Saturday Dhamma Discussion – 10 (06-03-2021)

Saturday Dhamma Discussion – 10 (සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චාව – අංක 10)

Saturday Dhamma Discussion – 10 was conducted on 06 March 2021 by Most Ven. Kukulpane Sudassi Thero. Ven. Anuruddha Thero coordinated the Zoom discussion from another location. The two hour long recording of Saturday Dhamma Discussion – 10, was audio edited to remove unwanted noises and pauses and are presented below as separate questions and answers in order to facilitate better listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ දසවන ධර්ම සාකච්චාව වර්ෂ 2021 මාර්තු මස 06 දින සිදුකරන ලදී. පුජ්‍යපද අනුරුද්ධ ස්වාමින්වහන්සේද එම Zoom සාකච්චාව මෙහෙයවීමට දායක වූ සේක. 

මෙවර ධර්ම සකච්චාව “දසවිධ උපාසක ගුණ” පාදක කරගෙන සිදුකරනු ලැබීය. එය සියළුම බෞධයන් හට වැදගත් වන්නේ බෞධභාවය යනු කුමක්දැයි බුද්ධ දේශනාවට අනුව පැහැදිලි කෙරෙන බැවිනි.  එම දේශනා මාලාවට මෙම යොමුව click කර පිවිසෙන්න.

  • මෙම පැය 2කට වඩා දිගු වන ධර්ම සාකච්චාව, අසන්නන්ගේ පහසුව පිණිස ප්‍රශ්න හා පිළිතුරු වශයෙන් වෙන්කර, ශබ්ද සංස්කරණය කොට ඉදිරිපත්කර ඇත්තෙමු.

  • එමෙන්ම, එසේ වෙන් කර ඉදිරිපත්කර ඇති සෑම හඬ පටයකින්ම මෙම ප්‍රධාන පිටුවට පිවිසිය හැකි යොමුවක් MP3 ගොනුව තුලට ඇතුලත් කර ඇති බැවින් මෙම ඕනෑම MP3 පටයක් බා ගත කල පසු SMART PHONE එකකින් හෝ පරිගණකයකින් හෝ මෙම වෙබ් පිටුවට පිවිසීමට පුළුවන. ඒ යොමුව සෑම MP3 ගොනුවකම “COMMENTS”  අංශයට ඇතුලත් කර ඇත.

එමෙන්ම ඇතැම් ප්‍රශ්න හා ඒවාට දුන් පිළිතුරු සුවිශේෂී වටිනාකමක් ඇති ඒවා වේ. එම පැනයන් නම් අංක 1, 2, 4, 6, 7, 9. 

To download: You could download the file by right clicking on the link and then selecting “save as” from the drop down menu.

To listen directly: Please left click on the link to listen directly. Once the link is clicked, you will be directed to a separate page containing the talk. Usually the file starts to play in that window. If it doesn’t you could highlight the browser window and click ‘reload this page’. It will start to play.

  1. උපාසක, උපාසිකා භාවයේ පිහිටන්නේ කෙසේද සහ සරනා ගමනය සිද්ධවෙන සහ බිඳෙන ආකාරය පැහැදිලි කරන්න.♥♥
  2. පලවෙනි සහ දෙවෙනි උපාසක ගුණයන් පිලිබඳ කෙටි විස්තරයක් ලබා දෙන්න.♥♥
  3. දුරාචාරයට යොමුවූ ස්වාමින්වහන්සේ කෙනෙක් පංසලක ඇති විට කුමක් කල යුතුද?
  4. බුද්ධ, ධම්ම සහ සංඝ පිලිබඳ අවේචප්ප්‍රසාදය යනු කීම?♥♥
  5. ආර්ය පුද්ගලයන් නැවත කෙතරම් වාරයක් කාම ලොව උපදීද?
  6. එදිනෙදා ජීවිතයේදී ඇතිවන කායික වේදනා වලදී අප නිවැරදි මනසිකාරයක් පවත්වන්නේ කෙසේද?
  7. සෝවාන් වීමට භාවනා කල යුතුමද?♥♥
  8. සෝවාන් වීමට සුතමය ඥානය සහ චින්තාමය ඥානය අවශ්‍යද?
  9. ගිහි ජීවිත ගත කරන අය අනිත්‍ය, දුක්ඛ සහ අනාත්ම දකින්නේ කෙසේද?
  10. අවසානය.

එම ධර්ම සාකච්චාවේ වීඩියෝව නැරඹීමට මෙතන click කරන්න.

අනෙකුත් සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.