අභිධර්මයේ මූලික කරුණු අංක: 56 (ප්‍ර‍ත්‍ය විභාගය 05) 12-09-2026

අභිධර්මයේ මූලික කරුණු අංක: 56 (ප්‍ර‍ත්‍ය විභාගය 05) 12-09-2026

අභිධර්මයේ මූලික කරුණු අංක: 56 (ප්‍ර‍ත්‍ය විභාගය 05) 12-09-2026

අභිධර්මයේ මූලික කරුණු අංක: 56 (ප්‍ර‍ත්‍ය විභාගය 05) Saturday Dhamma Discussion  was conducted via Zoom on 12th September 2026 by Most Ven. Kukulpane Sudassi Thero.

This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ දෙසිය විසි තුන්වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2026 සැප්තැම්බර් මස 12 වන දින සිදුකරන ලදී.

මෙම දේශනා අති පූජනීය රේරුකානේ චන්දවිමල මහ තෙරුන් වහන්සේ විසින් රචිත “අභිධර්මයේ මූලික කරුණු” යන වටිනා ග්‍රන්ථය ඇසුරෙන් සිදු කෙරේ.

“අභිධර්මයේ මූලික කරුණු” ග්‍රන්ථයට මෙතැනින් පිවිසෙන්න: අභිධර්මයේ මූලික කරුණු.  එම වටිනා ග්‍රන්ථයේ මෙවර සාකච්ඡා කෙරුණු කොටසට මෙතනින් පිවිසෙන්න: සහජාත ප්‍ර‍ත්‍යය.

මෙවර ධර්ම දේශනාව තුලින්


  1. ධර්ම දේශනාව: සහජාත ප්‍ර‍ත්‍යය සහ අන්‍යොන්‍ය ප්‍ර‍ත්‍යය පිළිබඳව පැහැදිලි කරන්න. ****
  2. අපට සුවදායක තත්වයන් වලදී ඒ දැනෙන සුවදායක බවේ සිරවී ප්‍රපංච ඇතිවීම වලක්වා ගැනීමට සතිය සහ සම්පජඤ්ඤය ක්‍රියාත්මක වන ආකාරය අද පැහැදිලි කල කරුණු අනුව පහදා දෙන්න. **** 
  3. සහජාත ප්‍ර‍ත්‍යය සහ අන්‍යොන්‍ය ප්‍ර‍ත්‍යය අතර වෙනස ඇත්තේ මේ ආකාරයෙන් ද ? ***
  4. සහජාත ප්‍ර‍ත්‍යයේදී පවතින්න පුළුවන් එක සිතක් නිසා “මනෝ පුබ්බං ගමා ධම්මා” යන ගාථාවේ දැක්වෙන කරුණු සමග එය මෙලෙස පැහැදිලි වෙනවා ද ? ***
  5. සත්වයෙක් පන්චවෝකාර භවයක උපදින විට නාමස්ඛන්දය සහ රුපස්ඛන්ධය එකවිට පහල වන්නේ සහජාත ප්‍ර‍ත්‍යයෙන් උපකාර අවශ්‍ය නිසා නොවේ ද ? ***
  6. පසුගිය දේශනාවේ දී අධිපති ප්‍රත්‍ය ගැන දේශනා කෙරිනි. කෙනෙක් ධර්ම, ධාර්මික ජිවිතේ වඩන විට, ශ්‍රද්ධාව, විරිය, සති, සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය ධර්මයන්, බල ධර්මය බවට පත්වීම, බෝජ්ජාංග ධර්ම බවට පත්වීම අතර ඇති සම්බන්දය පැහැදිලි කරන්න හැකි ද ? ***
  7. පට්ඨානය ඉගෙනීමේදී මේ සියළු ප්‍රත්‍ය කටපාඩම් කරගත යුතු ද ? නැත්නම් අවබෝධ කරගෙන භාවනා කරමින් සත්ව පුද්ගල භාවයක් නැති බව හොඳින් අවබෝධ කරගැනීම ප්‍රමාණවත් ද ? **** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  8. ජීවිතේන්ද්‍රිය රූපය කියන දේ අපේ සමස්තය වගේ දෙයක් ද ? *** (වටිනා පැනයක් සහ වටිනා පැහැදිලි කිරීමකි.)
  9. දැන් රැකියාවක් කරන නිසා ගෙදර පැමිණ ගෙදර අයට පැවසීමට ගොඩක් දේවල් නිමිති ඇත. නිමිති ගැනීම සැබවින්ම නතර කර හැක්කේ කෙසේද ? සියලුම දේවල් කතා කළ පසු සිතට නැගෙනවා මේ හිස් කතාවක් නේද කතා කළේ කියා ? *** (වටිනා පැහැදිලි කිරීමකි.)

සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම  ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.