  1. බුදුරජාණන් වහන්සේ ආශ්‍රව වශයෙන් කෙලෙස් නැති කිරීම ගැන දේශනා කලේ නුවණින් මෙනෙහි කිරීමට හැකි අයට පමණි! එතරම් සුවිශේෂ වූ නුවණින් මෙනෙහි කිරීම යෝනිසෝ මනසිකාරය බව මන ලෙස පැහැදිලි කිරීම.
  2. එමෙන්ම සතිය සහ සම්පජඤ්ඤය කුමක්ද යන්න ගැඹුරින් තේරුම් කර දීම. එම පැහැදිලි කිරීම විශේෂයෙන්ම වැදගත් වන්නේ වර්ථමානයේ සතිය පිළිබඳව වෙනස් අර්ථකථන ඇති බැවිනි.

මෙම ධර්ම දේශනාවට පාදක වූයේ මජ්‌ඣිම නිකායේ, මූල පන්නාසකයේ, මූලපරියාය වර්ගයේ එන සබ්බාසව සූත්‍රයයි. එම සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න: සබ්බාසව සූත්‍රය.


අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
  2. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  3. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  4. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  5. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  6. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  7. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

සුගත පද විවරණ – (ධර්ම විනිශ්චය 05 – ප්‍රර්ථනා) 23-10-2022

මෙවර සුගත පද විවරණ වල ප්‍රර්ථනා පිලිබඳ වැඩසටහන විශේෂ ප්‍රායෝගික වැදගත් කමකින් යුතු වන නිසාවෙන් එයින් උපුටා ගන්නා ලද කෙටි දහම් ඛණ්ඩයන් දෙකක් පළමුවෙන් ඉදිරිපත් කරනෙමු.  අති පූජ්‍ය රේනුකානේ චන්දවිමල මහා නායක ස්වාමීන් වහන්සේ විිසින් රචිත “ධර්ම විනිශ්චය” ග්‍රන්ථය ඇසුරු කරගනිමින් සුගත පද විවරණ දහම් මාලාවේ නව පරිච්චේදයක් වර්ෂ 2022 සැප්තැම්බර් මස 18 ඉරු දින ආරම්භ කෙරිණි.  බුදු දහම පැහැදිලි කරගත යුත්තේ කවර පදනමක මත සිටද යන මූලික සංකල්ප සහ අත්‍යවශ්‍ය කරුණු මෙම ග්‍රන්ථයේ පැහැදිලි කෙරේ.  බුදු දහම පිළිබඳව නොයෙකුත් විකෘති මතවාදයන් පැතිරෙන මෙවන් කාලයක සිදු කෙරෙන මෙම නව සුගත පද විවරණ දහම් මාලාව බෙහෙවින් කාලීන වැදගත් කමකින් යුතු වේ.

  1. ඉක්මනින් නිවන් දැකීමේ ප්‍රාර්ථනාව නිවැරදිද_අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ. (විනාඩි 08).
  2. දානය සහ ශීල, භාවනා අතර පරමාර්ථ වශයෙන් ඇති වෙනස_අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ. (විනාඩි 06)

සම්පුර්ණ වැඩසටහන වන අංක 05 නැරඹීමට හෝ සවන් දීමට පහත ඇති යොමුවෙන් පිවිසෙන්න.

සුගත පද විවරණ – ධර්ම විනිශ්චය.

සංවරා පහා තබ්බා – Saturday Dhamma Discussion – 84 (22-10-2022)

සෙනසුරාදා ධර්ම සාකච්ඡාව – අංක: 84 (සංවරා පහා තබ්බා -කෙලෙස් දුරු කරන විවිධ උපාය මාර්ග) 22-10-2022

සංවරා පහා තබ්බා Saturday Dhamma Discussion – 84 (22-10-2022) was conducted on 22 October 2022 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Dhamma Discussion – 84 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ අසූ හතර වෙනි ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2022 ඔක්තෝබර් මස 22 වන දින සිදුකරන ලදී.

මෙවර ධර්ම දේශනාවේදී සබ්බාසව සූත්‍රයේ දැක්වෙන සංවරා පහා තබ්බා යන්න කුමක්දැයි පැහැදිළි කරන ලදී.  සංස්කාර වල ඇති ඉන්ද්‍රිය පිනවන ගතිය නිසා ඇතිවන ඉන්ද්‍රියන්ගේ පිනවීමට ඇතිවෙන අවශ්‍යතාවය ඇතිවෙන ආකාරය සහ ක්ලේෂ කාම (සංකල්පීය කාමය), වස්තු කාම (භෞතික වශයෙන් විඳීමේ කැමැත්ත) අන්‍යොන්‍යව ක්‍රියාත්මක වෙන ආකාරයන් මනාකොට විස්තර කරන ලදී.

එමෙන්ම බුදුදහමේ සති සංවරය කුමක්ද සහ ඒ තුලින් සංවරා පහා තබ්බා ඇති කරගන්නා ආකාරය මනාව සහ ක්‍රමිකව පැහැදිලි කරන ලදී.  එමෙන්ම අද දින දේශනාවට අනුගතව වටිනා දහම් පැන ධර්ම සාකච්ඡාව තුලින් ද මතු කෙරිණි.

ත්‍රිපිටකයේ එම සබ්බාසව සූත්‍රය මෙතනින් කියවන්න: සබ්බාසව සූත්‍රය.

මෙම (සංවරා පහා තබ්බා – සබ්බාසව සූත්‍රය 04) ධර්ම සාකච්චාවේ වීඩියෝව නැරඹීමට මෙතන click කරන්න.

මෙම සම්පුර්ණ ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව ශබ්ද සංස්කරණය කොට ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් වෙන්කොට පහතින් ඇතුලත් කර තිබේ.


  1. සංවරා පහා තබ්බා යන්න පැහැදිලි කරන්න. *** (සති සංවරයෙන් ආශ්‍රව ප්‍රහාණය වෙන ආකාරය ඉතා පැහැදිලි ලෙස මෙහි විස්තර කෙරේ.)
  2. සති සංවරය භාවනාවක් තුලින් පුහුණු කරන විට ඇතිවන ථීනමිද්ධ නීවරණය හට ගැනීමට ක්ලේෂ කාම සහ වස්තු කාම බලපාන ආකාරය පැහැදිලි කරන්න. *** (මෙම සම්බන්ධතාවය අවබෝධ කරගැනීම භාවනාව පුහුණු වන්නන් හට වැදගත් වේ. එමෙන්ම ථීනමිද්ධ නීවරණය හට ගැනීමේ නොයෙක් ආකාර මෙහිදී පැහැදිලි කෙරේ.) 
  3. ක්ලේෂ කාම සහ වස්තු කාම ක්‍රියාත්මක වෙන ආකාරය නිසාම අප වෙළඳ ප්‍රචාර වලටත් හසු වෙනවා නොවේ ද? *** (මෙම ක්‍රියාදාමය පිළිබඳව අවබෝධයක් ඇතිකර ගැනීම එදිනෙදා සාමාන්‍ය ජීවිතයට පවා වැදගත් වේ.)
  4. මොනරා ලස්සන වී ඉපදුනේ දන් දී තිබුණු නිසාත් සහ තිරිසනකු වූයේ දුසිල්වත් වූ නිසාත් දැයි කියනා කරුණ පහදා දෙන්න.
  5. පුරා සතියක් සිල් සමාදම් වී දින කිහිපයක් ගත වූ විට දැඩි වෙහෙසක් ඇති වීම නැති කරගන්නේ කෙසේ ද? *** (බාධක දුරු කරමින් සාධක දියුණු කිරීම පිලිබඳ වටිනා උපදේශයකි.)
  6. ආශ්‍රව සංවර කිරීමේදී යෝනිසෝමනසිකාරය සහ අයෝනිසෝමනසිකාරය එතැනට ගලපා ගන්නා ආකාරය පැහැදිලි කරන්න. *** (ගෞරවනීය ස්වාමින්වහන්සේ සඳහන් කල වැඩිදුර පැහැදිලි කිරීම මෙම වෙබ් පිටුවේ පළවෙනි පැනයෙන් දැක්වේ. මෙතැනින් පිවිසෙන්න.) 
  7. සබ්බාසව සූත්‍රයේ මුල් කරුණු හය ආර්ය අෂ්ඨාංගික මාර්ගයටත් අවසාන කරුණ සම්මා විමුක්ති වලට වශයෙන් ගොනු කල හැකි ද?
  8. මනසිකාර චෛතසිකය අප විසින් ආයාසයෙන් මෙනෙහි කල යුතු චෛතසිකයක් ද?
  9. සති ගණන් කරන භාවනා වලට වඩා එදිනෙදා කරන වැඩ වලින් කුසල් රැස්වේ ද? ***
  10. චාරිත්‍ර ශීලය සහ වාරිත්‍ර ශීලය පිළිබඳව පැහැදිලි කරන්න.
  11. අප බොහෝවිට සසරින් ගැලවෙන්න හදන්නෙත් තෙහෙට්ටුව නිසා නොවේ ද? ***
  12. ඉන්ද්‍රිය සංවරය දියුණු වූ විට එය අජ්ජත්ත බහිද්දා යන තත්වයට පැමිණෙනවා ද?
  13. අවසානය.

සමාධිභාවනා සූත්‍රය – Samadhibhavana Sutta. (පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ)

සමාධිභාවනා සූත්‍රයSamadhibhavana Sutta මීතිරිගල නිස්සරණ වණසේනාසන වාසී පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් ඉරිදා සූත්‍ර දේශනා මාලාවේ 20 වන සූත්‍රය ලෙස වර්ෂ 2022 සැප්තැම්බර් මස 25 වන දින ආරම්භ කර ඔක්තෝබර් මස 09 වෙනි දින අවසාන කරන ලදී.

පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින් වහන්සේ සමාධිය පිලිබඳ සිදුකරන දේශනා මාලාවේ දෙවන සූත්‍රය ලෙස උද්දේසවිභඞ්ග සූත්‍රයට පසුව මෙම සූත්‍ර දේශනාව ආරම්භ කරන ලදී.  එම පළමු සූත්‍ර දේශනාවට මන ලෙස ගැලපෙන අයුරින් මෙම සමාධිභාවනා සූත්‍ර දේශනා මාලාව ඉදිරිපත් කෙරේ. 

මෙම සූත්‍රයේදී සමාධි භාවනාවේ ‘වර්ග’ හෝ ‘ආකාර’ හෝ හතරක් පිළිබඳව පැහැදිලි කෙරේ. මෙම සූත්‍රය භාවනා යෝගීන් හට ඉතාම වැදගත් වෙන බුද්ධ දේශනාවකි. එමෙන්ම ප්‍රායෝගික වටිනා කමකින් යුතු ධර්ම සාකච්ඡාවන් ද මෙහි ඇතුලත් වේ.

සමාධිභාවනා සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න: සමාධිභාවනා සූත්‍රය.


  1. ධර්ම දේශනාව 01 – සමාධිභාවනා සූත්‍රය. (25-09-2022)
  2. ධර්ම සාකච්ඡාව 01 – සමාධිභාවනා සූත්‍රය. (25-09-2022)
  3. ධර්ම දේශනාව 02 – සමාධිභාවනා සූත්‍රය. (02-10-2022)
  4. ධර්ම සාකච්ඡාව 02 – සමාධිභාවනා සූත්‍රය. (02-10-2022)
  5. ධර්ම දේශනාව 03 – සමාධිභාවනා සූත්‍රය. (09-10-2022)
  6. ධර්ම සාකච්ඡාව 03 – සමාධිභාවනා සූත්‍රය. (09-10-2022)

සමාධිභාවනා සූත්‍රය මූලික කරගත් ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා මාලාව මෙයින් අවසාන වේ.

පසුගිය ඉරිදා දහම් වැඩසටහන් ඇති වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න.</str

එදිනෙදා ජීවිතයේ මමත්වය අඩු කරගත හැකි ආකාරය. (09-10-2022)

එදිනෙදා ජීවිතයේ මමත්වය අඩු කරගත හැකි ආකාරය පිළිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදුකල මෙම වටිනා ධර්ම දේශනාව පහත සඳහන් කරුණු නිසා ගිහි පැවිදි සෑම දෙනාටම ඉතාම වැදගත් වේ;

  1. අප සංකල්පීය වශයෙන් ගොඩනගා ගන්නා මමත්වය දැඩිව උපාදාන කර ගැනීම නිසාම අප ‘මම’ මෙහෙම කෙනෙක් යැයි අර්ථ නිරූපණය කර ගනිමින් ඒ තුලින් ගැටීම්, චිත්ත වේදනා සහ ඇලීම් ඇති කරගන්නා ආකාරය එදිනෙදා ජීවිතයේ ප්‍රායෝගික උදාහරණ තුලින් පෙන්වා දීම. 
  2. ම ‘මම’ නිසා මිනිසුන් එදිනෙදා ජීවිතයේදී ඇති කරගන්නා ‘මම සිතන විධියටම දේවල් සිද්ධ වෙන්නට ඕනෑ’ සහ ‘මම මෙහෙම කෙනෙක්’ යන දැඩිව අල්වා ගන්නා හේතුව නිසා විවාහ සහකරුවන් තුල, සමාජය තුල, ආයතන තුල, වෛද්‍යවරුන් තුල, ප්‍රධානින් තුල, ගුරුවරුන් තුල, භික්ෂුන් වහන්සේලා තුල, භාවනා යෝගීන් තුල, දෙමාපියන් තුල, යනාදී බොහෝ දෙනා තුල ඇති වන මමත්වයේ ප්‍රබල තාවය මත සිදුවිය හැකි, මේ ජීවිතයේ සහ සංසාරයට බල පැවැත්විය හැකි, ඒ අයට නොතේරෙන දුබල කම් රැසක් හඳුනා ගන්නා ආකාරය පැහැදිලි කිරීම. එමෙන්ම ඒ නිසා විවාහ බිඳ වැටීම්, පුද්ගල සහ සමාජ සංවර්ධනයේ දුබලතා ඇතිවීම් සහ ආධ්‍යාත්මික ප්‍රවර්ධනයේ දුබලතා ඇති වෙන ආකාරය පැහැදිලි කිරීම.
  3. එවැනි මමත්වය අඩු කරගත හැකි ආකාරයන් පෙන්වා දීම.

මෙම ධර්ම දේශනාවට පාදක වූයේ ධම්ම පදයේ බාල වග්ගයේ සඳහන් ගාථා රත්නයකි.  එම ගාථාව සහ නිධාන කථාව මෙතැනින් කියවන්න.


ගෞරවනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  2. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  3. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  4. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  5. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  6. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

ලෝණඵල සූත්‍රය – Lonaphala Sutta.

ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා මේ දිනවල මානසික සහ කායික පීඩාකාරී ජීවිතයක් ගත කරති. බුදු දහම ගැන දැනුමක් ඇති අය මේ කාලයේ ‘නරක පෙර කර්ම’ රටක් ජාතියක්ව වශයෙන් සාමුහිකව විඳිමින් සිටින බව විශ්වාස කරති. එවන් කර්මයන් පවා අභිබවා යාමට ක්‍රමවේදයක් ලෝණඵල සූත්රය තුලින් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කර ඇත. 

එම ලෝණඵල සූත්රය පාදක කරගෙන මීළඟ සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙළ වර්ෂ 2022 ජූලි මස 09 දිනයේදී අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් ආරම්භ කෙරෙනු ඇත.

එම ධර්ම සාකචිඡාවට සහභාගි වන ඔබ සැවොම පහත දැක්වෙන ධර්ම දේශනාව ශ්රවණය කර සහ ග්රන්ථය පරිශීලනය කර සම්බන්ධ වෙන්න. එම දැනුම පාදක කරගෙන ඔබගේ ජීවිතයට ප්රායෝගිකව ඇතිවන ප්රශ්න ගැටලු සාකචිඡාවට බදුන් කරන විට එය වඩාත් අර්ථවත් ධර්ම සාකචිඡාවක් වනු ඇත.

  1. “කර්මය අභිබවා යන මහේශාක්‍ය බව” දහම් දේශනාව මෙතනින් බාගත කරන්න.
  2. “කර්මය අභිබවා යන මහේශාක්ය බව”  pdf ග්රන්ථය.


  • සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම  ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණ කයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.
    https://us02web.zoom.us/j/4457486152?pwd=VExxT3RyQndMQXBtdGROR2pJWnJvdz09
    Meeting ID: 4457486152
    Passcode: Dhamma.

රටේ පවතින වත්මන් තත්වය හමුවේ අප විසින් සිදු කළ යුතු දේ.

Image by anuvat intarachune from Pixabay.

රටේ පවතින වත්මන් තත්වය හමුවේ අප විසින් සිදු කළ යුතු දේ පිලිබඳ අති පුජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියස රූපවාහිනිය තුලින් සිදුකල මෙම ධර්ම දේශනාව ශ්‍රී ලාංකිකයන් හට ඉතාම කාලෝචිත වන්නේ;

  1. පුද්ගලිකව සහ ජනතාවක් වශයෙන් අප අපදා අවස්ථාවන් වලදී හැඟීම් මත සහ ඇබ්බැහි මත ප්‍රතික්‍රියා කිරීම වෙනුවට සිහිය සහ නුවණ අවධි කරගන්නා ආකාරය.
  2. අපදා අවස්ථාවන් (අපේක්ෂා නොකළ කරදරයක්) වලදී අපගේ මානසික හා කායික වීර්යත් සහ බලයත් පුබුදුවා ගැනීමේ හැකියාවේ ඇති වැදගත්කම.
  3. මෙවන් ආපදා කාලයක දී එයින් නැගී සිටීමට අප විසින් සිදුකල යුතු පියවර පහක් ඇතුලත් ක්‍රමවේදය හඳුන්වා දීම.

යන කරුණු නිසාවෙනි.


ගෞරවනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  2. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  3. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  4. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  5. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  6. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

ධම්මානුපස්සනාව තුලින් විජ‍්ජා විමුත‍්තිය.

මීතිරිගල නිස්සරණ වනවාසී පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ සිදුකල ඉරිදා සූත්‍ර දේශනා මාලාවේ ආනාපානසති සූත්‍රය වර්ෂ 2022 ජනවාරි 16 දින අවසාන විය.

අවසාන දේශනාවේදී ධම්මානුපස්සනාව තුලින් විජ‍්ජා විමුත‍්තිය දක්වා දියුණු කිරීම පැහැදිලි කරන ලදී. මෙම දේශනා මාලාව යොගාවචරයන්ට නවත නැවතත් ශ්‍රවණය කිරීමට වටිනා දේශනා මාලාවකි.  මෙම දේශනා මාලාව මනාව ශ්‍රවණය කිරීම සහ එම කරුණු පරිශීලනය තුලින් යෝගාවචරයන්ගේ ධම්මානුධම්ම ප්‍රතිපදාව දියුණු කරගැනීමට හැකි වනවා ඇත. 

Image by river_cm from Pixabay

පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් ඉරිදා සූත්‍ර දේශනා මාලාවේ එකොලොස් වන සූත්‍ර මාලාව ලෙස ආනාපානසති සූත්‍රය පිලිබඳ දේශනා මාලාව වර්ෂ 2021 නොවැම්බර් මස 14 වෙනි දින ආරම්භ කරන ලදී.

ආනාපාන සතිය බුදුරජාණන් වහන්සේ විසින් අප වෙත හඳුන්වා දුන් ප්‍රධානම භාවනා ක්‍රම වේදයකි. ආශ්වාසය හා ප‍්‍රාශ්වාසය මූලික කොටගෙන වෙනත් ආගම් වලද භාවනාවන් ප්‍රචලිත වී තිබේ. එනමුදු ඒවා තුලින් ලබන ප්‍රතිඵලයන් බුදු දහමේ ඉලක්ක කරන ප්‍රතිඵලයන් වලට වඩා වෙනස් වේ. බුදුරජාණන් වහන්සේ දේශනා කල ආනාපානසති සූත්‍රය තුලින් ආශ්වාසය සහ ප‍්‍රාශ්වාසය පිලිබඳව ඇති කරගන්නා සතිය නිවන් දැකීම සඳහා දියුණු කරන ක්‍රමවේදය පැහැදිලි වේ.

ආනාපානසති සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න.


මෙම Zoom දුරස්ථ වැඩසටහනට සම්බන්ධ වීමට Zoom මෘදුකාංගය ස්ථාපිත කරගෙන පහත දැක්වෙන අයුරින් සම්බන්ධ වන්න.

Use the following link and meeting details to join the program.
මෙම වැඩසටහන ඉරිදා දිනවල ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදැසන 07.00 ආරම්භ වේ.
Meeting ID:  882 8951 5672

Password: 171717


  1. ධර්ම දේශනාව 01 – ආනාපානසති සූත්‍රය. (14-11-2021)
  2. ධර්ම සාකච්චාව 01 (14-11-2021)
  3. ධර්ම දේශනාව 02 – ආනාපානසති සූත්‍රය – කායානුපස්සනාව. (21-11-2021)
  4. ධර්ම සාකච්චාව 02. (21-11-2021)
  5. ධර්ම දේශනාව 03 – ආනාපානසති සූත්‍රය – වේදනානුපස්සනාව. (05-12-2021) ***
  6. ධර්ම සාකච්චාව 03. (05-12-2021) ***
  7. ධර්ම දේශනාව 04 – ආනාපානසති සූත්‍රය – චිත්තානුපස්සනාව සහ ධම්මානුපස්සනාව. (12-12-2021) ***
  8. ධර්ම සාකච්චාව 04. (12-12-2021) ***
  9. ධර්ම දේශනාව 05 – ආනාපානසති සූත්‍රය – කායානුපස්සනාව තුලින් සප්ත බොජ්ඣංග වැඩෙන ආකාරය. (19-12-2021) ***
  10. ධර්ම සාකච්චාව 05. (19-12-2021) ***
  11. ධර්ම දේශනාව 06 – ආනාපානසති සූත්‍රයවේදනානුපස්සනාව සහ චිත්තානුපස්සනාව තුලින් සප්ත බොජ්ඣංග වැඩෙන ආකාරය. (26-12-2021) ***
  12. ධර්ම සාකච්චාව 06. (26-12-2021) ***
  13. ධර්ම දේශනාව 07 – ආනාපානසති සූත්‍රයධම්මානුපස්සනාව තුලින් සප්ත බොජ්ඣංග වැඩෙන ආකාරය. (09-01-2022) ***
    මෙම දේශනාවට වැදගත් වෙන සටහන සහිත PDF ආනාපානසති සූත්‍රය.
  14. ධර්ම සාකච්චාව 07. (09-01-2022)
  15. ධර්ම දේශනාව 08 – ආනාපානසති සූත්‍රය – ධම්මානුපස්සනාව තුලින් විජ‍්ජා විමුත‍්තිය. (16-01-2022)
  16. ධර්ම සාකච්චාව 08. (16-01-2022)

ඉරිදා සූත්‍ර දේශනා මාලාවේ ආනාපානසති සූත්‍රය – Anapanasati Sutta මෙයින් නිමා වේ.

පසුගිය ඉරිදා දහම් වැඩ සටහන් ඇතුලත් මූලික වෙබ් පිටුවට පිවිසීමට මෙතන click කරන්න.

ප්‍රපඤ්ච සමනය පිලිබඳ දේශනා මාලාව.

මීතිරිගල නිස්සරණ වන වාසී පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් ඉරිදා සූත්‍ර දේශනා මාලාවේ දසවන සූත්‍ර මාලාව ලෙස ප්‍රපඤ්ච සමනය පිළිබඳව මධුපිණ්ඩික සූත්‍රය මූලික කොට ගෙන නව දේශනා මාලාවක් වර්ෂ 2021 අගෝස්තු මාසයේ 08 ඉරු දින ආරම්භ කරන ලදී.

Image by Steve Buissinne from Pixabay

මෙම දේශනා මාලාවේ මූලික තේමාව වන ප්‍රපඤ්ච සමනය  වැඩිදුරට පැහැදිලි කිරීමට සාධක සුත්‍ර ලෙස පසුව ඉන්ද්‍රිය භාවනා සූත්‍රය, සක්කපඤ්හ සූත්‍රය, ද්වේධා විතක්ක සූත්‍රය, විතක්කසණ්ඨාන සූත්‍රය, භද්‍දක සූත්‍රය සහ මහාකොට්ඨික සූත්‍රය යනාදී සුත්‍ර ධර්ම ගණනාවක් උපයෝගී කරගන්නා ලදී.


How to Download or Directly Listen to the audio files.

To download: You could download the file by right clicking on the file link and then selecting “save as” from the drop down menu. Save the file into a pre designated folder to listen on multiple occasions. This is the best way to save your internet allocation.

To listen directly: Please left click on the link to listen directly. Once the link is clicked, you will be directed to a separate page containing the talk. Usually the file starts to play in that window. If it doesn’t you could highlight the browser window and click ‘reload this page’. It will start to play.

  1. ධර්ම දේශනාව – මධුපිණ්ඩික සූත්‍රය 01 (08-08-2021)
    මධුපිණ්ඩික සූත්‍රය ත්‍රිපිටකයෙන් කියැවීමට මෙම යොමුව මත click කරන්න.
  2. ධර්ම සාකච්චාව 01 (08-08-2021)
  3. ධර්ම දේශනාව – මධුපිණ්ඩික සූත්‍රය 02 (15-08-2021)
  4. ධර්ම සාකච්චාව 02 (15-08-2021)
  5. ධර්ම දේශනාව 03 – ඉන්ද්‍රිය භාවනා සූත්‍රය 01 (29-08-2021)
    ඉන්ද්‍රිය භාවනා සූත්‍රය ත්‍රිපිටකයෙන් කියැවීමට මෙම යොමුව මත click කරන්න.
  6. ධර්ම සාකච්චාව 03 (29-08-2021)
  7. ධර්ම දේශනාව – ඉන්ද්‍රිය භාවනා සූත්‍රය 02 (05-09-2021)
  8. ධර්ම සාකච්චාව 04 (05-09-2021)
  9. ධර්ම දේශනාව – සක්කපඤ්හ සූත්‍රය 01 (12-09-2021)
    සක්කපඤ්හ සූත්‍රය ත්‍රිපිටකයෙන් කියැවීමට මෙම යොමුව මත click කරන්න.
  10. ධර්ම සාකච්චාව 05 (12-09-2021)
  11. ධර්ම දේශනාව – සක්කපඤ්හ සූත්‍රය 02 (19-09-2021) – ගෞරවනීය ස්වාමින්වහන්සේ අද දින භාවිතා කල pdf රූ සටහන මෙතනින් බාගත කරන්න.
  12. ධර්ම සාකච්චාව 06 (19-09-2021)
  13. ධර්ම දේශනාව – සක්කපඤ්හ සූත්‍රය 03 (26-09-2021)
  14. ධර්ම සාකච්චාව 07 (26-09-2021)
  15. ධර්ම දේශනාව – සක්කපඤ්හ සූත්‍රය 04 (03-10-2021)
  16. ධර්ම සාකච්චාව 08 (03-10-2021)
  17. ධර්ම දේශනාව – ද්වේධා විතක්ක සූත්‍රය 01 (10-10-2021)
    ද්වේධා විතක්ක සූත්‍රය ත්‍රිපිටකයෙන් කියැවීමට මෙම යොමුව මත click කරන්න.
  18. ධර්ම සාකච්චාව 09 (10-10-2021)
  19. ධර්ම දේශනාව – ද්වේධා විතක්ක සූත්‍රය 02 (17-10-2021)
  20. ධර්ම සාකච්චාව 10 (17-10-2021)
  21. ධර්ම දේශනාව – 11 – විතක්කසණ්ඨාන සූත්‍රය 01 (24-10-2021)
    විතක්කසණ්ඨාන සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න.
  22. ධර්ම සාකච්ඡාව 11 (24-10-2021)
  23. ධර්ම දේශනාව – 12 – භද්‍දක සූත්‍රය. (31-10-2021)
    භද්‍දක සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න.
  24. ධර්ම සාකච්චාව 12 (31-10-2021)
  25. ධර්ම දේශනාව – 13 – මහාකොට්ඨික සූත්‍රය. (07-11-2021)

    මහාකොට්ඨික සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න.
  26. ධර්ම සාකච්ඡාව 13 (07-11-2021)

ප්‍රපඤ්ච සමනය පිලිබඳ දේශනා මාලාව මෙතකින් අවසාන වේ.

ගෞරවනීය ස්වාමින්වහන්සේගේ සිංහල බසින් සිදුකල දේශනා සංචිතයට මෙතනින් පිවිසෙන්න.

Please click here to reach the Dhamma recordings of the Ven. Thero conducted in English.

සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චාවන් අංක: 28 සහ 29

තෙරුවන් සරණයි!,

සති කිහිපයකට පසුව මෙම දහම් සාකච්චා පිලිබඳ විස්තර ඔබ වෙත ඉදිරිපත් කරනෙමු. කොවිඩ් 19 රෝගය වැළඳීම නිසා අපහට සති දෙකක් පමණ දහම් ප්‍රචාරක කටයුතු වල නිරතවීමට නොහැකි විය.  දැන් කටයුතු යථා තත්වයට පැමිණ තිබේ.

මේ පහලින් දැක්වෙන්නේ පසුගිය සති දෙකේ ඇති පුජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින්  සිදුකල වටින ධර්ම සාකච්චා දෙකකට ඇති වෙබ් යොමුවන් වේ. මේ රූ සටහන් මත click කිරීමෙන් නියමිත වෙබ් පිටුවට යා හැකිය.

මෙම ධර්ම සාකච්චාවන් සතර සතිපටිඨානයේ ධම්මානුපස්සනාවේ ස්කන්ධ සහ ආයතන පාදක කරගෙන සිදුකරනු ලැබීය. ඉතා ප්‍රායෝගික වැදගත්කමක් ඇති ප්‍රශ්න සහ පිළිතුරු මෙහි ඇතුලත් වේ.  එම විශේෂ වටිනාකමකින් යුතු ප්‍රශ්න වෙනම සඳහන් කර ඇත.

මෙයට දහම් හිතකාමී,

අරුණ මනතුංග

Saturday Dhamma Discussion – 29 (සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චාව – අංක: 29)

Saturday Dhamma Discussion – 28 (සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චාව – අංක: 28)