සුගත පද විවරණ – (ධර්ම විනිශ්චය 05 – ප්‍රර්ථනා) 23-10-2022

මෙවර සුගත පද විවරණ වල ප්‍රර්ථනා පිලිබඳ වැඩසටහන විශේෂ ප්‍රායෝගික වැදගත් කමකින් යුතු වන නිසාවෙන් එයින් උපුටා ගන්නා ලද කෙටි දහම් ඛණ්ඩයන් දෙකක් පළමුවෙන් ඉදිරිපත් කරනෙමු.  අති පූජ්‍ය රේනුකානේ චන්දවිමල මහා නායක ස්වාමීන් වහන්සේ විිසින් රචිත “ධර්ම විනිශ්චය” ග්‍රන්ථය ඇසුරු කරගනිමින් සුගත පද විවරණ දහම් මාලාවේ නව පරිච්චේදයක් වර්ෂ 2022 සැප්තැම්බර් මස 18 ඉරු දින ආරම්භ කෙරිණි.  බුදු දහම පැහැදිලි කරගත යුත්තේ කවර පදනමක මත සිටද යන මූලික සංකල්ප සහ අත්‍යවශ්‍ය කරුණු මෙම ග්‍රන්ථයේ පැහැදිලි කෙරේ.  බුදු දහම පිළිබඳව නොයෙකුත් විකෘති මතවාදයන් පැතිරෙන මෙවන් කාලයක සිදු කෙරෙන මෙම නව සුගත පද විවරණ දහම් මාලාව බෙහෙවින් කාලීන වැදගත් කමකින් යුතු වේ.

  1. ඉක්මනින් නිවන් දැකීමේ ප්‍රාර්ථනාව නිවැරදිද_අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ. (විනාඩි 08).
  2. දානය සහ ශීල, භාවනා අතර පරමාර්ථ වශයෙන් ඇති වෙනස_අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ. (විනාඩි 06)

සම්පුර්ණ වැඩසටහන වන අංක 05 නැරඹීමට හෝ සවන් දීමට පහත ඇති යොමුවෙන් පිවිසෙන්න.

සුගත පද විවරණ – ධර්ම විනිශ්චය.

සංවරා පහා තබ්බා – Saturday Dhamma Discussion – 84 (22-10-2022)

සෙනසුරාදා ධර්ම සාකච්ඡාව – අංක: 84 (සංවරා පහා තබ්බා -කෙලෙස් දුරු කරන විවිධ උපාය මාර්ග) 22-10-2022

සංවරා පහා තබ්බා Saturday Dhamma Discussion – 84 (22-10-2022) was conducted on 22 October 2022 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Dhamma Discussion – 84 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ අසූ හතර වෙනි ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2022 ඔක්තෝබර් මස 22 වන දින සිදුකරන ලදී.

මෙවර ධර්ම දේශනාවේදී සබ්බාසව සූත්‍රයේ දැක්වෙන සංවරා පහා තබ්බා යන්න කුමක්දැයි පැහැදිළි කරන ලදී.  සංස්කාර වල ඇති ඉන්ද්‍රිය පිනවන ගතිය නිසා ඇතිවන ඉන්ද්‍රියන්ගේ පිනවීමට ඇතිවෙන අවශ්‍යතාවය ඇතිවෙන ආකාරය සහ ක්ලේෂ කාම (සංකල්පීය කාමය), වස්තු කාම (භෞතික වශයෙන් විඳීමේ කැමැත්ත) අන්‍යොන්‍යව ක්‍රියාත්මක වෙන ආකාරයන් මනාකොට විස්තර කරන ලදී.

එමෙන්ම බුදුදහමේ සති සංවරය කුමක්ද සහ ඒ තුලින් සංවරා පහා තබ්බා ඇති කරගන්නා ආකාරය මනාව සහ ක්‍රමිකව පැහැදිලි කරන ලදී.  එමෙන්ම අද දින දේශනාවට අනුගතව වටිනා දහම් පැන ධර්ම සාකච්ඡාව තුලින් ද මතු කෙරිණි.

ත්‍රිපිටකයේ එම සබ්බාසව සූත්‍රය මෙතනින් කියවන්න: සබ්බාසව සූත්‍රය.

මෙම (සංවරා පහා තබ්බා – සබ්බාසව සූත්‍රය 04) ධර්ම සාකච්චාවේ වීඩියෝව නැරඹීමට මෙතන click කරන්න.

මෙම සම්පුර්ණ ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව ශබ්ද සංස්කරණය කොට ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් වෙන්කොට පහතින් ඇතුලත් කර තිබේ.


  1. සංවරා පහා තබ්බා යන්න පැහැදිලි කරන්න. *** (සති සංවරයෙන් ආශ්‍රව ප්‍රහාණය වෙන ආකාරය ඉතා පැහැදිලි ලෙස මෙහි විස්තර කෙරේ.)
  2. සති සංවරය භාවනාවක් තුලින් පුහුණු කරන විට ඇතිවන ථීනමිද්ධ නීවරණය හට ගැනීමට ක්ලේෂ කාම සහ වස්තු කාම බලපාන ආකාරය පැහැදිලි කරන්න. *** (මෙම සම්බන්ධතාවය අවබෝධ කරගැනීම භාවනාව පුහුණු වන්නන් හට වැදගත් වේ. එමෙන්ම ථීනමිද්ධ නීවරණය හට ගැනීමේ නොයෙක් ආකාර මෙහිදී පැහැදිලි කෙරේ.) 
  3. ක්ලේෂ කාම සහ වස්තු කාම ක්‍රියාත්මක වෙන ආකාරය නිසාම අප වෙළඳ ප්‍රචාර වලටත් හසු වෙනවා නොවේ ද? *** (මෙම ක්‍රියාදාමය පිළිබඳව අවබෝධයක් ඇතිකර ගැනීම එදිනෙදා සාමාන්‍ය ජීවිතයට පවා වැදගත් වේ.)
  4. මොනරා ලස්සන වී ඉපදුනේ දන් දී තිබුණු නිසාත් සහ තිරිසනකු වූයේ දුසිල්වත් වූ නිසාත් දැයි කියනා කරුණ පහදා දෙන්න.
  5. පුරා සතියක් සිල් සමාදම් වී දින කිහිපයක් ගත වූ විට දැඩි වෙහෙසක් ඇති වීම නැති කරගන්නේ කෙසේ ද? *** (බාධක දුරු කරමින් සාධක දියුණු කිරීම පිලිබඳ වටිනා උපදේශයකි.)
  6. ආශ්‍රව සංවර කිරීමේදී යෝනිසෝමනසිකාරය සහ අයෝනිසෝමනසිකාරය එතැනට ගලපා ගන්නා ආකාරය පැහැදිලි කරන්න. *** (ගෞරවනීය ස්වාමින්වහන්සේ සඳහන් කල වැඩිදුර පැහැදිලි කිරීම මෙම වෙබ් පිටුවේ පළවෙනි පැනයෙන් දැක්වේ. මෙතැනින් පිවිසෙන්න.) 
  7. සබ්බාසව සූත්‍රයේ මුල් කරුණු හය ආර්ය අෂ්ඨාංගික මාර්ගයටත් අවසාන කරුණ සම්මා විමුක්ති වලට වශයෙන් ගොනු කල හැකි ද?
  8. මනසිකාර චෛතසිකය අප විසින් ආයාසයෙන් මෙනෙහි කල යුතු චෛතසිකයක් ද?
  9. සති ගණන් කරන භාවනා වලට වඩා එදිනෙදා කරන වැඩ වලින් කුසල් රැස්වේ ද? ***
  10. චාරිත්‍ර ශීලය සහ වාරිත්‍ර ශීලය පිළිබඳව පැහැදිලි කරන්න.
  11. අප බොහෝවිට සසරින් ගැලවෙන්න හදන්නෙත් තෙහෙට්ටුව නිසා නොවේ ද? ***
  12. ඉන්ද්‍රිය සංවරය දියුණු වූ විට එය අජ්ජත්ත බහිද්දා යන තත්වයට පැමිණෙනවා ද?
  13. අවසානය.

සමාධිභාවනා සූත්‍රය – Samadhibhavana Sutta. (පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ)

සමාධිභාවනා සූත්‍රයSamadhibhavana Sutta මීතිරිගල නිස්සරණ වණසේනාසන වාසී පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් ඉරිදා සූත්‍ර දේශනා මාලාවේ 20 වන සූත්‍රය ලෙස වර්ෂ 2022 සැප්තැම්බර් මස 25 වන දින ආරම්භ කර ඔක්තෝබර් මස 09 වෙනි දින අවසාන කරන ලදී.

පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින් වහන්සේ සමාධිය පිලිබඳ සිදුකරන දේශනා මාලාවේ දෙවන සූත්‍රය ලෙස උද්දේසවිභඞ්ග සූත්‍රයට පසුව මෙම සූත්‍ර දේශනාව ආරම්භ කරන ලදී.  එම පළමු සූත්‍ර දේශනාවට මන ලෙස ගැලපෙන අයුරින් මෙම සමාධිභාවනා සූත්‍ර දේශනා මාලාව ඉදිරිපත් කෙරේ. 

මෙම සූත්‍රයේදී සමාධි භාවනාවේ ‘වර්ග’ හෝ ‘ආකාර’ හෝ හතරක් පිළිබඳව පැහැදිලි කෙරේ. මෙම සූත්‍රය භාවනා යෝගීන් හට ඉතාම වැදගත් වෙන බුද්ධ දේශනාවකි. එමෙන්ම ප්‍රායෝගික වටිනා කමකින් යුතු ධර්ම සාකච්ඡාවන් ද මෙහි ඇතුලත් වේ.

සමාධිභාවනා සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න: සමාධිභාවනා සූත්‍රය.


  1. ධර්ම දේශනාව 01 – සමාධිභාවනා සූත්‍රය. (25-09-2022)
  2. ධර්ම සාකච්ඡාව 01 – සමාධිභාවනා සූත්‍රය. (25-09-2022)
  3. ධර්ම දේශනාව 02 – සමාධිභාවනා සූත්‍රය. (02-10-2022)
  4. ධර්ම සාකච්ඡාව 02 – සමාධිභාවනා සූත්‍රය. (02-10-2022)
  5. ධර්ම දේශනාව 03 – සමාධිභාවනා සූත්‍රය. (09-10-2022)
  6. ධර්ම සාකච්ඡාව 03 – සමාධිභාවනා සූත්‍රය. (09-10-2022)

සමාධිභාවනා සූත්‍රය මූලික කරගත් ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා මාලාව මෙයින් අවසාන වේ.

පසුගිය ඉරිදා දහම් වැඩසටහන් ඇති වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න.</str

එදිනෙදා ජීවිතයේ මමත්වය අඩු කරගත හැකි ආකාරය. (09-10-2022)

එදිනෙදා ජීවිතයේ මමත්වය අඩු කරගත හැකි ආකාරය පිළිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදුකල මෙම වටිනා ධර්ම දේශනාව පහත සඳහන් කරුණු නිසා ගිහි පැවිදි සෑම දෙනාටම ඉතාම වැදගත් වේ;

  1. අප සංකල්පීය වශයෙන් ගොඩනගා ගන්නා මමත්වය දැඩිව උපාදාන කර ගැනීම නිසාම අප ‘මම’ මෙහෙම කෙනෙක් යැයි අර්ථ නිරූපණය කර ගනිමින් ඒ තුලින් ගැටීම්, චිත්ත වේදනා සහ ඇලීම් ඇති කරගන්නා ආකාරය එදිනෙදා ජීවිතයේ ප්‍රායෝගික උදාහරණ තුලින් පෙන්වා දීම. 
  2. ම ‘මම’ නිසා මිනිසුන් එදිනෙදා ජීවිතයේදී ඇති කරගන්නා ‘මම සිතන විධියටම දේවල් සිද්ධ වෙන්නට ඕනෑ’ සහ ‘මම මෙහෙම කෙනෙක්’ යන දැඩිව අල්වා ගන්නා හේතුව නිසා විවාහ සහකරුවන් තුල, සමාජය තුල, ආයතන තුල, වෛද්‍යවරුන් තුල, ප්‍රධානින් තුල, ගුරුවරුන් තුල, භික්ෂුන් වහන්සේලා තුල, භාවනා යෝගීන් තුල, දෙමාපියන් තුල, යනාදී බොහෝ දෙනා තුල ඇති වන මමත්වයේ ප්‍රබල තාවය මත සිදුවිය හැකි, මේ ජීවිතයේ සහ සංසාරයට බල පැවැත්විය හැකි, ඒ අයට නොතේරෙන දුබල කම් රැසක් හඳුනා ගන්නා ආකාරය පැහැදිලි කිරීම. එමෙන්ම ඒ නිසා විවාහ බිඳ වැටීම්, පුද්ගල සහ සමාජ සංවර්ධනයේ දුබලතා ඇතිවීම් සහ ආධ්‍යාත්මික ප්‍රවර්ධනයේ දුබලතා ඇති වෙන ආකාරය පැහැදිලි කිරීම.
  3. එවැනි මමත්වය අඩු කරගත හැකි ආකාරයන් පෙන්වා දීම.

මෙම ධර්ම දේශනාවට පාදක වූයේ ධම්ම පදයේ බාල වග්ගයේ සඳහන් ගාථා රත්නයකි.  එම ගාථාව සහ නිධාන කථාව මෙතැනින් කියවන්න.


ගෞරවනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  2. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  3. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  4. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  5. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  6. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

අකුසල විපාක යටපත් කරන ක්‍රම – Saturday Dhamma Discussion – 70 (09-07-2022)

මෙම වැඩසටහනේ නිවන් මග දියුණු කරන අයට බොහෝ ප්‍රයෝජනවත් කරුණු ඇතුලත් වේ.  උදාහරණයක් ලෙස පැන අංක: 04 (මේ ආත්මයේදීම නිවන් ප්‍රර්ථනාවක් ඇතිකර ගැනීම), අංක 02, 05 සහ ධර්ම දේශනාව වන අංක 01 දැක්වීමට පුළුවන.

තෙරුවන් සරණයි!


 

සෙනසුරාදා ධර්ම සාකච්ඡාව – අංක: 70 (ලෝණඵල සූත්‍රය ඇසුරින්: අකුසල විපාක යටපත් කරන ක්‍රම) 09-07-2022

අකුසල විපාක යටපත් කරන ක්‍රම – Saturday Dhamma Discussion – 70 was conducted on 09 July 2022 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Dhamma Discussion – 70 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ හැත්තෑවන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2022 ජූලි මස 09 වන දින සිදුකරන ලදී.

ගෞරවනීය ස්වාමින්වහන්සේ මෙවර සජීවී ධර්ම සාකච්ඡා වැඩසටහනේ දී අකුසල විපාක යටපත් කරන ක්‍රම පිලිබඳව ලෝණඵල සූත්‍රය පාදක කොට නව දේශනා සහ සාකච්ඡා මාලාවක් ආරම්භ කල සේක.  එමෙන්ම මෙදින ධර්ම දේශනාව සහ සාකච්ඡාව, බුදුදහමේ කර්මය පිළිබඳව දක්වා ඇති මුලික සහ වැදගත් කරුණු මතු කල ඉතා ප්‍රයෝජනවත් සහ කාලීන දහම් වැඩ සටහනක් විය.

ත්‍රිපිටකයේ එම ලෝණඵල සූත්‍රය මෙතනින් කියවන්න: ලෝණඵල සූත්‍රය.


  1. ලෝණඵල සූත්‍රයේදී කර්මය විපාක දෙන ආකාරය පිලිබඳව දේශනා කර ඇති මූලික පදනම පැහැදිලි කරන්න. *** (මෙහිදී කර්මය යනු ගෙවා නිමකළ හැකි ධර්මයක් නොවන බවත් කර්මය අභිබවා යන්නේ කෙසේද යන ආකාරයත් සහ බෞද්ධ සමාජයේ කර්මය පිළිබඳව ඇති මූලික වැරදි දෘෂ්ටි මනාව පැහැදිලි කෙරේ.)
  2. අප විසින් අනෙක් අයගේ යහපත පිණිස දැනුවත්වම අපහසු අවස්ථාවල් වලට මුහුණ දීමේදී ඇතිවන පීඩාකාරී අත්දැකීම් පෙර අකුසල් නිසා ජනිත වෙන කර්මයන් වේද? *** (ඕනෑකමින් පිළිකුල් සහගත අරමුණක් ගැනීමේදී එය කුමක් සඳහා සිදුකරන්නක්ද යන්න සහ නිවන් ගමනේදී සුඛ විපාක වශයෙන් ලැබෙන දෙයින් පමණක් සිත දියුණු කල නොහැකි බවත් ඇතුළුව කුසලයක් සිදුකරනා ආකාරය මෙහිදී මානව පැහැදිලි කෙරේ.)
  3. තාලපුට සූත්‍රය අනුව වැරදි කළා යන්න නිර්වචනය කරන්නේ කෙසේද සහ හොඳ ප්‍රතිපලයක් ඇතිකර වීමට චිත්‍රපටියක චරිතයක් රඟපෑ විට එයින් අකුසල් ජනිත වේද? *** (තාලපුට සූත්‍රය මෙතනින් ත්‍රිපිටකයෙන් කියවන්න.)
  4. මේ ආත්මයේදීම නිවන් ප්‍රර්ථනා කර එය නොලැබුණ හොත් ඊළඟ ආත්මයේ එය විපාක දිය හැකිද? *** (මේ ආත්මයේදීම නිවන් ප්‍රර්ථනාවක් ඇතිකර ගැනීම පිළිබඳ ඉතා වටිනා පිළිතුරකි.) 
  5. කුසලයක් ඥාන සම්ප්‍රයුක්ත කරගන්නේ කෙසේද? *** (ත්‍රිහේතුක කුසලයක් සිදුකිරීමේදී එය කරන ආකාරය පිලිබඳ ඉතා වටිනා ප්‍රායෝගික උදාහරණ සහිත පිළිතුරකි.)
  6. පංචශීලය රැකීමෙන් පෙර කල කර්ම වලින් ගැලවීමට හැකි වේද?
  7. කරන ලද කුසල් අකුසල් අහෝසි වන්නේ නැති බව අසා ඇත. එය නිවැරදිද?
  8. ඉෂ්ඨාරම්මන සහ අනිෂ්ඨාරම්මන ලෙස බාහිර වස්තූන් තිබේ නම් චක්කු විඥානය උපේක්ෂා සහගත වන්නේදැයි පැහැදිලි කරන්න.
  9. ජීවිතය සිතුවිල්ලක් ලෙස සිතීම යහපත්ද සහ ජීවිතය අනිත්‍ය බව නිතර සිතීම සෝවාන් වීමට ප්‍රමාණවත්ද? ***
  10. පාරමිතා අප විසින් කොතරම් දියුණු කර ඇතිදැයි අප දැනගන්නේ කෙසේද සහ බෝසත්වරු පාරමිතා පිරීමේදී තම බිරිඳ සහ දරුවන් අන් අයට දන් දීම නිවැරදි ක්‍රියාවක්ද? *** (රහත්වීමේදී අවශ්‍පාරමිතා දැනගනිමින්, මැනගනිමින් දියුණු කිරීම පිළිබඳව සහ බෝසත්වරුන්ගේ පාරමිතා පිරීම පිළිබඳව සමාජයේ ඇති වැරදි වැටහීමක් නිවැරදි කරමින් සහ බෝසත්වරුන් සමග ඉතා දිගු කාලයක් සමීපව එකට ගමන් කරන අයගේ පාරමිතා ආදිය පිළිබඳව පැහැදිලි කෙරෙන විරල ගනයේ පිළිතුරකි.
  11. මරණානුස්සතිය වඩනා ආකාරය පැහැදිලි කරන්න.  [ගෞරවනීය ස්වාමින්වහන්සේ මෙහිදී සඳහන් කල පැරණි, ඉතා වටිනා ධර්ම දේශනා දෙකකට අන්තර්ජාල යොමුවන් මෙහි දැක වේ. 01. භද්‍ර මරණයක් සඳහා මරණානුස්සතිය (20-08-2021) එම වෙබ් පිටුවේ අංක: 08 ධර්ම දේශනාව බලන්න. 02. භද්‍ර මරණයක් සඳහා සිත සකසා ගැනීම. (26-02-2022)]
  12. අවසානය.

රටේ පවතින වත්මන් තත්වය හමුවේ අප විසින් සිදු කළ යුතු දේ.

Image by anuvat intarachune from Pixabay.

රටේ පවතින වත්මන් තත්වය හමුවේ අප විසින් සිදු කළ යුතු දේ පිලිබඳ අති පුජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියස රූපවාහිනිය තුලින් සිදුකල මෙම ධර්ම දේශනාව ශ්‍රී ලාංකිකයන් හට ඉතාම කාලෝචිත වන්නේ;

  1. පුද්ගලිකව සහ ජනතාවක් වශයෙන් අප අපදා අවස්ථාවන් වලදී හැඟීම් මත සහ ඇබ්බැහි මත ප්‍රතික්‍රියා කිරීම වෙනුවට සිහිය සහ නුවණ අවධි කරගන්නා ආකාරය.
  2. අපදා අවස්ථාවන් (අපේක්ෂා නොකළ කරදරයක්) වලදී අපගේ මානසික හා කායික වීර්යත් සහ බලයත් පුබුදුවා ගැනීමේ හැකියාවේ ඇති වැදගත්කම.
  3. මෙවන් ආපදා කාලයක දී එයින් නැගී සිටීමට අප විසින් සිදුකල යුතු පියවර පහක් ඇතුලත් ක්‍රමවේදය හඳුන්වා දීම.

යන කරුණු නිසාවෙනි.


ගෞරවනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  2. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  3. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  4. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  5. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  6. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

කාමච්ඡන්දය දුරු කිරීම – අසුභ නිමිත්ත සහ අසුභ භාවනාව.

කාමච්ඡන්දය දුරු කිරීම සඳහා බොහෝ කාලයක් භාවනාව පුරුදු පුහුණු කල යෝගාවචරයන් හට පවා වැරදෙන, පැටලෙන වටිනා කරුණු රැසක් මෙම පළමු දම්සර දහම් පඬුරෙන් අප ඉදිරිපත් කරනෙමු.  අප යෝගාවචරයන් බොහෝ දෙනා අසුභ භාවනාව ලෙස පිළිකුල් භාවනාව කිරීම එබඳු එක කාරණාවකි.
මෙම කෙටි දහම් ඛණ්ඩයන් ඉදිරිපත් කරන්නේ අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2013 දී අනුරුද්ධ සූත්‍රය මූලික කරගෙන සිදුකල දීර්ඝ දේශනා මාලාවකින් උපුටා ගත් ඉතා වටිනා ධර්ම දේශනාවකිනි.  

දම්සර දහම් පඬුරු අංක:01

අප සංසාරය තුල බැඳ තබාගැනීමට හේතුවෙන ප්‍රධානතම නීවරණයක් වන්නේ කාමච්ඡන්දයයි.
කාමච්ඡන්දය ඇතිවීමේ ප්‍රධාන සාධකය ලෙස බුදුරජාණන් වහන්සේ සුභ නිමිත්ත සහ එම සුභ නිමිත්ත අයෝනිසෝමනසිකාරයෙන් යලි යලිත් කල්පනා කිරීම දක්වා ඇති සේක.  එම කාමච්ඡන්දය දුරු කිරීමට දක්වා ඇති ක්‍රමවේද අතරින් පළමු ක්‍රමය ලෙස දක්වා ඇත්තේ අසුභ නිමිත්ත යෝනිසෝමනසිකාරයෙන් යලි යලිත් මතුකර ගැනීමයි.

ඉහත දැක්වෙන කෙටි දහම් ඛණ්ඩයන් ලබා ගත්තේ පහත සඳහන් වටිනා ධර්ම දේශනාවෙනි.
අනුරුද්ධ සූත්‍රය – කාමච්ඡන්දය දුරු කිරීම – අසුභ නිමිත්ත සහ අසුභ භාවනාව.

අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2013 දී අනුරුද්ධ සූත්‍රය මූලික කරගෙන සිදුකල එම දීර්ඝ දේශනා මාලාවට පිවිසීමට මෙම වෙබ් යොමුව භාවිතා කරන්න: Anuruddha Sutta – අනුරුද්ධ සූත්‍රය 2013.