Saturday Dhamma Discussion – 13 (27-03-2021)

මෙවර සාකච්චා වූ කරුණු අතර පෘතග්ජන බෞද්ධයෙකුට ඊළඟ භාවයේදී බොදු උපතක් ලැබීම ස්ථීර නොමැතිබව (පැන අංක: 02) සහ වර්ථමානයේ ක්ෂුනී සසුනක් ඇතිද නැතිද යන්න පිළිබඳව අප බොහෝ දෙනෙක් නොදන්නා සහ නොසිතු කරුණු පිළිබඳව ඇති පැනයන් (පැන අංක: 12, 13 සහ 14) සුවිශේෂී වැදගත්කමක් ගනී.

එමෙන්ම මීළඟ සාකච්චාවට සහභාගී වීම සඳහා zoom යොමුවද ඇතුලත්කර ඇත්තෙමු.

Saturday Dhamma Discussion – 13 (සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චාව – අංක:13)

Saturday Dhamma Discussion – 13 was conducted on 27 March 2021 by Most Ven. Kukulpane Sudassi Thero. The two hour long recording of Saturday Dhamma Discussion – 13, was audio edited to remove unwanted noises and pauses and are presented below as separate questions and answers in order to facilitate better listening. Ven. Anuradhapura Anuruddha Thero joined the discussion later.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ දහතුන්වන ධර්ම සාකච්චාව වර්ෂ 2021 මාර්තු මස 27 දින සිදුකරන ලදී. පුජ්‍යපාද අනුරාධපුරයේ අනුරුද්ධ ස්වාමින්වහන්සේද එම Zoom සාකච්චාව මෙහෙයවීමට වැඩසටහන මැදදී දායක වූ සේක. 

මෙවර ධර්ම සකච්චාවද “දසවිධ උපාසක ගුණ” පාදක කරගෙන සිදුකරනු ලැබීය. හයවන සහ හත්වන උපාසක ගුණ මූලික කොටගෙන දහම් සාකච්චාව සිදුකෙරිණි.  එම දේශනා මාලාවට මෙම යොමුව click කර පිවිසෙන්න.

  1. හයවන උපාසක ගුණය පිලිබඳ පැහැදිලි කරන්න.
  2. පෘතග්ජනයකුට තිසරණය භව පුරුද්දක් ලෙස ඊළඟ මිනිස් උප්පත්තියට යන්නේ නැතිද?
  3. සෝතාපන්න ඵල ලාභියෙක් බුද්ධ ශුන්‍ය කාලයක ඉපදුනොත් ඔහුට තිසරණය පිහිටේද?
  4. ”බුද්ධං ජීවිත පරියන්තන් සරනං…” ගාථාවේ තේරුම පහදා දෙන්න.
  5. ශීලය පිලිබඳ සඳහන් වෙන හත්වන උපාසක ගුණය පිලිබඳ පැහැදිලි කරන්න.
  6. කිසිවෙකුටත් හානි නොවන ලෙස වචන පාවිච්චි කිරීම පුහුනුවන්නේ කෙසේද?
  7. තරහා ඇතිවීමේදී එය යටපත් කරගැනීම හොඳද?
  8. ඇතැම් අවස්ථා වලදී සත්‍ය වචන පැවසීමෙන් ඇතිවෙන හානි වලකා ගන්නේ කෙසේද?
  9. ආත්මාරක්ෂාවට වෙනත් කෙනෙකු මැරීම නරකද?
  10. ආයතනයක සේවකයකු වරදක් කලොත් එයට ප්‍රධානියා දඬුවම් දීමෙන් ප්‍රධානියාට අකුසලයක් සිදුවෙනවාද?
  11. එදිනෙදා ජීවිතයේදී සිතට දැනෙන ස්වභාවයත් කයට දැනෙන ස්වභාවයත් අතර සමතුලිත බැවින් යුතුව දහමට අනුගතව පවත්වා ගන්නේ කෙසේද?
  12. භික්ෂුනී විනයක් සහ ශීලයක් අනුගමනය කරනා පිරිසක් සිටින නිසා දැන් ලෝකයේ භික්ෂුනී සාසනයක් පවතින්නේද?
  13. බුදුරජාණන්වහන්සේ දේශනා කල පරිදි අවසාන භික්ෂුණිය නැති වූ විට භික්ෂුනී සාසනයක් තිබිය හැකිද?
  14. වර්ථමානයේ භික්ෂුනී සාසනයක් පිලි නොගන්නේ කාන්තාවන් පහත් කිරීමට නොවේ.
  15. පෝය දවසේ සහ බටහිර ඇති “සඳ පායනවිට උන්මාදය ඇතිවනවා” යන මතය අතර සම්බන්ධයක් කිබේද?
  16. මහණවීම ගැන දෙමාපියන් අකමැති විට ඔවුන් මියගිය පසු මහණ වූවාට කමක් නැද්ද?
  17. අවසානය.

Kayagatasati Sutta – කායගතාසති සූත්‍රය

Ven. Panadure Chandaratana Thero commenced a new weekly series based on Kayagatasati Sutta on o4 October 2020 under Sunday Dhamma Program.  The Sunday Dhamma Program series is conducted via Zoom connection in Sinhala medium. These sessions consists of a Dhamma talk, a Dhamma discussion and a guided meditation session.

කායගතාසති සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ කය දෙස විශේෂ ආකාරයකින් සති සම්පජඥයෙන් යුතුව බැලීම තුලින් සමථ ධ්‍යාන උපදවා ගැනීම තත්වයට සිත දියුණු කිරීම පෙන්වා දෙන සේක.

පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් ඉරිදා දහම් වැඩසටහනින් වර්ෂ 2020 ඔක්තෝබර් මාසයේ 04 දින කායගතාසති සූත්‍රය පාදක කරගෙන ආරම්භ කල ධර්ම දේශනා, ධර්ම සාකච්චා සහ යොමුකිරීමක් සහිත භාවනා වැඩසටහන ඉදිරිපත් කරනෙමු.

ශ්‍රාවක සැමගේ පහසුව පිණිස එම ධර්ම දේශනා, ධර්ම සාකච්චා සහ යොමුකිරීමක් සහිත භාවනා වැඩසටහන් වෙන් වශයෙන් ඉදිරිපත් කරනෙමු. යොමුකිරීමක් සහිත භාවනා වැඩසටහන් විනාඩි 30ක කාලයකට සීමා කොට සීනු ශබ්දයකින් අවසාන වන ලෙස ඉදිරිපත් කර ඇත.

කායගතාසති සූත්‍රය:  ත්‍රිපිටකය >> අංගුත්තර නිකාය >> දසක නිපාත >> යමක වග්ග 
සූත්‍රය සිංහලෙන් කියැවීමට මෙතන CLICK කරන්න.
දේශනාවට උපයෝගී කරගත් PDF සටහන මෙතන click කර ලබාගන්න. 

How to Download or Directly Listen to the audio files.

To download: You could download the file by right clicking on the file link and then selecting “save as” from the drop down menu. Save the file into a pre designated folder to listen on multiple occasions. This is the best way to save your internet allocation.

To listen directly: Please left click on the link to listen directly. Once the link is clicked, you will be directed to a separate page containing the talk. Usually the file starts to play in that window. If it doesn’t you could highlight the browser window and click ‘reload this page’. It will start to play.

  1. ධර්ම දේශනාව – ආනාපානසතිය_04-10-2020
  2. ධර්ම දේශනාව – ඉරියාපථ භාවනාව_11-10-2020
  3. දහම් පැන_11-10-2020
  4. යොමුකිරීමක් සහිත භාවනාව (පිම්බීම/හැකිලීම)_11-10-2020 
  5. ධර්ම දේශනාව – සම්පජඤේඤය දියුණු කිරීම_18-10-2020 
  6. දහම් පැන_18-10-2020
  7. යොමුකිරීමක් සහිත භාවනාව (අනාපාන සතිය)_18-10-2020
  8. ධර්ම දේශනාව – කුණප කොටස් කොටස්‌ 32_25-10-2020
  9. දහම් පැන_25-10-2020
  10. ධර්ම දේශනාව – නව සීවථික_01-11-2020
  11. දහම් පැන_01-11-2020
  12. යොමුකිරීමක් සහිත භාවනාව_(විනාඩි-30)_01-11-2020
  13. ධර්ම දේශනාව – ධ්‍යාන_08-11-2020
  14. දහම් පැන_08-11-2020
  15. ධර්ම දේශනාව – ධ්‍යාන-02_15-11-2020
  16. දහම් පැන_15-11-2020
  17. ධර්ම දේශනාව – උපමා සහ ආනිසංස_22-11-2020
  18. දහම් පැන_22-11-2020

මෙම Kayagatasati Sutta කායගතාසති සූත්‍රය දේශනා/සාකච්චා මාලාව අවසානයි.

Please click here to reach Sunday Dhamma Program (ඉරිදා දහම් වැඩසටහන) of Ven. Panadure Chandaratana Thero

Please click here to reach the other Dhamma programs of Ven. Panadure Chandaratana Thero

Saturday Dhamma Discussion – 05

The Saturday Dhamma Discussion – 05 (සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චාව – අංක 05)

මෙහි ඇතැම් ප්‍රශ්න හා ඒවාට දුන් පිළිතුරු සුවිශේෂී වටිනාකමක් ඇති ඒවා වේ. එම පැනයන් නම් අංක 1, 2, 3, 5, 16, 13 සහ 17 වේ.

The fifth Saturday Dhamma Discussion was conducted on 30 January 2021 by Most Ven. Kukulpane Sudassi Thero. The two hour long recording of Saturday Dhamma Discussion – 05, was audio edited to remove unwanted noises and pauses and are presented below as separate questions and answers in order to facilitate better listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ පස්වන ධර්ම සාකච්චාව වර්ෂ 2021 ජනවාරි මස 30 දින සිදුකරන ලදී.

  • මෙම පැය 2කට වඩා දිගු වන ධර්ම සාකච්චාව, අසන්නන්ගේ පහසුව පිණිස ප්‍රශ්න හා පිළිතුරු වශයෙන් වෙන්කර, ශබ්ද සංස්කරණය කොට ඉදිරිපත්කර ඇත්තෙමු.

  • එමෙන්ම, එසේ වෙන් කර ඉදිරිපත්කර ඇති සෑම හඬ පටයකින්ම මෙම ප්‍රධාන පිටුවට පිවිසිය හැකි යොමුවක් MP3 ගොනුව තුලට ඇතුලත් කර ඇති බැවින් මෙම ඕනෑම MP3 පටයක් බා ගත කල පසු SMART PHONE එකකින් හෝ පරිගණකයකින් හෝ මෙම වෙබ් පිටුවට පිවිසීමට පුළුවන. ඒ යොමුව සෑම MP3 ගොනුවකම “COMMENTS”  අංශයට ඇතුලත් කර ඇත.

එමෙන්ම ඇතැම් ප්‍රශ්න හා ඒවාට දුන් පිළිතුරු සුවිශේෂී වටිනාකමක් ඇති ඒවා වේ. එම පැනයන් නම් අංක 1, 2, 3, 5, 16, 13 සහ 17 වේ.

To download: You could download the file by right clicking on the link and then selecting “save as” from the drop down menu.

To listen directly: Please left click on the link to listen directly. Once the link is clicked, you will be directed to a separate page containing the talk. Usually the file starts to play in that window. If it doesn’t you could highlight the browser window and click ‘reload this page’. It will start to play.

  1. පිංකමක් සිදුකරන විට ඇති කරගන්නා ප්‍රර්ථනාවන් ඉටුවීමට අවශ්‍ය පංච ධර්ම විස්තර කරන්න.
  2. පිංකම් සිදුකර දිව්‍ය තලවල උප්පතිය ප්‍රර්ථනා කිරීම හොඳද?
  3. බෞද්ධ ලංකාවේ මිනිසුන්ට වඩා පිටරට මිනිසුන් හොඳ ඇයි?
  4. දිව්‍ය ලෝක වල සත්ව ස්වරූපයෙන් සිටින දිව්‍ය සත්වයන් පහල වන්නේ කෙසේද?
  5. පිංකම් කිරීම නිවනට බාධාවක්ද?
  6. නිවසේදී දහම් ඇසීමේදී සුදුසු ඇඳුමින් සහ සුදුසු ඉරියව්වෙන් නොසිටීම නිසා අකුසල් සිදුවනවාද?
  7. ”අවිජ්ජා පච්චයා සංකාරා” හි ඇති සංකාරා වචනය පැහැදිලි කරන්න.
  8. පිංතුරයක ආහාරයක් දුටු විට කැමැත්තක් ඇතිවීමේදී චක්කු විඥානය හා මනෝ විඥානය ක්‍රියා කරන ආකාරය පැහැදිලි කරන්න.
  9. අටසිල්, අෂ්ටාංග උපොසත ශීලය සහ ආජීව අට්ටමක ශීලය එකක්ද නැතිනම් වෙනස් ශීලයන් ද?
  10. අනාපාන සති භාවනාව කරන විට සිත අරමුණින් පිට යාම ගැන කුමක් කල යුතුද?
  11. ආජීව අට්ටමක ශීලයේ පරුෂා වාචා පැහැදිලි කරන්න.
  12. භාවනා කරන විට බෙල්ලේ පිටුපස වේදනාවට කුමක් කල යුතුද?
  13. ශාරීරික වේදනාවක් ඇති විටෙක වේදනානුපස්සනාව වඩන්නේ කෙසේද?
  14. ආජීව අට්ටමක ශීලයේ මිච්චා ආජීව ශීලය, පෘතග්ජනයකුට රැකීමට අපහසු මන්ද?
  15. ආකාරවතී ශ්‍රද්ධාව ඇති පුද්ගලයාගේ විශේෂ ලක්‍ෂණ මොනවාද?
  16. භාවනාව නිසා කයේ ඇතිවන ඇදවීම වැනි වෙනස්කම් නැති කරගන්නේ කෙසේද?
  17. මරණාසන්න අවස්ථාවේ සිත සකසා ගැනීම කරන්නේ කෙසේද?
  18. අවසානය.

එම ධර්ම සාකච්චාවේ වීඩියෝව නැරඹීමට මෙතන click කරන්න.

අනෙකුත් සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.