අභිධර්මයේ මූලික කරුණු අංක: 42 (ගෝචර රූප) 04-04-2026

අභිධර්මයේ මූලික කරුණු අංක: 42 (ගෝචර රූප) 04-04-2026

අභිධර්මයේ මූලික කරුණු අංක: 42 (ගෝචර රූප) 04-04-2026

අභිධර්මයේ මූලික කරුණු අංක: 42 (ගෝචර රූප) Saturday Dhamma Discussion  was conducted via Zoom on 04th April 2026 by Most Ven. Kukulpane Sudassi Thero.

This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ දෙසිය නව වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2026 අප්‍රේල් මස 04 වන දින සිදුකරන ලදී.

මෙම දේශනා අති පූජනීය රේරුකානේ චන්දවිමල මහ තෙරුන් වහන්සේ විසින් රචිත “අභිධර්මයේ මූලික කරුණු” යන වටිනා ග්‍රන්ථය ඇසුරෙන් සිදු කෙරේ.

“අභිධර්මයේ මූලික කරුණු” ග්‍රන්ථයට මෙතැනින් පිවිසෙන්න: අභිධර්මයේ මූලික කරුණු.  එම වටිනා ග්‍රන්ථයේ මෙවර සාකච්ඡා කෙරුණු ගෝචර රූප පිලිබඳ කොටසට මෙතනින් පිවිසෙන්න: ගෝචර රූප

මෙවර ධර්ම දේශනාව තුලින් ගෝචර රූප පිලිබඳව ඉතා වටිනා පැහැදිලි කිරීමක් සිදු කෙරිණි.  අප විසින් ඇති සැටියට සලකන වර්ණ සියල්ල ම සත්‍ය වශයෙන් ඇති වර්ණ නොවන බව මෙහිදී පැහැදිලි කෙරිණි.  එමෙන්ම මෙහිදී පැහැදිලි කෙරුණු වටිනා කරුණු තේරුම් ගැනීම අපගේ විපස්සනා භාවනා මග දියුණු කර ගැනීමට මනා පිටුවහලක් වේ.

එමෙන්ම මෙදින ධර්ම සාකච්ඡාවේ දී මාතෘකාවට අනුගත වූ වටිනා පැන නැගුණු අතර ඒවා පිලිබඳව ඉතා වටිනා පැහැදිලි කිරීම් සිදු කෙරිණි.


  1. ධර්ම දේශනාව: ගෝචර රූප කලාප පිළිබඳව පැහැදිලි කරන්න. **** (වර්ණ, ශබ්ද සහ ගන්ධ රූප පිලිබඳ මෙම පැහැදිලි කිරීම තුලින් යථාර්තය අප සිතන ආකාරයට වඩා වෙනස් බව තේරුම් වෙන ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  2. ස්වාමින්වහන්සේ අපට පැහැදිලි කල කරුණු අනුව මේ ආකාරයෙන් අප දකින, ආඝ්‍රාණය කරන දේ තේරුම් ගැනීමෙන් ඒ කෙරේ අප තුල තියෙන දැඩි ඇලීම සහ ගැටීම අඩු වීමට හේතු වෙනවා නොවේ ද? **** (අභිධර්මය ඉගෙන ගැනීම අපගේ භාවනා මාර්ගය දියුණු කර ගැනීමට පිහිට වෙන ආකාරය පිලිබඳ ඉතා වටිනා උදාහරණයකි.  මෙහිදී පැහැදිලි කෙරෙන අප ඒවා පිලිබඳ බලන ආකාරය (පරමාර්ථ වශයෙන් බෙදා දැක්වීම) තුලින් ඇතිවෙන ප්‍රඥාවන්ත වැටහීම අපගේ චිත්තානුපස්සනා සහ ධම්මානුපස්සනා වැඩීමට හේතු වේ.)
  3. ශබ්දය උපාදාය රූපයක් නොවන්නේ ඇයිද යැයි කාරුණිකව පහදා දෙන්න. *** (වැරදි වැටහීමක් නිවැරදි කරමින් සිදු කෙරුණු වටිනා පැහැදිලි කිරීමකි.)
  4. සම්මා දිඨිඨිය ලබාගත හැක්කේ යම් කිසි එක් දෙයක අවබෝධයෙන්ද, නැති නම් දේවල් ගොඩක අවබෝධයක් ලබාගැනීමෙන්ද?  ශබ්ද රූපය එන දිශාව හදුනා ගන්න හැකි උනත් ඝන්ධ රූපය එන දිශාව හදුනා ගත නොහැකි ඇයි ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  5. පරිකර්ම කිරීම යනු කුමක් ද? ***
  6. අට්ඨියති, හරායති, ජිගුච්ඡති යන වචන වලින් කියවෙන කාරනා පිලිබද පැහැදිලි කර දෙන්න.
  7. දියාරු ස්වභාවයෙන් යුක්ත ආප්ප පිටි මිශ්‍රනය තාච්චියට දාලා තේජෝ ධාතුවට ලක් කිරීමෙන් එහි තියෙන ආපෝ ධාතුව සහ වායෝ ධාතුව ඉවත්වෙලා එහි තියෙන පඨවි ධාතුව ඉස්මතු වෙලා දක්වනවා නේද?  පෙර දිනයක සදහන් කලා වගේ කොල ගොඩකට ගින්දර දැම්මාමත් එහි තියෙන ආපෝ සහ වායෝ ධාතූන් ඉවත් වෙලා වෙනස්ම රූප කලාප ටිකක් අපට පෙනෙනවා වගේ. ***
  8. අපි දානයක් දෙන විට දානයේ ආනිශංස “බලාපොරොත්තු වී දානය දීම”, “දැනගෙන නමුත් බලාපොරොත්තු නොවී දීම”, ” නොදැන දීම” යන අවස්ථා තුන අතර පුද්ගලයාට ලැබෙන ආනිශස වල වෙනස කුමක්ද?  කුසල් සිතේ ඥාන සම්ප්‍රයුක්ත/විප්‍රයුක්ත බව ඉහත පළමු හා දෙවන අවස්ථා දෙකේදී වෙනස්ද? **** (වටිනා පැනයක් සහ ඉතා විශිෂ්ඨ කාලෝචිත පැහැදිලි කිරීමකි.)
  9. දානයක් දීමෙදී කුසල කර්මයක් නිසා අකුසල කර්මයක් සිදුවිය හැකි බවද, යමක් බලාපොරොත්තුවෙන් දන් දීම ආස්‍රව සහිතයි ලෙසද අසා ඇත.  එය එසේ නම්, අප දානයක් දීමේදී ” සැබෑ අරමුණ” විය යුත්තේ කුමක්ද? *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  10. මා මීට පෙර සම්මා දිඨිඨිය පිලිබඳ ප්‍රශ්නය ඇසු තැනැත්තා වෙමි. ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම අවබෝධ උනා.  එසේ නම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සම්මා දිඨිඨිය යනු කුමක්ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  11. සමහර වර්ණ රූප දිහා අප එක එල්ලේ ටික වේලාවක් බලා සිට, වෙනත් දිසාවක බලන විට අර රූපයම අපට ටික වේලාවක් දකින්න ලැබෙනවා. ඒ වර්න රූපය එහෙම දකින්නේ අපේ ඇසේ තැන්පත් වීමක් නිසා ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  12. මයික්‍රෝවේව් එකකින් වතුර හරි මොනවා හරි රත්වෙන සිද්ධිය ධාතු මනසිකාරයෙන් පහදා දෙන්න.  එතනදී පැහැදිලි තේජෝ ධාතුවක් දෙන්නේ නැති නිසා. 
  13. කසින භාවනාව (වර්න කසින) පුරුදු කර ගත හැකි පොතක් තියනවද කියා කරුනාවෙන් පැහැදිලි කරන්න. *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  14. ආසි විසෝපම සූත්‍රයෙන් පහදන්නේ කාමයේ ආදීනව ද? ​සමහර අවස්ථාවලඩ් සතියේ සතියේ දවස් වල අටසිල් සමාදන් වන අතර සමහර දිනවල දී සවස් කාලයේ උදේ වරුවේ සිල් ගත්ත නිසා සවස් කාලයේ විනෝද ව්මට සිතේ.  තවමත් සිත වෙනසක් බලාපොරොත්තු වෙනවා. **** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.  ආසිවිසෝපම සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතැනින් කියවන්න: ආසිවිසොපම සූත්‍රය.)
  15. දස ශීලය සමාදන්ව අකුසලය පරිඋට්ඨාන මට්ටමට පැමිණීමෙන් ශීලය බිදේද?  යම් කිසි රුපයක් පළමු වර දැක එය නැවත වරක් රාග ස්වරූපයෙන් හැරී බැලීම පරිඋට්ඨාන බවට පැමිණීම නේද?  එයින් ශීලයට හානි වුණාද? **** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  16. මට පේන විධියට රූප සහ නාම ධර්ම එකට එකතුවී තිබේ.  නාම සහ රූප ධර්මයන් නඩත්තු වීමට අන්නෝන්‍ය බලපෑමක් තිබේ ද?  එමෙන්ම බ්‍රහ්ම ලෝක වල අප දකින මේ සම්බන්ධතාවය එසේම පවතිනවා ද? *** (වැරදි වැටහීමක් නිවැරදි කරමින් සිදු කෙරුණු වටිනා පැහැදිලි කිරීමකි.)
  17. මොලය සහ ස්නායු පද්ධතිය පැහැදිලි කරන විට ඔබවහන්සේ මනෝද්වාරික චිත්ත වීථි ඇතිවෙන ආකාර දෙකක් පැහැදිලි කළා.  එහි දෙවැනි ක්‍රමය පහදා දෙන්න. *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  18. මේ දිනවල භාවනා කිරීමේදී සිත බොහෝ සෙයින් වික්‍ෂිප්ත බවට පත්වේ.  කිසිදු අයුරකින් සිත එකඟතාවයට පත් කල නොහැකිය.  වර්තමානයේ පවතින තේජෝ බව අධික වීම හේතුවෙන් ද මෙසේ වෙන්නේ? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  19. සමාලෝචනය සහ අවසානය.

සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම  ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.