Announcements contain the latest Dhamma updates from Damsara. Click on the links to reach the respective web pages at Damsara.
බහුධාතුක සූත්‍රය. (ඉරුදින ධර්ම දේශනා) Uploaded on 18 November 2024
දස පාරමිතා අංක: 28 (ක්ෂාන්ති පාරමිතාව 03) 16-11-2024 Uploaded on 17 November 2024: මෙවර ධර්ම දේශනාව තුලින් ක්ෂාන්ති පාරමිතාව ගුණ දහම් වැඩීමේ මූලධර්මයක් වශයෙන් යෙදෙන ආකාරය පැහැදිලි කරන ලදී. එමෙන්ම ක්ෂාන්තිය පුහුණු කිරීමේදී එය ආත්ම මූලිකව, සමාජ මූලිකව සහ ආධ්‍යාත්මික මූලිකව දියුණු කරන ආකාරය ඉතා වටිනා ආකාරයෙන් පැහැදිලි කෙරිණි.
අද දින දේශනාවෙන් ක්ෂාන්ති පාරමිතාව අවසන් කෙරිණි.
එමෙන්ම මෙදින ධර්ම සාකච්ඡාවේදී ඉතා වටිනා ප්‍රායෝගික ප්‍රශ්න සහ පැහැදිලි කිරීම් රැසක් මතු කෙරිණි.
Latest Updates to පුරාභෙද සූත්‍රය (ඉරු දින ධර්ම දේශනා ) Uploaded on 12 November 2024
Latest updates to Purabheda Sutta (Sutta Teachings in English) Uploaded on 06 November 2024
Latest Updates to පුරාභෙද සූත්‍රය (ඉරුදින ධර්ම දේශනා) Uploaded on 04 November 2024
දස පාරමිතා අංක: 27 (ක්ෂාන්ති පාරමිතාව 02) 02-11-2024 Uploaded on 03 November 2024: මෙවර ධර්ම දේශනාව තුලින් ක්ෂාන්ති පාරමිතාව පිළිබඳව තවත් ගැඹුරට පැහැදිලි කරන ලදී. ක්ෂාන්ති පාරමිතාව ලෙස වංචක ධර්ම ක්‍රියාත්මක වෙන ආකාරය ඉතා ප්‍රයෝජනවත් අකාරයෙන් පැහැදිලි කෙරිණි. එසේම මෙහිදී ක්ෂාන්ති පාරමිතාවේ ප්රත්යවේක්ෂා ක්‍රමය පැහැදිලි කෙරිණි. එමෙන්ම ක්ෂාන්තිය දියුණු කිරීම තුලින් අනෙකුත් වටිනා ගුණයන් වැඩෙන ආකාරයද පැහැදිලි කෙරිණි.
අපගේ මානසික ප්‍රතිශක්තිය වඩාගන්නා ආකාරය ද මෙම වටිනා දේශනාව තුලින් පැහැදිලි කෙරේ.
එමෙන්ම මෙදින ධර්ම සාකච්ඡාවේදී ඉතා වටිනා ප්‍රායෝගික ප්‍රශ්න සහ පැහැදිලි කිරීම් රැසක් මතු කෙරිණි.
Latest updates to Purabheda Sutta (Sutta Teachings in English) Uploaded on 31 October 2024.
Latest Updates to පුරාභෙද සූත්‍රය (ඉරු දින ධර්ම දේශනා) Uploaded on 27 October 2024
Latest Updates to Purabheda Sutta (Sutta Teachings in English) – Uploaded on 23 October 2024
An update to පුරාභෙද සූත්‍රය (13-10-2024) Uploaded on 21 October 2024
දස පාරමිතා අංක 26 (ක්ෂාන්ති පාරමිතාව 01) 19-10-2024 Uploaded on 20 October 2024: මෙවර ධර්ම දේශනාව තුලින් ක්ෂාන්ති පාරමිතාව කුමක්දැයි මහා බෝසත්වරු වඩන ක්ෂාන්තිය තුලින් පැහැදිලි කරන ලදී. මෙහිදී ක්ෂාන්ති පාරමිතාව පිළිබඳව වර්තමාන සමාජය වැරදි ආකාරයෙන් වටහා ගෙන ඇති කරුණු පැහැදිලි කරන ලදී. එමෙන්ම සමාජයේ බහුල ලෙස දැකීමට ලැබෙන ඉවසීම, ක්ෂාන්ති පාරමිතාව නොවන්නේ කුමන හේතු නිසාවෙන් දැයි පැහැදිලි කරන ලදී. කයට හෝ සිතට පීඩා පැමිණෙන විට අපගේ සිත විපරීත නොවී පවත්වා ගැනීම මෙහි දී අවධාරණය කෙරිණි. විශේෂයෙන්ම අන් සියළු ගුණ වර්ධනය කර ගැනීමට ක්ෂාන්ති පාරමිතාව හේතුවන බව මෙහි දී පැහැදිලි කෙරිණි.
එමෙන්ම මෙදින ධර්ම සාකච්ඡාවේදී ඉතා වටිනා ප්‍රායෝගික ප්‍රශ්න සහ පැහැදිලි කිරීම් රැසක් මතු කෙරිණි.
මරණානුස්සතිය සහ මරණ සතිය (17-10-2024) Uploaded on 19 October 2024: මරණානුස්සතිය සහ මරණ සතිය පිළිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් දේශනා කරන ලද මෙම ධර්ම දේශනාව ඉතා ප්‍රයෝගිකව වටිනා කමකින් යුතු දේශනාවකි. ත්‍රිපිටකයේ සූත්‍ර දෙකක් ඇසුරු කොට ගනිමින් වර්ථමානයේ මරණානුස්සතිය පිළිබඳව පවතින වැරදි මතයක් නිවැරදි කරමින් ආරම්භ වෙන මෙම ධර්ම දේශනාවේ දී මරණ සතිය දියුණු කල යුත්තේ කිනම් ආකාරයකින් දැයි මැනවින් පැහැදිලි කෙරේ.
Latest Updates to Purabheda Sutta (Sutta Teachings in English) Uploaded on 16 October 2024.
පුරාභෙද සූත්‍රය – ඉරු දින ධර්ම දේශනා. Uploaded on 14 October 2024: මීතිරිගල නිස්සරණ වණසේනාසන වාසී පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ පුරාභෙද සූත්‍රය ඉරිදා සූත්‍ර දේශනා මාලාවේ නව දේශනාව ලෙස වර්ෂ 2024 ඔක්තෝබර් මස 13 වන දින ආරම්භ කල සේක.
Purabheda Sutta (09-10-2024) Uploaded on 09 October 2024: Purabheda Sutta was selected by Ven. Panadure Chandaratana Thero of Mitirigala Nissarana Vanaya Forest Monastery as the next Sutta for Sutta Teachings in English on 09th October 2024.
දස පාරමිතා අංක: 25 (වීර්ය පාරමිතාව 03) 05-10-2024 Uploaded on 06 October 2024: මෙවර ධර්ම දේශනාව තුලින් චිත්ත චෛතසිකයන්ගේ මැලිබව ඇතිවීමේ හේතු පැහැදිලි කරන ලදී. මෙහිදී අයෝනිසෝමනසිකාරය, අලස බව, ඇඟ පණ නැති බව, බත් මතය, සිත හැකිළෙන බව යනාදී කරුණු භාවනා යෝගීන් හට ඉතා ප්‍රයෝජනවත් ආකාරයෙන් පැහැදිලි කරන ලදී. එමෙන්ම චිත්ත චෛතසිකයන්ගේ මැලිබව නැති වී වීර්ය අවධි වීමේ හේතු පැහැදිලි කරන ලදී.
එමෙන්ම මෙදින ධර්ම සාකච්ඡාවේදී ඉතා වටිනා ප්‍රායෝගික ප්‍රශ්න සහ පැහැදිලි කිරීම් රැසක් මතු කෙරිණි.
සසර ගනුදෙනු අවම කර ගැනීම. (02-10-2024) Uploaded on 03 October 2024: සසර ගනුදෙනු අවම කර ගැනීම සහ නිවන් මගට පිවිසීමේ ප්‍රතිපදාව පිලිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් සිදු කල මෙම ධර්ම දේශනාව ඉතා වටිනා, ප්‍රායෝගික සහ දහම් කරුණු වලින් සම්පුර්ණ වූ විශිෂ්ඨ ධර්ම දේශනාවක් වේ.
එමෙන්ම වර්ථමානයේ ඇතැම් ස්වාමීන්වහන්සේලා විසින් කුසල් කිරීම පිළිබඳව සමාජ ගත කෙරෙන වැරදි අදහසක් මෙම ධර්ම දේශනාව තුලින් නිවැරදි කෙරේ.
හත්ථිසාරිපුත්ත සූත්‍රය. (29-09-2024) Uploaded on 30 September 2024:
මෙම ධර්ම දේශනාවේ දී මහාකොට්ඨිත මහ රහතන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම මාර්ගයෙන් පිරිහීම පිලිබඳ කරුණු 6ක් ඉතා පැහැදිලිව පුජනීය පානදුරේ චන්දරත ස්වාමින්වහන්සේ පැහැදිලි කල සේක. දහම් මග දියුණු වන කෙනෙකු විනයෙන් පිරිහීම, ලැබූ ධ්‍යාන වලින් පිරිහීම සහ අනිමිත්ත සමාධියෙන් පිරිහීම සිදුවෙන ආකාරයන් මෙහිදී විස්තර කෙරේ. මෙම දේශනාව ගැඹුරින් භාවනා මග දියුණු කරන පැවිදි සහ ගිහි යෝගාවචරයන්ට ප්‍රයෝජනවත් වේ.
දස පාරමිතා අංක: 24 (වීර්ය පාරමිතාව 02) 28-09-2024. Uploaded on 29 September 2024: මෙවර ධර්ම දේශනාව තුලින් වීර්ය පාරමිතාවට උපකාරක ධර්ම සහ බාධක ධර්ම පැහැදිලි කරන ලදී. එමෙන්ම තම තමාගේ දැක්ම අනුව වෙනස් වෙන ආරම්භක වස්තු අට සහ කුසීත වස්තු අට පිළිබඳව ද පැහැදිලි කරන ලදී. මෙම දේශනාවේ සුවිශේෂී බවක් වන්නේ ලෝභ, දෝස සහ මෝහ වලට හසු නොවී හැම විටම අලෝභ, අමෝහ සහ අදෝසයෙන් යුතුව පැවතීමට අවශ්‍ය වීර්ය, පාරමිතාවක් ආකාරයෙන් වර්ධනය කිරීම පැහැදිලි කිරීම හේතුවෙනි. එමෙන්ම මෙදින ධර්ම සාකච්ඡාවේ වටිනා ප්‍රායෝගික ප්‍රශ්න සහ පැහැදිලි කිරීම් රැසක් මතු කෙරිණි.
HatthiSariputta Sutta (25-09-2024) Uploaded on 25 September 2024: HatthiSariputta Sutta was selected by Ven. Panadure Chandaratana Thero of Mitirigala Nissarana Vanaya Forest Monastery as the next Sutta for Sutta Teachings in English on 25th September 2024.
Final Update to මොග්ගල්ලාන සංයුක්තය (01-09-2024). Uploaded on 23 September 2024:
මෙම සිව්වන ධර්ම දේශනාවේ දී ගෞරවනීය ස්වාමින්වහන්සේ අනිමිත්ත සමාධිය පිළිබඳව තව දුරටත් පැහැදිලි කල සේක. මොග්ගල්ලාන සංයුක්තය ඇසුරින් සිදුකල දේශනා මාලාව මෙතකින් අවසන් වේ.
An Update to මොග්ගල්ලාන සංයුක්තය (01-09-2024). Uploaded on 18 September 2024:
මෙම තෙවන ධර්ම දේශනාවේ දී ගෞරවනීය ස්වාමින්වහන්සේ අනිමිත්ත සමාධිය පිළිබඳව වටිනා පැහැදිලි කිරීමක් සිදුකල සේක.
Latest updates to Moggallana Samyutta (Sutta Teachings in English) Uploaded on 18 September
Latest updates to Moggallana Samyutta (Sutta Teachings in English) Uploaded on 11 September
An Update to මොග්ගල්ලාන සංයුක්තය (01-09-2024). Uploaded on 09 September 2024:
මෙම දෙවන ධර්ම දේශනාවේදී ගෞරවනීය ස්වාමින්වහන්සේ අරූපාවචර ධ්‍යාන හතර පිලිබඳ පැහැදිලි කිරීමක් සිදුකල සේක. එමෙන්ම මෙම දේශනාවේ අනිමිත්ත සමාධිය පිළිබඳව වටිනා පැහැදිලි කිරීමක් ඇතුලත් වේ.
දස පාරමිතා අංක: 23 (වීර්ය පාරමිතාව) 07-09-2024 Uploaded on 08 September 2024: මෙවර ධර්ම දේශනාව තුලින් වීර්ය පාරමිතාව යනු කුමක්දැයි පැහැදිලි කිරීම ආරම්භ කරන ලදී. වීර්ය පාරමිතාවේ අවශ්‍යතාවය සහ එය දියුණු කලයුතු ආකාරය පැහැදිලි කෙරෙන මෙම දේශනාව දහම් මග ප්‍රගුණ කරන්නන් හට ඉතා වටිනා ධර්ම දේශනාවකි.
මෙම දේශනාවේ සුවිශේෂී බව වන්නේ වීර්ය පාරමිතාවක් ආකාරයෙන් වර්ධනය කිරීම නිවන් මග වැඩීමේ දී අනිවාර්ය අංගයක් වන ආකාරය පැහැදිලි කිරීම හේතුවෙනි.
එමෙන්ම මෙදින ධර්ම සාකච්ඡාවේ වටිනා ප්‍රායෝගික ප්‍රශ්න සහ පැහැදිලි කිරීම් රැසක් මතු කෙරිණි.
Latest updates to Moggallana Samyutta (28-08-2024) Uploaded on 05 September 2024: In this second Dhamma Talk Ven. Panadure Chandaratana Thero explains about the four Arupa Jhana and Animitta Samadhi.
මොග්ගල්ලාන සංයුක්තය. (01-09-2024) Uploaded on 03 September 2024: මීතිරිගල නිස්සරණ වණසේනාසන වාසී පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ මොග්ගල්ලාන සංයුක්තය ඉරිදා සූත්‍ර දේශනා මාලාවේ නව දේශනා ලෙස වර්ෂ 2024 සැප්තැම්බර් මස 01 වන දින ආරම්භ කල සේක. මෙම ආරම්භක ධර්ම දේශනාවේදී ගෞරවනීය ස්වාමින්වහන්සේ රූපාවචර ධ්‍යාන හතර පිලිබඳ වටිනා පැහැදිලි කිරීමක් සිදුකල සේක.
දස පාරමිතා අංක: 22 (ප්‍රඥා පාරමිතාව 07) 31-08-2024 Uploaded on 01 September 2024: මෙවර ධර්ම දේශනාව තුලින් ප්‍රඥා පාරමිතාව දියුණු කර ගැනීමට බාධක වන කරුණු පැහැදිලි කරන ලදී. මෙය දහම් මග ප්‍රගුණ කරන්නන් සහ භාවනා යෝගීන් හට කිහිප වතාවක් සවන් දීමට සුදුසු ඉතා වටිනා ධර්ම දේශනාවකි.
එමෙන්ම මෙදින සිදුකල වටිනා දේශනාවෙන් ප්‍රඥා පාරමිතාව පැහැදිලි කර අවසාන කෙරිණි.
මෙදින ධර්ම සාකච්ඡාවේ ඉතා වටිනා ප්‍රායෝගික ප්‍රශ්න සහ පැහැදිලි කිරීම් රැසක් මතු කෙරිණි.
Moggallana Samyutta (28-08-2024) Uploaded on 28 August 2024: Moggallana Samyutta was selected by Ven. Panadure Chandaratana Thero of Mitirigala Nissarana Vanaya Forest Monastery as the next Sutta for Sutta Teachings in English on 28th August 2024.
නළකලාප සූත්‍රය. (ඉරු දින ධර්ම දේශනා) Uploaded on 26 August 2024: මීතිරිගල නිස්සරණ වණසේනාසන වාසී පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ නළකලාප සූත්‍රය ඉරිදා සූත්‍ර දේශනා මාලාවේ නව සූත්‍රය ලෙස වර්ෂ 2024 අගෝස්තු මස 25 වන දින ආරම්භ කල සේක.
දස පාරමිතා අංක: 21 (ප්‍රඥා පාරමිතාව 06):24-08-2024 Uploaded on 25 August 2024: මෙවර ධර්ම දේශනාව තුලින් ප්‍රඥාව ඇතිවීමේ සාධක විස්සේ ඉතිරි කරුණු පැහැදිලි කර අවසාන කරන ලදී.
මෙදින ධර්ම සාකච්ඡාවේ ඉතා වටිනා ප්‍රායෝගික ප්‍රශ්න සහ පැහැදිලි කිරීම් රැසක් මතු කෙරිණි.
Nalakalapi Sutta (Sutta Teachings in English) Uploaded on 21 August 2024: Nalakalapi Sutta was selected by Ven. Panadure Chandaratana Thero of Mitirigala Nissarana Vanaya Forest Monastery as the next Sutta for Sutta Teachings in English on 21st August 2024.
විජ්ජාචරණ – මග නොමග දැන චරණයට Ep: 13 Uploaded on 21 August 2024: අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් කඩුගන්නාවේ පාරමිතා භාවනා මධ්‍යස්ථානයේ දී සිදුකල 13 වන විජ්ජාචරණ භාවනා පැන විසඳුම් වැඩසටහන චිත්තානුපස්සනාව මුලික කර ගනිමින් සිදු කෙරිණි. මෙම වැඩසටහන සතිය පිලිබඳ පැනයකට දුන් ඉතා විරල, වටිනා පැහැදිලි කිරීමකින් ආරම්භ විය.
වත්ථ සූත්‍රය (18-08-2024) Uploaded on 19 August 2024: මීතිරිගල නිස්සරණ වණසේනාසන වාසී පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් වත්ථ සූත්‍රය ඉරිදා සූත්‍ර දේශනා මාලාවේ නව සූත්‍රය ලෙස වර්ෂ 2024 අගෝස්තු මස 18 වන දින ආරම්භ කරන ලදී.
යොමුකිරීමක් සහිත භාවනා Uploaded on 18 August 2024:
ආරම්භක භාවනා යෝගීන්ගේ පහසුව පිණිස මෙම යොමුකිරීමක් සහිත භාවනා ඉදිරිපත් කරනු ලැබේ. මෙම භාවනා මීතිරිගල නිස්සරණ වන සේනාසන වාසී පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින් වහන්සේ විසින් ස්වාධීන රූපවාහිනිය තුලින් විකාශනය වූ විපස්සනා පරිකථා වැඩසටහන් මාලාවේ ආරම්භයේ දී සිදුකෙරෙන කෙටි භාවනා යොමු කිරීම් ශබ්ද සංස්කරණය තුලින් වැඩි දියුණු කර, භාවනා වෙලාව වැඩිකර ඉදිරිපත් කරන ලදී.
Sacchikaraniya Sutta – Sutta Teachings in English. Uploaded on 14 August 2024: Sacchikaraniya Sutta was selected by Ven. Panadure Chandaratana Thero of Mitirigala Nissarana Vanaya Forest Monastery as the next Sutta for Sutta Teachings in English on 14th August 2024.
මහාහත්ථිපදෝපම සූත්‍රයේ අවසාන ධර්ම දේශනාව/සාකච්චාව – (11-08-2024) Uploaded on 13 August 2024:
මීතිරිගල නිස්සරණ වණසේනාසන වාසී පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් සිදු කරන මහාහත්ථිපදෝපම සූත්‍රයේ අගෝස්තු 11 වෙනි දින අවසාන ධර්ම දේශනාවේ දී පටිච්ච සමුප්පාද ධර්මයට අනුව සිත දියුණු කරන ආකාරය පැහැදිලි කරන ලදී. එමෙන්ම මෙදින සිදුකල ධර්ම සාකච්ඡාවේ දී ඇතැම් වටිනා පැනයන් සහ පැහැදිලි කිරීම් ඇතුලත් වේ.
දස පාරමිතා අංක: 20 (ප්‍රඥා පාරමිතාව 05):10-08-2024 Uploaded on 11 August 2024: මෙවර ධර්ම දේශනාව තුලින් ප්‍රඥාවේ තවත් ලක්ෂණ පැහැදිලි කරන ලදී. මෙහිදී ප්‍රඥාව ඇතිවීමේ සාධක විස්ස පැහැදිලි කිරීම මෙදින ආරම්භ කරන ලදී.
මෙදින ධර්ම සාකච්ඡාවේ වටිනා ප්‍රායෝගික ප්‍රශ්න සහ පැහැදිලි කිරීම් රැසක් මතු කෙරිණි.
Vattha Sutta (Sutta Teachings in English) Updated on 08 August 2024.
මහාහත්ථිපදෝපම සූත්‍රය – ඉරු දින ධර්ම දේශනා Uploaded on 29 July 2024:
මීතිරිගල නිස්සරණ වණසේනාසන වාසී පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් සිදු කරන මහාහත්ථිපදෝපම සූත්‍රයේ ජූලි 28 වෙනි දින ධර්ම දේශනාවේ දී තේජෝ සහ වායෝ ධාතු මනසිකාරයන් තුලින් ඇති කරගත හැකි අධ්‍යාත්මික දියුණුව පැහැදිලි කරන ලදී. මෙම දේශනාව කායානුපස්සනාව තුලින් විපස්සනාව ගැඹුරින් වඩන යෝගාවචරයන්ට මහෝපකාරී වේ.
එමෙන්ම මෙදින සිදුකල ධර්ම සාකච්ඡාවේ දී ඇතැම් වටිනා පැනයන් සහ පැහැදිලි කිරීම් ඇතුලත් වේ.
දස පාරමිතා අංක: 19 (ප්‍රඥා පාරමිතාව 04) 27-07-2024 Uploaded on 28 July 2024: මෙවර ධර්ම දේශනාව තුලින් නිවනේ අනන්‍ය ලක්ෂණ හඳුනා ගැනීම පැහැදිලි කිරීම අවසාන කරන ලදී. එහි දී සමුදය සහ මාර්ග සත්‍යයන්ගේ අනන්‍ය ලක්ෂණ පැහැදිලි කෙරිණි.
මෙදින ධර්ම සාකච්ඡාවේ වටිනා ප්‍රායෝගික ප්‍රශ්න සහ පැහැදිලි කිරීම් රැසක් මතු කෙරිණි.
විපස්සනා පරිකථා අංක: 04 – සිතුවිලි තුලින් මමත්වය ගොඩනැගෙන ආකාරය. (27-07-2024) Uploaded on 27 July 2024: මීතිරිගල නිස්සරණ වණවාසී පූජනීය පානදුරේ චන්දරතන ස්වාමීන්වහන්සේ විසින් සිදුකල විපස්සනා පරිකථා සිව්වන වැඩ සටහන ද ප්‍රායෝගික මෙහෙයවීමක් සහිත භාවනාවකින් ආරම්භ විය.
එමෙන්ම මෙවර ධර්ම දේශනාවේ දී සිතුවිලි තුලින් මමත්වය ගොඩනැගෙන ආකාරය පැහැදිලි කරන ලදී.
එමෙන්ම ධර්ම සාකච්ඡාවේ දීද ඉතා වටිනා පැහැදිලි කිරීම් මතු කෙරිණි.
An update to MahaHatthipadopama Sutta (Sutta Teachings in English) Uploaded on 24th July 2024.
මහාහත්ථිපදෝපම සූත්‍රය – ඉරු දින ධර්ම දේශනා. Uploaded on 21 July 2024: මීතිරිගල නිස්සරණ වණසේනාසන වාසී පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් සිදු කරන මහාහත්ථිපදෝපම සූත්‍රයේ ජූලි 21 වෙනි දින ධර්ම දෙශාවේ දී පඨවි සහ ආපෝ ධාතු මනසිකාරයන් තුලින් ඇති කරගත හැකි අධ්‍යාත්මික දියුණුව තව දුරටත් පැහැදිලි කරන ලදී.
මෙදින සිදුකල ධර්ම සාකච්චාවේ දී ඇතැම් වටිනා පැනයන් සහ පැහැදිලි කිරීම් ඇතුලත් වේ.
An update to MahaHatthipadopama Sutta (Sutta Teachings in English) Uploaded on 18 July 2024.
මහාහත්ථිපදෝපම සූත්‍රය. (14-07-2024) Uploaded on 15 July 2024:
මීතිරිගල නිස්සරණ වණසේනාසන වාසී පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් මහාහත්ථිපදෝපම සූත්‍රය ඉරිදා සූත්‍ර දේශනා මාලාවේ නව සූත්‍රය ලෙස වර්ෂ 2024 ජූලි මස 14 වන දින ආරම්භ කරන ලදී.
ශාරිපුත්‍ර මහරහතන් වහන්සේ විසින් ජේතවනාරාමයේ දී දේශනා කල මෙම වටිනා සූත්‍රයේදී හස්තියෙකුගේ පියසටහන් උපමාව භාවිතා කරමින් සියළුම කුසල ධර්මයෝ චතුරාර්ය සත්‍යයෙහි ඇතුලත් කල හැකි බව පැහැදිලි කෙරේ.
පුජනීය පානදුරේ චන්දරතන ස්වාමීන් වහන්සේ මෙහි පළමු ධර්ම දේශනාව තුලින් පඨවි ධාතු මනසිකාරය ත්රිලක්ෂණය දැකීම දක්වා දියුණු කරන ආකාරය පහදා දුන් සේක.
දස පාරමිතා අංක: 18 (ප්‍රඥා පාරමිතාව 03) 13-07-2024. Uploaded on 14 July 2024: මෙවර ධර්ම දේශනාව තුලින් නිවනේ අනන්‍ය ලක්ෂණ හඳුනා ගැනීම පැහැදිලි කිරීම ආරම්භ කරන ලදී.
එහි දී දුක්ඛ සහ සමුදය සත්‍යයන්ගේ අනන්‍ය ලක්ෂණ පැහැදිලි කෙරිණි.
මෙදින ධර්ම සාකච්ඡාවේ ඉතා වටිනා ප්‍රායෝගික ප්‍රශ්න සහ පැහැදිලි කිරීම් රැසක් මතු කෙරිණි.
Thank you very much for the information.I thought Rev Gnananda is no more.
please let me know why they removed NIVANE NIVEEMA DESANA from your web site? From where can I listen to these sermons from a foreign country?
Dear Christie,
They made this request based on a legal request originated from ‘Katukurunde Gnanananda Sadaham Senasun Bharaya’.
You can listen to the ongoing series at nissarana.lk
With Metta,
Aruna
How to listen to Suthra Deshana on 2018/01/14. I can’t find the way
Dayani,
All of the new uploads could be located at the ”Announcements” page. Currently the web page containing the recordings at Sri Gnanarama Meditation Center is at the top of the page. This position will change as new uploads are made. Here is the link to the ”Announcements” page. Here is the link to the web page of Sila Sutta at Sri Gnanarama Meditation Center.
With Metta,
Aruna
For the first time i went to Mithirigala Nissarana Forest Monastery on 4th Feb 2017. Well organized one day retreat and really loved the silent surrounding and the trees ans breeze that catch anybody’s heart, surely. Ideal place to meditate and the Kindhearted Ven. Theros and other gentlemen are really helpful at newcomers. Everyone should go there at least once in a lifetime. Hope to continue with one day program and other Retreats..
THERUWAN SARANAYI !!!