Saturday Dhamma Discussion – 18 (08-05-2021)

මෙවර ධර්ම සකච්චාව “සතර සතිපටිඨානය” යන තේමාව පදනම් කරගෙන සිදුකරනු ලැබුණි. භාවනාවට අත්‍යවශ්‍ය සතිය, ප්‍රඥාව සහ වීර්ය හඳුනා ගැනීම සහ පුරුදු කිරීම පිළිබඳව සහ සක්මන් භාවනාව සහ කයනුපස්සනාවේ ඇතැම් කොටස් මෙහිදී සාකච්චා කරන ලදී. එමෙන්ම සමථ සහ විපස්සනා භාවනා අංග දෙකම විමසීමට යොමුකරන ලදී.

එමෙන්ම මෙහි ඉදිරිපත් කර ඇති වර්ෂ 2011 දී ගෞරවනීය ස්වාමින්වහන්සේ කැනඩාවෙදී සිදුකල පළමු ධර්ම දේශනාව “භාවනාව කුමක්ද සහ එයට ප්‍රවේශවීමට ලබාගතයුතු සුදුසුකම් මොනවාද?” ඉතාම වටිනා වන්නේ සාකච්චාවක් තුලින් අප දැනට භාවනාව යනුවෙන් සිතාගෙන සිටින කාර්යය ගැඹුරින් අප තුලින්ම ක්‍රමිකව, විශ්ලේෂණාත්මකව විමසීමකට ලක්කෙරෙන බැවිනි.

Saturday Dhamma Discussion – 18 (සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චාව – අංක:18)

Saturday Dhamma Discussion – 18 was conducted on 05 May 2021 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Dhamma Discussion – 18 was audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers in order to facilitate better listening. Ven. Anuradhapura Anuruddha Thero also joined to facilitate the discussion.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ දහඅටවන ධර්ම සාකච්චාව වර්ෂ 2021 මැයි මස 05 දින සිදුකරන ලදී. පුජ්‍යපාද අනුරාධපුරයේ අනුරුද්ධ ස්වාමින්වහන්සේද එම Zoom සාකච්චාව මෙහෙයවීමට වැඩසටහන දායක වූ සේක.

මෙවර ධර්ම සකච්චාව “සතර සතිපටිඨානය” යන තේමාව පදනම් කරගෙන සිදුකරනු ලැබුණි. එම සාකච්චාවට මුල් වූ ධර්ම දේශනා පහත ඇති යොමුවෙන් ලබාගන්න.

  1. භාවනාව කුමක්ද සහ එයට ප්‍රවේශවීමට ලබාගතයුතු සුදුසුකම් මොනවාද?
  2. කායානුපස්සනා භාවනාව.
  3. වේදනානුපස්සනාව සහ චිත්තානුපස්සනව.
  4. ධම්මානුපස්සනාව.

“සතර සතිපටිඨානය” සජීවී ධර්ම සාකච්චාවේ ශබ්ද සංස්කරණය කල ප්‍රශ්න හා පිළිතුරු පහතින් දැක්වේ.

  1. භාවනාවට අත්‍යවශ්‍ය සතිය, ප්‍රඥාව සහ වීර්ය හඳුනා ගැනීම සහ පුරුදු කිරීම සිදුකරන හැටි පහදා දෙන්න.
  2. කේන්ති ඇතිවනවිට සතිය, ප්‍රඥාව සහ වීර්ය ඇතිකරගෙන කේන්තිය නැතිකරගන්නේ කෙසේද?
  3. කඩේට ඇවිදින විට ප්‍රඥාව අවධි කරගන්නේ කෙසේද?
  4. කායානුපස්සනාව වඩන විට ද්වේශයක් ඇතිවූ විට කුමක්කල යුතුද?
  5. සක්මන් භාවනාවක් වශයෙන් සිදුකරන විට ප්‍රඥාව අවධි කරගන්න හැටි විස්තරකරන්න.
  6. ඇවිදීමක් සක්මනේ සිදුනොවන්නේ නම් මහන්සියක් දැනෙන්නේ කෙසේද?
  7. පුද්ගලයෙක් එක්තැනක සිට තවත් තැනකට යනවාද?
  8. රූප කලාප ඇතිවෙමින් බිඳෙනවා නම් පොළොවේ අඩිය තියනවිට දැනීමක් ඇතිවන්නේ කෙසේද?
  9. භාවනාවට වාඩිවනවිට පොලව ස්පර්ශවීම අත්‍යවශ්‍යද?
  10. භාවනා මුද්‍රාවන් වැදගත් වන්නේද සහ ඒවායේ භාවනාවට ඇති සම්බන්ධය කුමක්ද?
  11. දෙදෙනෙක් එක් තැනක සිට භාවනා කිරීමේදී ශක්තීන් වල වෙනස් වීමක් සිදුවිය හැකිද?
  12. අනාපානසති භාවනාව වඩනවිට සියල්ල එපාවෙන කම්මැලිකම ඇතිවීම සිදුවන්නේද සහ එය විදර්ශනාවක් ලෙස වඩන හැටි පැහැදිලි කරන්න.
  13. කයානුපස්සනාවේ කොටස් පැහැදිලිකරන්න.
  14. භාවනාවක් ලෙස ව්‍යායාම කිරීමට හැකිද?
  15. කෙනෙකුගේ කායික අපහසුතාවයක් උපයෝගී කරගෙන භාවනාව වැඩිය හැකිද?
  16. විපස්සනාව වඩන ගිහියකුට පංච ශිලය හා අට සිල් ප්‍රමාණවත් ද?
  17. අවසානය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.