
අභිධර්මයේ මූලික කරුණු අංක: 45 (භාව රූප 02) 25-04-2026
අභිධර්මයේ මූලික කරුණු අංක: 45 (භාව රූප 02) Saturday Dhamma Discussion was conducted via Zoom on 25th April 2026 by Most Ven. Kukulpane Sudassi Thero.
This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.
“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ දෙසිය දොලොස් වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2026 අප්‍රේල් මස 25 වන දින සිදුකරන ලදී.
මෙම දේශනා අති පූජනීය රේරුකානේ චන්දවිමල මහ තෙරුන් වහන්සේ විසින් රචිත “අභිධර්මයේ මූලික කරුණු” යන වටිනා ග්‍රන්ථය ඇසුරෙන් සිදු කෙරේ.
“අභිධර්මයේ මූලික කරුණු” ග්‍රන්ථයට මෙතැනින් පිවිසෙන්න: අභිධර්මයේ මූලික කරුණු. එම වටිනා ග්‍රන්ථයේ මෙවර සාකච්ඡා කෙරුණු භාව රූප පිලිබඳ කොටසට මෙතනින් පිවිසෙන්න: භාවරූප දෙක
මෙවර ධර්ම දේශනාව තුලින් භාව රූප සහ ලිංග පරිවර්තනය පිළිබඳව පුළුල් පැහැදිලි කෙරීමක් සිදු කෙරිණි. මෙහිදී අපට වැදගත් කරුණු රැසක් හොඳින් පැහැදිලි කෙරිණි. එමෙන්ම මෙදින ධර්ම සාකච්ඡාවේ දී වටිනා පැන නැගුණු අතර ඒවා පිලිබඳව ඉතා වටිනා පැහැදිලි කිරීම් සිදු කෙරිණි.
- ධර්ම දේශනාව: භාව රූප සහ ලිංග පරිවර්තනය පිළිබඳව පැහැදිලි කරන්න. **** (භාව රූප සහ ලිංග පරිවර්තනය පිළිබඳව වටිනා දේශනාවකි.)
- ස්ත්‍රී භාවය බුද්ධත්වය සඳහා පෙරුම් පිරීමට නුසුදුසු වීමට මෙම කාරණයත් හේතු වෙනවා නොවේ ද? **** (වටිනා උදාහරණ ඇතුලත් පැනයක් සහ සම්මා සම්බුධත්වයට පෙරුම් පිරීමේ දී තිබිය යුතු පෞරුෂය පිලිබඳ ඉතා වටිනා පැහැදිලි කිරීම් ඇතුලත් පිළිතුරකි.)
- සම්මා සම්බුධත්වයට පත්වීමට දියුණු වෙන බෝධිසත්වයෙකු තුල ආත්මයෙන් ආත්මයට ඇතිවෙන සහ දියුණු කරන විශේෂ දැක්මක් සහ හැකියාවක්.**** (ඉතා වටිනා පැනයක් සහ පැහැදිලි කිරීමකි. මහා බෝධිසත්වයෙකු සතු මෙම ගුණය වර්ථමානයේ එතරම් ප්‍රචලිත නොවන කරුණකි. මෙහිදී සඳහන් කෙරුණු විශිෂ්ඨ ධර්ම දේශනාවට මෙතනින් පිවිසෙන්න: සදහම් පුහුණුව උරගා බැලීම.)
- සෝරෙයිය සිටුතුමා කල එම අකුසල ක්‍රියාව වැනි අකුසලයක් කාන්තාවක් විසින් සිදු කළහොත් ඇය පුරුෂ තත්වයට පත් වෙනවා ද? *** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පිළිතුරකි.)
- අග්ගන්ඥ සූත්‍රයට අනුව අභාස්සර බ්‍රහ්ම ලෝකයෙන් පැමිණි විට ලිංග භේදයක් නැති බව පැහැදිලි කෙරේ. එවිට මුලින්ම ඇතිවන මනුෂ්‍යයන් කෙබඳු අයද? *** (වටිනා පැනයක් සහ පැහැදිලි කිරීමකි.)
- මාතෘභුමිය ලෙස ශ්‍රී ලංකාව ගැන අපගේ සංස්කෘතියේ භාවිතා වන්නේ ස්ත්‍රී භාවය පිලිබඳ විශේෂ ගෞරවයක් අපගේ සමාජයේ පවතින නිසාද? **** (ඉතා වටිනා පැනයක් සහ පැහැදිලි කිරීමකි.)
- ප්‍රතිසන්ධි විඥානයටත්, කාය දශකයටත්, භාව දශකයටත්, වස්තු දශකයත් හේතු වෙන්නේ ජනක කර්මයද නැතහොත් ඒවාට එක් එක් කර්ම හේතු වෙනවා ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- ගති නිමිත්ත ඇතිවන විට ජනක කර්මය චිත්ත සංතානයේ ඇති වී ඉවරද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- විදර්ශනා භාවනාව කිරීමේ දී මෙලෙසින් යෝනිසෝමනසිකාරය කිරීම විදර්ශනා භාවනාව නොවේ ද? එසේ විදර්ශනාව සිදුකලත් යම් අවස්ථාවක සමථය වැඩීමක් ලෙස සිදුවෙනවා කියා සිතෙනවා. එය පැහැදිලි කර දෙන්න. *** (වටිනා ප්‍රායෝගික පැනයක් සහ පැහැදිලි කිරීමකි.)
- අපේ ලඟට පිරිමි හැඩයක් හා එසේ අඳින ගැහැණු දරුවෙක් ආවා මහණ වෙන්න. ඇය සඳහන් කළා ඇය ගැහැණු හෝ පිරිමි නෙවේ කියලා. බුදුන් වහන්සේ දේශනා කළා එහෙම අය මහණ නොකල යුතු බව කියා සදහන් කළාම ඇය ඇසුවා ධර්මය අවබෝධ කරන්න ඕනේ කියලා. අපහසු බව සදහන් කළාම බොහෝ දුකෙන් ඇය ගියා. ආය පැමිණියෙත් නෑ. ඇත්තටම ඒ අයට ධර්මය අවබෝධ කරන්න බැරි ද?**** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- සාම පාගමනේ සමහර අවස්ථා අතිශයෝක්ති වගේ නේද? උදාහරණයක් ලෙස ඉතාමත් කුඩා ළදරුවෝ පාරේ බිම තැබීම. වඩා වැදගත් ප්‍රතිපත්ති පුජාව සහ මාර්ගය වැඩිම නේද? *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- භව තුනකට සම්බන්ධව කරන පටිච්චසමුප්පාදය සහ වර්තමාන මොහොත තුළ පටිච්චසමුප්පාදය අතර වෙනස පැහැදිලි කර දෙන්න. *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- සක්මන් භාවනාව තුලදීම චත්තාලීසාකාර විපස්සනා භාවනාවට අදාල කොටස් මෙනෙහි වීම සුදුසුද? ***
- නපුංසක , පණ්ඩක , උභතෝවයංජන වැනි විකෘතිමත් භාව රූප ඇතිවීමට හේතු වනනේ කවර ආකාරයේ අකුසල කර්මයන්ද?
- නිවන් දැකපු කෙනෙක් මම නිවන් දැකලා ඉන්නේ කියා සමාජයට කියනවා ද? ***
- සිල් රැකීමේ ආනිසංස මොනවාද? සමහර අය අය සිල් රැකීම අනවශ්‍ය බවත් භාවනාව කිරීම ප්‍රමාණවත් බවත් පවසයි. ***
- නලදරු උපත් සම්බන්ධව ඔබවහන්සේගේ අදහස?
- අනිවාර්යයෙන්ම මම නම් කිසි විටෙක පතන්නේ නෑ පිරිමියෙක් වෙන්නවත් බුද්ධත්වයවත්. හැබැයි මාතෘත්වය අනුපමේය බවත් මාතෘ මූලික අපේ සංස්කෘතිය ද අගයමි. මම පියතුමන්ට ඉතාම ගෞරව කරනවා උසස්ම ලෙස. ඒත් මව්තුමිය විශේෂ කාන්තාවක් වශයෙන් මම නැවත කාන්තාවක් වීමට පතන්නේ නැත. ගර්භනී මවක් දුටුවද මා හට හැඟෙන්නේ මේ කොච්චර දුක් විඳිනවා ද කියාය. එනමුදු දරුවන් දකින විට මා හට හිතට ඔවුනට උදව් කිරීමට ඔවුන් ගැන සොයා බැලීමට සිතෙයි. මෙය කාන්තාවක් වීමට දරුවන් කෙරෙහි ඇති තෘෂ්ණාව ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- භාවනා වැඩසටහනකින් පසුව සිත සමතයකට පත් වුනා. නැවත වෙළඳ සැලකට ගිය විට ඇති වූ මෙම තත්වය විදර්ශනාවක් ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- සමාලෝචනය සහ අවසානය.
සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.
- https://us02web.zoom.us/j/4457486152?pwd=VExxT3RyQndMQXBtdGROR2pJWnJvdz09
Meeting ID: 4457486152
Passcode: Dhamma.
- 2026 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2025 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2024 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2023 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- Dhamma Yathra WhatsApp Group දහම් සංසදයට එක්වීමට මෙම යොමුවෙන් පිවිසෙන්න.