Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03

මෙය තුන්වන පිටුව වේ. එක පිටුවක දේශනා 25ක් දක්වා ඇත. ඉදිරියට සහ පසුපසට යාමට පිටුවේ ඉහල සහ පහල ඇති යොමුවන් භාවිතා කරන්න. 

Dayaka Dhamma Talks are conducted by Ven. Kukulpane Sudassi Thero for various Dayakas. These are conducted at Sri Vinayalankararamaya, Pokunuwita or elsewhere in the country.

මෙම දායකත්ව ධර්ම දේශනා, පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් පොකුණුවිට, ශ්‍රී විනයාලංකාරාරාමයේදී හෝ ශ්‍රී ලංකාවේ නොයෙකුත් ස්ථානයන් හීදී දේශනා කල වටිනා දහම් කරුණු වේ.

How to Download/listen/watch/read the files.

To download (Audio files): You could download the file by right clicking on the file link and then selecting “save as” from the drop down menu. Save the file into a pre designated folder to listen on multiple occasions. This is the best way to save your internet allocation.

To listen directly (Audio files): Please left click on the link to listen directly. Once the link is clicked, you will be directed to a separate page containing the talk. Usually the file starts to play in that window. If it doesn’t you could highlight the browser window and click ‘reload this page’. It will start to play.

Video Files: As it will consume a lot of internet data, it’s best to directly watch the video by left clicking on the video link.

Reading the Sutta/Dhammapada links: Just left click on the link. The link will open on a separate page.

  1. ප්‍රියයන්ගෙන් වෙන්වීම සාර්ථක කමටහනක් ලෙස. (16-05-2021): අප කොතරම් උත්සාහයෙන් අප ප්‍රියකරන පුද්ගලයන් අප වෙත හැමදා රඳවා ගැනීමට උත්සහ කලත් එය එසේ සිදු නොවේ. ඇතැම්විට ඒ අය කාලයත් සමග වෙනස් වී ප්‍රිය බවින් අඩුවේ. එසේ නැතහොත් මරණය නිසා ඔවුන් අපගෙන් හෝ අප ඔවුන්ගෙන් හෝ වෙන්වීම අනිවාර්ය වශයෙන් සිදු වේ. මේ බව ගිහි පැවිදි, ස්ත්‍රී පුරුෂ සියලු දෙනා නිරන්තරයෙන් සිහියේ තබාගන ඒ තුලින් ලෝක ධර්මතාවය තෙරුම් ගන්නේ කෙසේද සහ එය කමටහනක් ලෙස දියුණු කරන්නේ කෙසේද යන ආකාරය නොයෙක් පැතිවලින් මෙම දේශනාවේ පැහැදිලි කෙරේ. එම දහම් දේශනාවට පාදකවූ සූත්‍රය තිපිටකයෙන් මෙතනින් කියවන්න: අභිණ්හපච්චවෙක්ඛන සූත්‍රය.                               Click here for the audio.  Click here for the video. 
  2. යහපත් සමාජ ජීවිතයක් සඳහා සිඟාලෝවාද සූත්‍රය (17-05-2021): යහපත් සමාජ ජීවිතයක් ගතකිරීමෙන් එම පුද්ගලයාටත් සමාජයටත් අන්‍යොන්‍ය වශයෙන් කායික, මානසික, ආර්ථික සහ අධ්‍යාත්මික යහපතක් සිදුවේ. බුදුරජාණන්වහන්සේ දේශනාකළ සිඟාලෝවාද සූත්‍රය අනුව ජීවත්වීමෙන් එවැනි යහපත් සමාජ ජීවිතයක් ගොඩ නගෙන්නේ කෙසේද යන්න පැහැදිලි කරමින් මෙම ධර්ම දේශනාව සිදුකරන ලදී. දහම් දේශනාවට පාදකවූ සූත්‍රය තිපිටකයෙන් මෙතනින් කියවන්න: සිඟාලෝවාද සූත්‍රය.                                                                             Click here for the audio.  Click here for the video.      
  3. බෞද්ධයා තම සේවය අවංකව සිද්ධ කරන ආකාරය (25-05-2021): නියම බෞද්ධයා තම සේවය අවංකව සිද්ධ කරන ආකාරය පිළිබඳව ඉතාම කාලීන වැදගත්කමක් ඇති ධර්ම දේශනාවක් අති පුජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 මැයි 25 වෙනි දින සිදුකරන ලදී. අවංක භාවය වර්ථමාන ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ පෞද්ගලික සෑම ආයතනයක් තුලම වාගේ දුබල තත්වයකින් පැවතෙන ගුණයකි. එබැවින් මෙම දේශනාවේ ඇති කරුණු බොහෝ වැදගත් වේ.                             Click here for the audio.  Click here for the video.
  4. තිරිසන් සතෙකුට කරන පින් අනුමෝදනාව (26-05-2021):  තිරිසන් සතෙකුට හෝ මියගිය ඕනෑම මනුෂ්‍යයකුට හෝ පින් අනුමෝදනා කිරීමට සම්පුර්ණ වියයුතු සුදුසුකම් මොනවාද, මිනිසුන් ඇසුරේ සිටිය තිරිසන් සතුන් හට මිනිස් උපතක් ලබාගැනීමට ඇති ප්‍රවණතාව මොනවාද, තිරිසන් සතුන් හට අධික ලෙස බැඳීමක් ඇතිකර ගන්නා මිනිසුන් හට විය හැකි අවාසි ආදිය පිලිබඳ වටිනා විස්තරයක් මෙහි සඳහන් වේ. එමෙන්ම බුදුරජාණන්වහන්සේ දේශනා කල පරිදි මියයන බොහෝ මිනිසුන් තිරිසන් ආදී දුගති උප්පත්තිවලට පත්වන්නේ කෙසේදැයි පිළිබඳ ධර්මානුකූල වටිනා පැහැදිලි කිරීමක් ද මෙම ධර්ම දේශනාවේ ඇතුලත් වේ.                                                                                                                              Click here for the audio.  Click here for the video.                                    
  5. සතර සෘධි පාද ලෞකික දියුණුවට (30-05-2021): නිවන සඳහා සතර සෘධි පාද වඩන කෙනෙකු එම බලයන් අවශ්‍ය නම් ලෞකික දියුණුව සඳහා යොදාගන්න ආකාරය පැහැදිලි කරමින් මෙම ධර්ම දේශනාව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 මැයි මස 30 දින සිදුකරන ලදී. සතර සෘධි පාද යනු මොනවාද, ලෞකික දියුණුවට ඒවා යොදා ගන්නේ කෙසේද යන කරුණු මෙහිදී දේශනා කරන ලදී.                                        Click here for the audio.  Click here for the video.                                    
  6. සෝවාන් වීමට සක්කාය දිට්ඨිය දුරුකරන ආකාරය (31-05-2021): මෙම දේශනාවේදී සක්කාය යනු කුමක්ද, සක්කාය ගොඩනැගෙන්නේ කෙසේද සහ එය නැති කරගන්නේ කෙසේද යන කරුණු බුද්ධ දේශනාවට අනුව පැහැදිලිකරන ලදී. මෙම ධර්ම දේශනාව සඳහා සංයුක්ත නිකායේ ඛන්ධ සංයුක්තයේ එන සක්කාය සූත්‍රය පාදක කරගන්නා ලදී.  දහම් දේශනාවට පාදකවූ සූත්‍රය තිපිටකයෙන් මෙතනින් කියවන්න:  සක්කාය සූත්‍රය.                                                      Click here for the audio.  Click here for the video.                                    
  7. නිරන්තරයෙන් සැලෙන සිත (29-05-2021): නිරන්තරයෙන් සැලෙන සිත පිළිබඳව ඉතා වටිනා ධර්ම දේශනාවක් අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 මැයි මාසයේ 29 දින සිදුකරන ලදී. ඥානවන්තයන් එසේ සැලෙන, අකුසලයට නැමෙන, චපල සිත දක්ෂ ලෙස කුසලයට යොමුකරන ආකාරය මෙම ධර්ම දේශනාවෙන් මානව පැහැදිලිකරන ලදී. චිත්ත ඒකාග්‍රතාවය යනු කුමක්ද, අරමුණෙන් අරමුණට වේගයෙන් සිත හැසිරවීම යනු කුමක්ද, පුහුණු නොකළ සිත්හි ස්වභාවය කුමක්ද, ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම සහ සිත පුහුණු කිරීම කුමක්ද යන ඉතා වටිනා කරුණු මෙහිදී පැහැදිලි කරන ලදී.                                                     Click here for the audio.  Click here for the video. 
  8. සම්මා දිට්ඨිය මාර්ග අංග වැඩීමට පූර්ව නිමිත්ත වේ. (05-06-2021): සම්මා දිට්ඨි සූත්‍රයේ විස්තර කෙරෙන පරිදි සම්මා දිට්ඨිය කුමක්දැයි විස්තර කරමින් සිදුකල මෙම ධර්ම දේශනාවේදී එය යමෙකුගේ ජීවිතය තුල ගුණයක් ලෙස පිහිටන්නේ කෙසේද යන්න ප්‍රයෝගික උදාහරණ සහිතව පැහැදිලි කෙරිණි. බොහෝ දෙනෙකු සුතමය සහ චින්තාමය ඥානයෙන් සම්මා දිට්ඨිය ගැන දැනගන්නා දැනුම කිසිසේත්ම ප්‍රායෝගික ගුණයක් නොවන්නේ ඇයිදැයි මෙහිදී පැහැදිලි කෙරේ. දහම් දේශනාවට පාදකවූ සූත්‍රය තිපිටකයෙන් මෙතනින් කියවන්න: සම්මා දිට්ඨි සූත්‍රය.   Click here for the audio.  Click here for the video.                                    
  9. අනාත්ම ලක්ෂණය සහ කර්මය (30-12-2020): අනාත්ම ලක්ෂණය සහ කර්මය පිළිබඳව නුවණැස අවධි කරවන දහම් දේශනාවක් අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්වහන්සේ විසින් වර්ෂ 2020 දෙසැම්බර් මස 30වෙනි දින සිදුකරන ලදී. ආත්මයක් නැතිනම් යමෙක් කරන කර්මය එක් භවයකින් තවත් භවයකට ගමන් කරන්නේ කෙසේදැයි යමෙකුට තර්කය තුලින් ප්‍රශ්න කල හැකිය. එබඳු ගැටලු වලට පිළිතුරු මනා ලෙස මෙම ධර්ම දේශනාවෙන් පැහැදිලි කෙරේ.            Click here for the audio.  Click here for the video. 
  10. කෙලෙස් ප්‍රහාන කරන පුද්ගලයන් හතරදෙනා (07- 06-2021): මෙම දේශනාව භාවනා මග දියුනු කරමින් නිවන් දැකීම පිණිස පුහුනු වෙන බෞද්ධයන් හට බෙහෙවින් ප්‍රයෝජනවත් වන්නේ පහත දැක්වෙන කරුණු නිසාවෙනි; 1. සිතේ කෙලෙස් පරිනිබ්බානයට පත් කිරීමේදී එය ප්‍රධාන වශයෙන් සුඛා පටිපදා සහ දුක්ඛා පටිපදා යනුවෙන් ප්‍රතිපදා දෙකකට බෙදෙන ආකාරය. 2. එසේ ප්‍රතිපදා ක්‍රම වශයෙන් වෙනස් වුවත් මුලික වශයෙන් කෙලෙස් පරිනිබ්බානයට පත්කිරීම සඳහා සමානව සිදුකල යුතු පියවර පැහැදිලිව, ප්‍රයෝගික වටිනාකමක් ඇතිලෙස දක්වා තිබීම. 3. මෙසේ සරලව කරුණු පැහැදිලි කිරීම නිවන් ප්‍රතිපදාව පුහුණු කරන යෝගාවචරයන් හට බොහෝ ප්‍රයෝජනවත් වීම. දහම් දේශනාවට පාදකවූ සූත්‍රය තිපිටකයෙන් මෙතනින් කියවන්න: කිලෙස පරිනිබ්බාන සූත්‍රය.
    Click here for the audio.  Click here for the video. 
  11. අප්‍රමාද ධර්මය (08-06-2021): බුදුරජාණන්වහන්සේ වදාල අප්‍රමාදය කුමක්ද, එය අනිකුත් සියළු ගුණ ධර්ම වලට පාදක වන ලෙස දක්වා ඇත්තේ මන්ද සහ අප්‍රමාදය නිවැරදි ආකාරයට අර්ථ දැක්වීමේදී එයට සතිය සහ සම‍්පජඤ‍්ඤය යන අංග දෙකම යොදාගත යුත්තේ මන්ද යන ඉතා වැදගත් කරුණු රැසක් මෙම දේශනාවේ ඇතුලත් වේ.  දහම් දේශනාවට පාදකවූ සූත්‍රය තිපිටකයෙන් මෙතනින් කියවන්න: අප්‍රමාද සූත්‍රය.                                                      Click here for the audio.  Click here for the video. 
  12. ගිහි ජීවිතයක් තුල ප්‍රඥාව අවදි කරන්නේ කෙසේද (10-09-2020): ගිහි ජීවිතයක් තුල ප්‍රඥාව අවදි කරන්නේ කෙසේද යන මාතෘකාව පදනම් කොටගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2020 සැප්තැම්බර් මස 10 දා ඉතා වැදගත් ධර්ම දේශනාවක් සිදුකරන ලදී.                                                                                                                Click here for the audio.  Click here for the video. 
  13. ඉන්ද්‍රිය ධර්ම (13-09-2020): නිවන් දැකීම සඳහා ඉවහල් වෙන බෝධි පාක්ෂික ධර්ම වල සඳහන් වැදගත්ම කාරණාවන් පිළිබඳව වර්ෂ 2020 සැප්තැම්බර් මස 13වෙනි දින පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකල දායකත්ව ධර්ම දේශනාවකි.  එම දහම් දේශනාවට පාදකවූ සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න: මුදුතන්ද්‍රිරිය සූත්‍රය.                      Click here for the audio.  Click here for the video.
  14. බුද්ධානුස්සතිය සහ අනාපානසති භාවනාව (2020-07-21): බුද්ධානුස්සතිය සහ අනාපානසති භාවනාව පිලිබඳ මෙම ධර්ම දේශනාව ආචාර්ය පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ විසින් වර්ෂ 2020 ජුලි මාසයේ 21වෙනි දින සිදුකරන ලදී. මෙම දේශනාවට පාදකවූ සූත්‍රය මජ්‌ඣිම නිකායේ, උපරි පන්නාසකයේ, අනුපද වර්ගයේ සඳහන් අනාපානසති සූත්‍රයයි.  දහම් දේශනාවට පාදකවූ සූත්‍රය තිපිටකයෙන් මෙතනින් කියවන්න: අනාපානසති සූත්‍රය.
    Click here for the audio.  Click here for the video.
  15. කාමයන්ගේ ආදීනව දකිමින් එයම අපේක්ෂා කරන්නේ ඇයි? (17-03-2021): ගිහි පැවිදි දෙපාර්ශවයටම වැදගත්වන සහ ගැටලුවක් වන ඉහත මාතෘකාව පාදක කරගනිමින් වටිනා ධර්ම දේශනාවක් අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 මාර්තු මස 17 වෙනිදා සිදුකරන ලදී. මෙහිදී බුදුරජාණන්වහන්සේ විසින් මහානාම රජුන් හට ලබා දුන් උපදේශයක් පාදක කරගනිමින් නිරතුරුව සතිපට්ඨානය තුලින් දියුණු කරගත් සතියක් හෝ සමථ ධ්‍යානයක් හෝ නැති ඕනෑම අවස්ථාවක අනාගාමී තත්වයෙන් පහල සිටින ඕනෑම අයකුට අකුසලයන්ගේ අදීනව දැන සිටියා වුවත් එම අකුසල සිතුවිලි ඇතිවිය හැකි බව පැහැදිලි කෙරිණි. එම දහම් දේශනාවට පාදකවූ සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න: චූල දුක්ඛක්ඛන්ධ සූත්‍රය.
    Click here for the audio.  Click here for the video.
  16. ගෘහ ජීවිතය තුල සම්මා සංකප්පය පුහුණු කිරීම (13-01-2021): මෙම දේශනාව අපට කමටහනක් වන්නේ අපගේ නිවන් මාර්ගය විවර කරගැනීම සඳහා උත්සාහයෙන් අවධානය යොමු කිරීමට එදිනෙදා ගෘහ ජීවිතය තුලදී පුහුණු කල හැකි ක්‍රියාකාරකම් රැසකට අප යොමුකරන නිසාවෙනි.  අපගේ ජීවිතයේ හොඳින් පුරුදුවූ ක්ලේශ සහ වස්තු කාමයන් නොලැබුණු විට ඇතිවන දුක නිසා බොහෝ විට අපට නෙක්ඛම්ම සංකප්පයන් උපදවා ගැනීමට අපහසු වේ.
    ඉහත සඳහන් කල කමටහන් වැනි ක්‍රියාකාරකම් තුලින් එම කාමයන්ගේ බලපෑම හඳුනාගැනීමට සහ අඩුකර ගැනීමට හැකි වේ.  එසේ කාමයන්ගේ බලපෑම අඩුවූ පසුබිමක සම්මා සංකප්පයන් වර්ධනය කිරීම ජීවිතයේ ප්‍රායෝගික අවස්ථා තුලින්ම පුහුණු කිරීමට අපට මග විවර වේ.  එම දහම් දේශනාවට පාදකවූ සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න: සච්චවිභංග සූත්‍රය.
    Click here for the audio.  Click here for the video.
  17. ජීවිතයට පැමිණෙන දුක් විපත් වලක්වා ගැනීම (03-05-2020): මේ කාලයේ රෝග පීඩා සහ දේශ ගුණික විපර්යාස නිසා නොයෙකුත් දුක් විපත්ති බහුල ලෙස අත්විඳීමට අපට සිදුවේ. එය එසේ වුවත් බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාල “ප්‍රයෝග සම්පත්ති” භාවිතා කිරීම හේතු කොට ගෙන අපගේ කුසල විපාකයන් මතුකරගෙන එවැනි විපත් කාලයක වුවද සම්පත්තිකර තත්වයක් උදාකරගත හැක. අප කථාකරන, හැසිරෙන, හිතන ආකාරය සහ පාරිසරික සාධක නිවැරදි යහපත් ආකාරයට හසුරවා ගැනීම ප්‍රයෝග සම්පත්තිය වේ. එමෙන්ම අප සිතන ආකාරය යහපත් ආකාරයට වැඩිදියුණු කිරීම නිසා ඇතිවන අධ්‍යාත්මික වර්ධනය තුලින් අපගේ පරිසරයට පවා යහ බලපෑම් ඇතිකළ හැකි බව මෙම දේශනාවේ පැහැදිලි කෙරේ.                                Click here for the audio.  Click here for the video.
  18. සුඛී දීගායුකෝ භව (15-06-2021):  දිගු කලක් ජීවත් වීම අප සෑම දෙනාම වාගේ කැමති කාරණයකි. එසේ දිගු කාලයක්‌ වර්ණය, සැපය සහ බලය ඇතිව ජීවත් වීම සඳහා බුදුරජාණන්වහන්සේ දේශනා කල ක්‍රම වේදය පැහැදිලි කරමින් මෙම වටිනා ධර්ම දේශනාව වර්ෂ 2021 ජූනි මාසයේ 15 වෙනි දින අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන ලදී.                                                                                                          Click here for the audio.  Click here for the video.
  19. ආර්ය අෂ්ටාංගික මාර්ගය (01-05-2021):  ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව බොහෝ ධර්ම දේශනා අතර ඇති විශිෂ්ටතම ධර්ම දේශනාවකි. පෘතග්ජන මිනිසුන්ගේ ප්‍රඥාව අඩුකම නිසා කායික දුක්ඛ වේදනාව සහ මානසික වේදනාව වන දොම්නස දුක ලෙස වැරදි ආකාරයෙන් වටහා ගැනීම නිසා ඇතිවන පැටලවීම පිළිබඳව ඉතා වැදගත් විවරණයක් මෙහි ඇතුලත් වේ. එනිසා සම්මා දිට්ඨිය මුලින්ම අප තුල උපදවා නොගතහොත් ආර්ය අෂ්ටාංගික මාර්ගයට අවතීර්ණ වීමටවත් නොහැකි බව පැහැදිලි කරමින් මෙම දේශනාව ඉතා ප්‍රායෝගික මාවතක් තුලින් විකාශය වේ. අනෙකුත් මාර්ග අංගයන්ද එවන් ආකාරයකට පැහැදිලි කරන මම ධර්ම දේශනය කිහිප වතාවක් ශ්‍රවණය කරීම වැදගත් වන්නේ අප එදිනෙද ජීවිතයේදී මෙම උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය වර්ධනය කරන ආකාරය පිළිබඳව ක්‍රියාකාරී යොමුවක් ඉදිරිපත් කරන නිසාවෙනි.  එම දහම් දේශනාවට පාදකවූ සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න: සච්චවිභඞ්ග සූත්‍රය.
    Click here for the audio.  Click here for the video.
  20. තණ්හාව ක්‍රියාත්මක වන සහ දුරු කරන ආකාරය (20-06-2021): අප විසින් දුරුකළ යුතු ත්‍රිවිධ අකර තණ්හාව කුමක්ද, ඒවා එදිනෙද ජීවිතයේදී හඳුනාගන්නේ කෙසේද සහ තණ්හාව පියවරෙන් පියවරට ක්‍රමානුකුලව දුරුකරන ආකාරය පිළිබඳව මෙම ධර්ම දේශනාවේදී පැහැදිලි කෙරේ. එම දහම් දේශනාවට පාදකවූ සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න: තණ්හා සූත්‍රය.
    Click here for the audio.  Click here for the video.
  21. කායික මානසික පීඩා මැද වයෝවෘද්ධ සමයේ ගුණදහම් වැඩීම (23-06-2021): වියපත්වීමත් සමග අපගේ කායික සහ මානසික පීඩා නිරන්තරයෙන් වැඩි වේ. එවන් පීඩාකාරී පසුබිමක ගුණදහම් වැඩීම අප බොහෝ දෙනෙකු හට අපහසු සහ අභියෝගාත්මක කාර්යක් වේ. එබැවින් බුදුරජාණන් වහන්සේ විසින් වියපත්ව සිටි නකුල පීතෘ ගෘහපති තුමාහට ලබා දුන් රෝගී කයක් තිබුනත් නිරෝගී සිතක් වැඩීම පිලිබඳ අවවාද පාදක කරගත් මෙම ධර්ම දේශනාව අප සියළු දෙනාට ඉතා ප්‍රයෝජනවත් වේ.  එම දහම් දේශනාවට පාදකවූ සූත්‍රය තිපිටකයෙන් මෙතනින් කියවන්න: අභිණ්හපච්චවෙක්ඛන සූත්‍රය.
    Click here for the audio.  Click here for the video.
  22. මහා මංගල සූත්‍රයේ නිබ්බාන සච්චිකිරියාච (22-06-2021): ගිහි ජීවිතයේ සිට නිවන් අවබෝධ කරන ප්‍රතිපදාවක් මහා මංගල සූත්‍රයේ මානව පැහැදිලි කර තිබෙන බව පාදක කරගනිමින් මෙම වටින ධර්ම දේශනාව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 ජූනි 22 වෙනි දින සිදුකරන ලදී. මහා මංගල සූත්‍රයේ දැක්වෙන එම කරුණු 38 පිළිබඳව සිදුකරන මෙම නිවැරදි පැහැදිලි කිරීම, අපගේ නිවන්මග සපුරා ගැනීමට අත්වැලක් වනවා පමණක් නොව අප විසින් නිතර භාවිතා කරන එම මහා මංගල සූත්‍රය පිළිබඳව පැහැදිලි අර්ථයක් ඇතිකර ගැනීමට ද හේතුවේ.
    Click here for the audio.  Click here for the video.
  23. මව් පිය ගුණ සහ මව් පිය උපස්ථානයේ වටිනාකම (08-06-2021): මෙම ධර්ම දේශනාව පහත සඳහන් කරුණු නිසා වඩාත් වැදගත් වේ. 1. විවාහ ජීවිතයේදී තිබිය යුතු අන්‍යොන්‍ය ගෞරවයේ ඇති විශේෂ වටිනාකම සියළුම විවාහකයන් හට වැදගත්වේ. 2. දරුවන්ගේ සත්කාර ලබාගැනීමට සුදුසු උසස් චර්යාවන් සහ ගුණ දෙමාපියන් තුල තිබීමේ වැදගත්කම. 3. මව් පියන් තුල තිබිය යුතු ගුණයන් මොනවාද? 4. දරුවන් තුල දියුණු කරගත යුතු ගුණයන් මොනවාද යන කරුණු වේ.  එම දහම් දේශනාවට පාදකවූ සූත්‍රය තිපිටකයෙන් මෙතනින් කියවන්න: සබ්‍රහ්‌මක සූත්‍රය.
    Click here for the audio.  Click here for the video.
  24. අභිධර්මය පිලිබඳ සරල විග්‍රහයක් (18-06-2021):  අභිධර්මය ගැඹුරු ධර්මයක් යැයි සිතා එය ඉගෙනීමට බොහෝ දෙනෙක් මැලිකමක් දක්වන පසුබිමක එම ධර්මය පිළිබඳව දේශනාකර ඇති මෙම සරල විග්‍රහය සියළු බෞද්ධයන් හට ඉතා වටිනා වේ.  සම්මුති සහ පරමාර්ථ සත්‍යයන් කුමක්ද සහ අභිධර්මය පරමාර්ථ සත්‍යයට අයත්වන බව මෙහිදී පැහැදිලි කෙරේ. සරල උදාහරණ සහිතව ලෝක සම්මතයට එහා ගැඹුරකට යාමේ වැදගත්කම මූලික කරගනිමින් අභිධර්ම විග්‍රහයේ වැදගත්කම බුදූදහම අවභෝදයට වැදගත්වන ආකාරය මෙම දේශනාවේ මානව පැහැදිලි කෙරේ.
    Click here for the audio.  Click here for the video.
  25. ගිහි ජීවිතය ගතකරමින් තණ්හාව දුරුකරන්නේ කෙසේද? (30-06-2021):  බොහෝ ගිහියන් තමන්ගේ ගිහිබව තණ්හාව දුරුකරගැනීමට බාධාවක් ලෙස සලකති. එනමුදු බුදුරජාණන් වහන්සේ ගිහි සහ පැවිදි දෙපිරිසටම චතුරාර්‍ය සත්‍ය මත පදනම් වූ එකම දුක් නැතිකිරීමේ ප්‍රතිපදාවක් දේශනාකර තිබේ. එනමුදු ගිහි සහ පැවිදි ප්‍රතිපදා වල පැහැදිලිව දක්නා වෙනස්කම් දෙක නම් ගිහි ජීවිතයේ ඇති බැඳීම්, වගකීම් සහ ශීල ප්‍රතිපදාවේ ඇති වෙනස්කම්ද වේ. අවශ්‍යතාවයන් මත පිහිටා, ගිහියන්ට තම ජීවිතය හොඳින් පවත්වා ගැනීමට අවශ්‍ය වන දේවල් සම්පාදනය කරගනිමින් තණ්හාව දුරුකරගන්නා ප්‍රතිපදාව මෙම වටිනා ධර්ම දේශනාවෙන් පැහැදිලි කෙරේ. ක්ලේශයන් ඇතිවන්නේ කෙලෙසදැයි දැනගෙන එය දුරුකිරීම ගිහි සහ පැවිදි දෙපිරිසටම සමාන වනවා පමණක් නොව ඒ සඳහා යෙදිය යුතු වීර්ය සහ ප්‍රඥාවද සමාන වේ. එබැවින් පැවිදි බව පමණක් නිවනට සමීප වීමට කරුණක් නොවේ. එමෙන්ම ගිහියන් කාම සම්පත් සමග සිටීම නිසා නිවනෙන් දුරස් වීමට කරුණක් ද නොවන බව නොයෙකුත් උදාහරණ සමගින් මෙම දේශනාවෙන් පැහැදිලි කෙරේ.                                                                                      Click here for the audio.  Click here for the video.