Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04

මෙය සිව්වන පිටුව වේ. එක පිටුවක දේශනා 25ක් දක්වා ඇත. ඉදිරියට සහ පසුපසට යාමට පිටුවේ ඉහල සහ පහල ඇති යොමුවන් භාවිතා කරන්න. 

Dayaka Dhamma Talks are conducted by Ven. Kukulpane Sudassi Thero for various Dayakas. These are conducted at Sri Vinayalankararamaya, Pokunuwita or elsewhere in the country.මෙම දායකත්ව ධර්ම දේශනා, පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් පොකුණුවිට, ශ්‍රී විනයාලංකාරාරාමයේදී හෝ ශ්‍රී ලංකාවේ නොයෙකුත් ස්ථානයන් හීදී දේශනා කල වටිනා දහම් කරුණු වේ.

How to Download/listen/watch/read the files.

To download (Audio files): You could download the file by right clicking on the file link and then selecting “save as” from the drop down menu. Save the file into a pre designated folder to listen on multiple occasions. This is the best way to save your internet allocation.

To listen directly (Audio files): Please left click on the link to listen directly. Once the link is clicked, you will be directed to a separate page containing the talk. Usually the file starts to play in that window. If it doesn’t you could highlight the browser window and click ‘reload this page’. It will start to play.

Video Files: As it will consume a lot of internet data, it’s best to directly watch the video by left clicking on the video link.

Reading the Sutta/Dhammapada links: Just left click on the link. The link will open on a separate page.

  1.   සප්ත බොජ්ඣංග ධර්ම වඩන ආකාරය (08-07 -2021):  සප්ත බොජ්ඣංග ධර්ම යනු මොනවාද සහ ඒවා වඩන ආකාරය පිළිබඳව මෙහිදී පැහැදිලි කෙරේ. එමෙන්ම මෙම බෝධි අංග පිළිබඳව සරල පැහැදිලි කිරීමක් මෙම ධර්ම දේශනාවේ අන්තර්ගත වේ.
    මෙම ධර්ම දේශනාව සම්බන්ධ වෙබ් පිටුවට පිවිසීම සඳහා මෙතන click කරන්න.
  2. දරුවන් උදෙසා මවකගේ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය. (21-06-2021):  මව් කෙනෙක් තම දරුවන් හට දෙලොවටම වැඩදායක වෙන කල්‍යාණමිත්‍රයෙක් වෙන්නේ කෙසේද යන්න පැහැදිලි කෙරෙන මෙම ධර්ම දේශනාව වර්තමානයේ දෙමාපියන් සහ දරුවනට බොහෝ වැදගත් වේ.
    මෙම ධර්ම දේශනාව සම්බන්ධ වෙබ් පිටුවට පිවිසීම සඳහා මෙතන click කරන්න. 
  3. ආර්ය අෂ්ඨාංගික මාර්ගය (17-07-2021):  දුක නැතිකිරීම ප්‍රතිපදාව ආර්ය අෂ්ඨාංගික මාර්ගය වෙන බවට ඉතා වැදගත් ප්‍රවේශයකින් මෙම දහම් දේශනාව ආරම්භ වේ. එය දුක් නැතිකර ගැනීමේ මාවත ලෙස හඳුනා ගැනීමට නිවැරදි දැක්ම (සම්මා දිට්ඨි) සහ සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත සහ සම්මා ආජීව මත රඳා පවතින බව පැහැදිලි කරමින් විකාශය වන මෙම දේශනාවෙන් මෙම ආර්ය අෂ්ඨාංගික මාර්ගය පිලිබඳ ඉතා වැදගත් කරුණු කෙටියෙන් සහ පැහැදිලිව දක්වා ඇත.
    මෙම ධර්ම දේශනාව සම්බන්ධ වෙබ් පිටුවට පිවිසීම සඳහා මෙතන click කරන්න. 
  4. බුදුදහම ඇසුරින් ජීවිතයේ යථාර්තය වටහා ගැනීම. (05-08-2021):  මෙම වටිනා ධර්ම දේශනාව අති පුජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 අගෝස්තු මස 05 දින සිදුකරන ලදී. දුක්ඛ ලක්‍ෂණයේ සමස්ත තේරුම පැහැදිලි කරමින් ආරම්භ කෙරෙන මෙම දේශනාව කිහිප වරක් ශ්‍රවණය කලයුතු ඉතා වටිනා සහ ප්‍රායෝගික දේශනාවකි. දුක්ඛ වේදනාවේ එක් කොටසක් ප්‍රතික්ෂේප කිරීමත් තමන් කැමතිවෙන සුඛ වේදනාව ලඟා කරගැනීම සඳහා අරගලයක යෙදෙන පෘතග්ජන සත්වයා දුකෙහිම ගැලෙන ආකාරය මෙහි මනාව පැහැදිලි කෙරේ.
    මෙම ධර්ම දේශනාව සම්බන්ධ වෙබ් පිටුවට පිවිසීම සඳහා මෙතන click කරන්න.
  5. ආර්ය අෂ්ඨාංගික මාර්ගය (11-08-2021):   ආර්ය අෂ්ඨාංගික මාර්ගය පැහැදිලි කෙරෙන මෙම ධර්ම දේශනාව අති පුජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 අගෝස්තු මස 11 දින සිදුකරන ලදී. මෙම දේශනාව අපට ඉතාම වැදගත් වනුයේ නිවන් දකින මග පැහැදිලි කිරීම නිසා පමණක් නොව අප නිවන් දැකීමට මෙතුවක් කල් අපොහොසත් වීමට හේතුවත් මානාව පැහැදිලි කිරීම නිසාවෙනි. සත්වයා දුක්ඛ වේදනාව සහ මානසික වේදනාව දුක ලෙස ගැනීම හේතුකොට එම ”දුක” අඩු අවස්ථාව නිරායාසයෙන් ”සැප” ලෙස වරදවා වටහා ගැනීම සිදුවේ. එවිට අප උත්සහ කරන්නේ එම ”සැප” වැඩිකරගැනීමට සහ ”දුක” අඩුකරගැනීමටයි. එවිට අප සංසාරය තුල නොනවත්වා ගමන් කිරීම සිදුවේ.  මෙම දේශනාව කිහිප විටක් ශ්‍රවණය කිරීමට වටිනා ධර්ම දේශනාවකි.  ධර්ම දේශනාවට පාදක වූ සංයුක්ත නිකායේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න: https://pitaka.lk/main?n=252122
    Click here for the audio.  Click here for the video.
  6. මානසික ශක්තිය වර්ධනය කරගැනීම (16-08-2021): චිත්ත පීඩා සමනය කර ගැනීම සහ මානසික ශක්තිය වර්ධනය කරගැනීම ගිහි පැවිදි සැමට ඉතා වටිනා හැකියාවක් වේ. එම හැකියාව පිළිබඳව මෙම වටිනා ධර්ම දේශනාව වර්ෂ 2021 අගෝස්තු මාසයේ 16 දින අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන ලදී. අප කැමති විධියට කටයුතු සිද්ධ වීම හෝ නොවීම මත අපගේ චිත්ත පීඩාව ඇතිවීම පිළිබඳව පැහැදිලි කරමින් ආරම්භ කෙරෙන මෙම ධර්ම දේශනාව ඉතා ප්‍රයෝගික වටිනා කමක් ඇති කරුණු ඇතුලත් කරමින් ගැඹුරකට විහිදේ.  මෙම වටිනා ධර්ම දේශනාවට පාදක වුයේ අඞ්‌ගුත්‌තර නිකායේ අට්ඨක නිපාතයේ සඳහන් වෙන දුතියලොකධම්ම සුත්‍රයයි. එම වටිනා සුත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න: https://pitaka.lk/main?n=33106 
    Click here for the audio.  Click here for the video.
  7. ඉවසීම පුහුනුකරන්නේ කෙසේද? (13-08-2021): ඉවසීම දියුණු කර ඇති බව නිවන් මග පුහුණු කිරීමට පමණක් නොව ගිහි ජීවිතයේ සාර්ථක බව ඇතිකර ගැනීමටත් අප සැමට ඉමහත් ලෙස උපකාරවන ගුණයකි. ඉවසීමේ ප්‍රතිපදාව පුහුණු කරන ආකාරය පිලිබඳ මෙම වටිනා ධර්ම දේශනාව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්වහන්සේ විසින් වර්ෂ 2021 අගෝස්තු මස 13 වෙනි දින සිදුකරන ලදී. මෙහිදී අවස්ථා තුනකින් ඉවසීම ප්‍රගුණ කරන ආකාරය පැහැදිලි කෙරේ. 1. වෙනස් කිරීමට නොහැකි කර්කශ අරමුණු කෙරෙහි ඉවසීම පුහුණු කිරීම. 2. වෙනස් කිරීමට හැකි කටුක අරමුණු වලින් ඉවත් වීම. 3. අරමුණ කටුක නොවුවත් එම අරමුණ සමග මනසින් ඇතිවන ගැටීම නැති කරගැනීමට පුහුණු වීම.  මෙම වටින දේශනාවට පාදක වූයේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ පස්වැනි ප්‍රතිපදා සූත්‍රයයි. එම සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න: http://www.thripitakaya.org/tipitakaya/Index/469?s=10666
    Click here for the audio.  Click here for the video.
  8. භද්‍ර මරණයක් සඳහා මරණානුස්සතිය (20-08-2021): මරණානුස්සතිය පිළිබඳව මෙතෙක් සිදුකල ඉතාම වටිනා ධර්ම දේශනාවක් වන මෙම දේශනාව වර්ෂ 2021 අගෝස්තු මස 20 වෙනි දින අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදු කරන ලදී. මෙම දේශනාව භද්‍ර මරණයක් යනු කුමක්ද, මරණානුස්සතිය වැඩිය යුත්තේ මක්නිසාද සහ එය කෙබඳු ආකාරයෙන් වැඩීමට බුදුරජාණන්වහන්සේ සඳහන් කර ඇතිදැයි යන වටිනා කරුණු වලින් සමන්විත වේ. එමෙන්ම බොහෝ බෞධයන් මරණානුස්සතිය වැඩීමේදී සිදුකරගන්නා වැරදි පැහැදිලි කර එය නිවැරදි කරගන්නා ආකාරය සඳහන් කෙරෙන මෙම දේශනාව වටිනා කර්මස්ථානයක් වැනිය.  මෙම වටිනා ධර්ම දේශනාවට පාදක වුයේ අඞ්‌ගුත්‌තර නිකායේ අට්ඨක නිපාතයේ සඳහන් වන ප්‍රථම සහ දෙවැනි මරණසති සූත්‍ර වේ. එම වටිනා සුත්‍ර ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න;
    ප්‍රථම මරණසති සූත්‍රය: http://www.thripitakaya.org/tipitakaya/Index/543?s=10853
    දෙවැනි මරණසති සූත්‍රය: http://www.thripitakaya.org/tipitakaya/Index/543?s=10854
    Click here for the audio.  Click here for the video.
  9. අවිද්‍යාව, මිථ්‍යාදෘෂ්ටිය සහ සසර පැවැත්ම. (24-08-2021): අවිද්‍යාවත් මිථ්‍යාදෘෂ්ටියත් අපගේ සංසාරය දිගු කිරීමට හේතුවෙන ආකාරය පැහැදිලි කරමින් සිදුකල මෙම වටින ධර්ම දේශනාව වර්ෂ 2021අගෝස්තු මස 24 දින අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්වහන්සේ විසින් සිදුකරන ලදී. බුදුරජාණන් වහන්සේ විසින් අවිද්‍යාවත් මිථ්‍යාදෘෂ්ටියත් පිළිබඳව දේශිත ඉතා ප්‍රබල පැහැදිලි කිරීමකින් ඇරඹෙන මෙම දේශනාව සත්වයාගේ සසර පැවැත්ම පිළිබඳව සිදුකර ඇති ඉතා වටිනා දේශනාවකි. එම ප්‍රබල පැහැදිලි කිරීමෙහි සිංහල අර්ථය මෙසේ දක්වමු. “මහණෙනි, පවට ලැජ්ජා නැතිකම හා බිය නැති කම සමගම උපදනා අවිද්‍යාව අකුසල් දහම් ඉපැද්මට පෙරටු වෙයි. අවිද්‍යාවෙන් යුත් අඥානයාහට මිත්‍යාදෘෂ්ටිය උපදී.”  මෙම වටින දේශනාවට පාදක වූයේ සංයුක්ත නිකායේ මග්ග සංයුක්තයේ එන අවිජ්‌ජා සූත්‍රයයි. එම සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න: http://www.thripitakaya.org/tipitakaya/Index/137?s=1960 
    Click here for the audio.  Click here for the video.
  10. ධාර්මික පුද්ගලයෙකුගේ ගති ලක්ෂණ (17-08-2021):  ධාර්මික පුද්ගලයා තමා හෙතුකොට ගෙණද, පව් නොකරන්නේය. අනුන් හෙතුකොට ගෙණද පව් නොකරන්නේය. එම වටිනා පිවිසුමෙන් ආරම්භ කෙරෙන සිල්වතෙකුගේ, ප්‍රඥාවන්තයෙකුගේ හෙවත් ධාර්මික පුද්ගලයෙකුගේ ගතිලක්‍ෂණ මොනවාදැයි පැහැදිලි කෙරෙන මෙම වටිනා ධර්ම දේශනාව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 අගෝස්තු මස 17 වෙනි දින සිදුකරන ලදී.  ධර්ම දේශනාවට පාදක වූ ධම්ම පදයේ පණ්ඩිත වග්ගයේ සඳහන් වෙන මෙම ගාථාවේ විස්තර ත්‍රිපිටකයෙන් මෙම යොමුවෙන් කියවන්න: https://pitaka.lk/dhammapada/katha-68.html
    Click here for the audio.  Click here for the video.
  11. පොදු ව්‍යසනයකදී අවධි කරගතයුතු මනුෂ්‍ය ධර්ම. (20-08-2021):  මෙම ඉතාම කාලෝචිත සහ වටිනා ධර්ම දේශනාව වර්ෂ 2021 අගෝස්තු මස 20 වෙනි දින අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන ලදී. “යම්කිසි කෙනෙකුට තමන් රැකගන්නට පුළුවන් වූවොත් අනුන් රැකගත්තා වෙනවා මෙන්ම අනුන් රැකගත්තානම් තමා රැකගත්තා වෙනවා” යන සතිපට්ඨානය පිලිබඳ ඉතා වැදගත් දහම් විවරණයක් පාදක කරගෙන මෙම දේශනාව ආරම්භ වේ. අප සමූහයක් ලෙස සමාජයක ජීවත් වෙනවිට අපගේ සිහිය හොඳින් පුහුණු කිරීම තුලින් අනුන් සහ තමන් රැකෙන ආකාරය මෙම දේශනාවෙන් මනාව පැහැදිලි කෙරේ.  මෙම ධර්ම දේශනාවට පාදක වූයේ බුදුරජාණන්වහන්සේ විසින් භික්ෂූන්වහන්සේලාට සතිපට්ඨානය මුල්කොටගෙන දේශනාකළ සතිපට්ඨාන සංයුක්තයේ ඇති ඉතා වටිනා සූත්‍රයකි. එම සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙම යොමුවෙන් කියවන්න: https://pitaka.lk/main?n=251229
    Click here for the audio.  Click here for the video.
  12. ගිහි ජීවිතයෙන් නිවන් මගට; භාවනාව සහ අත්හැරීම (06-01-2021):  ගිහි ජීවිත ගතකරමින් නිවන් මග දියුණු කිරීම සඳහා අත්හැරීම සහ භාවනාව ගිහි ජීවිතයන් තුල ප්‍රගුණ කරන්නේ කෙසේද යන්න පිලිබඳ වූ මෙම ධර්ම දේශනාව වර්ෂ 2021 ජනවාරි මස 06 දින අති පුජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්වහන්සේ විසින් සිදුකරන ලදී. ගිහියන් ලෙස ලෝකය පවත්වමින් කෙලෙස් ධර්ම විනාශ කරන්නේ කෙසේද යන්න පිළිබඳව පැහැදිලි කරමින් ආරම්භ කෙරෙන මෙම දේශනාව ඉතා ප්‍රයෝගික වටිනා කමකින් යුතු වේ. එම නිවන් මාර්ගය දියුණු කිරීමේදී අත්හල යුත්තේ මොනවාද යන්න අප බොහෝ දෙනෙක් පටලවාගෙන සිටින බවත් අප විසින් බැහැර කල යුත්තේ කෙලෙස් ධර්ම සමූහය බවත් පුද්ගලයින් සහ ද්‍රව්‍ය නොවන බවත් මෙම දේශනාවෙන් මානාව පැහැදිලි කෙරේ.  මෙම ධර්ම දේශනාවට පාදකවූ ගාථාව ධම්මපදයෙන් මෙතනින් කියවන්න:  මහළු තෙරුන් පිළිබඳ කථා පුවත.
    Click here for the audio.  Click here for the video.
  13. ඉන්ද්‍රිය භාවනා සූත්‍රය (25-08-2021):  බුදුදහමෙහි දැක්වෙන ඉතාම වටිනා සූත්‍ර දේශනාවක් වන ඉන්ද්‍රිය භාවනා සූත්‍රය පාදක කරගත් මෙම ධර්ම දේශනාව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්වහන්සේ විසින් වර්ෂ 2021 අගෝස්තු මස 25 වන දින සිදුකරන ලදී. ඇස, කණ, නාසය යනාදී ඉන්ද්‍රිය හය සසර ගමන කෙටි කරගැනීමට සංවර කරගන්නේ කෙසේද යන වැදගත් කාරණය පැහැදිලි කරමින් ඇරඹෙන මෙම දේශනාව ඉතා ප්‍රායෝගික වැදගත් කමකින් යුතු වේ. ආර්ය විනයේ අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව කෙසේ පුරුදු පුහුණු කලයුතුද, ඉන්ද්‍රිය භාවනාව සම්බන්ධ සේඛ ප්‍රතිපදාව කෙසේ පුරුදු පුහුණු කලයුතුද සහ ඉන්ද්‍රිය භාවනාව මැනවින් පුරුදු කල රහතන් වහන්සේලාගේ ගති ලක්ෂණ මොනවාද යන කරුණු මෙම වටිනා දේශනාවෙන් පැහැදිලි කෙරේ.  එම දහම් දේශනාවට පාදකවූ සූත්‍රය තිපිටකයෙන් මෙතනින් කියවන්න:  ඉන්ද්‍රිය භාවනා සූත්‍රය.
    Click here for the audio.  Click here for the video.
  14. ප්‍රඥාවෙන් තෘප්තිමත් වීම ශ්‍රේෂ්ඨය. (02-09-2021): ප්‍රඥාව පාදක කරගෙන අපගේ ජීවිතය තෘප්තිමත්ව ගතකරන්නේ කෙසේද යන්න පැහැදිලි කරමින් සිදුකල මෙම ධර්ම දේශනාව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්වහන්සේ විසින් වර්ෂ 2021 සැප්තැම්බර් මස 02 දින සිදුකරන ලදී. තණ්හාව හේතුකොට කුඩා වයසේ පටන් අප තුල අතෘප්තිමත් බව ගොඩනැගෙන ආකාරය ඉතා විශිෂ්ඨ ආකාරයට පැහැදිලි කෙරෙන මෙම ධර්ම දේශනාව ඉතාම වටිනා දේශනාවක් වන්නේ එහිදී ප්‍රඥාව තුලින් ජීවිතය තෘප්තිමත්ව ගතකිරීමට හැකිවෙන ආකාරයද පැහැදිලි කරන නිසාවෙනි.  මෙම දේශනාවට පාදක වූ කාම ජාතකය මෙම යොමුවෙන් කියවන්න:  කාම ජාතකය.
    Click here for the audio.  Click here for the video.
  15. දුක්ඛ සමුදය සත්‍යය (24-01-2021): දුකට හේතුව වශයෙන් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යන තෙවැදෑරුම් තණ්හාවන් හේතුවන බව පැහැදිලි කරමින් ආරම්භ වෙන මෙම වටිනා ධර්ම දේශනාව වර්ෂ 2021 ජනවාරි මස 24 දින අති පුජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්වහන්සේ විසින් සිදුකරන ලදී.  මෙම වටින දේශනාවට පාදක වූයේ සංයුක්ත නිකායේ සච්ච සංයුක්තයේ ධම්‌මචක්‌කප්‌පවත්‌තන සූත්‍රයයි. එම සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න:  ධම්‌මචක්‌කප්‌පවත්‌තන සූත්‍රය.
    Click here for the audio.  Click here for the video.
  16. ව්‍යසනයන් හමුවේ නොසැලී සිටීම (09-09-2021):  වසංගත රෝග සමයකදී කම්පා නොවී සිටීමට මනස පුරුදු කරන්නේ කෙසේද යන කරණය පැහැදිලි කෙරෙන මෙම ධර්ම දේශනාව ඉතාම කාලෝචිත දේශනාවක් වේ. මෙම ධර්ම දේශනාව වර්ෂ 2021 සැප්තැම්බර් මස 09 වන දින අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්වහන්සේ විසින් සිදුකරන ලදී. මෙම ධර්ම දේශනාවට පාදක වූයේ අඞ්‌ගුත්‌තර නිකායේ මහා වර්ගයේ ඇති ඨාන සූත්‍රයයි. එම සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙනනින් කියවන්න:  ඨාන සූත්‍රය.
    Click here for the audio.  Click here for the video.
  17. දුක, ප්‍රඥාව ඉපදීමට හේතුවෙන ආකාරය. (10-09-2021): බිය, ශෝකය, දොම්නස, පසුතැවීම, නොමනාපය, අන්‍යන්ගේ වැරදි දැකීම, කෝපය ආදී ද්වේශ මූලික මානසික තත්වයන් මේ කාලයේ ලෝකයේ බහුල ලෙස මතුවෙන අකුසලයන් වේ. එවැනි තමන් හටත්, අනුන්ටත් මුළුමහත් සමාජයටත් අයහපතට හේතුවෙන මනෝ භාවයන් ඇතිවන විටම හඳුනාගෙන ඒවායින් ඇතිවන අයහපතින් වැලකීමට හැකියාවක් ඇති කරගැනීම ඉතා කාලීන වූ අවශ්‍යතාවයකි. ඒනිසා, එබඳු අයහපත් මානසික තත්වයන් තුල නොවැටී අපගේ ප්‍රඥාව ඇතිකරගන්නේ කෙසේද යන ගිහි, පැවිදි සියළු දෙනාහට මහෝපකාරී වන මෙම ධර්ම දේශනාව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 සැප්තැම්බර් මස 10 දින සිදුකරන ලදී.  මෙම ධර්ම දේශනාවට පාදක වූයේ අඞ්‌ගුත්‌තර නිකායේ ඡක්ක නිපාතයේ ඇති නිබ්‌බෙධික සූත්‍රයයි. එම සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙනනින් කියවන්න: නිබ්‌බෙධික සූත්‍රය.
    Click here for the audio.  Click here for the video.
  18. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය. (14-04-2021): මෙම දේශනාවේ ඇති විශේෂ වැදගත්කම වන්නේ තණ්හාව ටිකෙන් ටික නැතිකරගන්න මගක් සහ ඒ තුලින් අප හට අත්දැකීමට හැකිවන සහනය පැහැදිලි කර තිබීමයි. තුන් වැදෑරුම් වූ තණ්හාව නිරවශේෂ වශයෙන් නැතිකිරීම පිළිබඳව සඳහන් කෙරෙන දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය පිලිබඳ මෙම වටිනා ධර්ම දේශනාව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්වහන්සේ විසින් වර්ෂ 2021 අප්‍රේල් මස 14 දින සිදුකරන ලදී. මෙම වටින දේශනාවට පාදක වූයේ සංයුක්ත නිකායේ සච්ච සංයුක්තයේ ධම්‌මචක්‌කප්‌පවත්‌තන සූත්‍රයයි. එම සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න: ධම්‌මචක්‌කප්‌පවත්‌තන සූත්‍රය.
    Click here for the audio.  Click here for the video. 
  19. මනස සහ සිතුවිලි (14.09.2021): මනස සහ එහි ඇතිවන සිතුවිලි පිළිබඳව මෙම වටින ධර්ම දේශනාව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 සැප්තැම්බර් මස 14 දින සිදුකරන ලදී. මනස සහ සිතුවිලි වල පිරිසිදු භාවය සහ අපිරිසිදු භාවය ඇතිවන ආකාරය සහ එම ක්‍රියාකාරීත්වය අධ්‍යනය කර අපගේ සිතුවිලි වල පිරිසිදු භාවය ඇතිකරගැනීම, දියුණුකිරීම සහ පවත්වාගැනීම පිළිබඳව මෙම දේශනාවෙන් පැහැදිලි කෙරේ. මෙම ධර්ම දේශනාව වර්ෂ 2021 සැප්තැම්බර් මස 01 දින අභාවයට පත් වූ කොළඹ විශ්වවිද්‍යාලයේ ශාක විද්‍යා අධ්‍යනංශයේ හිටපු මහාචාර්ය රවී විජේසුන්දර මැතිතුමාට පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණින් සිදුකරන ලදී.  මෙම වටින දේශනාවට පාදක වූයේ ධම්මපදයේ යමක වර්ගයේ දෙවෙනි ගාථා රත්නයයි. එම ගාථාව සහ එහි නිධාන කතාව ධම්මපදයෙන් මෙතනින් කියවන්න: “මනොපුබ්බඞ්ගමා ධම්මා මනොසෙට්ඨා මනොමයා…”
    එම වටින ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල MP3 හඬපටය මෙතනින් බාගත කරගන්න/සවන් දෙන්න.
  20. පාරමිතාවක් ලෙස කුසල් දහම් සිදුකරන්නේ කෙසේද? (28-03-2021): පාරමිතාවක් ලෙස කුසල් දහම් සිදුකරන්නේ කෙසේද යන මෙම දේශනාව බෞධයන් හට ඉතා වැදගත් වේ. බොහෝ බෞධයන් කුසල් දහම් කිරීමට කැමැත්තක් සහ නැමියාවක් දැක්වූවත් ඔවුන් එය බොහෝවිට සිදුකරන්නේ තණ්හා, මාන සහ දිට්ඨි වැඩෙනා ආකාරයටයි.
    මෙම ධර්ම දේශනාව සම්බන්ධ වෙබ් පිටුවට පිවිසීම සඳහා මෙතන click කරන්න.
  21. සල්ලේඛ සූත්‍රය (11-09-2021): සල්ලේඛ සූත්‍රය පිලිබඳ දේශිත මෙය ඉතා අපූර්ව සහ සිතට කා වදින ධර්ම දේශනාවක් වන්නේ ඒ තුලින් දැනටමත් දහම් මාර්ගයේ ඇතුල්ව කටයුතු කරන අයටත්, දහම් මගින් පිටත දුසිල්වත්ව ගතකරන අයටත් එකසේ වැදගත්වන බැවිනි.  වැරදි දැකීම් සහ අවභෝධ කරගැනීම් භාවනා කරන අය තුලත් ඇතිවන බවත් සමථ භාවනාව කරමින් විදර්ශනා භාවනාව වඩනවා යයි මුලාවට පත්වන ආකාරයත්, මමත්වය වැඩෙන ආකාරයත් පිලිබඳ කරුණු දැනටමත් දහම් මගට අවතීර්ණ වුවන් අවධි කරන කරුණු ඇතුලත් වටින දේශනාවකි.
    මෙම ධර්ම දේශනාව සම්බන්ධ වෙබ් පිටුවට පිවිසීම සඳහා මෙතන click කරන්න.
  22. අල්පේච්ඡතාවය හා බැඳුනු මැදුම් පිළිවෙත…(16-09-2021): අප සියළු දෙනාම වාගේ සතුටින් සිටීමටත් සහ එම සතුට වැඩිකරගැනීමටත් ඉතා කැමැත්තකින් කටයුතු කරනෙමු. එය එසේ වුවත් එම සතුට ලඟා කරගැනීමට අප බොහෝ දෙනෙකු සිතන සහ කරන දේ වලින් අසතුට, අසහනය වැඩිවෙන බවත් එසේ අසතුට වැඩිවන වන යාන්ත්‍රනයත් නොදැන සිටිනෙමු. යම් භාජනයකට ජලය පිරවීමේදී එය පිරෙන ලෙස අපගේ ආශාවන් අනුව වැඩි වැඩියෙන් දේවල් අත්පත් කරගැනීමෙන් අපගේ මනස පිරවිය නොහැකි බව ඉතා පැහැදිලි ලෙස මෙම ධර්ම දේශනාවෙන් පහදා දේ.
    මෙම ධර්ම දේශනාව සම්බන්ධ වෙබ් පිටුවට පිවිසීම සඳහා මෙතන click කරන්න.
  23. සියළු බුදුවරුන්ගේ අනුශාසනය. (10-09-2021):සියළු බුදුවරුන්ගේ අනුශාසනය පැහැදිලි කෙරෙන මෙම ධර්ම දේශනාව අපට බෙහෙවින් වැදගත් වේ. එම අනුශාසනය නම් දුක අවම කරගැනීමේ සහ නැති කරගැනීමේ ධර්මානු ධර්ම ප්‍රතිපත්තියයි.  එමෙන්ම දහම් මග ගමන ආරම්භ කල බොහෝ අය ප්‍රඥාව දියුණු කිරීම සිදු නොකර ගන්නා වැදගත් හේතුවක් මෙහි පැහැදිළි කර තිබීම ඉතා ප්‍රොයෝජනවත් වේ.  එම ධර්මානු ධර්ම ප්‍රතිපත්තිය කුඩා දරුවෙකුට වුවත් ආරම්භ කිරීමට පුළුවන් වන මට්ටමේ සිට ඉතා ගැඹුරට ප්‍රඥාව අවධි කරන පරාසයක් ඇතිව බුදුරජාණන්වහන්සේලා එම දහම දේශනා කර ඇති බව ධර්ම දේශනාවේ පැහැදිලි කෙරේ.
    මෙම ධර්ම දේශනාව සම්බන්ධ වෙබ් පිටුවට පිවිසීම සඳහා මෙතන click කරන්න.
  24. භාවනාවේදී ඇතිවන ප්‍රායෝගික ගැටළු – (20-09-2021): බෞද්ධ මග හොඳින් ප්‍රගුණ කරන සෑම දෙනාම වාගේ සිත දියුණු කිරීම සඳහා භාවනා කිරීමට ඕනෑකමක් දක්වති. එනමුත් අප සෑම දෙනාටම භාවනාව කරගෙන යාමේදී නොයෙක් ප්‍රායෝගික ගැටළු මතුවේ. සමථ, විපස්සනා භාවනා ගැන හැඳින්වීම් සහ ලක්ෂණ, ගුරු උපදෙස් ලබන්නේ සහ නොගන්නේ කවර අවස්ථා වලදීද, තමන්ගේ සිත වැඩකරන ආකාරය නිරීක්ෂනය සහ අධ්‍යනය කිරීමේ ඇති වැදගත්කම  යනාදී පැහැදිලි කිරීම ඇතුළුව ඉතා වැදගත් ප්‍රායෝගික කරුණු රැසක් මෙම දේශනාවේ අඩංගු වේ.
    මෙම ධර්ම දේශනාව සම්බන්ධ වෙබ් පිටුවට පිවිසීම සඳහා මෙතන click කරන්න.
  25. වර්ථමානය තුළ ජීවත්වීම (04-09-2021): “වර්ථමානය තුළ ජීවත්වීම” පිළිබඳව වර්තමාන ලෝකයේ බොහෝ උනන්දුවක් සහ උද්යෝගයක් පවතී. ලොව පුරා Mindfulness නැතහොත් සතිමත්වීම යනුවෙන් එදිනෙදා ජීවිතයේ වර්ථමානය තුළ ජීවත්වීම පිලිබඳ පුහුණුවීමට බොහෝ දෙනා උනන්දුවක් සහ නැමියාවක් දක්වති. එනමුදු ඔවුන් අතීතයෙන් හෝ අනාගතයෙන් මනස මුදවාගෙන වර්තමානයේ සිත තබාගෙන සිටිය පමණින්ම බුද්ධ ධර්මයට අනුව සතිය දියුණු කරන අය නොවන බව මෙම වටිනා ධර්ම දේශනාවෙන් පැහැදිලිවේ.  ඒ මන්ද යත් හැගීම් වලට එල්බගෙන ඇලීම් සහ ගැටීම් වල හසුවී ”වර්ථමානය තුළ ජීවත්වීම” සිදුවිය හැකි බැවිනි.
    “වර්ථමානය තුළ ජීවත්වීම” ධර්ම දේශනාවට සම්බන්ධ වෙබ් පිටුවට පිවිසීම සඳහා මෙතන click කරන්න.