Saturday Dhamma Discussion – 25 (03-07-2021)

මෙවර සෙනසුරාදා ධර්ම සාකච්ඡාව, සතර සතිපටිඨානයේ ධම්මානුපස්සනාවේ උද්ධච්චකුක්කුච්ච නීවරණ ධර්මය පදනම් කරගෙන සිදුකරනු ලැබුණි.
භාවනා අරමුණක හෝ වෙනත් අරමුණක සිත එකලස් කිරීමට නොහැකි (උද්ධච්ච) ස්වභාවය සහ සිතෙහි ඇතිවන පසුතවීමේ (කුක්කුච්ච) ස්වභාවය පිළිබඳව ඉතා වැදගත් විමර්ශනයක් මෙහිදී සිදුකෙරිණි. 
මෙම පැය 2කට වඩා දිගු වන ධර්ම සාකච්චාව, අසන්නන්ගේ පහසුව පිණිස ප්රශ්න හා පිළිතුරු වශයෙන් වෙන්කර, ශබ්ද සංස්කරණය කොට මෙම වෙබ් පිටුවේ පළකර ඇත.

Saturday Dhamma Discussion – 25 (සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චාව – අංක: 25)

Saturday Dhamma Discussion – 25 was conducted on 03 July 2021 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Dhamma Discussion – 25 was audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening. Ven. Anuradhapura Anuruddha Thero also joined to facilitate the discussion.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ විසිපස් වන ධර්ම සාකච්චාව වර්ෂ 2021 ජූලි මස 03 දින සිදුකරන ලදී. පුජ්‍යපාද අනුරාධපුරයේ අනුරුද්ධ ස්වාමින්වහන්සේද එම Zoom සාකච්චාව මෙහෙයවීමට වැඩසටහන දායක වූ සේක.


සතර සතිපටිඨානයේ ධම්මානුපස්සනාවේ “උද්ධච්චකුක්කුච්චය” සජීවී ධර්ම සාකච්චාවේ ශබ්ද සංස්කරණය කල ප්‍රශ්න හා පිළිතුරු පහතින් දැක්වේ.

  1. උද්ධච්චකුක්කුච්ච නීවරණය හඳුනාගැනීම සහ එය දුරු කරගන්නා ආකාරය පැහැදිලි කරන්න.
  2. තමන් අතින් සිදුවුණු අතීත අකුසලයක් නිසා ඇතිවන පසුතැවීම දුරුකරගන්නේ කෙසේද?
  3. අනංගණ සුත්‍රයට අනුව සිදුවන අකුසලයහි වරද දැනගැනීම නිසා බෞධයාහට යහපතක් වෙනවාද? (අනංගණ සුත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න.)
  4. සක්මන් භාවනාවේදී අරමුණෙන් අරමුණට සිත වෙනස්වීම සිදුවුනත් එය උද්ධච්චය නොවේ නේද?
  5. පැරණි අකුසලයක් මතක්වීම නිසා එය තවත් නව අකුසලයක් ඇතිකරවීමට හේතුවේ ද?
  6. භාවනාවේ තමන් ලබා සිටින අවස්ථා ගැන භාවනා යෝගීන් පිරිසක් සමග සාකච්චා කිරීමෙන් කෙලෙස් වැදීම සිදුවිය හැකිද?
  7. මනස, චෛතසික සහ විඥානය පැහැදිලිකර දෙන්න.
  8. යම් කුසල් සහගත සිතුවිල්ලක් යෝනිසෝමනසිකාරයෙන් දකින විට එයට නොඇලී සිටිය යුතුද?
  9. මලගිය ඥාතීන් නිසා ඇතිවන ශෝකයට පාදකවන අකුසල් මූලය කුමක්ද?
  10. අකුසල මූල සිතුවිල්ලක්, කුසල මූල සිතුවිල්ලක් බවට පත්කරගන්නට පුලුවන්ද?
  11. දුකට පත්වූ අයෙකු ගැන අප තුල ඇත්තේ අනුකම්පාවද, කරුණාවද යන්න දැනගන්නේ කෙසේද?
  12. දහම් ගැටළු නිරාකරණය කරගැනීම සඳහා මේ ආත්මයේ සෝවාන් වීම යන අරමුණ සුදුසුද?
  13. භාවනා කිරීමට උත්සහ කරන විට සිත විසිරීම නවතා ගැනීමට මෙම උපාය මාර්ගය සුදුසුද?
  14. සිතක එකවර චෛතසික දෙකක් එකවර හටගැනීමට හැකිද?
  15. අවසානය.

 

Saturday Dhamma Discussion – 21 (29-05-2021)

මෙවර ධර්ම සකච්චාව සතර සතිපටිඨානයේ චිත්තානුපස්සනා භාවනාව පදනම් කරගෙන සිදුකරනු ලැබුණි. මෙහි අංක 01 පැනය සහ පිළිතුර භාවනානු යෝගීන් හට විශේෂයෙන්ම වැදගත්වනුයේ එහි ගරු ස්වාමින්වහන්සේ ගල් ලෙනේ භාවනානුයෝගී සිටි කාලයේ සිදුවුණු ඇතැම් සිද්ධීන් අප සමග බෙදාගැනීම නිසාවෙනි. 

Saturday Dhamma Discussion – 21 (සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චාවඅංක: 21)

Saturday Dhamma Discussion – 21 was conducted on 29 May 2021 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Dhamma Discussion – 21 was audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers in order to facilitate better listening. Ven. Anuradhapura Anuruddha Thero also joined to facilitate the discussion.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ විසිඑක් වන ධර්ම සාකච්චාව වර්ෂ 2021 මැයි මස 29 දින සිදුකරන ලදී. පුජ්‍යපාද අනුරාධපුරයේ අනුරුද්ධ ස්වාමින්වහන්සේද එම Zoom සාකච්චාව මෙහෙයවීමට වැඩසටහන දායක වූ සේක.

මෙවර ධර්ම සකච්චාව සතර සතිපටිඨානයේ චිත්තානුපස්සනා භාවනාව පදනම් කරගෙන සිදුකරනු ලැබුණි. එම සාකච්චාවට මුල් වූ ධර්ම දේශනාව පහත ඇති යොමුවෙන් ලබාගන්න.


“චිත්තානුපස්සනා භාවනාව” සජීවී ධර්ම සාකච්චාවේ ශබ්ද සංස්කරණය කල ප්‍රශ්න හා පිළිතුරු පහතින් දැක්වේ.

  1. චිත්තානුපස්සනා භාවනාව හඳුනා ගන්නා ආකාරය සහ එය වඩන ආකාරය පැහැදිලි කරන්න.
  2. යොමුකිරීමක් සහිත සත්‍යක්‍රියාව.
  3. අනාපානසතිය වැඩීමේදී හුස්ම රැල්ල දෙස අවධානය යෙදිය යුත්තේ කෙසේද සහ සිත විසිරීමෙදී කෙසේ පිළිපැදිය යුතුද?
  4. පොතක් කියවීම වැනි කාර්යක් චිත්තානුපස්සනාවට යොදාගත හැකිද?
  5. භාවනා කිරීමට ඇති විද්‍යුත් App සම්බන්ධයෙන් උපදේශයක්.
  6. සතර ඉද්දිපාද සහ චිත්තානුපස්සනාව අතර සම්බන්ධයක් තිබේද?
  7. භාවනාව ආරම්භ කරන විට හිස රිදීම ඇතිවන්නේ ඇයි?
  8. මෝහ සිත හඳුනා ගන්නේ කෙසේද?
  9. හේතු ඵල වශයෙන් රාග සහ ද්වේශ සිත් හඳුනා ගැනීමට ටික කාලයක් ප්‍රගුණ කිරීමට සිදුවෙන වාද?
  10. මෝහය හඳුනා ගැනීමේදී අප දකින්නේ බුද්ධාදී අට තැන් පිලිබඳ සැකය ද නැතිනම් එයට වෙනත් දෙයක්ද?
  11. දහමට අනුව සිත තියෙන්නේ ශරීරයේ කොහෙද?
  12. සබ්බාසව සූත්‍රයේ සති සම‍්පජඤ‍්ඤ දක්වා ඇතත් භාවනාව ලෙස සම්බොජ්ඣංග ධර්ම වැඩීම පමණක් පෙන්වා ඇත්තේ ඇයි?
  13. භාවනාවේ යෙදී සිටින විට කෙනෙක් ගැන අපට දැනෙන ද්වේෂය භාවනාවෙන් පිටතදී නොපෙනෙන්නේ මන්ද?
  14. සිත හා විඥානය දෙකක්ද?
  15. පිරිත් කීම සහ සත්‍යක්‍රියාව රෝග සුව කිරීමට යොදාගන්නේ කෙසේද?
  16. අවසානය.

 

වේදනානුපස්සනාවේ වැදගත් කරුණු සහ ළමාවිය සංවර්ධනය.

Image by setthayos sansuwansri from Pixabay

  1. වේදනානුපස්සනාවේ වැදගත් ප්‍රායෝගික කරුණු රැසක් පසුගිය සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චාව – අංක: 20 දී විමසීමට ලක්කෙරිණි. එම කරුණු ආරම්භක සහ ප්‍රවීන යන දෙපිරිසටම වැදගත් වේ. බුදුරජාණන් වහන්සේ විපස්සනා භාවනා ‘ක්‍රමයක්’ කිසිම තැනක දක්වා නොතිබුනේ ඇයිද, වේදනානුපස්සනාවේ ප්‍රභේද මොනවාද සහ ඒවා වැඩිය යුතු ආකාරයන් ආදී වැදගත් කරුණු සාකච්චා විය. මෙහි විශේෂයෙන් අංක 01, 03, 04, 05, 07, 09, 12 සහ 13 වැදගත් වේ.      එම වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.
  2. ප්‍රඥාවෙන් වියපත් වෙමින් දේශන මාලා අංක: 04 – ළමා විය. දරුවකුගේ කුඩා අවධියේදී සිටම පාපයෙන් මුදාලීම, යහපතෙහි යෙදවීම සහ ශිල්ප ඉගැන්වීම දෙමාපියන් සතු යුතුකමකි. දරුවන්ගේ සාංසාරික දුබලකම් යටපත්කර ඔවුන්තුල යහපත් ගුණධර්ම වර්ධනය කිරීමට මව්පියන් කෙසේ දක්ෂ ලෙස කටයුතු කලයුතු දැයි මෙම හතරවන දේශනාවෙන් පැහැදිලි කෙරේ. වසර අවුරුදු 5 සිට අවුරුදු 12 දක්වා පාසල් වියේ දරුවන්ගේ කායික, මානසික සහ අධ්‍යාත්මික සංවර්ධනය පුබුදුකරන්නේ කෙසේද යන කරුණ සිඟාලෝවාද සූත්‍රයේ පාඨයක් ඇසුරු කොටගෙන මෙහිදී පැහැදිලි කරන ලදී. මෙම දේශනා මාලාව සර්වෝදය විශ්ව නිකෙතන් සාම නිවහන මගින් සිදුකල ආරාධනයක් මත සිදුකල අතර එය දේශනා 10 කින් සමන්විත වනු ඇත.  එම වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.

 

Saturday Dhamma Discussion – 18 (08-05-2021)

මෙවර ධර්ම සකච්චාව “සතර සතිපටිඨානය” යන තේමාව පදනම් කරගෙන සිදුකරනු ලැබුණි. භාවනාවට අත්‍යවශ්‍ය සතිය, ප්‍රඥාව සහ වීර්ය හඳුනා ගැනීම සහ පුරුදු කිරීම පිළිබඳව සහ සක්මන් භාවනාව සහ කයනුපස්සනාවේ ඇතැම් කොටස් මෙහිදී සාකච්චා කරන ලදී. එමෙන්ම සමථ සහ විපස්සනා භාවනා අංග දෙකම විමසීමට යොමුකරන ලදී.

එමෙන්ම මෙහි ඉදිරිපත් කර ඇති වර්ෂ 2011 දී ගෞරවනීය ස්වාමින්වහන්සේ කැනඩාවෙදී සිදුකල පළමු ධර්ම දේශනාව “භාවනාව කුමක්ද සහ එයට ප්‍රවේශවීමට ලබාගතයුතු සුදුසුකම් මොනවාද?” ඉතාම වටිනා වන්නේ සාකච්චාවක් තුලින් අප දැනට භාවනාව යනුවෙන් සිතාගෙන සිටින කාර්යය ගැඹුරින් අප තුලින්ම ක්‍රමිකව, විශ්ලේෂණාත්මකව විමසීමකට ලක්කෙරෙන බැවිනි.

Saturday Dhamma Discussion – 18 (සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චාව – අංක:18)

Saturday Dhamma Discussion – 18 was conducted on 05 May 2021 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Dhamma Discussion – 18 was audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers in order to facilitate better listening. Ven. Anuradhapura Anuruddha Thero also joined to facilitate the discussion.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ දහඅටවන ධර්ම සාකච්චාව වර්ෂ 2021 මැයි මස 05 දින සිදුකරන ලදී. පුජ්‍යපාද අනුරාධපුරයේ අනුරුද්ධ ස්වාමින්වහන්සේද එම Zoom සාකච්චාව මෙහෙයවීමට වැඩසටහන දායක වූ සේක.

මෙවර ධර්ම සකච්චාව “සතර සතිපටිඨානය” යන තේමාව පදනම් කරගෙන සිදුකරනු ලැබුණි. එම සාකච්චාවට මුල් වූ ධර්ම දේශනා පහත ඇති යොමුවෙන් ලබාගන්න.

  1. භාවනාව කුමක්ද සහ එයට ප්‍රවේශවීමට ලබාගතයුතු සුදුසුකම් මොනවාද?
  2. කායානුපස්සනා භාවනාව.
  3. වේදනානුපස්සනාව සහ චිත්තානුපස්සනව.
  4. ධම්මානුපස්සනාව.

“සතර සතිපටිඨානය” සජීවී ධර්ම සාකච්චාවේ ශබ්ද සංස්කරණය කල ප්‍රශ්න හා පිළිතුරු පහතින් දැක්වේ.

  1. භාවනාවට අත්‍යවශ්‍ය සතිය, ප්‍රඥාව සහ වීර්ය හඳුනා ගැනීම සහ පුරුදු කිරීම සිදුකරන හැටි පහදා දෙන්න.
  2. කේන්ති ඇතිවනවිට සතිය, ප්‍රඥාව සහ වීර්ය ඇතිකරගෙන කේන්තිය නැතිකරගන්නේ කෙසේද?
  3. කඩේට ඇවිදින විට ප්‍රඥාව අවධි කරගන්නේ කෙසේද?
  4. කායානුපස්සනාව වඩන විට ද්වේශයක් ඇතිවූ විට කුමක්කල යුතුද?
  5. සක්මන් භාවනාවක් වශයෙන් සිදුකරන විට ප්‍රඥාව අවධි කරගන්න හැටි විස්තරකරන්න.
  6. ඇවිදීමක් සක්මනේ සිදුනොවන්නේ නම් මහන්සියක් දැනෙන්නේ කෙසේද?
  7. පුද්ගලයෙක් එක්තැනක සිට තවත් තැනකට යනවාද?
  8. රූප කලාප ඇතිවෙමින් බිඳෙනවා නම් පොළොවේ අඩිය තියනවිට දැනීමක් ඇතිවන්නේ කෙසේද?
  9. භාවනාවට වාඩිවනවිට පොලව ස්පර්ශවීම අත්‍යවශ්‍යද?
  10. භාවනා මුද්‍රාවන් වැදගත් වන්නේද සහ ඒවායේ භාවනාවට ඇති සම්බන්ධය කුමක්ද?
  11. දෙදෙනෙක් එක් තැනක සිට භාවනා කිරීමේදී ශක්තීන් වල වෙනස් වීමක් සිදුවිය හැකිද?
  12. අනාපානසති භාවනාව වඩනවිට සියල්ල එපාවෙන කම්මැලිකම ඇතිවීම සිදුවන්නේද සහ එය විදර්ශනාවක් ලෙස වඩන හැටි පැහැදිලි කරන්න.
  13. කයානුපස්සනාවේ කොටස් පැහැදිලිකරන්න.
  14. භාවනාවක් ලෙස ව්‍යායාම කිරීමට හැකිද?
  15. කෙනෙකුගේ කායික අපහසුතාවයක් උපයෝගී කරගෙන භාවනාව වැඩිය හැකිද?
  16. විපස්සනාව වඩන ගිහියකුට පංච ශිලය හා අට සිල් ප්‍රමාණවත් ද?
  17. අවසානය.

 

Saturday Dhamma Discussion – 17 (01-05-2021)

මෙවර ධර්ම සකච්චාව “අකුසල සමාපත්ති, කුසල භාවනාවට ප්‍රවේශයක්” යන තේමාව පදනම් කරගෙන සිදුකරනු ලැබුණි. කුසල භාවනාව සහ කුසල සමාපත්තිය යනු කුමක්ද සහ අකුසල සමාපත්තිය අප ජීවිතයේ නොදැන වැඩෙන සහ වඩන ආකාරයත් මෙහිදී සාකච්චා කෙරිණි.

Saturday Dhamma Discussion – 17 (සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චාව – අංක:17)

Saturday Dhamma Discussion – 17 was conducted on 01 May 2021 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Dhamma Discussion – 17 was audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers in order to facilitate better listening. Ven. Anuradhapura Anuruddha Thero also joined to facilitate the discussion.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ දාහත්වන ධර්ම සාකච්චාව වර්ෂ 2021 මැයි මස 01 දින සිදුකරන ලදී. පුජ්‍යපාද අනුරාධපුරයේ අනුරුද්ධ ස්වාමින්වහන්සේද එම Zoom සාකච්චාව මෙහෙයවීමට වැඩසටහන දායක වූ සේක.

මෙවර ධර්ම සකච්චාව “අකුසල සමාපත්ති, කුසල භාවනාවට ප්‍රවේශයක්” යන තේමාව පදනම් කරගෙන සිදුකරනු ලැබුණි. එම සාකච්චාවට මුල් වූ ධර්ම දේශනාව පහත ඇති යොමුවෙන් ලබාගන්න.

“අකුසල සමාපත්ති, කුසල භාවනාවට ප්‍රවේශයක්” සජීවී ධර්ම සාකච්චාවේ ශබ්ද සංස්කරණය කල ප්‍රශ්න හා පිළිතුරු පහතින් දැක්වේ.

  1. කුසල භාවනාව කියන්නේ කුමක්ද සහ අප එය කලයුත්තේ ඇයිදැයි පහදා දෙන්න.
  2. අකුසල භාවනාව සහ අකුසල සමාපත්තිය ඇතිවෙන හැටි පැහැදිලි කරන්න.
  3. වසංගත රෝග කාලයේ අප මරණය ඇතිවූවොත් කුසල සිතක් පිහිටවාගන්නේ කෙසේද?
  4. සතර කමටහන් වැඩිය යුත්තේ ඇයි?
  5. කෝවිඩ් වසංගත තත්වය නිසා සමාජයේ වැඩිදියුණු වී තියෙන අකුසල සමාපත්තිය ගැන දැනුවත් වී එය කුසල සමාපත්තියට පත්කරගන්නා ආකාරය පැහැදිලි කරන්න.
  6. සතර සතිපට්ඨානයෙදී දවස තුල සතියෙන් සිටීම සහ තෝරාගත් වේලාවක පර්යංක/සක්මන් ආදී භාවනාවක යෙදීම යන දෙකින් වැදගත් වන්නේ කුමක්ද සහ ඒ දෙකම එකක්ද?
  7. ගුරුවරයෙක් නැතිව භාවනාව කිරීම හොඳද?
  8. චතුරාරක්ඛ භාවනා සිදුකල යුත්තේ කුමන අවස්ථා වලදීද?
  9. එදිනෙදා ජීවිතයේදී ඉරියව් මාරුකිරීමෙදී කයේ සිත පවත්වා ගන්නේ කෙසේද?
  10. සිල් රැක්කත්, භාවනා කලත් මේ භවයේ සෝවාන් වීමට බැරි බව හිතෙන නිසා ලබන ආත්මයේ මනුෂ්‍ය ආත්මයක් ලබන ආකාරය.
  11. ගමනක් යනවිට වැඩිය හැකි කුසල අරමුණක් පැහැදිලිකරන්න.
  12. අනාපානසතිය වැඩීමේදී හුස්ම රැල්ල දැනෙන්නේ නැතිවිට කුමක් කල යුතුද?
  13. කසින භාවනාව ගිහි ජීවිතයේදී වැඩිය හැකිද සහ එහි ප්‍රයෝජනයක් තිබේද?
  14. අප සංසාරයේ පුරුදුකල කසින භාවනාවක් ඇතිනම් එය දැනගන්නේ කෙසේද?
  15. චරිත අනුව කමටහන් තෝරාගැනීම කෙසේ කල යුතුද?
  16. අනාපානසතිය ඕනෑම චරිතයකට සුදුසුද?
  17. භාවනාව හොඳින් වැඩී එය කඩා වැටෙන විට කුමක් කල යුතුද?
  18. කසින භාවනාවේ ප්‍රතිභාග නිමිත්ත.
  19. සමථ භාවනා බුදුරජාණන්වහන්සේ පහළවීමට පෙර තිබුනාද?
  20. අවසානය.

 

Saturday Dhamma Discussion – 15 (17-04-2021)

මෙවර ධර්ම සකච්චාව “වගකීමි යුතුකමි සහ සසර හිමිකම්” පාදක කරගෙන සිදුකරනු ලැබුණි. මෙහිදී සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර සහ නිවන් ගමන විවරකරමින් මෙම දහම් සාකච්චාව සිදුකෙරිණි. එමෙන්ම පිරිත් සජ්ඣායනා කිරීම පිළිබඳ වටින කරුණු රැසක් ද මෙහිදී සාකච්චා කෙරිණි.

Saturday Dhamma Discussion – 15 (සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චාව – අංක:15)

Saturday Dhamma Discussion – 15 was conducted on 17 April 2021 by Most Ven. Kukulpane Sudassi Thero. The two hour long recording of Saturday Dhamma Discussion – 15, was audio edited to remove unwanted noises and pauses and are presented below as separate questions and answers in order to facilitate better listening. Ven. Anuradhapura Anuruddha Thero also joined to facilitate the discussion.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ පහළොස්වන ධර්ම සාකච්චාව වර්ෂ 2021 අප්‍රේල් මස 17 දින සිදුකරන ලදී. පුජ්‍යපාද අනුරාධපුරයේ අනුරුද්ධ ස්වාමින්වහන්සේද එම Zoom සාකච්චාව මෙහෙයවීමට වැඩසටහන දායක වූ සේක. 

මෙවර ධර්ම සකච්චාව “වගකීමි යුතුකමි සහ සසර හිමිකම්” පාදක කරගෙන සිදුකරනු ලැබුණි. එම ධර්ම දේශනාව සවන්දීමට මෙම යොමුව click කරන්න.

  1. “වගකීමි යුතුකමි සහ සසර හිමිකම්” යන මාතෘකාව අපගේ නිවන් මගට සහ එදිනෙදා ජීවිතයට අනුගතව පැහැදිලිකරන්න.
  2. මුළු රාත්‍රී කාලය තුල නිවසේ පිරිත් දේශනාවක් සජ්ඣායනා වීමට සැලැස්වීම හොඳද?
  3. දෙවියන් පිළිබඳව පමණට වඩා උපකාර පිළිබඳව බලාපොරොත්තු තබන්නට එපා යයි කීවේ මන්ද?
  4. මෝර පිරිත සහ අභිසම්භිධාන පිරිත යනාදී පිරිත් දිනපතා සජ්ඣායනය සුදුසුද?
  5. වගකීම, යුතුකම සහ හිමිකම යන වචන වල තෙරුම සහ ඒවා නියම අයුරින් ඉටුකලේ නැතිවිට එම නයෙන් නිදහස් වන්නේ කෙසේද?
  6. වර්ථමානයේ වෙසක් පෝය අව්රුද්දෙන් අවුරුද්දට වෙනස් වෙන එක අප විස්තර කරන්නේ කෙසේද?
  7. පාලි භාෂාව දැනට භාවිතා කරන පිරිසක් ඉන්නවාද?
  8. පාලි භාෂාව ඉගෙන ගැනීමෙන් අපගේ අවභෝදය වෙනස් කරගැනීමේ හැකියාවක් තිබේද?
  9. ඇදහිලි ක්‍රම බුදුදහමට එකඟද?
  10. චන්ද පිරිත පසුකාලීනව එකතුවුන පිරිතක්ද? (චන්ද පිරිතේ බලය)
  11. හින්දු බලපෑම සහ විශ්වාස නිසා බෞද්ධ කාන්තාවට බෝධිය පිලිබඳ විවිධ වාරණ/තහංචි පැනවුනා ද?
  12. ඉන්දියාවේ ආනන්ද බෝධියට ආරක්‍ෂාවක් නැත.
  13. අවසානය.

 

Damsara Dhamma News – No. 128

Be Skillful to uncover the true Dhamma.

නියම දහම මතුකරගන්නට දක්‍ෂ වෙන්න.

Please click on the picture to reach the Newsletter. දම්සර දහම් පුවත් අංක: 128 ට පිවිසීමට පහත දැක්වෙන රූප සටහන මත click කරන්න.

Saturday Dhamma Discussion – 14 (සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චාව – අංක:14)

මෙවර ධර්ම සකච්චාව “දසවිධ උපාසක ගුණ” පාදක කරගෙන සිදුකරනු ලැබූ වැඩසටහන් මාලාවේ අවසාන වැඩසටහනයි. අටවන සහ නවවන උපාසක ගුණ මූලික කොටගෙන මෙම දහම් සාකච්චාව සිදුකෙරිණි. මෙම පැය 2 කට වඩා දිගු වන ධර්ම සාකච්චාව, අසන්නන්ගේ පහසුව පිණිස ප්‍රශ්න හා පිළිතුරු වශයෙන් වෙන්කර, ශබ්ද සංස්කරණය කොට ඉදිරිපත්කර ඇත්තෙමු.

Saturday Dhamma Discussion – 14 (සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චාව – අංක:14)

Saturday Dhamma Discussion – 14 was conducted on 10 April 2021 by Most Ven. Kukulpane Sudassi Thero. The two hour long recording of Saturday Dhamma Discussion – 14, was audio edited to remove unwanted noises and pauses and are presented below as separate questions and answers in order to facilitate better listening. Ven. Anuradhapura Anuruddha Thero also joined to facilitate the discussion.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ දාහතරවන ධර්ම සාකච්චාව වර්ෂ 2021 අප්‍රේල් මස 10 දින සිදුකරන ලදී. පුජ්‍යපාද අනුරාධපුරයේ අනුරුද්ධ ස්වාමින්වහන්සේද එම Zoom සාකච්චාව මෙහෙයවීමට වැඩසටහන දායක වූ සේක. 

මෙවර ධර්ම සකච්චාව “දසවිධ උපාසක ගුණ” පාදක කරගෙන සිදුකරනු ලැබූ වැඩසටහන් මාලාවේ අවසාන වැඩසටහනයි. අටවන සහ නවවන උපාසක ගුණ මූලික කොටගෙන මෙම දහම් සාකච්චාව සිදුකෙරිණි. එම දේශනා මාලාවට මෙම යොමුව click කර පිවිසෙන්න.

  1. සමගි සම්පන්න බව පිළිබඳව ඇති අටවන උපාසක ගුණය පැහැදිලි කරන්න.
  2. නවවන උපාසක ගුණය පැහැදිලි කරන්න.
  3. අනුපූරක පුද්ගලයින්ට සමගියෙන් සිටීමට පුලුවන්ද?
  4. ඊර්ෂියාව ඇතිවනවිට ඒ ගැන ධර්මානුකූලව බැලියහැකි නොවේද?
  5. තවකෙනෙකු සමග ඇතිවන ගැටීමක් අපගේ ඕනෑකමින් සමථයකට පත්කිරීමෙන් අපේ ගුණධර්ම දියුණුවෙනවා නේද?
  6. වර්ථමාන සංකීර්ණ සමාජයේ ඇතැම් අවස්ථා වල අටවෙනි උපාසක ගුණය පැවැත්වීම අමරුවෙනවා නේද?
  7. සියුම් ඊර්ෂියාවක් ඇත්දැයි හඳුනාගන්නේ කෙසේද?
  8. සෝවාන් පුද්ගලයෙක් උපදින භවය සහ ජාතිය එකක්ද?
  9. දෙව්දත් තෙරුන් වැනි අය සෑම බුදුවරුන්ට සිටිනවාද?
  10. වැඩිහිටියෙකු නැවත නැවතත් අපගේ දොස් දකිනවිට ඇතිවන ද්වේෂය පාලනය කරගන්නේ කෙසේද?
  11. වෙනත් කෙනෙකු නිසා අපට ද්වේෂය ඇතිවන විට එය විදර්ශනාවට නැංවීම.
  12. අපට පීඩා කරන කෙනා හැමවිටම වැරදී නම් කුමක් කලයුතුද?
  13. දහම විකෘති කරන ස්වාමින්වහන්සේලා කෙසේ ඇමතිය යුතුද?
  14. වැඩිහිටි ස්වාමින්වහන්සේ කෙනෙකු සම්බන්ධයෙන් ගැටලුවක් මතු වූ විට කුමක් කල යුතුද?
  15. අවසානය.

 

Saturday Dhamma Discussion – 13 (27-03-2021)

මෙවර සාකච්චා වූ කරුණු අතර පෘතග්ජන බෞද්ධයෙකුට ඊළඟ භාවයේදී බොදු උපතක් ලැබීම ස්ථීර නොමැතිබව (පැන අංක: 02) සහ වර්ථමානයේ ක්ෂුනී සසුනක් ඇතිද නැතිද යන්න පිළිබඳව අප බොහෝ දෙනෙක් නොදන්නා සහ නොසිතු කරුණු පිළිබඳව ඇති පැනයන් (පැන අංක: 12, 13 සහ 14) සුවිශේෂී වැදගත්කමක් ගනී.

එමෙන්ම මීළඟ සාකච්චාවට සහභාගී වීම සඳහා zoom යොමුවද ඇතුලත්කර ඇත්තෙමු.

Saturday Dhamma Discussion – 13 (සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චාව – අංක:13)

Saturday Dhamma Discussion – 13 was conducted on 27 March 2021 by Most Ven. Kukulpane Sudassi Thero. The two hour long recording of Saturday Dhamma Discussion – 13, was audio edited to remove unwanted noises and pauses and are presented below as separate questions and answers in order to facilitate better listening. Ven. Anuradhapura Anuruddha Thero joined the discussion later.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ දහතුන්වන ධර්ම සාකච්චාව වර්ෂ 2021 මාර්තු මස 27 දින සිදුකරන ලදී. පුජ්‍යපාද අනුරාධපුරයේ අනුරුද්ධ ස්වාමින්වහන්සේද එම Zoom සාකච්චාව මෙහෙයවීමට වැඩසටහන මැදදී දායක වූ සේක. 

මෙවර ධර්ම සකච්චාවද “දසවිධ උපාසක ගුණ” පාදක කරගෙන සිදුකරනු ලැබීය. හයවන සහ හත්වන උපාසක ගුණ මූලික කොටගෙන දහම් සාකච්චාව සිදුකෙරිණි.  එම දේශනා මාලාවට මෙම යොමුව click කර පිවිසෙන්න.

  1. හයවන උපාසක ගුණය පිලිබඳ පැහැදිලි කරන්න.
  2. පෘතග්ජනයකුට තිසරණය භව පුරුද්දක් ලෙස ඊළඟ මිනිස් උප්පත්තියට යන්නේ නැතිද?
  3. සෝතාපන්න ඵල ලාභියෙක් බුද්ධ ශුන්‍ය කාලයක ඉපදුනොත් ඔහුට තිසරණය පිහිටේද?
  4. ”බුද්ධං ජීවිත පරියන්තන් සරනං…” ගාථාවේ තේරුම පහදා දෙන්න.
  5. ශීලය පිලිබඳ සඳහන් වෙන හත්වන උපාසක ගුණය පිලිබඳ පැහැදිලි කරන්න.
  6. කිසිවෙකුටත් හානි නොවන ලෙස වචන පාවිච්චි කිරීම පුහුනුවන්නේ කෙසේද?
  7. තරහා ඇතිවීමේදී එය යටපත් කරගැනීම හොඳද?
  8. ඇතැම් අවස්ථා වලදී සත්‍ය වචන පැවසීමෙන් ඇතිවෙන හානි වලකා ගන්නේ කෙසේද?
  9. ආත්මාරක්ෂාවට වෙනත් කෙනෙකු මැරීම නරකද?
  10. ආයතනයක සේවකයකු වරදක් කලොත් එයට ප්‍රධානියා දඬුවම් දීමෙන් ප්‍රධානියාට අකුසලයක් සිදුවෙනවාද?
  11. එදිනෙදා ජීවිතයේදී සිතට දැනෙන ස්වභාවයත් කයට දැනෙන ස්වභාවයත් අතර සමතුලිත බැවින් යුතුව දහමට අනුගතව පවත්වා ගන්නේ කෙසේද?
  12. භික්ෂුනී විනයක් සහ ශීලයක් අනුගමනය කරනා පිරිසක් සිටින නිසා දැන් ලෝකයේ භික්ෂුනී සාසනයක් පවතින්නේද?
  13. බුදුරජාණන්වහන්සේ දේශනා කල පරිදි අවසාන භික්ෂුණිය නැති වූ විට භික්ෂුනී සාසනයක් තිබිය හැකිද?
  14. වර්ථමානයේ භික්ෂුනී සාසනයක් පිලි නොගන්නේ කාන්තාවන් පහත් කිරීමට නොවේ.
  15. පෝය දවසේ සහ බටහිර ඇති “සඳ පායනවිට උන්මාදය ඇතිවනවා” යන මතය අතර සම්බන්ධයක් කිබේද?
  16. මහණවීම ගැන දෙමාපියන් අකමැති විට ඔවුන් මියගිය පසු මහණ වූවාට කමක් නැද්ද?
  17. අවසානය.

Saturday Dhamma Discussion – 12 (20-03-2021)

Saturday Dhamma Discussion – 12 (සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චාව – අංක 12)

Saturday Dhamma Discussion – 12 was conducted on 20 March 2021 by Most Ven. Kukulpane Sudassi Thero. The two hour long recording of Saturday Dhamma Discussion – 12, was audio edited to remove unwanted noises and pauses and are presented below as separate questions and answers in order to facilitate better listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ දොලොස්වන ධර්ම සාකච්චාව වර්ෂ 2021 මාර්තු මස 20 දින සිදුකරන ලදී. පුජ්‍යපාද අනුරාධපුරයේ අනුරුද්ධ ස්වාමින්වහන්සේද එම Zoom සාකච්චාව මෙහෙයවීමට දායක වූ සේක. 

මෙවර ධර්ම සකච්චාවද “දසවිධ උපාසක ගුණ” පාදක කරගෙන සිදුකරනු ලැබීය. මෙදින පස්වන උපාසක ගුණය මූලික කොටගෙන දහම් සාකච්චාව සිදුකෙරිණි.  එම දේශනා මාලාවට මෙම යොමුව click කර පිවිසෙන්න.

  • මෙම පැය 2 කට වඩා දිගු වන ධර්ම සාකච්චාව, අසන්නන්ගේ පහසුව පිණිස ප්‍රශ්න හා පිළිතුරු වශයෙන් වෙන්කර, ශබ්ද සංස්කරණය කොට ඉදිරිපත්කර ඇත්තෙමු.
  • එමෙන්ම, එසේ වෙන් කර ඉදිරිපත්කර ඇති සෑම හඬ පටයකින්ම මෙම ප්‍රධාන පිටුවට පිවිසිය හැකි යොමුවක් MP3 ගොනුව තුලට ඇතුලත් කර ඇති බැවින් මෙම ඕනෑම MP3 පටයක් බා ගත කල පසු SMART PHONE එකකින් හෝ පරිගණකයකින් හෝ මෙම වෙබ් පිටුවට පිවිසීමට පුළුවන. ඒ යොමුව සෑම MP3 ගොනුවකම “COMMENTS”  අංශයට ඇතුලත් කර ඇත.

To download (on PC) : You could download the file by right clicking on the link and then selecting “save as” from the drop down menu.

To listen directly (on PC): Please left click on the link to listen directly. Once the link is clicked, you will be directed to a separate page containing the talk. Usually the file starts to play in that window. If it doesn’t you could highlight the browser window and click ‘reload this page’. It will start to play.

  1. සම්මා දිට්ඨිය පිළිබඳව ඇති පස්වන උපාසක ගුණය පැහැදිළි කරන්න.
  2. ධර්මානුකූල කාරණයක් හේතු ඵල වශයෙන් නොදකින විට එය මිත්‍යා දෘෂ්ටියට වැටේද?
  3. දානයේ ගුණ අවදිකරගැනීම නිවන් මගට හේතුවන්නේ කෙසේද?
  4. තෘෂ්ණාබරිතව කුසල් කිරීමේදී ඇතිවන කුසල තෘෂ්ණාව පැහැදිලි කරන්න.
  5. සංසාරයේ නිවන් දැකීම සඳහා අප කලින් කල ප්‍රර්ථනා දැනගෙන ඉදිරියට ගෙනයන්නේ කෙසේද?
  6. ඉක්මන් භවයකදී නිවන් දැකීම කියන දේ හොඳ ප්‍රර්තනාවක්ද?
  7. සිතේ විසිරෙන බව අඩුකිරීමට, වඩා සුදුසු බන ඇසීමද භාවනා කිරීමද?
  8. මේ ජීවිතයේදී නිවන් දැකීමට අදිෂ්ඨාන කලත් එය ප්‍රායෝගික නොවන බව තේරෙන විට කුමක් කල යුතුද?
  9. අවසානය.

එම ධර්ම සාකච්චාවේ වීඩියෝව නැරඹීමට මෙතන click කරන්න.

අනෙකුත් සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.