New Dhamma Uploads – 27 January 2022

We are pleased to provide the following new Dhamma uploads to our English and Sinhala listeners/viewers. There are two in English and three in Sinhala.  These are conducted by Ven. Panadure Chandaratana Thero and Most Ven. Kukulpane Sudassi Thero.

මෙම කලාපයෙන් දම්සර දහම් වෙබ් අඩවියට එකතු වූ නවතම අංගයන් කිහිපයක් ඉදිරිපත් කරන්නෙමු. එම නව දහම් එකතු ඉංග්‍රීසි භාෂාවෙන් සහ සිංහල භාෂාවෙන් ඉදිරිපත්කර තිබේ. ඒවා අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වන්සේ සහ පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් සිදුකල දේශනා ඇසුරිනි.


In English:

  1.  Sunakkhatta Sutta – January 2022: Sunakkhatta Sutta was used as the Dhamma topic by Ven. Panadure Chandaratana Thero at  Kalalgoda Vipassana Center during the one day meditation program. This popular program was conducted on 23 January 2022 after more than 01 years lapse. Please click here to reach the web page.
  2. Maha-suññata Sutta – January 2022: Maha-suññata Sutta was selected by Ven. Panadure Chandaratana Thero as the next Sutta for Sutta Teachings in English on 19 January 2022.
    Maha-suññata Sutta provides many valuable lessons on practical issues surrounding the attempt to develop an internal meditative dwelling of emptiness, to maintain it, and to see it through to Awakening. Please click here to reach the web page.

සිංහල භාෂාවෙන්:

  1. කල යුතු සහ නොකළ යුතු කථා (27-01-2022): කල යුතු සහ නොකළ යුතු කථා පිළිබඳව අප බොහෝ දෙනෙකුට පැහැදිළි අවබෝධයක් නොමැත.  සතියෙන් සහ සම්පජඤ්ඤයෙන් තොරව අපි කථා කරනවා පමණක් නොව අන්‍යයන්ගේ කථා වලට සවන් දීමද කරන්නෙමු.
    එනිසා අප එදිනෙදා ජීවිතයේදී නොයෙකුත් කෙලෙස් වඩමින්, ගැටුම් ඇතිකර ගනිමින් ජීවිත ගත කරන්නෙමු.
    විනාඩි 09ක් වූ මෙම වටිනා දහම් ඛණ්ඩය අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2013 දී අනුරුද්ධ සූත්‍රය ඇසුරින් සිදුකල දීර්ඝ දේශනා මාලාවේ 18 වෙනි දේශනාවෙන් උපුටාගන්නා ලදී.  
    කෙටි වීඩියෝව නැරඹීමට මේ මත click කරන්න.
  2. Anuruddha Sutta – අනුරුද්ධ සූත්‍රය 2013: අනුරුද්ධ සූත්‍රය මූලික කරගෙන වටිනා දීර්ඝ දේශනා මාලාවක් අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2013 දී සිදුකරන ලදී.  මෙම වටිනා සහ දීර්ඝ දේශනා මාලාවේ ඇතැම් දේශනා මේ වනවිට සොයාගැනීමට නොහැක. දැනට එම දේශනා මාලාවේ දේශනා 86 ක් අප වෙත ඇත. එම දේශනා ඉදිරියේදී සම්පුර්ණ වශයෙන් මෙහි පල කෙරෙනු ඇත.
    වෙබ් පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
  3. චූළසුඤ්ඤත සූත්‍රය – 23-01-2022: චූළසුඤ්ඤත සූත්‍රය පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් ඉරිදා සූත්‍ර දේශනා මාලාවේ දොලොස් වන සූත්‍ර මාලාව ලෙස වර්ෂ 2021 ජනවාරි මස 23 වෙනි දින පවත්වන ලදී.
    වෙබ් පිටුවට පිවිසීමට මෙතන click කරන්න.

ආනාපානසති භාවනාවේදී කායානුපස්සනාව තුලින් සප්ත බොජ්ඣංග වැඩෙන ආකාරය.

පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ මේ ඉරුදින (19-12-2021) සිදුකල ධර්ම දේශනාවේදී ආනාපානසති භාවනාවේදී කායානුපස්සනාව තුලින් සප්ත බොජ්ඣංග වැඩෙන ආකාරය පැහැදිලි කල සේක. එමෙන්ම මෙදින ධර්ම සාකච්චාවද භාවනා යෝගීන් හට ඉතා වැදගත් වේ.

Image by river_cm from Pixabay

පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් ඉරිදා සූත්‍ර දේශනා මාලාවේ එකොලොස් වන සූත්‍ර මාලාව ලෙස ආනාපානසති සූත්‍රය පිලිබඳ දේශනා මාලාව වර්ෂ 2021 නොවැම්බර් මස 14 වෙනි දින ආරම්භ කරන ලදී.

ආනාපාන සතිය බුදුරජාණන් වහන්සේ විසින් අප වෙත හඳුන්වා දුන් ප්‍රධානම භාවනා ක්‍රම වේදයකි. ආශ්වාසය හා ප‍්‍රාශ්වාසය මූලික කොටගෙන වෙනත් ආගම් වලද භාවනාවන් ප්‍රචලිත වී තිබේ. එනමුදු ඒවා තුලින් ලබන ප්‍රතිඵලයන් බුදු දහමේ ඉලක්ක කරන ප්‍රතිඵලයන් වලට වඩා වෙනස් වේ. බුදුරජාණන් වහන්සේ දේශනා කල ආනාපානසති සූත්‍රය තුලින් ආශ්වාසය සහ ප‍්‍රාශ්වාසය පිලිබඳව ඇති කරගන්නා සතිය නිවන් දැකීම සඳහා දියුණු කරන ක්‍රමවේදය පැහැදිලි වේ.

ආනාපානසති සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න.


මෙම Zoom දුරස්ථ වැඩසටහනට සම්බන්ධ වීමට Zoom මෘදුකාංගය ස්ථාපිත කරගෙන පහත දැක්වෙන අයුරින් සම්බන්ධ වන්න.

Use the following link and meeting details to join the program.
මෙම වැඩසටහන ඉරිදා දිනවල ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදැසන 07.00 ආරම්භ වේ.
Meeting ID:  882 8951 5672

Password: 171717


  1. ධර්ම දේශනාව 01 – ආනාපානසති සූත්‍රය. (14-11-2021)
  2. ධර්ම සාකච්චාව 01 (14-11-2021)
  3. ධර්ම දේශනාව 02 – ආනාපානසති සූත්‍රය – කායානුපස්සනාව. (21-11-2021)
  4. ධර්ම සාකච්චාව 02. (21-11-2021)
  5. ධර්ම දේශනාව 03 – ආනාපානසති සූත්‍රය – වේදනානුපස්සනාව. (05-12-2021) ***
  6. ධර්ම සාකච්චාව 03. (05-12-2021) ***
  7. ධර්ම දේශනාව 04 – ආනාපානසති සූත්‍රය – චිත්තානුපස්සනාව සහ ධම්මානුපස්සනාව. (12-12-2021) ***
  8. ධර්ම සාකච්චාව 04. (12-12-2021) ***
  9. ධර්ම දේශනාව 05 – ආනාපානසති සූත්‍රය – කායානුපස්සනාව තුලින් සප්ත බොජ්ඣංග වැඩෙන ආකාරය. (19-12-2021) ***
  10. ධර්ම සාකච්චාව 05. (19-12-2021) ***

To be continued…

පසුගිය ඉරිදා දහම් වැඩ සටහන් ඇතුලත් මූලික වෙබ් පිටුවට පිවිසීමට මෙතන click කරන්න.

Saturday Dhamma Discussion – 22 (05-06-2021)

මෙවර ධර්ම සකච්චාව සතර සතිපටිඨානයේ ධම්මානුපස්සනා භාවනාවේ නීවරණ ධර්ම පදනම් කරගෙන සිදුකරනු ලැබුණි. ‍එම නීවරණ ධර්ම පිළිබඳව මෙදින සාකච්චාවේ අංක 01, 02, 08 සහ 09 ප්‍රශ්න සහ පිලිතුරු වලට සවන් දෙන්න.
මෙම පිටුවේ ගෞරවනීය ස්වාමින්වහන්සේ විසින් කැනඩාවේ කැල්ගරි නුවරදී ධම්මානුපස්සනාව පිළිබඳ පැවැත්වූ ඉතා වටිනා දේශනාවක්ද ඇතුලත්වේ.
එමෙන්ම මෙම වෙබ් පිටුවේ අවසානයෙදී මෙතෙක් සිදුකල සියලුම ධර්ම සාකච්චා ඇතුලත් වෙනම වෙබ් පිටුවකට පිවිසීමටද යොමුවක් ඇතුලත් කර ඇත්තෙමු.

Saturday Dhamma Discussion – 22 (සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චාවඅංක: 22)

Saturday Dhamma Discussion – 22 was conducted on 05 June 2021 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Dhamma Discussion – 22 was audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers in order to provide better listening. Ven. Anuradhapura Anuruddha Thero also joined to facilitate the discussion.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ විසිදෙවන ධර්ම සාකච්චාව වර්ෂ 2021 ජූනි මස 05 දින සිදුකරන ලදී. පුජ්‍යපාද අනුරාධපුරයේ අනුරුද්ධ ස්වාමින්වහන්සේද එම Zoom සාකච්චාව මෙහෙයවීමට වැඩසටහන දායක වූ සේක.

මෙවර ධර්ම සකච්චාව සතර සතිපටිඨානයේ ධම්මානුපස්සනා භාවනාවේ නීවරණ ධර්ම පදනම් කරගෙන සිදුකරනු ලැබුණි. එම සාකච්චාවට මුල් වූ ධර්ම දේශනාව පහත ඇති යොමුවෙන් ලබාගන්න.

අද දින සාකචිඡාවෙි අවසානයේදී පූජනීය අනුරාධපුරයේ අනුරැද්ධ ස්වාමින්වහන්සේ විසින් සදහන් කරන ලද “මහා සතිපටිඨාන සූත්‍ර වර්ණනාව” යන ග්‍රන්ථය පහත යොමුවෙන් ලබා ගත හැකිය.


සතර සතිපටිඨානයේ ධම්මානුපස්සනා භාවනාව සජීවී ධර්ම සාකච්චාවේ ශබ්ද සංස්කරණය කල ප්‍රශ්න හා පිළිතුරු පහතින් දැක්වේ.

  1. ධම්මනුපස්සනාවේ නීවරණ ධර්ම පැහැදිලි කරන්න.
  2. ධම්මනුපස්සනාවේ දක්වන ප්‍රඥාව අවධි කරන ක්‍රමවේදය මනෝවිද්‍යාවේ සතුට අවධි කරන ක්‍රමවේදයට වඩා බොහෝ වැඩි දියුණු ක්‍රමවේදයක් වේ.
  3. අරූපාවචර ලෝකවල බ්‍රහ්මයන්ගේ සිත තියෙන්නේ කොහෙද?
  4. ජීවිතයේදී එක්වතාවක් වත් ධ්‍යානයක් ලබා ඇති අයෙකුට මරණ මොහොතේදී එය ඉදිරියට එනවාද?
  5. සති සම්පජන්ඥයෙන් යම් මානසිකත්වයක් හඳුනා ගතත් එය යෝනිසෝ මනසිකාරයෙන් දකින්නේ කෙසේද?
  6. අසුභය සහ පිළිකුල අතර වෙනස උදාහරණයකින් පැහැදිලිකරන්න.
  7. වේදනානුපස්සනා සහ චිත්තානුපස්සනා පටිච්චසමුප්පාදය සහ ත්‍රිලක්ෂණය අනුව වැඩිය හැකිද?
  8. අපේ සිතේ ඇතැම්විට සියුම්ලෙස ඇතිවන බර ගතිය නීවරණ ධර්ම කිහිපයක් එකට එකතුවී ඇතිවන්නක්ද?
  9. ධම්මනුපස්සනාවේ නීවරණ ධර්ම පුහුණුව තුලින් සිතේ ශක්තිය වැඩි වෙනවාද?
  10. දැනුම සඳහා ජනමාධ්‍ය, පුවත්පත් සහ රුපවහිනී පරිහරණය කිරීමෙන් කාමච්ඡන්ද නීවරණය ඇතිවෙනවාද?
  11. සිත පිලිබඳ සතිය දියුණු කලත් යතුර තිබූ තැන වැනි සරල දේ මතක නැතිවීම ගැන උපදේශයක් දෙන්න.
  12. අවසානය.

      

Saturday Dhamma Discussion – 09 (27-02-2021)

Saturday Dhamma Discussion – 09 (සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චාවඅංක 09)

Saturday Dhamma Discussion – 09 was conducted on 27 February 2021 by Most Ven. Kukulpane Sudassi Thero. Ven. Anuruddha Thero coordinated the Zoom discussion from another location. The two hour long recording of Saturday Dhamma Discussion – 09, was audio edited to remove unwanted noises and pauses and are presented below as separate questions and answers in order to facilitate better listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ නවවන ධර්ම සාකච්චාව වර්ෂ 2021 පෙබරවාරි මස 27 දින සිදුකරන ලදී. පුජ්‍යපද අනුරුද්ධ ස්වාමින්වහන්සේද එම Zoom සාකච්චාව මෙහෙයවීමට දායක වූ සේක. 

මෙවර ධර්ම සකච්චාවද “ද්වේෂය දුරුකරන ක්‍රම” දේශනා මාලාව පාදක කරගෙන සිදුකරනු ලැබීය. එම දේශනා මාලාවට මෙම යොමුව click කර පිවිසෙන්න.

  • මෙම පැය 2කට වඩා දිගු වන ධර්ම සාකච්චාව, අසන්නන්ගේ පහසුව පිණිස ප්‍රශ්න හා පිළිතුරු වශයෙන් වෙන්කර, ශබ්ද සංස්කරණය කොට ඉදිරිපත්කර ඇත්තෙමු.

  • එමෙන්ම, එසේ වෙන් කර ඉදිරිපත්කර ඇති සෑම හඬ පටයකින්ම මෙම ප්‍රධාන පිටුවට පිවිසිය හැකි යොමුවක් MP3 ගොනුව තුලට ඇතුලත් කර ඇති බැවින් මෙම ඕනෑම MP3 පටයක් බා ගත කල පසු SMART PHONE එකකින් හෝ පරිගණකයකින් හෝ මෙම වෙබ් පිටුවට පිවිසීමට පුළුවන. ඒ යොමුව සෑම MP3 ගොනුවකම “COMMENTS”  අංශයට ඇතුලත් කර ඇත.

එමෙන්ම ඇතැම් ප්‍රශ්න හා ඒවාට දුන් පිළිතුරු සුවිශේෂී වටිනාකමක් ඇති ඒවා වේ. එම පැනයන් නම් අංක 2,1,3,6,8,10

To download: You could download the file by right clicking on the link and then selecting “save as” from the drop down menu.

To listen directly: Please left click on the link to listen directly. Once the link is clicked, you will be directed to a separate page containing the talk. Usually the file starts to play in that window. If it doesn’t you could highlight the browser window and click ‘reload this page’. It will start to play.

  1. මනසේ ද්වේශය ඇතිවන අරමුණ වෙනස් කිරීමෙන් ද්වේශය දුරු කරන ආකාරය පැහැදිලි කරන්න.
  2. පිනට, දහමට යෙදී ගත කරන අයට කොවිඩ් -19 න් ආරක්‍ෂාව ලැබෙනවද?♥♥
  3. ක්ලේශ, උපක්ලේශ සහ වංචක ධර්ම අතර වෙනස පැහැදිලි කරන්න.♥♥
  4. ජීවිතයට ගලපා ගන්නට ධර්ම දේශනා අසන්න කීවාට එය සිදු නොවන්නේ ඇයි?
  5. සිනාවෙන් සහ ප්‍රීතියෙන් යුතුව තව කෙනෙකුට හිංසා පීඩා කිරීම සිදුවන්නේ කෙසේද?
  6. ද්වේශය පහලවූ පසු එම මනෝභාවයට අවදි වී ද්වේෂය දුරුකරන ක්‍රම යොදන ආකාරය පුහුණු වීම සහ ප්‍රයෝජනය පැහැදිලිකරන්න. 
  7. ද්වේශය වැළැක්වීමට සමාධිය පිටිවහලක් වෙනවද?♥♥
  8. සමාධිය, ප්‍රඥාවට පෙර පෙන්වාදී ඇති නිසා එදිනෙදා ජීවිතයේදී ප්‍රශ්න වලින් සහනයක් ලැබීමට සමාධිය පිටිවහලක් වෙනවද?♥♥
  9. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය මුලට දක්වා ඇත්තේ ඇයි?
  10. තරහා ඇතිවීමේදී එහි මූලය ආශාවක්, ලෝභයක් හෝ භෞතික ආශාවක් හෝ විය හැකිද? ♥♥
  11. අවසානය.

“ද්වේෂය දුරුකරන ක්‍රම” මූලික කරගත් ධර්ම සාකච්චා පෙළ අවසානයි.

එම ධර්ම සාකච්චාවේ වීඩියෝව නැරඹීමට මෙතන click කරන්න.

අනෙකුත් සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න. 

දම්සර දහම් පුවත් අංක: 126

 

දම්සර දහම් පුවත් අංක: 126 වෙත පිවිසීමට මෙම බුද්ධ රූපය මත click කරන්න.ධම‍්මානුපස‍්සනාවේ නීවරණ සහ ස්ඛන්‍ධ වැඩිදුර හඳුනා ගැනීම වැදගත් වේ.

මේ දිනවල සතිපට්ඨාන සූත්‍රය පිළිබඳව භාවනා යෝගීන් හට ඉතාම වටිනා ධර්ම දේශනා මාලාවක් මීතිරිගල නිස්සරණ වන සේනාසන වාසී පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් Zoom දුරස්ථ තාක්‍ෂණය උපයෝගී කරගනිමින් සිදුකෙරෙනු ලැබේ.

එම දේශනාවලියේ ධම්මනුපස්සනාවේ නීවරණ සහ ස්ඛන්‍ධ පබ්බයන් වල ධර්ම දේශනාවන් ගෙන් උපුටා ගන්නා ලද කෙටි දහම් ඛණ්ඩයන් මෙවර ඉදිරිපත් කරනෙමු. 

දම්සර දහම් පුවත් අංක: 126 වෙත පිවිසීමට ඉහත බුදු රුව මත click කරන්න.

චිත්ත පීඩාවන්ට මුහුණ දුන් පසු සිත එකඟ කරගන්නේ කෙසේද?

Most Ven. Kukulpane Sudassi Thero.

චිත්ත පීඩාවන් අප බොහො දෙනා හට සාධාරණ මානසික තත්වයකි.

ඇතැම්විට භාවනා මාර්ගයේ හෝ අධ්‍යාත්මික මාර්ගයේ දියුණුව තමන් බලාපොරොත්තු වන ආකාරයට සිදු නොවීම නිසා නිවන් මග ගමන් කරන අයටත්, සාමාන්‍ය එදිනෙදා ජීවිත ගත කරන අයට අවශ්‍ය අරමුණු සහ බලාපොරොත්තු ඉටු නොවීම නිසාත් එක ලෙසම පොදුවේ චිත්ත පීඩාවන් ඇතිවිය හැක.

ඒ කුමන ආකාරයේ චිත්ත පීඩාවන් වුවද ඒ සෑම පීඩාවන්ම සමාන ප්‍රභවයන්ගෙන් ඇතිවන බවත් සහ සමාන මානසික (විපස්සනා) පුහුණුවකින් සමනය කරගැනීමට හැකිවන බවත් මෙම දේශනාවෙන් පැහැදිලි කෙරේ.

චිත්ත පීඩාවන්ට මුහුණ දුන් පසු සිත එකඟ කරගන්නේ කෙසේද යන්න පැහැදිලි කරමින් ඉතාමත් ප්‍රායෝගික වටිනාකමකින් යුතු මෙම ධර්ම දේශනාව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 මාර්තු මස 01වෙනි දින සිදුකරන ලදී.

මෙම ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬ පටය මෙම යොමුව click කර සවන් දෙන්න/බාගත කරන්න.

මෙම ධර්ම දේශනාවේ වීඩියෝ පටය මෙම යොමුව click කර නරබන්න.

Saturday Dhamma Discussion – 06

Saturday Dhamma Discussion – 06 (සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චාව – අංක 06)

The sixth Saturday Dhamma Discussion was conducted on 06 February 2021 by Most Ven. Kukulpane Sudassi Thero. Ven. Anuruddha Thero coordinated the Zoom discussion from another location. The two hour long recording of Saturday Dhamma Discussion – 06, was audio edited to remove unwanted noises and pauses and are presented below as separate questions and answers in order to facilitate better listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ හයවන ධර්ම සාකච්චාව වර්ෂ 2021 පෙබරවාරි මස 06 දින සිදුකරන ලදී. පුජ්‍යපද අනුරුද්ධ ස්වාමින්වහන්සේද එම Zoom සාකච්චාව මෙහෙයවීමට දායක වූ සේක. 

මෙවර ආරම්භ කල සාකච්චා මාලාව ගෞරවනීය ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2013 දී සිදුකල “ද්වේෂය දුරුකරන ක්‍රම” දේශනා මාලාව පාදක කරගෙන සිදුකරනු ලැබීය. එම දේශනා මාලාවට මෙම යොමුව click කර පිවිසෙන්න.

  • මෙම පැය 2කට වඩා දිගු වන ධර්ම සාකච්චාව, අසන්නන්ගේ පහසුව පිණිස ප්‍රශ්න හා පිළිතුරු වශයෙන් වෙන්කර, ශබ්ද සංස්කරණය කොට ඉදිරිපත්කර ඇත්තෙමු.

  • එමෙන්ම, එසේ වෙන් කර ඉදිරිපත්කර ඇති සෑම හඬ පටයකින්ම මෙම ප්‍රධාන පිටුවට පිවිසිය හැකි යොමුවක් MP3 ගොනුව තුලට ඇතුලත් කර ඇති බැවින් මෙම ඕනෑම MP3 පටයක් බා ගත කල පසු SMART PHONE එකකින් හෝ පරිගණකයකින් හෝ මෙම වෙබ් පිටුවට පිවිසීමට පුළුවන. ඒ යොමුව සෑම MP3 ගොනුවකම “COMMENTS”  අංශයට ඇතුලත් කර ඇත.

එමෙන්ම ඇතැම් ප්‍රශ්න හා ඒවාට දුන් පිළිතුරු සුවිශේෂී වටිනාකමක් ඇති ඒවා වේ. එම පැනයන් නම් අංක 1,2,3,4,9,12

To download: You could download the file by right clicking on the link and then selecting “save as” from the drop down menu.

To listen directly: Please left click on the link to listen directly. Once the link is clicked, you will be directed to a separate page containing the talk. Usually the file starts to play in that window. If it doesn’t you could highlight the browser window and click ‘reload this page’. It will start to play.

  1. ද්වේශය නමැති මනෝභාවය හඳුනා ගන්නේ කෙසේද?
  2. ද්වේශය වැනි මානසික ආවේගයක් ඇතිවූ විට එය වෙනස් කිරීම සඳහා යොදා ගතහැකි මනෝභාවයන් පහදා දෙන්න.
  3. හිත රිදීම ඇතිවන්නේත් ද්වේශය නිසාද?
  4. ද්වේශය තුලින් සිදුකරන ක්‍රියාවක් නිසා ඇතිවන විපාක සිදුවන්නේ කුමන අයුරින්ද?♥♥
  5. ආයතන ප්‍රධානියෙක් ඇතැම්විට රළු ස්වභාවයෙන් සේවකයන් ඇමතීමෙන් අකුසල සිදුවේද?
  6. ජීවිතයේ තරහා ඇවිස්සෙන අවස්ථාවක අවභෝදය තුලින් ඉවසීමෙන් සිටියොත් සිතේ ඇති ද්වේශය දුරු වේද?
  7. යම් සිද්ධියකින් ද්වේශය මතුවූ විට එම සිද්ධියේ හොඳ පැත්ත සැලකීමෙන් ද්වේශය අඩුකරගත හැකිද?
  8. විදර්ශනාවෙන් ද්වේශය නැතිකිරීම උදාහරණයකින් පැහැදිලිකරන්න.
  9. මරණාසන්න රෝගීයෙකුට අපට කළහැකි හොඳම දේ කුමක්ද?
  10. ද්වේශය මුලික වෙන අවස්ථාවක හේතුපල සහ ත්‍රිලක්‍ෂණය දකින්නේ කෙසේද?
  11. ද්වේශය ඇතිවීම ඇතැම් විට අමනුෂ්‍ය බලපෑම් නිසා සිදුවිය හැකිද?
  12. ද්වේශය නොමැති අවස්ථා වලදී ද්වේශය සිත තුළ ඇතිවීම පහකර ගැනීමට ක්‍රමයක් තියෙනවද?
  13. ද්වේශය ප්‍රත්‍යවේක්ෂා කිරීමේදී එය නැවත මතුකරගත යුතුද?
  14. අවසානය.

එම ධර්ම සාකච්චාවේ වීඩියෝව නැරඹීමට මෙතන click කරන්න.

අනෙකුත් සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න. 

දම්සර දහම් පුවත් අංක 125 – මෛත්‍රියේ ඔබ නුදුටු පැතිකඩ.

මෛත්‍රි භාවනාව ශ්‍රී ලංකාවේ වඩාත්ම ප්‍රචලිත භාවනාවයි. මෛත්‍රි භාවනාව පිළිබඳව බොහෝ දෙනා නොදන්නා වටිනා කරුණු පෙන්වා දීමත් එයින් සුවිශේෂ වර්ධනයක් ලඟාකරගත් ගිහි යෝගාවචරයන් දෙදෙනෙකු මෛත්‍රිය පුහුණු කරන සහ භාවිතා කරන ආකාරයන් පෙන්වා දීම මෙම දහම් කලාපයේ මුලික අරමුණ වේ.

මෙහිදී එම පළමු යෝගාවචරයා මෛත්‍රි චේතෝ විමුක්ති මට්ටමට මෛත්‍රිය සමථය තුලින් වැඩීමත් දෙවන යෝගාවචරයා එම මට්ටමට සහ යම් ප්‍රමාණයකින් එයින් ඔබ්බට විපස්සනා භාවනාව තුලින් යම් ප්‍රවේශයක් ලබාගැනීමත් මෙහි ඇති විශේෂයන් වේ. එමෙන්ම එම යෝගාවචරයන් දෙදෙනාම එසේ මෛත්‍රි භාවනාව වඩන්නේ තම මුලික භාවනාව වශයෙන් නොවීම තවත් වැදගත් කාරණයකි.

දම්සර දහම් පුවත් අංක 125 වෙත පිවිසීමට පහත රූපය මත click කරන්න.

Saturday Dhamma Discussion – 03 (සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චාව)

Saturday Dhamma Discussion – 03

The third Saturday Dhamma Discussion was conducted on 16 January 2021 by Most Ven. Kukulpane Sudassi Thero. The two hour long recording was audio edited to remove unwanted noises and pauses and are presented below as separate questions and answers in order to facilitate better listening.

We are now happy to inform that web links to this page are created within each MP3 file of the following questions. As such it’s now possible to reach this web page from any of these MP3 audio files, even after many years! That will be possible if these audio files are downloaded either to a Smart Phone or a computer. The link is provided in the “Comments” section of MP3 file.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ තෙවන සාකච්චාව වර්ෂ 2021 ජනවාරි මස 16 දින සිදුකරන ලදී.

  • මෙම පැය 2කට වඩා දිගු වන ධර්ම සාකච්චාව, අසන්නන්ගේ පහසුව පිණිස ප්‍රශ්න හා පිළිතුරු වශයෙන් වෙන්කර, ශබ්ද සංස්කරණය කොට ඉදිරිපත්කර ඇත්තෙමු.

  • එමෙන්ම, එසේ වෙන් කර ඉදිරිපත්කර ඇති සෑම හඬ පටයකින්ම මෙම ප්‍රධාන පිටුවට පිවිසිය හැකි යොමුවක් MP3 ගොනුව තුලට ඇතුලත් කර ඇති බැවින් මෙම ඕනෑම MP3 පටයක් බා ගත කල පසු Smart Phone එකකින් හෝ පරිගණකයකින් හෝ මෙම වෙබ් පිටුවට පිවිසීමට පුළුවන. ඒ යොමුව සෑම MP3 ගොනුවකම ”Comments”  අංශයට ඇතුලත් කර ඇත.

To download: You could download the file by right clicking on the link and then selecting “save as” from the drop down menu.

To listen directly: Please left click on the link to listen directly. Once the link is clicked, you will be directed to a separate page containing the talk. Usually the file starts to play in that window. If it doesn’t you could highlight the browser window and click ‘reload this page’. It will start to play.

  1. සාධක සහ බාධක හඳුනාගන බාධක දුරු කිරීම සහ සාධක සම්පාදනය කිරීම.
  2. අපේ සිතේ ඇති වන ශ්‍රද්ධාව අමූලිකා, ආකාරවතී සහ අචල යන කුමන ශ්‍රද්ධාවක් දැයි හඳුනා ගැනීම.
  3. ගුණ දහම් වර්ධනය කරන විට ලැබෙන භෞතික සහ මානසික ප්‍රතිඵල හඳුනා ගන්නේ කෙසේද?
  4. පසුතැවීමේ ආදීනව මොනවාද සහ එයින් නැගී සිටින්නේ කෙසේද?
  5. සිත පවතින්නේ හදවත අසුරුකොටද නැතිනම් මොලය ඇසුරුකොට ද?
  6. සිත,විඥානය සහ මනස යනු එකක්ද?
  7. ඇතැම් අකුසල කර්ම අප සිතේ කුසල කර්ම ජනිත කිරීමේ ආසන්න හේතුව විය හැකියි.
  8. මුදිතා ගුණය ජීවිතයට ලංකර ගන්නේ කෙසේද?
  9. කසින භාවනා දියුණු වූ යෝගීන්හට විශේෂ හැකියාවන් ලැබන්නේ කෙසේද?
  10. ඊළඟ උප්පත්තිය සිදුවන්නේ චුති සිත අනුවද?
  11. මතකය තියෙන්නේ කොහෙද?
  12. රහතන් වහන්සේ කියා නොදැන රහතන් වහන්සේට දෙන දානයේ විපාකය කෙබඳුද?
  13. පඨවි, ආපෝ, තේජෝ සහ වායෝ සරලව පැහැදිලි කරන්න.
  14. දරුවෙක් ලොවට බිහිකර හදා වැඩීම නිවනට සාධකයක් ද බාධකයක් ද?
  15. චතුරාර්‍ය සත්‍ය සහ පටිච්චසමුප්පාදය.

එම ධර්ම සාකච්චාවේ වීඩියෝව නැරඹීමට මෙතන click කරන්න. 

අනෙකුත් සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න. 

One Day Retreats at Nissaranavanaya (In Sinhala)

The forest water stream at Nissaranavanaya Monastery.

The forest water stream at Nissaranavanaya Monastery. The water supply to the monastery is connected from this stream.

A novel program of One Day Retreats was commenced at the serenity of Nissaranavanaya Forest Monastery from October 2016. It is a once a month program conducted by Ven. Panadure Chandaratana Thero in Sinhala medium. The program commences at 7.30 am for the benefit of those travelling from distant places like Colombo. The lunch and Tea will be provided for the attendees.

This program caters for both the beginners and the experienced.

The program conducted on 4 March 2017 was very valuable to the Yogis. Some invaluable explanations were given by the Thero during the Questions and Answer period. The Ven. Thero proceeded on as to how the Seven Factors of Enlightenment (Sapta Bojjanga) is developed during the Kāyānupassanā level by the ardent practitioner of Anāpanasati meditation.

The program is organized by Mr. Lakmal Nandasiri. Please contact him for further details on his mobile number 0773336237.

The next program is scheduled for 01 April 2017. 

Please click here to reach the web page.