Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02

මෙය දෙවන පිටුව වේ. එක පිටුවක දේශනා 25ක් දක්වා ඇත. ඉදිරියට යාමට පිටුවේ පහල ඇති යොමුව භාවිතා කරන්න.

Dayaka Dhamma Talks are conducted by Ven. Kukulpane Sudassi Thero for various Dayakas. These are conducted at Sri Vinayalankararamaya, Pokunuwita or elsewhere in the country.

මෙම දායකත්ව ධර්ම දේශනා, පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් පොකුණුවිට, ශ්‍රී විනයාලංකාරාරාමයේදී හෝ ශ්‍රී ලංකාවේ නොයෙකුත් ස්ථානයන් හීදී දේශනා කල වටිනා දහම් කරුණු වේ.

How to Download/listen/watch/read the files.

To download (Audio files): You could download the file by right clicking on the file link and then selecting “save as” from the drop down menu. Save the file into a pre designated folder to listen on multiple occasions. This is the best way to save your internet allocation.

To listen directly (Audio files): Please left click on the link to listen directly. Once the link is clicked, you will be directed to a separate page containing the talk. Usually the file starts to play in that window. If it doesn’t you could highlight the browser window and click ‘reload this page’. It will start to play.

Video Files: As it will consume a lot of internet data, it’s best to directly watch the video by left clicking on the video link.

Reading the Sutta/Dhammapada links: Just left click on the link. The link will open on a separate page.

  1. ආර්ය අෂ්ටාංගික මාර්ගය පැහැදිලි කිරීම. (05-01-2021): නිවන් මග වන ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව පැහැදිලි අදහසක් අද කාලයේ ඒ සඳහා කටයුතු කරන බොහෝ උද්‍යෝගමත් බෞද්ධයින් වෙත නොමැති බව මෙම අගනා ධර්ම දේශනාවට සවන් දීමේදී පැහැදිලි වේ. මෙම කාලෝචිත දේශනාව හොඳින් ශ්‍රවනය කොට තම ප්‍රතිපදාව වැඩීමේ දී සහ දියුණු කිරීමේදී නැවත නැවතත් ගලපා ගැනීම, නිවන් මග සඳහා කටයුතු කරන පින්වතුන් හට බොහෝ වැඩදායක වනු ඇත. මෙම ඉතා වටිනා දහම් දෙසුම අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 ජනවාරි මස 05 දින සිදු කරනලදී.
    Click here for the audio.  Click here for the video.
  2. බුදුරජාණන් වහන්සේගේ අවසාන අනුශාසනාව. (12-01-2021):  බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේදී වදාල අවසාන අනුශාසනාව, සමස්ථ බුද්ධ ධර්මයම සම්පිණ්ඩනය කොට දේශනාකළ දහම් පිඬුවකි. එම අනුශාසනාව පාදක කොට සුවිශේෂී ධර්ම දේශනාවක් වර්ෂ 2021 ජනවාරි මස 12 වෙනි දින පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන ලදී. මෙම දේශනාවේ අරමුණු වනුයේ; 1. නිවන පිලිබඳ එතරම් වැටහීමක් නොමැති අය තුල ඒ පිළිබඳව දැනුමක් ඇතිකිරීමටත්, 2. නිවන් දැකීම සඳහා අප විසින් කුමක් කල යුතුද යන කරුණු පැහැදිලි කිරීමටත් වේ.
    Click here for the audio.  Click here for the video.
  3. මමත්වය නිසා ඇතිවන ද්වේශය පාලනය කිරීම. (30-12-2020):  මමත්වය නිසා ද්වේශය ඇතිවන ආකාරය සහ එය පාලනය කරන ආකාරය පිළිබඳව ඉතාම ප්‍රායෝගික වටිනා කමකින් යුතු ධර්ම දේශනාවක් පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් 2020 දෙසැම්බර් මස 30 දින සිදුකරන ලදී. මෙම දේශනාවේ දී පහත සඳහන් කරුණු පැහැදිලි කෙරේ. 1. පටිඝය සහ අයෝනිසෝ මනසිකාරය හේතු කොට ද්වේශය ඉපදෙන ආකාරය. 2. මමත්වය නිසා ද්වේශය වැඩිදියුණුවන ආකාරය. 3. ද්වේශය දුරුකිරීමට බුදුරජාණන් වහන්සේ පෙන්වූ උපාය මාර්ග හය.
    Click here for the audio.  Click here for the video.
  4. ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුකට මුහුණ දෙන ආකාරය. (24-01-2021):  මෙම දේශනාව හොඳින් ශ්‍රවණය කිරීම අපගේ ආධ්‍යාත්මයේ සුභවාදී, ප්‍රඥා ගෝචර වෙනසක් ඇතිකිරීමට හේතුවන කරුණක් වියහැක. ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුකට මුහුණ දෙන ආකාරය ගැන වර්ෂ 2021 ජනවාරි 24 වන දින පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන ලද සුවිශේෂී ධර්ම දේශනාවකි. මෙහි ඇති සුවිශේෂත්වය නම් තමාට ප්‍රියවන සෑම දෙයක්ම වෙනස්වීමට ලක්වෙන බව නිතර ප්‍රත්‍යවේක්ෂා කලයුතු බව යන සම්බුද්ධ වදන පෙරදැරි කොට අපගේ සිත් තුලට ඉතාම ගැඹුරින් ඇතුළුවන ලෙස ප්‍රායෝගික උදාහරණ සහිතව දේශනා කල ධර්ම දේශනාවක් වන නිසාවෙනි.
    Click here for the audio.  Click here for the video.
  5. සක්කාය දිට්ඨිය දුරු කරගන්නා ආකාරය. (28-01-2021): සක්කාය දිට්ඨිය දුරු කරගන්නා ආකාරය පිළිබඳව වටිනා ධර්ම දේශනාවක් සක්කාය සූත්‍රය ඇසුරු කොට ගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 ජනවාරි 28 දුරුතු පෝය දින සිදුකරන ලදී. සක්කාය දිට්ඨිය යනු කුමක්ද, එය ඇතිවන ආකාරය, එය නැති කරන ආකාරය සහ එය නැති කිරීම සඳහා අනුගමනය කලයුතු පිළිවෙත පිළිබඳව පැහැදිලි වැටහීමක් මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් ඇති කරගැනීමට පුළුවන. ගෞරවනීය ස්වාමින්වහන්සේ මේ පිලිබඳ ඇති ගැඹුරු කාරණා අපගේ ප්‍රායෝගික ජීවිතයේ උදාහරණ යොදාගනිමින් සරල ලෙස මෙහිදී පැහැදිලි කරන සේක.
    Click here for the audio.  Click here for the video.
  6. උපේක්ඛා පාරමිතාව. (28-01-2021):  උපේක්ඛා පාරමිතාව පිළිබඳව මෙම වටිනා ධර්ම දේශනාව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 ජනවාරි 28 දුරුතු පෝය දින සිදුකරන ලදී. උපේක්ෂාව යනු කුමක්ද සහ එය සෑම ගුණ ධර්මයක්ම වැඩීමට උපකාරවන ආකාරයත් අපගේ එදිනෙදා ජීවිතයේ උදාහරණ ඇසුරු කරගනිමින් මෙම ධර්ම දේශනාවෙන් පැහැදිලි කෙරේ.
    Click here for the audio.  Click here for the video.
  7. දිට්ඨි විශුද්ධිය. (05-02-2021):  දිට්ඨි විශුද්ධිය පිළිබඳව වටිනා ධර්ම දේශනාවක් අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 පෙබරවාරි මස පස්වන දින සිදුකරන ලදී. සප්ත විශුද්ධි වල තුන්වන විශුද්ධිය වන දිට්ඨි විශුද්ධිය පිලිබඳ මෙම ධර්ම දේශනාව සංක්ෂිප්ත, පුර්ණ සහ වටිනා ධර්ම දේශනාවකි. අපගේ දහම් මාවතේදී පටලවා ගන්නා ස්ථානයක් පිලිබඳ වැදගත් පැහැදිලි කිරීමක්ද මෙහි ඇතුලත් වේ.
    Click here for the audio.  Click here for the video.
  8. ලෞකික ජීවිත ගත කරන අයට කෙලෙස් නැසීම – සබ්බාසව සූත්‍රය. (13-02-2021):  ලෞකික ජීවිත ගත කරන අයට කෙලෙස් නැසීම සඳහා සුදුසු ක්‍රම කුමක්දැයි සබ්බාසව සූත්‍රය ඇසුරින් ඉතා වටිනා දායකත්ව ධර්ම දේශනාවක් අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 පෙබරවාරි 13 වන දින සිදුකරන ලදී. මෙම දහම් දේශනාවෙන් අප බොහෝ දෙනා නොදන්නා පහත සඳහන් කරුණු පැහැදිලි කෙරේ; 1. බුදුරජාණන්වහන්සේ සබ්බාසව සූත්‍රය දේශනා කිරීමේදී එම සූත්‍රයෙන් දැක්වෙන කෙලෙස් නැසීමේ කරුණු 07 සුදුසු වන්නේ යෝනිසෝමනසිකාරය සහිත පුද්ගලයන් හට පමණක් බවයි. ඉන්පසු ස්වාමින්වහන්සේ යෝනිසෝමනසිකාරය සහ අයෝනිසෝමනසිකාරය පිළිබඳව පැහැදිලි විස්තරයක් ඉදිරිපත් කරන සේක. 2.රහත් බවට පත් නොවූ අනෙක් සියළු ආර්යයන් වහන්සේලා වුවද තමන්ගේ ඵල සමාපත්තියට සම වදින්නේ නැති විට යම් යම් ප්‍රමාණ වලට ආශ්‍රව වලට නතු වී ලෞකික ජීවිත ගතකරන බව පැහැදිලි කල සේක.  එම දහම් දේශනාවට පාදකවූ සබ්බාසව සූත්‍රය තිපිටකයෙන් මෙතනින් කියවන්න: සබ්බාසව සූත්‍රය.
    Click here for the audio.  Click here for the video.
  9. කාර්ය බහුල ජීවිතයට ඇතිවන ආතතිය නැති කිරීම. (19-12-2020):  කාර්ය බහුල ජීවිතයට ඇතිවන ආතතිය නැති කිරීමට බුදුදහමින් ලැබෙන මාර්ගෝපදේශ මොනවාදැයි සහ කාර්ය බහුල ජීවිතයක ආගමික කටයුතු සඳහා කාලය වෙන්කරගන්නේ කෙලෙසදැයි පැහැදිලි කරමින් අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2020 දෙසැම්බර් මස 19 වන දින සිදුකල ඉතා වටිනා සහ ප්‍රායෝගික ධර්ම දේශනාවකි. මෙම දේශනාවේදී පහත සඳහන් කරුණු අවධාරණය කිරීම විශේෂයෙන් වැදගත්වේ. 1. බෞද්ධයන් මේ ජීවිත කාලය පමණක් නොව මුළු සංසර ගමනම සැලසුම් කරගත යුතුය.  2. ඒ එසේ වුවත් තමන් වෙත පැමිණිනෙන දෙයට පූර්ණව මුහුණ දීමටත් නොපමිනෙන, නූපන් දේ ගැන බරක් නොගැනීමත් මත ජීවිතය ආතතියෙන් තොරව ගතකල හැකිබව ආගතභාර සූත්‍රය ඇසුරුකොට ස්වාමින්වහන්සේ දේශනා කල සේක.  3. කෙතරම් කාර්ය බහුල ජීවිතයක් ගත කලත් සතිමත්ව එළබෙන කාර්යයට යෙදී ගත කිරීමෙන් මානසික ආතතිය නැතිව ගතකල හැකි බව. 4. සතිපට්ඨානය වැඩීම ඒ සඳහා ඉමහත් ලෙස උපකාර වන බව.  එම දහම් දේශනාවට පාදකවූ සූත්‍රය තිපිටකයෙන් මෙතනින් කියවන්න: ආගතභාර සූත්‍රය.
    Click here for the audio.  Click here for the video.
  10. දුක්ඛ සත්‍යය. (2021-02-20):  දුක්ඛ සත්‍යය පිළිබඳව ඉතාම වැදගත් ධර්ම දේශනාවක් වර්ෂ 2021 පෙබරවාරි මස 20වෙනි දින අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකෙරිණි. මෙම දේශනාව කිහිප වතාවක් හොඳින් ශ්‍රවණය කලයුතු වටිනා දේශනාවක් වන්නේ ඇයි දැයි යන කරුණු පහතින් දක්වමු. 1. මෙහි දුක්ඛ සත්‍යය සම්බන්ධයෙන් වර්තමාන කාලයේ ගිහි පැවිදි බොහෝ දෙනා පටලවා ගෙන ඇති ‘කලකිරීම’ සහ ‘නිබ්බිදාව’ අතර වෙනස පිළිබඳව මනා පැහැදිලි කිරීමක් ඇතුලත් වේ. 2. දුක්ඛ වේදනාව, දුක්ඛ සත්‍යය සමග පටලවාගත් තවත් කරුණකි. මෙය ගැනත් වටිනා පැහැදිලි කිරීමක් මෙම දේශනාවේ ඇතුලත් වේ.
    Click here for the audio.  Click here for the video.
  11. චිත්ත පීඩාවන්ට මුහුණ දුන් පසු (01-03-2021):  චිත්ත පීඩාවන්ට මුහුණ දුන් පසු සිත එකඟ කරගන්නේ කෙසේද යන්න පැහැදිලි කරමින් ඉතාමත් ප්‍රායෝගික වටිනාකමකින් යුතු ධර්ම දේශනාවක් අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 මාර්තු මස 01වෙනි දින සිදුකරන ලදී. චිත්ත පීඩාවන් අප බොහො දෙනා හට සාධාරණ මානසික තත්වයකි. ඇතැම්විට භාවනා මාර්ගය හෝ අධ්‍යාත්මික දියුණුව තමන් බලාපොරොත්තු වන ආකාරයට සිදු නොවීම නිසා නිවන් මග ගමන් කරන අයටත්, සාමාන්‍ය එදිනෙදා ජීවිත ගත කරන අයට අවශ්‍ය අරමුණු සහ බලාපොරොත්තු ඉටු නොවීම නිසාත් එක ලෙසම පොදුවේ චිත්ත පීඩාවන් ඇතිවිය හැක. ඒ කුමන ආකාරයේ චිත්ත පීඩාවන් වුවද ඒ සෑම පීඩාවන්ම සමාන ප්‍රභවයන්ගෙන් ඇතිවන බවත් සහ සමාන මානසික (විපස්සනා) පුහුණුවකින් සමනය කරගැනීමට හැකිවන බවත් මෙම දේශනාවෙන් පැහැදිලි කෙරේ.
    Click here for the audio.  Click here for the video.
  12. දහම් මනසිකාරය දියුණු කිරීම. (28-02-2021): මෙම ධර්ම දේශනාව උපන් දිනය සැමරීමට බලාපොරොත්තු වන බෞධයන් හට විශේෂයෙන් වැදගත් වේ. දහම් මනසිකාරය දියුණු කිරීම නිසා දහම තුලින් ජීවිතයත් ජීවිතය තුලින් දහමත් දැකීමට භාවනා මනසිකාරය දියුණු කිරීමේ වැදගත්කම පිළිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 පෙබරවාරි මස 28 වෙනි දින වටිනා ධර්ම දේශනාවක් සිදුකරන ලදී.
    Click here for the audio.  Click here for the video.
  13. ප්‍රේමය, ආදරය සහ සෙනෙහස. (06-03-2021):  “ප්‍රේමතෝ ජායතී සෝකෝ..'” යන බුද්ධ දේශනාව පාදක කරගෙන ගිහි ජීවිත ගතකරන අයට ඉතා වැදගත් ධර්ම දේශනාවක් අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 මාර්තු මස 06 දින සිදුකරන ලදී. මෙම දේශනාවෙන් ස්වාමින්වහන්සේ පහත සඳහන් කරුණු පැහැදිලි කල සේක. 1. පෘතග්ජන මනුෂ්‍යන්ට වැදගත් වන ප්‍රේමය, ආදරය සහ සෙනෙහස යනු කුමක්ද? 2. ඒ නිසා දුක ශෝකය හටගන්නේ කෙසේද,? 3. ප්‍රේමය, ආදරය සහ සෙනෙහස යහපත් දිවි පැවැත්මක් සඳහා උපකාරී වෙන ආකාරය. 4. එම ප්‍රේමය, ආදරය සහ සෙනෙහස අපට නිවන් මගට සහය වන්නේ කෙසේද?
    Click here for the audio.  Click here for the video.
  14. සතුටින් ජීවත් වන්නේ කෙසේද? (02-03-2021):  ජීවිතය පුරා අභියෝග වලට මුහුණ දෙමින්, එම අභියෝග ජය ගනිමින්, යුතුකම් වගකීම් ඉටුකරමින් සතුටින් ජීවත් වන්නේ කෙසේද සහ ඒ සඳහා ධර්ම මාර්ගයේ හැසිරීමේ වැදගත්කම පිළිබඳව ගිහි අප කා හටත් වැදගත් ධර්ම දේශනාවක් අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 මාර්තු මාසයේ දෙවෙනිදා සිදුකරන ලදී. සාමිස සතුටින් පටන්ගෙන නොනැවතී, ඉහල තත්වයේ නිරාමිස සතුට ලබාගැනීමට බොජ‍්ඣඣඞ‍්ග යනාදිය දියුණු කිරීම අවශ්‍ය බව මෙහිදී පැහැදිලි කෙරේ.  එම දහම් දේශනාවට පාදකවූ සූත්‍රය තිපිටකයෙන් මෙතනින් කියවන්න:  සන්තුට්ඨ සූත්‍රය.
    Click here for the audio.  Click here for the video.
  15. ද්වේශය ඇතුළු අකුසල විතර්ක දුරුකිරීම. (13-03-2021):  ගිහි පැවිදි සෑම දෙනා හටම දහම මග දියුණු කරගැනීමට වෙර දැරීමේදී විටින් විට අකුසල විතර්ක වලින් පීඩා විඳීමට සිදුවේ. එවන් අවස්ථා වලදී බුදුරජාණන් වහන්සේ විසින් වදාල ක්‍රම පහක් ආධාරයෙන් එම අකුසල විතර්ක සමනය කරගන්න ආකාරය පිළිබඳව වටිනා ධර්ම දේශනාවක් වර්ෂ 2021 මාර්තු මස 13 වෙනි දින අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන ලදී.
    Click here for the audio.  Click here for the video.
  16. චිත්තානුපස්සනාව (27-03-2021):  සතිපට්ඨාන සූත්‍රයේ දැක්වෙන චිත්තානුපස්සනාව පිළිබඳව වැදගත් ප්‍රායෝගික කරුණු අරම්භයා වටිනා ධර්ම දේශනාවක් අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 මාර්තු මස 27 වෙනි දින සිදු කෙරිණි.
    Click here for the audio.  Click here for the video.
  17. අර්ථ චර්යාව නිවන් මාර්ගයක් හැටියට ප්‍රගුණ කිරීම. (17-03-2021):  අර්ථ චර්යාව යනු කුමක්ද සහ එය නිවන් මාර්ගයක් හැටියට ප්‍රගුණ කරන්නේ කුමන ආකාරයකින්ද යන්න පැහැදිලි කරමින් වටිනා ධර්ම දේශනාවක් අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 මාර්තු මස 17 දින සිදුකරන ලදී.
    Click here for the audio.  Click here for the video.
  18. සම්මා දිට්ඨිය. (08-04-2021):  මජ්ඣිම නිකායේ සම්මා දිට්ඨි සූත්‍රයහි සම්මා දිට්ඨිය යනු කුමක්දැයි මූලික න්‍යාය පැහැදිලි කෙරෙන ගාථාව පාදක කොට අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්වහන්සේ විසින් වර්ෂ 2021 අප්‍රේල් මාසයේ 08 දින ධර්ම දේශනාවක් සිදුකෙරිණි. මෙම දේශනාවේ විශේෂත්වයක් වනුයේ සම්මා දිට්ඨිය හඳුනා ගන්න ආකාරය, දැනුම සහ දැක්මේ අතර වෙනස සහ එම දැක්ම දියුණුකරන ආකාරය සරල, ප්‍රායෝගික ආකාරයෙන් ඉදිරිපත් කිරීමයි.  එම දහම් දේශනාවට පාදකවූ සූත්‍රය තිපිටකයෙන් මෙතනින් කියවන්න: සම්මා දිට්ඨි සූත්‍රය.
    Click here for the audio.  Click here for the video.
  19. ආමිස පූජාවෙන් ප්‍රතිපත්තියට. (13-04-2021):  ආමිස පූජාවෙන් ප්‍රතිපත්තියට යන තේමාව මුල්කොටගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකල විශිෂ්ටතම ධර්ම දේශනාවකි. මෙම දේශනාවේ වටිනාකම ප්‍රධාන වශයෙන් පහත සඳහන් කරුණු නිසා ඔප්නැංවේ; 1. බුදුරජාණන්වහන්සේ ප්‍රතිපත්ති පූජාව, ආමිස පූජාවට වඩා වැදගත් වනබව සඳහන් කල මුත් ආමිස පූජාව නොකරන ලෙස සඳහන් නොකලබව. 2. වර්ථමානයේදී ආමිස පූජාව තණ්හාව වැඩිදියුණු වන ලෙස පටලවා ගෙන අති ආකාරය. 3. ගිහි පැවිදි දෙපිරිසටම, ආමිසය නැතහොත් භෞතික පරිභෝජනය සිදුවිය යුත්තේ කුමක් සඳහාද? 4. ප්‍රතිපත්ති මග දියුණු කරනවිට ආමිස පූජාවේ වටිනාකම දියුණුවන හැටි. 5. ප්‍රතිපත්තියේ සහ ආමිසයේ ඇති අන්තර් සම්බන්ධතාවය.
    Click here for the audio.  Click here for the video.
  20. භාවනා මගට නිවැරදිව ප්‍රවේශ වන ආකාරය. (18-04-2021):  භාවනා මගට නිවැරදිව ප්‍රවේශ වන ආකාරය පිළිබඳව වටිනා ධර්ම දේශනාවක් අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 අප්‍රේල් මස 18 දින සිදුකරන ලදී. මෙම දේශනාව දැනට භාවනාව ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන අයට පමණක් නොව භාවනාව දැනටමත් ආරම්භ කර ඇති ශ්‍රාවකයන් හටද වැදගත් වේ. මෙහිදී සියළු බුදුවරයාණන් වහන්සේලාගේ සංක්ෂිප්ත දහම් පණිවිඩය පාදක කරගන්නා ගෞරවනීය ස්වාමින්වහන්සේ, අපගේ භාවනාව කුමන මුලධර්ම මත පාදක විය යුතුදැයි වැදගත් විවරණයක් යෙදෙන සේක. එමෙන්ම එම සියළු බුදුවරයාණන් වහන්සේලාගේ පණිවිඩය අරමුණු කරගනිමින් භාවනාවට පිවිසීමට කාහටත් යොදාගත හැකි සරල සහ ප්‍රායෝගික ක්‍රම වේදයක්ද මෙම දේශනාවේ ඉදිරිපත් කෙරේ.
    Click here for the audio.  Click here for the video.
  21. ලෝක ධර්මතා හමුවේ කම්පා නොවී සිටින්නේ කෙසේද? (28-03-2021):  මහා මංගල සූත්‍රයේ “පුට්ඨස්ස ලෝකධම්මේහි…” ගාථාව ඇසුරු කොට මේ කාලයට ඉතා ප්‍රයෝජනවත් වෙන වටිනා ධර්ම දේශනාවක් අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 මාර්තු 28 වෙනි දින සිදුකරන ලදී. ලෝක ධර්මතා හමුවේ කම්පා නොවීම දියුණු කරන ආකාරය සහ එම දියුණුව මෙලොව, පරලොව සහ අපගේ නිවන් ගමනට ආධාර වෙන ආකාරය පැහැදිලි කෙරෙන මෙම දේශනාව, අපගේ ගිහි හෝ පැවිදි හෝ ජීවිත ඔපවත් කරගැනීමට බොහෝ ප්‍රයෝගික වූ මගපෙන්වීම් වලින් යුතුවේ.
    Click here for the audio.  Click here for the video.
  22. ගිහි ජීවිතයක සකසුරුවන්කම, පිළිවෙල හා පිරිසිදුබව. (04-05-2021):  ගිහි ජීවිතයක සකසුරුවන්කම, පිළිවෙල හා පිරිසිදුබව ගැන මෙම වටින ධර්ම දේශනාව අති පුජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 මැයි මාසයේ 04 දින සිදුකරන ලදී. මෙහිදී නැවැත්ම පිළිබඳව සිතන විට පැවැත්ම පිළිබඳව අමතක නොකළ යුතු බව දන්නා පුද්ගලයා දෑසම ඇති පුද්ගලයෙක් බවත් පැවැත්ම සහ නැවැත්ම සමබරව පවත්වා ගැනීම නිවන් ගමනට ආධාර වෙන බවත් පැහැදිලි කෙරිණි.  එම දහම් දේශනාවට පාදකවූ සූත්‍රය තිපිටකයෙන් මෙතනින් කියවන්න:  කුල සූත්‍රය.
    Click here for the audio.  Click here for the video.
  23. යහපත් ජීවිතයක් උදෙසා සිහිය පැවැත්වීම සහ මත් ද්‍රව්‍යයෙන් වැලකීම. (214-04-2021):  යහපත් ජීවිතයක් උදෙසා සිහිය පවත්වා ගැනීමේ වැදගත්කම සහ මත් ද්‍රව්‍ය භාවිතයෙන් වැලකීමෙන් ඊට ලැබෙන පිටිවහල කොතෙක්ද කියා පැහැදිලිකල මෙම දේශනාව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 අප්‍රේල් මස 24 වන දින සිදුකරන ලදී. සිහිය යනු කුමක්ද සහ සතිය හැමවිටම කුසල් සිත්වල පමණක් ඇතිවන බවත් මෙහිදී පැහැදිලි කෙරිණි. එමෙන්ම සතියෙන් තොරවූ විට අකුසල සිත් ඇතිවන ආකාරය මෙහි පැහැදිලි කෙරේ.  එම දහම් දේශනාවට පාදකවූ ධම්මපද ගාථාව මෙතනින් කියවන්න:  සත්වන මහාලිප්‍ර‍ශ්න වස්තුව.
    Click here for the audio.  Click here for the video.
  24. ශෝකය දුරු කරගන්නේ කෙසේද? (13-05-2021):  ශෝකය දුරු කරගන්නේ කෙසේද යන ඉතා කාලෝචිත මාතෘකාව මූලික කොට ගෙන වටිනා ධර්ම දේශනාවක් අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වනසේ විසින් වර්ෂ 2021 මැයි මස 13 දින සිදුකරන ලදී. ලෝක ධර්මතාවයක් හේතුවෙන් සිදුවන අපගේ ප්‍රියයන්ගේ මරණය නිසා නිසා ඇතිවන ශෝකයට අප ප්‍රඥාවන්තව කෙසේ මුහුණ දියයුතුද යන්න මෙම දේශනාවෙන් මානව පැහැදිළි කෙරේ. එමෙන්ම ආධ්‍යාත්මික ශක්තිය භාවිතා කර පිරිත් දේශනා සිදුකරමින් සත්‍යක්‍රියා සිදුකරන මේ කාලයේ සඳහන් කලයුතු වැදගත් කරුණක් වේ. එනම් ආධ්‍යාත්මික ශක්තියක් අවදි ගන්නා ආර්ය මග ගමන් කරනා බෞධයන් මරණය නමැති ලෝක ධර්මතාවය පිටු නොදකිති. ඔවුන් බියෙන් හෝ ශෝකයෙන් හෝ පරිබාහිර වූ මනෝභාවයකින් යුතුව තමන් හා අනෙකුත් මිනිස් සහ සත්ව ප්‍රජාව වෙත දහමේ බලය සහ ශාන්තිය පතුරවති.  එම දහම් දේශනාවට පාදකවූ සූත්‍රය තිපිටකයෙන් මෙතනින් කියවන්න:  සෝකසල්ලහරණ සූත්‍රය.
    Click here for the audio.  Click here for the video.
  25. මානසික ආතතිය දුරුකරගෙන ගුණදහම් දියුණුකර ගැනීම (16-05-2021):  මේ කාලයේ බොහෝ දෙනෙකු මානසික ආතතිය නිසා පීඩා විඳිති. අප නිතර සිතන ආකාරය අනුව මානසික ආතතිය ඇතිවන හැටි, දහමට අනුව සිතේ ආවේග පාලනය සිදුකල යුතු ආකාරය, පණ්ඩිතයන් සතු වටිනා ගුණ ධර්මයන් දෙක වන නොපැමිණි බර නොගැනීම සහ පැමිණි බර දරා ගැනීම යන වටිනා දහම් කරුණු මෙහි පැහැදිලි කෙරේ. එදිනෙදා ගිහි ජීවිතයේදී මානසික ආතතිය දුරුකරගෙන ගුණදහම් දියුණුකර ගැනීම සිදුකරන්නේ කෙසේද යන වටිනා කාරණය පාදක කරමින් අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් මෙම දේශනාව වර්ෂ 2021 මාර්තු මස 16 දින සිදුකරන ලදී.
    Click here for the audio.  Click here for the video.