එදිනෙදා ජීවිතයේ මමත්වය අඩු කරගත හැකි ආකාරය. (09-10-2022)

එදිනෙදා ජීවිතයේ මමත්වය අඩු කරගත හැකි ආකාරය පිළිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදුකල මෙම වටිනා ධර්ම දේශනාව පහත සඳහන් කරුණු නිසා ගිහි පැවිදි සෑම දෙනාටම ඉතාම වැදගත් වේ;

  1. අප සංකල්පීය වශයෙන් ගොඩනගා ගන්නා මමත්වය දැඩිව උපාදාන කර ගැනීම නිසාම අප ‘මම’ මෙහෙම කෙනෙක් යැයි අර්ථ නිරූපණය කර ගනිමින් ඒ තුලින් ගැටීම්, චිත්ත වේදනා සහ ඇලීම් ඇති කරගන්නා ආකාරය එදිනෙදා ජීවිතයේ ප්‍රායෝගික උදාහරණ තුලින් පෙන්වා දීම. 
  2. ම ‘මම’ නිසා මිනිසුන් එදිනෙදා ජීවිතයේදී ඇති කරගන්නා ‘මම සිතන විධියටම දේවල් සිද්ධ වෙන්නට ඕනෑ’ සහ ‘මම මෙහෙම කෙනෙක්’ යන දැඩිව අල්වා ගන්නා හේතුව නිසා විවාහ සහකරුවන් තුල, සමාජය තුල, ආයතන තුල, වෛද්‍යවරුන් තුල, ප්‍රධානින් තුල, ගුරුවරුන් තුල, භික්ෂුන් වහන්සේලා තුල, භාවනා යෝගීන් තුල, දෙමාපියන් තුල, යනාදී බොහෝ දෙනා තුල ඇති වන මමත්වයේ ප්‍රබල තාවය මත සිදුවිය හැකි, මේ ජීවිතයේ සහ සංසාරයට බල පැවැත්විය හැකි, ඒ අයට නොතේරෙන දුබල කම් රැසක් හඳුනා ගන්නා ආකාරය පැහැදිලි කිරීම. එමෙන්ම ඒ නිසා විවාහ බිඳ වැටීම්, පුද්ගල සහ සමාජ සංවර්ධනයේ දුබලතා ඇතිවීම් සහ ආධ්‍යාත්මික ප්‍රවර්ධනයේ දුබලතා ඇති වෙන ආකාරය පැහැදිලි කිරීම.
  3. එවැනි මමත්වය අඩු කරගත හැකි ආකාරයන් පෙන්වා දීම.

මෙම ධර්ම දේශනාවට පාදක වූයේ ධම්ම පදයේ බාල වග්ගයේ සඳහන් ගාථා රත්නයකි.  එම ගාථාව සහ නිධාන කථාව මෙතැනින් කියවන්න.


ගෞරවනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  2. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  3. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  4. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  5. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  6. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

කාමච්ඡන්දය දුරු කිරීම – අසුභ නිමිත්ත සහ අසුභ භාවනාව.

කාමච්ඡන්දය දුරු කිරීම සඳහා බොහෝ කාලයක් භාවනාව පුරුදු පුහුණු කල යෝගාවචරයන් හට පවා වැරදෙන, පැටලෙන වටිනා කරුණු රැසක් මෙම පළමු දම්සර දහම් පඬුරෙන් අප ඉදිරිපත් කරනෙමු.  අප යෝගාවචරයන් බොහෝ දෙනා අසුභ භාවනාව ලෙස පිළිකුල් භාවනාව කිරීම එබඳු එක කාරණාවකි.
මෙම කෙටි දහම් ඛණ්ඩයන් ඉදිරිපත් කරන්නේ අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2013 දී අනුරුද්ධ සූත්‍රය මූලික කරගෙන සිදුකල දීර්ඝ දේශනා මාලාවකින් උපුටා ගත් ඉතා වටිනා ධර්ම දේශනාවකිනි.  

දම්සර දහම් පඬුරු අංක:01

අප සංසාරය තුල බැඳ තබාගැනීමට හේතුවෙන ප්‍රධානතම නීවරණයක් වන්නේ කාමච්ඡන්දයයි.
කාමච්ඡන්දය ඇතිවීමේ ප්‍රධාන සාධකය ලෙස බුදුරජාණන් වහන්සේ සුභ නිමිත්ත සහ එම සුභ නිමිත්ත අයෝනිසෝමනසිකාරයෙන් යලි යලිත් කල්පනා කිරීම දක්වා ඇති සේක.  එම කාමච්ඡන්දය දුරු කිරීමට දක්වා ඇති ක්‍රමවේද අතරින් පළමු ක්‍රමය ලෙස දක්වා ඇත්තේ අසුභ නිමිත්ත යෝනිසෝමනසිකාරයෙන් යලි යලිත් මතුකර ගැනීමයි.

ඉහත දැක්වෙන කෙටි දහම් ඛණ්ඩයන් ලබා ගත්තේ පහත සඳහන් වටිනා ධර්ම දේශනාවෙනි.
අනුරුද්ධ සූත්‍රය – කාමච්ඡන්දය දුරු කිරීම – අසුභ නිමිත්ත සහ අසුභ භාවනාව.

අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2013 දී අනුරුද්ධ සූත්‍රය මූලික කරගෙන සිදුකල එම දීර්ඝ දේශනා මාලාවට පිවිසීමට මෙම වෙබ් යොමුව භාවිතා කරන්න: Anuruddha Sutta – අනුරුද්ධ සූත්‍රය 2013.

Saturday Dhamma Discussion – 21 (29-05-2021)

මෙවර ධර්ම සකච්චාව සතර සතිපටිඨානයේ චිත්තානුපස්සනා භාවනාව පදනම් කරගෙන සිදුකරනු ලැබුණි. මෙහි අංක 01 පැනය සහ පිළිතුර භාවනානු යෝගීන් හට විශේෂයෙන්ම වැදගත්වනුයේ එහි ගරු ස්වාමින්වහන්සේ ගල් ලෙනේ භාවනානුයෝගී සිටි කාලයේ සිදුවුණු ඇතැම් සිද්ධීන් අප සමග බෙදාගැනීම නිසාවෙනි. 

Saturday Dhamma Discussion – 21 (සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චාවඅංක: 21)

Saturday Dhamma Discussion – 21 was conducted on 29 May 2021 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Dhamma Discussion – 21 was audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers in order to facilitate better listening. Ven. Anuradhapura Anuruddha Thero also joined to facilitate the discussion.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ විසිඑක් වන ධර්ම සාකච්චාව වර්ෂ 2021 මැයි මස 29 දින සිදුකරන ලදී. පුජ්‍යපාද අනුරාධපුරයේ අනුරුද්ධ ස්වාමින්වහන්සේද එම Zoom සාකච්චාව මෙහෙයවීමට වැඩසටහන දායක වූ සේක.

මෙවර ධර්ම සකච්චාව සතර සතිපටිඨානයේ චිත්තානුපස්සනා භාවනාව පදනම් කරගෙන සිදුකරනු ලැබුණි. එම සාකච්චාවට මුල් වූ ධර්ම දේශනාව පහත ඇති යොමුවෙන් ලබාගන්න.


“චිත්තානුපස්සනා භාවනාව” සජීවී ධර්ම සාකච්චාවේ ශබ්ද සංස්කරණය කල ප්‍රශ්න හා පිළිතුරු පහතින් දැක්වේ.

  1. චිත්තානුපස්සනා භාවනාව හඳුනා ගන්නා ආකාරය සහ එය වඩන ආකාරය පැහැදිලි කරන්න.
  2. යොමුකිරීමක් සහිත සත්‍යක්‍රියාව.
  3. අනාපානසතිය වැඩීමේදී හුස්ම රැල්ල දෙස අවධානය යෙදිය යුත්තේ කෙසේද සහ සිත විසිරීමෙදී කෙසේ පිළිපැදිය යුතුද?
  4. පොතක් කියවීම වැනි කාර්යක් චිත්තානුපස්සනාවට යොදාගත හැකිද?
  5. භාවනා කිරීමට ඇති විද්‍යුත් App සම්බන්ධයෙන් උපදේශයක්.
  6. සතර ඉද්දිපාද සහ චිත්තානුපස්සනාව අතර සම්බන්ධයක් තිබේද?
  7. භාවනාව ආරම්භ කරන විට හිස රිදීම ඇතිවන්නේ ඇයි?
  8. මෝහ සිත හඳුනා ගන්නේ කෙසේද?
  9. හේතු ඵල වශයෙන් රාග සහ ද්වේශ සිත් හඳුනා ගැනීමට ටික කාලයක් ප්‍රගුණ කිරීමට සිදුවෙන වාද?
  10. මෝහය හඳුනා ගැනීමේදී අප දකින්නේ බුද්ධාදී අට තැන් පිලිබඳ සැකය ද නැතිනම් එයට වෙනත් දෙයක්ද?
  11. දහමට අනුව සිත තියෙන්නේ ශරීරයේ කොහෙද?
  12. සබ්බාසව සූත්‍රයේ සති සම‍්පජඤ‍්ඤ දක්වා ඇතත් භාවනාව ලෙස සම්බොජ්ඣංග ධර්ම වැඩීම පමණක් පෙන්වා ඇත්තේ ඇයි?
  13. භාවනාවේ යෙදී සිටින විට කෙනෙක් ගැන අපට දැනෙන ද්වේෂය භාවනාවෙන් පිටතදී නොපෙනෙන්නේ මන්ද?
  14. සිත හා විඥානය දෙකක්ද?
  15. පිරිත් කීම සහ සත්‍යක්‍රියාව රෝග සුව කිරීමට යොදාගන්නේ කෙසේද?
  16. අවසානය.