Dayaka Dhamma Talks – දායකත්ව ධර්ම දේශනා

Dayaka Dhamma Talks are conducted by Ven. Kukulpane Sudassi Thero for various Dayakas. These are conducted at Sri Vinayalankararamaya, Pokunuwita or elsewhere in the country.

මෙම දායකත්ව ධර්ම දේශනා, පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් පොකුණුවිට, ශ්‍රී විනයාලංකාරාරාමයේදී හෝ ශ්‍රී ලංකාවේ නොයෙකුත් ස්ථානයන් හීදී දේශනා කල වටිනා දහම් කරුණු වේ.

නවතම එකතු කිරීම: අංක 30. සක්කාය දිට්ඨිය දුරු කරගන්නා ආකාරය. (එකතුකළ දිනය: 30/01/2021 ( වෙබ් පිටුවේ පහලට යන්න.) 

How to Download/listen/watch/read the files.

To download (Audio files): You could download the file by right clicking on the file link and then selecting “save as” from the drop down menu. Save the file into a pre designated folder to listen on multiple occasions. This is the best way to save your internet allocation.

To listen directly (Audio files): Please left click on the link to listen directly. Once the link is clicked, you will be directed to a separate page containing the talk. Usually the file starts to play in that window. If it doesn’t you could highlight the browser window and click ‘reload this page’. It will start to play.

Video Files: As it will consume a lot of internet data, it’s best to directly watch the video by left clicking on the video link.

Reading the Sutta/Dhammapada links: Just left click on the link. The link will open on a separate page.

  1. Audio of the Dhamma talk conducted by Ven. Kukulpane Sudassi Thero on 19 September 2020 titled අප්‍රමාදය නිසා පෙර වූ ප්‍රමාදය නැති වී ඥානාලෝකය බැබලීම. (Link to the video on YouTube, Link to text of the Dhammapada verse) යම් අයෙකු මුලදී ප්‍රමාදයට පත්වුවත් පසුව අප්‍රමාදීව කටයුතු කිරීම හේතුවෙන් ප්‍රමාදය නැති වී ඥානාලෝකයෙන් බැබලීමට හැකිවන බව ධම්මපදයේ සම්මුඤ්ජනී තෙරුන් පිළිබඳ කථා පුවත ඇසුරු කොටගෙන මෙම දේශනාව සිදුකරන ලදී.
  2. Audio of the Dhamma talk conducted by Ven. Kukulpane Sudassi Thero on 20 September 2020 titled භික්ෂුණී සාසනය. (Link to the video on YouTube, Link to text of the Sutta from Tripitaka) භික්ෂුණී සාසනයේ පහළවීම, පැවතීම සහ අහෝසිවීම තුල වර්තමාන කාන්තාවගේ ස්වභාවය සහ නිවන් අවභෝදය සඳහා ස්ත්‍රී පුරුෂ භේදයක් නොමැති බව පැහැදිළි කෙරෙන කාලෝචිත දායකත්ව ධර්ම දේශනාවකි.
  3. Audio of the Dhamma talk conducted by Ven. Kukulpane Sudassi Thero on 24 September 2020 titled මනසේ ඇතිවන මායාකාරී ස්වභාවය. (Link to the video on YouTube, Link to text of the Sutta from Tripitaka) මේ දේශනාවේ සුවිශේෂ වැදගත්කම වනුයේ සම්මා සතිය, යෝනිසෝ මනසිකාරය, අයෝනිසෝ මනසිකාරය සහ භාවනාව පිළිබඳව සිදුකර ඇති වැදගත් සහ වටිනා කරුණු වේ.
  4. Audio of the Dhamma talk conducted by Ven. Kukulpane Sudassi Thero on 30 July 2020 titled තමන්ට තමා ප්‍රිය නුවණැත්තා අකුසලින් මිදී සුරැකෙයි. (Link to the video on YouTube, Link to text of the story from Dhammapada) තමන්ට තමා ප්‍රිය නම් ජීවිතයේ එක් යාමයකදී හෝ තමා අකුසලින් මිදී සුරක්ෂිත වන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර ගත යුතු වන බව මෙම දේශනාවෙන් මනාව පැහැදිලි කරන ලදී.
  5. Audio of the Dhamma talk conducted by Ven. Kukulpane Sudassi Thero on 25 September 2020 titled අපේ ජීවිත කාලය තීරණය කරන සාධක. (Link to the video on YouTube, Link to text of the Sutta from Tripitaka) මෙම දේශනාවේ දී විශේෂ කරනා 3 ක් පිළිබඳව පැහැදිලි කරන ලදී. 1. මියගිය හෝ ජීවත්වෙන හෝ ඥාතියෙකුට පින් අනුමෝදම් කරවීමට සම්පූර්ණ විය යුතු කරුණු. 2. අකුසල ධර්ම අඩු කරන සහ සහ යටපත් යටපත් කරන කරන ආකාරය. 3. මරණය නවත්වන ආකාරය පිළිබඳව.
  6. Audio of the Dhamma talk conducted by Ven. Kukulpane Sudassi Thero on 10 October 2020 based on විවාද මූලක සූත්‍රය. (Link to text of the Sutta from Tripitaka) මෙම දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කල මිනිසුන් අතර වාද විවාද, ගැටුම් ඇතිවීමට හේතුවෙන කාරණා 06 පිළිබඳව වැදගත් ප්‍රායෝගික පැහැදිලි කිරීමක් ඉදිරිපත් කෙරිණි.
  7. Audio of the Dhamma talk conducted by Ven. Kukulpane Sudassi Thero on 29 July 2020 titled මරණය තුලින් ජීවිතයේ යථාර්ථය දකිමු.  Link to text of the Sutta from Tripitaka – Pali, Link to text of the Sutta from Tripitaka – Sinhala ) මරණය බොහෝ දෙනෙකුට බිය උපදවන දෙයකි. මෙම ධර්ම දේශනාව, අපට අපේ මරණය තුලින් ජීවිතයේ යථාර්ථය අවභෝද කරගැනීමට මහෝපකාරීවනවා ඇත. පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ ඨාන සූත්‍රයේ සඳහන් වන ඉතා ප්‍රසිද්ධ දහම් පාඨයක් ඇසුරු කොටගෙන මෙම ධර්ම දේශනාව පවත්වන ලද සේක.
  8. Audio of the Dhamma talk conducted by Ven. Kukulpane Sudassi Thero on 01 September 2020 titled වේදනානු පස්සනා සතිපට්ඨානය.  (Link to the video on YouTube, Link to text of the Sutta from Tripitaka – Pali) පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වේදනානු පස්සනා සතිපට්ඨානය පිළිබඳව අප කා හටත් හොඳින් අවභෝද වන ආකාරයට මෙම වටිනා දේශනාව සිදුකරන ලදී.
  9. බෝසත් ප්‍රතිපදා පූර්ණයේදී දෙවියන්ගේ කාර්යභාරය: මෙම ධර්ම දේශනාව ඉතාම කලාතුරකින් ඇසීමට ලැබෙන වටිනා දහම් දේශනාවකි. මෙහිදී අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් දෙවියන් සහ බ්‍රහ්මයන් විසින් බෝසත් වරුන් හට ප්‍රතිපදා පූර්ණයේදී ආධාර සහ ආරක්ෂාව සලසා දෙන ආකාරය ගැන පැහැදිලි පැහැදිලි කෙරේ. බෝසත් වරුන්ගේ සුවිශේෂී ගුණයන් සහ විශේෂ ශක්තීන් පිළිබඳව ද මෙහිදී පැහැදිලි කෙරේ.
    ගෞරවනීය ස්වාමින්වහන්සේ මෙහිදී එසේ දෙවියන් සහ බ්‍රහ්මයන් විසින් බෝසත් වරුන් හට ආධාර සිදුකරන ක්‍රම 7ක් පිළිබඳව දේශනාවට සවන් දෙන මිනිසුන් සහ දෙවි බඹුන් හට ඉදිරිපත් කරනු ලැබුවා.   
    Audio of the Dhamma talk conducted by Ven. Kukulpane Sudassi Thero on 22 October 2020 titled බෝසත් ප්‍රතිපදා පූර්ණයේදී දෙවියන්ගේ කාර්යභාරය.  (Click here to reach the link to the video on YouTube
  10. මරණයේදී ඥාති වරයෙකුට උපකාර කරන ආකාරය: බුද්ධ ධර්මයට අනුව දරුවන් හට තම දෙමාපියනට සිදුකල හැකි හොඳම උපකාරය ඔවුන් ධර්මයේ මනාකොට පිහිටුවීමයි. හොඳ දරුවන් විසින් එම වටිනා ප්‍රතිඋපකාරය දෙමාපියන්හට සිදුකරන්නේ කෙසේද යන්න පිළිබඳව පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2020 ජනවාරි 12වෙනි දින සිදුකල වටිනා දායක ධර්ම දේශනාවකි. Audio of the Dhamma talk conducted by Ven. Kukulpane Sudassi Thero on 12 January 2020 titled මරණයේදී ඥාති වරයෙකුට උපකාර කරන ආකාරය.  (Click here to reach the link to the video on YouTube) 
  11. මිනිසාගේ ඇතිවීම, පැවතීම සහ අවසානය: දැනට ලෝකයේ පවතින Covid 19 වසංගත තත්වය පාදක කරගනිමින් බුද්ධ ධර්මයේ සඳහන් මිනිසාගේ ඇතිවීම පැවතීම සහ අවසානය පිළිබඳව පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2020 ජූනි මාසයේ 19 වෙනි දින පැවැත්වූ වටිනා දායකත්ව ධර්ම දේශනාවකි.
    චක්‍රවර්ති සිංහනාද සූත්‍රයේ සඳහන් වෙන ”තමන් සරණ කොට, තමන් පිහිට කොට වාසය කරන්න. වෙනත් කෙනෙක් සරණ කොට, වෙනත් කෙනෙක් පිහිට කොට වාසය නොකරන්න. ධර්මය සරණ කොට, ධර්මය පිහිට කොට වාසය කරන්න.”යන බුද්ධ වචනය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වන මෙම දේශනාවේදී පිය උරුමය නම් වූ සතර සතිපට්ඨානය තුල ජීවත්වෙන ලෙසට බුදුරජාණන් වහන්සේ භික්ෂූනට දුන් අවවාදය ද මතුකර දක්වමින් මෙම වටිනා දේශනාව විකාශනය වේ. Audio of the Dhamma talk conducted by Ven. Kukulpane Sudassi Thero on 19 June 2020 titled මිනිසාගේ ඇතිවීම, පැවතීම සහ අවසානය. (Click here to reach the link to the video on YouTube)
  12. ඉන්ද්‍රිය සංවරයේ වැදගත්කම: මෙම ධර්ම දේශනාව පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ චිත්ත සමාධියක් දියුණු කරන තැනැත්තා විසින් භව ගමන අවසන් කල යුත්තේ කුමන තැනකින්ද යන්න පැහැදිලි කිරීම සඳහා සිදුකරන ලදී.
    උපදවාගත් ඉන්ද්‍රිය සංවරය, සති සම්පජඤේඤය සහ යෝනිසෝමනසිකාරයෙන් පන්නරය ගැනීමෙන් භව ගමනේ අවසානය සිදුකෙරෙන පුරුක විවරකර ගතහැකි බව මෙම දහම් දේශනාවෙන් පැහැදිලි කෙරේ. Audio of the Dhamma talk of Ven. Kukulpane Sudassi Thero broadcast on 02 November 2020 titled ඉන්ද්‍රිය සංවරයේ වැදගත්කම. (Click here to reach the link to the video on YouTube)
  13. සතුට ගුණ දහම් වඩන්නට උපකාර වෙන හැටි: නියම ආකාරයෙන් යොමුකරන සතුට අපගේ ගුණ දහම් වඩන්නට උපකාර වෙන ආකාරය පිළිබඳව ගිහි පැවිදි සෑම දෙනා හට ඉතාම ප්‍රයෝජනවත් ධර්ම දේශනාවක් අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2020 නොවැම්බර් මාසයේ 10 වෙනි දින වදාරන ලදී. අඞ්ගුත්තරනිකායේ එකකනිපාතයේ, විරීයාරම්භ වර්ගයේ ඇති සන්තුට්ඨ සූත්‍රය ඇසුරු කොටගෙන මෙම දේශනාව සිදුකරන ලදී.  Click here for the audio.  Click here for the video.

  14. මෙත්තා මනෝභාවය (05-12-2020): මෛත්‍රීය භාවනාවක් ලෙස කුඩා කල සිට අප ඉගෙන ගෙන පුහුනු කලත් එම පුහුණු ක්‍රමයේ අද කාලයේ දී සමාජ ගතවී ඇති වැරදි පෙන්වා දෙමින් සිදු කෙරුණු මෙම දේශනාව වටිනා ධර්ම විවරණයක් වේ. මෙත්තා මනෝභාවය හඳුනා ගැනීමට අවශ්‍ය වන මනුෂ්‍ය ධර්ම අවධි වීමේ වැදගත්කම, වචන භාවිතා කරමින් වර්ථමාන කාලයේ බහුල ලෙස සිදු කෙරෙන ”මෙත් වැඩීමේ” දුර්වලතා, සිතුවිල්ලේ සහ මනොභාවයේ වෙනස සහ ”මුලින් තමන්ට මෙත් වැඩීම” යන වර්ථමාන මෙත් වැඩීමේ ක්‍රමයේ දුබලතාවය යන සුවිශේෂී කරුණු ඇතුලත් මෙම ධර්ම දේශනාව ගිහි පැවිදි දෙපාර්ශවයටම වැදගත් වේ.  Click here for the audio.  Click here for the video.
  15. යෝග ක්‍රම විදර්ශනාවට උපකාර වන ආකාරය (01-12-2020): යෝග ක්‍රම විදර්ශනාවට උපකාර වෙන්නේ කෙසේද කියන කාරණය පැහැදිලි කෙරෙන මෙම ධර්ම දේශනාව අපට පුරුදු වෙනත් ධර්ම දේශනා වලට වඩා වෙනස් වේ. යෝග ක්‍රම ප්‍රගුණ කිරීම බුදුරජාණන් වහන්සේ විසින් වදාල ”සුඛා ප්‍රතිපදාව” ට අධාර වෙන ආකාරය පැහැදිලි කෙරෙමින් වර්ෂ 2020 දෙසැම්බර් මස 01 දින පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකල සුවිශේෂී ධර්ම දේශනාවකි.  Click here for the audio.  Click here for the video.
  16. ජීවිතයේ අනිත්‍යතාවය (08-12-2020): ජීවිතයේ අනිත්‍යතාවය ගැන කෙතරම් අප දහම් ශ්‍රවණය කලත්, මතුපිටින් තේරුම් ගත්තා වුවත් එය ගැඹුරින් අවභෝද කිරීම පහසු කාරණයක් නොවේ. දහමේ සිධාන්තයන් සුතමය, චින්තාමය සහ භාවනා ඥානය යනුවෙන් ක්‍රම තුනකින් දිගුකලක් ප්‍රගුන කිරීම එම අනිත්‍යතාවය පැහැදිළි කරගැනීමට වැදගත් වෙන ආකාරය මෙම ධර්ම දේශනාවේ පැහැදිලි කෙරේ. එමෙන්ම ජීවිතයේ නොයෙක් අවස්ථාවල දී හැඟීම් වලට යට නොවී දහමෙන් ජීවිතය විනිවිද දැකීමත්, ජීවිතයෙන් දහම විනිවිද දැකීමත් යන දෙයාකාර හැකියාව ප්‍රායෝගිකව ප්‍රගුණ කිරීම අපට ”අනිත්‍යතාවය” ප්‍රත්‍යක්ෂ වශයෙන් අවභෝද කර ගැනීමට ප්‍රයෝජනවත් වන ආකාරයත් මෙම මෙම දේශනාවේ ඉදිරිපත් කෙරේ.  Click here for the audio.  Click here for the video.
  17. සම්මා දිට්ඨියෙහි සහ කල්‍යාණ මිත්‍ර සම්පන්තියෙහි ඇති වටිනාකම (13-12-2020): ලෞකික සම්මා දිට්ඨියේ අප නොදුටු පැති එදිනෙදා ජීවිතයේ උදාහරණ යොදා ගනිමින් පැහැදිලි කෙරෙන මෙම ධර්ම දේශනාව ගිහි පිංවතුන් හට මනා ප්‍රායෝගික වටිනා කමකින් යුතුවේ. ඇතැම් අය ආරම්භ කරන ව්‍යාපාර සාර්ථක වීමටත් ඇතැම් අය ආරම්භ කරන ව්‍යාපාර අසාර්ථක වීමටත් හේතුව වශයෙන් බුදුරජාණන් වහන්සේ දැක්වූ කාරණය ඒ පිලිබඳ අපූරු උදාහණයකි. මෙම ධර්ම දේශනාව පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකල දායක ධර්ම දේශනාවකි. Click here for the audio.  Click here for the video.
  18. පරෝපකරයේ වටිනාකම දියුණුකරන ආකාරය. (13-11-2020): යහපත් වූ කුසලයක් කිරීමේදී ඒ පිලිබඳ ඇතිවන්නා වූ මනෝභාවය සහ එම ක්‍රියාව ලෝකයට අර්ථ සම්පන්න වේද යන කාරණයන් දෙක මත එහි වටිනාකම සහ බලවත්කම තීරණය වේ. එමෙන්ම ලෝකයට වැඩි යහපතක් කරන්නට නම් අප අපේ ප්‍රඥාව හසුරුවා ගැනීමේදී අප දක්‍ෂ විය යුතු බවත්, අපගේ මනෝභාවය කරුණාව, මෛත්‍රිය සහ මුදිතාව පෙරදැරිව සිදුවිය යුතු බවත් මෙම දේශනාවන් පැහැදිලිවේ. පින්කම් කිරීමේ වටිනාකම, ප්‍රයෝජනය පිළිබඳව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මාපුඤ්ඤභායි සූත්‍රයහි දැක්වෙන දේශනා පාඨයක් ඇසුරුකොට මෙම ධර්ම දේශනාව පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන ලදී.  Click here for the audio.  Click here for the video.
  19. ගිරිමානන්ද සූත්‍රය (20 -12 -2020): ගිරිමානන්ද සූත්‍රයේ එන දස සංඥාවන් මූලික කොටගෙන සම්මා සතිය පිළිබඳව පැහැදිලි කිරීමක් මෙම ධර්ම දේශනාවෙන් සිදුකෙරේ. මෙම ධර්ම දේශනාව අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2020 දෙසැම්බර් මස 20 වෙනි දින Zoom දුරස්ථ මාද්‍යයෙන් සිදුකෙරිණි. Click here for the audio.  Click here for the video.
  20. පෘතග්ජන භාවයෙන් මිදීමට (25-12-2020): අප නිතර අසා ඇති සියළු බුදුවරයන්ගේ දේශනාව වන ”සබ්බ පාපස්ස අකරණං…” ගාථාව ඇසුරු කොටගෙන මෙම වටිනා ධර්ම දේශනාව වර්ෂ 2020 දෙසැම්බර් මස 25 දින අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන ලදී.  Click here for the audio.  Click here for the video.
  21. අත්හැරීම (23-12-2020): අත්හැරීම පිලිබඳ බොහෝ කතා බහ ගිහි සහ පැවිදි දෙපක්ෂය අතරම සිදුවුවත් බුදුරජාණන් වහන්සේ අනුදැන වදාල අත්හැරීම සහ නික්මීම පිළිබඳව විශාල පටලැවිලි බවක් මේ කාලයේ ඇතිබව පැහැදිලි කෙරෙන මෙම ධර්ම දේශනාව ඉතාම කාලෝචිත සහ ප්‍රායෝගික වටිනා කමකින් යුතු දේශනාවක් වේ. බොහෝ බෞධයන් ද්වේශය නමැති අකුසලය වර්ධනය කරමින් එය අත්හැරීම ලෙස වරදවා වටහා ගැනීමත් එයින් මිදීමට සිදුකලයුතු වැඩපිළිවෙලත් පැහැදිලි කෙරෙන මෙම ධර්ම දේශනාව වර්ෂ 2020 දෙසැම්බර් මස 23 දින අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන ලදී. Click here for the audio.  Click here for the video.
  22. අකල් මරණ වලින් බේරෙන හැටි (29-12-2020): අකාලයේ මරණයට පත් නොවී දිගුකලක් ජීවත්වීමට අප සෑමදෙනා තුලම කැමැත්තක් සහ ප්‍රාර්ථනාවක් පවතී. එසේ අකල් මරණ වලින් ගැලවී සිටීමට දහමේ දක්වන ප්‍රතිපදාවන් පිළිබඳව සිදුකල මෙම ධර්ම දේශනාව වර්ෂ වාර්ෂ 2020 දෙසැම්බර් මස 29 දින අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් පවත්වන ලදී. Click here for the audio.  Click here for the video.
  23. අකල් මරණ වලින් බේරෙන හැටි (29-12-2020): අකාලයේ මරණයට පත් නොවී දිගුකලක් ජීවත්වීමට අප සෑමදෙනා තුලම කැමැත්තක් සහ ප්‍රාර්ථනාවක් පවතී. එසේ අකල් මරණ වලින් ගැලවී සිටීමට දහමේ දක්වන ප්‍රතිපදාවන් පිළිබඳව සිදුකල මෙම ධර්ම දේශනාව වර්ෂ වාර්ෂ 2020 දෙසැම්බර් මස 29 දින අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් පවත්වන ලදී. Click here for the audio.  Click here for the video.
  24. අනිත්‍ය ධර්මය (05-12-2020): මෙම ධර්ම දේශනාව පහත සඳහන් හේතුන් නිසා විශේෂයෙන් වැදගත් වේ. 1. අනිත්‍ය දහම ප්‍රායෝගිකව අප එදිනෙදා ජීවිතයේදී ක්‍රියාත්මක වනවිට අපගේ සිත සකසා ගතයුතු ආකාරය. 2. විපස්සනා භාවනා යෝගීන්ගේ සුතමය ඥානය දියුණු වීමට වැදගත්වන කරුණු ඇතුලත් වීම. 3. විපස්සනා ඥාන දියුණු වීමේ එක්තරා කඩඉමක දී එම භාවනානු යෝගියා නිදිමත සහ කම්මැලි ස්වභාවයකට පත්වේ. එහිදී භාවනා ගුරුවරයා එම යෝගියාගේ විපස්සනා භාවනාව නවත්වන්නේ නැතිව දිගටම කරන ලෙස අවවාද අවවාද කරයි. එහෙත් බොහෝ යෝගීන් හට එම කඩඉම් පසුකිරීමට නොහැකි වීමෙන් ඔවුන්ගේ භාවනාවේ දියුණුවීම නවතී. මෙම දේශනාවේ ඇතැම් කරුණු එම කඩඉමේ දී තම මනස ක්‍රියා කෙරෙන ආකාරය වටහා ගැනීමට යම් අත්වැලක් සපයයි. Click here for the audio.  Click here for the video.
  25. ගිහි ජීවිතය තුල විදර්ශනාව ප්‍රගුණ කරන ආකාරය (04-01-2021): ගිහි ජීවිතය තුල විදර්ශනාව ප්‍රගුණ කරන ආකාරය පිලිබඳ කාලෝචිත ධර්ම දේශනාවක් වර්ෂ 2021 ජනවාරි 04 දින අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන ලදී. විදර්ශනාව යනු කුමක්ද, විදර්ශනාව ප්‍රගුණ කිරීමට අවශ්‍ය සාධක, ගෘහ ජීවිතයක් තුල එම අවශ්‍ය සාධක සම්පාදනය කරන ආකාරය, ගිහියෙකුට ඇතිවන බාධක කාරණා මොනවාද යන ආදී ඉතා ප්‍රායෝගික වැදගත් කමකින් යුතු බොහෝ වටිනා කරුණු කරුණු සහ මග පෙන්වීම් මෙම දේශනාවේ අඩංගු වේ. දැනට විදර්ශනා භාවනාවේ යෙදෙන හෝ යෙදීමට බලාපොරොත්තු වන හෝ ගිහියන් හට මෙම ධර්ම දේශනාව විශේෂයෙන් වැදගත් වේ.  Click here for the audio.  Click here for the video. 
  26. ආර්ය අෂ්ටාංගික මාර්ගය පැහැදිලි කිරීම (05-01-2021): නිවන් මග වන ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව පැහැදිලි අදහසක් අද කාලයේ ඒ සඳහා කටයුතු කරන බොහෝ උද්‍යෝගමත් බෞද්ධයින් වෙත නොමැති බව මෙම අගනා ධර්ම දේශනාවට සවන් දීමේදී පැහැදිලි වේ. මෙම කාලෝචිත දේශනාව හොඳින් ශ්‍රවනය කොට තම ප්‍රතිපදාව වැඩීමේ දී සහ දියුණු කිරීමේදී නැවත නැවතත් ගලපා ගැනීම, නිවන් මග සඳහා කටයුතු කරන පින්වතුන් හට බොහෝ වැඩදායක වනු ඇත. මෙම ඉතා වටිනා දහම් දෙසුම අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 ජනවාරි මස 05 දින සිදු කරනලදී.  Click here for the audio.  Click here for the video.
  27. බුදුරජාණන් වහන්සේගේ අවසාන අනුශාසනාව (12-01-2021): බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේදී වදාල අවසාන අනුශාසනාව, සමස්ථ බුද්ධ ධර්මයම සම්පිණ්ඩනය කොට දේශනාකළ දහම් පිඬුවකි. එම අනුශාසනාව පාදක කොට සුවිශේෂී ධර්ම දේශනාවක් වර්ෂ 2021 ජනවාරි මස 12 වෙනි දින පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන ලදී. මෙම දේශනාවේ අරමුණු වනුයේ; 1. නිවන පිලිබඳ එතරම් වැටහීමක් නොමැති අය තුල ඒ පිළිබඳව දැනුමක් ඇතිකිරීමටත්, 2. නිවන් දැකීම සඳහා අප විසින් කුමක් කල යුතුද යන කරුණු පැහැදිලි කිරීමටත් වේ. Click here for the audio.  Click here for the video.
  28. මමත්වය නිසා ඇතිවන ද්වේශය පාලනය කිරීම (30-12-2020): මමත්වය නිසා ද්වේශය ඇතිවන ආකාරය සහ එය පාලනය කරන ආකාරය පිළිබඳව ඉතාම ප්‍රායෝගික වටිනා කමකින් යුතු ධර්ම දේශනාවක් පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් 2020 දෙසැම්බර් මස 30 දින සිදුකරන ලදී. මෙම දේශනාවේ දී පහත සඳහන් කරුණු පැහැදිලි කෙරේ. 1. පටිඝය සහ අයෝනිසෝ මනසිකාරය හේතු කොට ද්වේශය ඉපදෙන ආකාරය. 2. මමත්වය නිසා ද්වේශය වැඩිදියුණුවන ආකාරය. 3. ද්වේශය දුරුකිරීමට බුදුරජාණන් වහන්සේ පෙන්වූ උපාය මාර්ග 06. Click here for the audio.  Click here for the video.
  29. ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුකට මුහුණ දෙන ආකාරය (24-01-2021): මෙම දේශනාව හොඳින් ශ්‍රවණය කිරීම අපගේ ආධ්‍යාත්මයේ සුභවාදී, ප්‍රඥා ගෝචර වෙනසක් ඇතිකිරීමට හේතුවන කරුණක් වියහැක. ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුකට මුහුණ දෙන ආකාරය ගැන වර්ෂ 2021 ජනවාරි 24 වන දින පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන ලද සුවිශේෂී ධර්ම දේශනාවකි. මෙහි ඇති සුවිශේෂත්වය නම් තමාට ප්‍රියවන සෑම දෙයක්ම වෙනස්වීමට ලක්වෙන බව නිතර ප්‍රත්‍යවේක්ෂා කලයුතු බව යන සම්බුද්ධ වදන පෙරදැරි කොට අපගේ සිත් තුලට ඉතාම ගැඹුරින් ඇතුළුවන ලෙස ප්‍රායෝගික උදාහරණ සහිතව දේශනා කල ධර්ම දේශනාවක් වන නිසාවෙනි.  Click here for the audio.  Click here for the video.
  30. සක්කාය දිට්ඨිය දුරු කරගන්නා ආකාරය (28-01-2021): සක්කාය දිට්ඨිය දුරු කරගන්නා ආකාරය පිළිබඳව වටිනා ධර්ම දේශනාවක් සක්කාය සූත්‍රය ඇසුරු කොට ගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 ජනවාරි 28 දුරුතු පෝය දින සිදුකරන ලදී. සක්කාය දිට්ඨිය යනු කුමක්ද, එය ඇතිවන ආකාරය, එය නැති කරන ආකාරය සහ එය නැති කිරීම සඳහා අනුගමනය කලයුතු පිළිවෙත පිළිබඳව පැහැදිලි වැටහීමක් මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් ඇති කරගැනීමට පුළුවන. ගෞරවනීය ස්වාමින්වහන්සේ මේ මේ පිලිබඳ ඇති ගැඹුරු කාරණා අපගේ ප්‍රායෝගික ජීවිතයේ උදාහරණ යොදාගනිමින් සරල ලෙස මෙහිදී පැහැදිලි කරන සේක.  Click here for the audio.  Click here for the video.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.