Damsara Dhamma News – No. 128

Be Skillful to uncover the true Dhamma.

නියම දහම මතුකරගන්නට දක්‍ෂ වෙන්න.

Please click on the picture to reach the Newsletter. දම්සර දහම් පුවත් අංක: 128 ට පිවිසීමට පහත දැක්වෙන රූප සටහන මත click කරන්න.

Saturday Dhamma Discussion – 13 (27-03-2021)

මෙවර සාකච්චා වූ කරුණු අතර පෘතග්ජන බෞද්ධයෙකුට ඊළඟ භාවයේදී බොදු උපතක් ලැබීම ස්ථීර නොමැතිබව (පැන අංක: 02) සහ වර්ථමානයේ ක්ෂුනී සසුනක් ඇතිද නැතිද යන්න පිළිබඳව අප බොහෝ දෙනෙක් නොදන්නා සහ නොසිතු කරුණු පිළිබඳව ඇති පැනයන් (පැන අංක: 12, 13 සහ 14) සුවිශේෂී වැදගත්කමක් ගනී.

එමෙන්ම මීළඟ සාකච්චාවට සහභාගී වීම සඳහා zoom යොමුවද ඇතුලත්කර ඇත්තෙමු.

Saturday Dhamma Discussion – 13 (සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චාව – අංක:13)

Saturday Dhamma Discussion – 13 was conducted on 27 March 2021 by Most Ven. Kukulpane Sudassi Thero. The two hour long recording of Saturday Dhamma Discussion – 13, was audio edited to remove unwanted noises and pauses and are presented below as separate questions and answers in order to facilitate better listening. Ven. Anuradhapura Anuruddha Thero joined the discussion later.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ දහතුන්වන ධර්ම සාකච්චාව වර්ෂ 2021 මාර්තු මස 27 දින සිදුකරන ලදී. පුජ්‍යපාද අනුරාධපුරයේ අනුරුද්ධ ස්වාමින්වහන්සේද එම Zoom සාකච්චාව මෙහෙයවීමට වැඩසටහන මැදදී දායක වූ සේක. 

මෙවර ධර්ම සකච්චාවද “දසවිධ උපාසක ගුණ” පාදක කරගෙන සිදුකරනු ලැබීය. හයවන සහ හත්වන උපාසක ගුණ මූලික කොටගෙන දහම් සාකච්චාව සිදුකෙරිණි.  එම දේශනා මාලාවට මෙම යොමුව click කර පිවිසෙන්න.

  1. හයවන උපාසක ගුණය පිලිබඳ පැහැදිලි කරන්න.
  2. පෘතග්ජනයකුට තිසරණය භව පුරුද්දක් ලෙස ඊළඟ මිනිස් උප්පත්තියට යන්නේ නැතිද?
  3. සෝතාපන්න ඵල ලාභියෙක් බුද්ධ ශුන්‍ය කාලයක ඉපදුනොත් ඔහුට තිසරණය පිහිටේද?
  4. ”බුද්ධං ජීවිත පරියන්තන් සරනං…” ගාථාවේ තේරුම පහදා දෙන්න.
  5. ශීලය පිලිබඳ සඳහන් වෙන හත්වන උපාසක ගුණය පිලිබඳ පැහැදිලි කරන්න.
  6. කිසිවෙකුටත් හානි නොවන ලෙස වචන පාවිච්චි කිරීම පුහුනුවන්නේ කෙසේද?
  7. තරහා ඇතිවීමේදී එය යටපත් කරගැනීම හොඳද?
  8. ඇතැම් අවස්ථා වලදී සත්‍ය වචන පැවසීමෙන් ඇතිවෙන හානි වලකා ගන්නේ කෙසේද?
  9. ආත්මාරක්ෂාවට වෙනත් කෙනෙකු මැරීම නරකද?
  10. ආයතනයක සේවකයකු වරදක් කලොත් එයට ප්‍රධානියා දඬුවම් දීමෙන් ප්‍රධානියාට අකුසලයක් සිදුවෙනවාද?
  11. එදිනෙදා ජීවිතයේදී සිතට දැනෙන ස්වභාවයත් කයට දැනෙන ස්වභාවයත් අතර සමතුලිත බැවින් යුතුව දහමට අනුගතව පවත්වා ගන්නේ කෙසේද?
  12. භික්ෂුනී විනයක් සහ ශීලයක් අනුගමනය කරනා පිරිසක් සිටින නිසා දැන් ලෝකයේ භික්ෂුනී සාසනයක් පවතින්නේද?
  13. බුදුරජාණන්වහන්සේ දේශනා කල පරිදි අවසාන භික්ෂුණිය නැති වූ විට භික්ෂුනී සාසනයක් තිබිය හැකිද?
  14. වර්ථමානයේ භික්ෂුනී සාසනයක් පිලි නොගන්නේ කාන්තාවන් පහත් කිරීමට නොවේ.
  15. පෝය දවසේ සහ බටහිර ඇති “සඳ පායනවිට උන්මාදය ඇතිවනවා” යන මතය අතර සම්බන්ධයක් කිබේද?
  16. මහණවීම ගැන දෙමාපියන් අකමැති විට ඔවුන් මියගිය පසු මහණ වූවාට කමක් නැද්ද?
  17. අවසානය.

Saturday Dhamma Discussion – 08 (20-02-2021)

Saturday Dhamma Discussion – 08 (සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චාව – අංක 08)

Saturday Dhamma Discussion – 08 was conducted on 20 February 2021 by Most Ven. Kukulpane Sudassi Thero. Ven. Anuruddha Thero coordinated the Zoom discussion from another location. The two hour long recording of Saturday Dhamma Discussion – 08, was audio edited to remove unwanted noises and pauses and are presented below as separate questions and answers in order to facilitate better listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ අටවන ධර්ම සාකච්චාව වර්ෂ 2021 පෙබරවාරි මස 20 දින සිදුකරන ලදී. පුජ්‍යපද අනුරුද්ධ ස්වාමින්වහන්සේද එම Zoom සාකච්චාව මෙහෙයවීමට දායක වූ සේක. 

මෙවර ධර්ම සකච්චාවද “ද්වේෂය දුරුකරන ක්‍රම” දේශනා මාලාව පාදක කරගෙන සිදුකරනු ලැබීය. එම දේශනා මාලාවට මෙම යොමුව click කර පිවිසෙන්න.

  • මෙම පැය 2කට වඩා දිගු වන ධර්ම සාකච්චාව, අසන්නන්ගේ පහසුව පිණිස ප්‍රශ්න හා පිළිතුරු වශයෙන් වෙන්කර, ශබ්ද සංස්කරණය කොට ඉදිරිපත්කර ඇත්තෙමු.

  • එමෙන්ම, එසේ වෙන් කර ඉදිරිපත්කර ඇති සෑම හඬ පටයකින්ම මෙම ප්‍රධාන පිටුවට පිවිසිය හැකි යොමුවක් MP3 ගොනුව තුලට ඇතුලත් කර ඇති බැවින් මෙම ඕනෑම MP3 පටයක් බා ගත කල පසු SMART PHONE එකකින් හෝ පරිගණකයකින් හෝ මෙම වෙබ් පිටුවට පිවිසීමට පුළුවන. ඒ යොමුව සෑම MP3 ගොනුවකම “COMMENTS”  අංශයට ඇතුලත් කර ඇත.

එමෙන්ම ඇතැම් ප්‍රශ්න හා ඒවාට දුන් පිළිතුරු සුවිශේෂී වටිනාකමක් ඇති ඒවා වේ. එම පැනයන් නම් අංක 1,2,3,4,7,8 සහ 9 වේ.

To download: You could download the file by right clicking on the link and then selecting “save as” from the drop down menu.

To listen directly: Please left click on the link to listen directly. Once the link is clicked, you will be directed to a separate page containing the talk. Usually the file starts to play in that window. If it doesn’t you could highlight the browser window and click ‘reload this page’. It will start to play.

  1. ද්වේශය මතුවෙන කාරනයම ඉවසීම පාරමිතාවක් ලෙස ප්‍රගුණ කිරීමට යොදාගන්නේ කෙසේද?
  2. ද්වේශයේ අදීනව සිතා යටපත් කිරීමෙන් එම ද්වේශය අනාගතයේ මතුවීම නැවතේද?
  3. ක්ලේශයන් අපට විපාක දීමේදී ඇතිවෙන අඩු වැඩි වීම සිදුවන වන ආකාරය පැහැදිලි කරන්න.
  4. පිංකමක් කිරීමේදී අකුසලයක් සිදුවූ බව දැනගත් විට එය ඉවත් කරන්නේ කෙසේද?
  5. ගෙදර පිරිසුදු කිරීමේ දී සතුන් මැරෙන නිසා කුමක් කල යුතුද?
  6. සම්පජනඥය පුරුදු කිරීම හැම ඉරියව්වකදීම කරන්නේ කරන්නේ කෙසේද?
  7. ද්වේශය දුරු කිරීමට මෛත්‍රිය හෝ සතර බ්‍රහ්ම විහරණ භාවනා කොයි ආකාරයෙන් පුරුදු, ප්‍රගුණ කලයුතුද?♥♥
  8. සිල් ආරක්ෂා කලාට භාවනාවක් කිරීමට හිත එකඟ කිරීමට බරිවන්නේ ඇයි?♥♥
  9. ද්වේශයට අදාල හේතු මෙනෙහි කිරීමේදී අලුත්ම කර්ම පථයක් ඇති වනවාද?
  10. දස සංයෝජන ධර්ම ප්‍රගුණ කර තිබීම අවශ්‍ය වෙලාවට මෛත්‍රිය යොදා ගැනීමට උපකාරී වෙනවා නේද?
  11. අවසානය. 

එම ධර්ම සාකච්චාවේ වීඩියෝව නැරඹීමට මෙතන click කරන්න.

අනෙකුත් සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න. 

දම්සර දහම් පුවත් අංක: 126

 

දම්සර දහම් පුවත් අංක: 126 වෙත පිවිසීමට මෙම බුද්ධ රූපය මත click කරන්න.ධම‍්මානුපස‍්සනාවේ නීවරණ සහ ස්ඛන්‍ධ වැඩිදුර හඳුනා ගැනීම වැදගත් වේ.

මේ දිනවල සතිපට්ඨාන සූත්‍රය පිළිබඳව භාවනා යෝගීන් හට ඉතාම වටිනා ධර්ම දේශනා මාලාවක් මීතිරිගල නිස්සරණ වන සේනාසන වාසී පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් Zoom දුරස්ථ තාක්‍ෂණය උපයෝගී කරගනිමින් සිදුකෙරෙනු ලැබේ.

එම දේශනාවලියේ ධම්මනුපස්සනාවේ නීවරණ සහ ස්ඛන්‍ධ පබ්බයන් වල ධර්ම දේශනාවන් ගෙන් උපුටා ගන්නා ලද කෙටි දහම් ඛණ්ඩයන් මෙවර ඉදිරිපත් කරනෙමු. 

දම්සර දහම් පුවත් අංක: 126 වෙත පිවිසීමට ඉහත බුදු රුව මත click කරන්න.

දම්සර දහම් පුවත් – අංක 124

ඉමහත් අස්වැසිල්ලක් දෙන චිතානුපස්සනාව:

චිත්තානුපස්සනා සතිපට්ඨාන භාවනාව සුවිශේෂි හැරවුම් ලක්‍ෂයකට පිවිසෙන මාවතකි. විශේෂයෙන්ම, එය හොඳින් පුහුණු කල යෝගීන්ට ඒ තුලින් ඉමහත් අස්වැසිල්ලක් හා ප්‍රයෝජනයක් අත්විඳීමට හැකියාවක් නිරායාසයෙන් ලැබෙනු ඇත. චිත්තානුපස්සනා සතිපට්ඨානයේ එවන් කරුණු පෙන්වා දීමත් එය පුහුණු කරන ආකාරයත් පෙන්වා දීමත් මෙම දහම් කලාපයේ මුලික අරමුණ වේ.

දම්සර දහම් පුවත් පතට පිවිසීමට පහත දැක්වෙන රූපය මත click කරන්න.