Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07

Dayaka Dhamma Talks – 07, මෙහි හත්වන පිටුව වේ. එක පිටුවක දේශනා 25ක් දක්වා ඇත. ඉදිරියට සහ පසුපසට යාමට පිටුවේ ඉහල සහ පහල ඇති යොමුවන් භාවිතා කරන්න.

Dayaka Dhamma Talks are conducted by Ven. Kukulpane Sudassi Thero for various Dayakas. These are conducted at Sri Vinayalankararamaya, Pokunuwita or elsewhere in the country.

මෙම දායකත්ව ධර්ම දේශනා, පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් පොකුණුවිට, ශ්‍රී විනයාලංකාරාරාමයේදී හෝ ශ්‍රී ලංකාවේ නොයෙකුත් ස්ථානයන් හීදී දේශනා කල වටිනා දහම් කරුණු වේ.


  1. පංචනීවරණ ධර්ම. (03-03-2023): පංචනීවරණ ධර්ම පිළිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදුකල මෙම ධර්ම දේශනාව වැදගත් වන්නේ පහත දැක්වෙන කරුණු නිසාවෙනි.  01. පංචනීවරණ ධර්ම හඳුනා ගන්නා ආකාරය.  02. පංචනීවරණ ධර්ම ඇතිවීමේ හේතු මොනවා ද? 03. පංචනීවරණ දුරු කරන්නේ කෙසේ ද? 04. පංචනීවරණ ධර්ම දුරු කර ගැනීම ලෞකික ජීවිතය සහ නිවන් මග දියුණු කර ගැනීමට උපකාර වෙන ආකාරය පැහැදිලි කිරීම.
    “පංචනීවරණ ධර්ම” යන ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න.
  2. පණ්ඩිත සාමණේර කතා වස්තුව. (31-03-2023): පණ්ඩිත සාමණේර කතා වස්තුව පිළිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදුකල මෙම ධර්ම දේශනාව අපට වැදගත් වන්නේ පහත දැක්වෙන කරුණු නිසාවෙනි.
    01. සිත පහදවා ගෙන බුදුරජාණන් වහන්සේට පූජා කිරීමට ලැබෙන දානයේ ඉමහත් ඵලය අවසාන භවය දක්වා නරක උපතක් නොමැතිව ලබා ගැනීමට හැකි වූ ආකාරය පිලිබඳ සිත් පහන් කරන කථා පුවතක් පැහැදිලි කිරීම.  02. මෙම පණ්ඩිත සාමණේරයන් වහන්සේගේ අතීත නිධාන කථාව සාවධානව ශ්‍රවණය කරන විට අපට හැඟෙන එක් කරුණක් වන්නේ උන්වහන්සේ රහත් වීමට හේතු වූ කමටහනට සම්බන්ධ මූලික හැකියාවන් දේශනාවේ දැක්වෙන එම අතීත භවයේදීත් පුහුණු වූ බවකි. ”ලී වඩුවෝ සිත් නැති දැව නමන” ආකාරයට, ”හී වඩුවෝ සිත් නැති හී දඬු නමන” ආකාරයට ඔහුට සිත් ඇති මිනිසුන් ගෙන සහ දෙවියන් ගෙන් උපකාර ලබාගැනීමට හැකි වූ බවයි.  03. ධර්ම දේශනාවේ අග භාගයේදී ඒ ආකාරයෙන් අපගේ මිනිස් සිත සකසා ගැනීමට අත්‍යවශ්‍ය වන බල ධර්ම පිළිබඳව මනා පැහැදිලි කිරීමක් ඇතුලත් වේ.
    ”පණ්ඩිත සාමණේර කතා වස්තුව” යන ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.
  3. සිතෙහි පවතින කම්මනීය ගුණය. (22-03-2023): සිතෙහි පවතින කම්මනීය ගුණය පිළිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදුකල මෙම ධර්ම දේශනාව ඉතා ප්‍රයෝජනවත් වන්නේ පහත දැක්වෙන කරුණු නිසාවෙනි.  01. නිවන් අවබෝධ කරගැනීම සඳහා අපගේ සසර ගමන කළමනාකරණය කරගත යුතු වන්නේ කෙසේද යන මූලික කරුණ පැහැදිලි කිරීම.  02. නිවන් ප්‍රාර්ථනාව සමග එය සඵල කර ගැනීමේ පැහැදිලි වැඩසටහනක් (ප්‍රතිපදාවක්) තිබීමේ අත්‍යවශ්‍ය භාවය පැහැදිලි කිරීම.  03. නිවන පිළිබඳව ස්ථීර ප්‍රාර්ථනාවක් ඇතිකර ගැනීමේ වැදගත් කම පැහැදිලි කිරීම.  04. නිවන ඉලක්ක කොට සිත පුහුණු කිරීමේ අත්‍යවශ්‍ය භාවය.
    “සිතෙහි පවතින කම්මනීය ගුණය” පිළිබඳ ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.
  4. නවාංග ශාස්තෘ බුද්ධ ශාසනය. (05-05-2023): නවාංග ශාස්තෘ බුද්ධ ශාසනය පිළිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදුකල මෙම ධර්ම දේශනාව අපට ඉතා ප්‍රයෝජනවත් වන්නේ පහත දැක්වෙන කරුණු නිසාවෙනි.  01. බුදුරජාණන් වහන්සේ දේශනා කල මුළු මහත් ධර්මය අංග වශයෙන් කොටස් වලට බෙදා දක්වා ඇත්තේ කෙසේදැයි කෙටියෙන්, මනාව පැහැදිලි කිරීම. බුදු දහම හදාරන සහ පිළිපදින අයට මෙම සරළ විස්තරය ඉතා වටිනා වේ.  02. බුදු දහමට අනුව බොහෝ ඇසූ පිරූ ඇති බව එනම් ශ්‍රැතවත් වීම යනු කුමක් ද සහ ඒ අනුව බෙදා දැක්විය හැකි පුද්ගලයන් හතර දෙන කවරෙක් දැයි පැහැදිලි කිරීම.
    “නවාංග ශාස්තෘ බුද්ධ ශාසනය” පිළිබඳ ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.
  5. සිත විදර්ශනා මාර්ගයට යොමු කල හැකි ආකාරය. (05-05-2023): සිත විදර්ශනා මාර්ගයට යොමු කල හැකි ආකාරය පිළිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදුකල මෙම ධර්ම දේශනාව ඉතා වටිනා දේශනාවක් වන්නේ ඒ තුලින් අපගේ සිත විදර්ශනා මාර්ගයට යොමු කිරීම පිලිබඳ මූලික පියවරයන් සතිපට්ඨාන දේශනාව පාදක කර ගනිමින් ප්‍රායෝගික අයුරින් පැහැදිලි කිරීම නිසාවෙනි.
    මෙහිදී ඒ සඳහා සතියේ සහ සම්පජඤ්ඤයේ දියුණුකල යුතු පියවර සහ සංධිස්ථාන ඉතා මැනවින් චිත්තානුපස්සනාව සහ ධම්මානුපස්සනාව ඇසුරු කර ගනිමින් විස්තර කෙරේ. ඒ දියුණු කිරීම තුලින් අප තුල ඇතිවන ශෝක, හඬා වැළපීම් සහ ද්වේෂ මූලික ගැටීම් සමනය කරගන්නා ආකාරය මෙහි දී පැහැදිලි වේ.
    “සිත විදර්ශනා මාර්ගයට යොමු කල හැකි ආකාරය” පිළිබඳ ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.
  6. සිත යෝනිසෝ මනසිකාරය දක්වා පුහුණු කිරීම. (08-05-2023): සිත යෝනිසෝ මනසිකාරය දක්වා පුහුණු කිරීම පිළිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදුකල මෙම ධර්ම දේශනාව ඉතා විශිෂ්ඨ දේශනාවක් වන්නේ එමගින් අපගේ සිත යෝනිසෝ මනසිකාරය දක්වා පුහුණු කිරීමේ අවශ්‍යතාවයත් සහ සිත එසේ පුහුණු කරන්නේ කෙසේද යන කාරණා මැනවින් පැහැදිලි කරන බැවිනි. එමෙන්ම මෙම යෝනිසෝ මනසිකාරය, චිත්තානුපස්සනා සහ ධම්මානුපස්සනා සතිපට්ඨාන භාවනාවට සම්බන්ධ වෙන ආකාරය මෙම දේශනාව හොඳින් ශ්‍රවණය කිරීමේදී පැහැදිලි වේ.  මෙහිදී පහත දැක්වෙන කරුණු විශේෂයෙන්ම මතු කෙරිණි. 01. බුදුරජාණන් වහන්සේ ආශ්‍රව වශයෙන් කෙලෙස් නැති කිරීම ගැන දේශනා කලේ නුවණින් මෙනෙහි කිරීමට හැකි වූ අයට පමණි !! එතරම් සුවිශේෂ වූ නුවණින් මෙනෙහි කිරීම යෝනිසෝ මනසිකාරය බව පැහැදිලි කිරීම. 02. එමෙන්ම සතිය සහ සම්පජඤ්ඤය කුමක්ද යන්න ගැඹුරින් තේරුම් කර දීම. එම පැහැදිලි කිරීම වැදගත් වන්නේ වර්ථමානයේ සතිය පිළිබඳව වෙනස් අර්ථකථන ඇති බැවිනි.
    “සිත යෝනිසෝ මනසිකාරය දක්වා පුහුණු කිරීම” පිළිබඳ ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.
  7. දුතීය ආඝාත පටිවිනය සූත්‍රය. (10-05-2023): දුතීය ආඝාත පටිවිනය සූත්‍රය පිළිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදුකල මෙම ධර්ම දේශනාව අපට එදිනෙදා ජීවිතයේදී බොහෝ ප්‍රයෝජනවත් වෙන්නේ එමගින් අපගේ වෛර, ක්‍රෝධ සිතුවිලි නැති කරගන්නා පහසු ක්‍රමවේදයක් පැහැදිලි කෙරෙන බැවිනි. සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් භික්‍ෂුන් වහන්සේලාට දේශනා කරන ලද මෙම සූත්‍රයෙන් යමෙකුගේ උපන්නාවූ ක්‍රෝධය සංසිඳීමේ සමථ මූලික ආකාර පහක් පිළිබඳව දේශනා කෙරේ.  ගරු ස්වාමින්වහන්සේ ධර්ම විසින් දේශනාවේ මුලදීම අපට මැනවින් පහදා දෙන විශේෂ කරුණක් වන්නේ අප තුල කෙනෙක් කෙරේ ගැටීම හෝ ක්‍රෝධය ඇති වන්නේ ඒ පුද්ගලයාගේ හොඳ හෝ නරක හෝ ස්වභාවය මත නොවන බවයි. එය රඳා පවතින්නේ අප තුල ඒ පුද්ගලයා කෙරේ ඇතිවන සිතුවිලි, ආකල්ප මත බවයි. මෙම කරුණ අප විසින් තේරුම් ගත යුතු ඉතා වැදගත් කරුණකි. ඉන් පසුව එම මූලික පදනම මත පිහිටා, සූත්‍ර දේශනාවට අනුගතව විස්තර කෙරෙන ක්‍රෝධ සිතුවිලි නැති කරගන්නා පස් ආකාර ක්‍රමවේදය ද අපට ඉතා ප්‍රායෝගික ආකාරයෙන් පැහැදිලි වේ.  ප්‍රවෘත්ති, ජනමාධ්‍ය සහ කතාබස් කිරීමේ දී ගැටීම නිසා අප තුල ඇතිවෙන ද්වේශ, ක්‍රෝධ සහ වෛරී සිතුවිලි පහසුවෙන් සමනය කර ගැනීමට මෙම සමථ පුර්වංග ක්‍රමය මහත් සේ උපකාරී වේ.
    “දුතීය ආඝාත පටිවිනය සූත්‍රය” පිළිබඳ ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.
  8. වර්තමානයේ වෙසක් සමරන ආකාරය බුද්ධ දේශනාවට කොතෙක් ගැලපේ ද? (13-05-2023):  වර්තමානයේ වෙසක් සමරන ආකාරය බුද්ධ දේශනාවට කොතෙක් ගැලපේ ද යන්න පිළිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදුකල මෙම ධර්ම දේශනාව ඉතා කාලීන දේශනාවකි.  තෙමගුල යනු කුමක් ද යන්න මෙහි දී පළමුවෙන්ම මනා කොට පැහැදිලි කෙරිණි. එමෙන්ම වර්තමානයේ අප බුද්ධ දේශනාවට අනුව එදිනෙදා ජීවිතයේ දී කොතරම් ක්‍රියාකරනවා ද යන කරුණ ප්‍රධාන වශයෙන් වැදගත් බවත් ඒ මත අපගේ වෙසක් සමරන ආකාරය රඳා පවතින බවත් මෙහිදී පැහැදිලි කෙරිණි.  විශේෂයෙන්ම දානයේ මූලික කරුණු වර්ථමාන දන්සල් වලින් ඉටු වෙනවා ද යන්න ගැඹුරින් විමසුමට ලක් කෙරිණි. එමෙන්ම බුදු දහමේ දැක්වෙන ආමිස සහ ප්‍රතිපත්ති පුජා යන දෙකොටසම බුදු රජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ දී අනුමත කල ආකාරයත් මෙහි දී වටින අයුරින් උදාහරණ සහිතව මතු කෙරිණි.
    “වර්තමානයේ වෙසක් සමරන ආකාරය බුද්ධ දේශනාවට කොතෙක් ගැලපේ ද?” පිළිබඳ ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.
  9. යශෝදරාවන්ගේ සංසාරික ගමන් මග. (16-05-2023): යශෝදරාවන්ගේ සංසාරික ගමන් මග පිළිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදුකල මෙම ධර්ම දේශනාව ඉතා විරල සහ වටිනා දේශනාවකි. එසේ වන්නේ එම දේශනාව තුලින් බෝධිසත්වයෙකු සමග එක්වරට බුදුරජාණන් වහන්සේ නමක ගෙන් නියත විවරණ ලබන සුවිශේෂී කාන්තා චරිතයක සංසාරික ප්‍රගමනය විස්තරාත්මකව ඉදිරිපත් කෙරෙන බැවිනි.  බෝසත්වරයා සමග අතිශයින් දිගු කාලයක් එක්ව පැමිණීමට පෙර පටන් එවන් චරිතයක් කල්ප ගණනාවක් තිස්සේ ගුණ දහම් දියුණු කරමින් ස්වකීය ප්‍රාර්ථනාව සිද්ධි කර ගන්නා ආකාරය, බෝසත්වරයා සමග එක්ව යන සසර ගමනේ දී සිදුකරන අප්‍රමාණ කැප කිරීම් සහ ඒ තුලින් එම චරිතය පන්නරය ලබන ආකාරය යනාදී ඉතා විරල කරුණු මෙම ධර්ම දේශනාවේ ඇතුලත් වේ.  එම පුහුණු සිද්ධාන්තයන් සම්මා සම්බුදු බව පතන බෝධිසත්වයන්, අග්‍ර ශ්‍රාවක වැනි අනෙකුත් සුවිශේෂී චරිතයන් ගේ සංසාරික ගමන් මග වලට ද සාධාරණ වෙන සිධාන්ත බැවින් මෙම දේශනාවේ වටිනා කම තවත් වැඩි වේ.  විශේෂයෙන්ම එම ගුණයන් දියුණු කිරීම, අනේක ප්‍රතිරෝධ මධ්‍යයේ ජීවිත තුල සිදු කරන ආකාරය අපට පැහැදිලි වීම තුලින් සාමාන්‍ය ස්වාමි භාර්යා ජීවිත හැඩ ගස්වා දියුණු කර ගැනීමට ද මේ දේශනය මහෝපකාරී වේ.
    “යශෝදරාවන්ගේ සංසාරික ගමන් මග” පිළිබඳ ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.
  10. ස සංඥා සහ විදර්ශනාව. (10-05-2023): දස සංඥා සහ විදර්ශනාව පිළිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදුකල මෙම ධර්ම දේශනාව භාවනාව ප්‍රගුණ කරන බෞද්ධයන් හට ඉතා ප්‍රයෝජනවත් ධර්ම දේශනාවකි.  නිවන සඳහා යන ගමනේ දී සත්ව, පුද්ගල ස්වභාවයෙන් වෙන් කොට එය නම රූප ධර්ම සමූහයක් කියා නිවැරදිව තේරුම් ගැනීම පහසු නොවේ.  ඒ සඳහා දස සංඥා දියුණු කර ගනිමින් විදර්ශනා මාර්ගයට යොමුවෙන ආකාරය මෙහි පැහැදිලි කෙරේ. පෘතග්ජන අප විසින් කරුණු හතරක් පිළිබඳව, විකෘති ආකාරයෙන් අඳුනා ගැනීම්, විකෘති සිතුවිලි ඇති කර ගැනීම් සහ විකෘති දෘෂ්ටි ඇති කර ගන්නා ආකාරය දේශනාවේ දී සවිස්තරව පැහැදිලි කෙරේ.  එම වැරදි ආකාරයෙන් වටහා ගැනීම ක්‍රමානුකුලව දුර්වල කරමින් නිවැරදි වටහා ගැනීම් ඇති කර ගැනීමට හේතුවෙන දස සංඥාවන් දියුණු කල යුතු ආකාරය මෙහි දී පැහැදිලි වේ.
    “දස සංඥා සහ විදර්ශනාව” පිළිබඳ ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.
  11. සසර පැවැත්ම සහ නැවැත්ම. (26-05-2023): සසර පැවැත්ම සහ නැවැත්ම පිළිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදුකල මෙම ධර්ම දේශනාව බෞද්ධ අප සියළු දෙනාටම ඉතා වටිනා දේශනාවකි.
    අස්සජී මහ රහතන් වහන්සේ විසින් උපතිස්ස පරිබ්‍රාජකයාට සමස්ත බුද්ධ ධර්මය කැටි කොට දේශනා කල ගාථාව පාදක කොට සසර පැවැත්ම සිදුවෙන හේතු සහ සසර නැවැත්ම සිදුකරන ආකාරය මෙම වටිනා දේශනාවෙන් පැහැදිලි කෙරිණි. එමෙන්ම භව ගමන එසේ නවත්වන තුරු ඒ සඳහාම සසර ගමන කළමනාකරණය කල යුත්තේ කෙසේ දැයි මෙහිදී පැහැදිලි කෙරිණි.
    “සසර පැවැත්ම සහ නැවැත්ම” පිළිබඳ ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.
  12. මේ භවයේදීම සෝවාන් වීමට යා යුතු මග. (28-05-2023):  මෙම ධර්ම දේශනාව, මේ භවයේදීම හෝ ඉදිරි ආත්මයකදී සෝවාන් වීමට උත්සහ කරන සියල්ලන්ටම ඉතා වටිනා ධර්ම දේශනාවකි.  අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකල මෙම ධර්ම දේශනාව ඉතා වටිනා වන්නේ එහි ඇතුලත් වී ඇති ප්‍රායෝගික උපදේශ නිසාවෙනි. උදාහරණයක් ලෙස සෝවාන් වීමේ දී නැති විය යුතු සක්කායදිට්ඨිය ම ප්‍රඥාවේ දුබල කම තුල ප්‍රබල ලෙස මතු වී ”මම කෙසේ හෝ සෝවාන් වෙනවා” යන දෘෂ්ටිය තුලින් යා යුතු මගින් පිට පැනෙන ආකාරය සහ ඒ මග නිවැරදිව ගමන් කිරීමට අනුගමනය කල යුතු ප්‍රතිපදාව මෙහි දී පැහැදිලි කෙරෙන්නේ ඉතා ප්‍රායෝගිකව, වර්ථමාන බොදු සමාජයේ සිදුවන වැරදි පැහැදිලි කෙරෙමිනි.
    “මේ භවයේදීම සෝවන් වීමට යා යුතු මග” පිළිබඳ ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.
  13. සම්බුදු ගුණ දේශනා අංක: 01 (30-05-2023): සම්බුදු ගුණ පිළිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදුකල ධර්ම දේශනා දෙකක පළමු දේශනාව මෙය වේ.  මෙම ධර්ම දේශනාවන් ලොකු කුඩා බෞධයින් හට වැදගත් වන්නේ අප ශාස්තෘ වහන්සේ ගේ ගුණයන් ගැන ඉගෙනීම තුලින් නිවැරදි ශ්‍රද්ධාවක් දියුණු කර ගැනීමට සහ බුදු දහමේ මූලික හරයන් සහ ත්‍රිවිධ රත්නයන් පිලිබඳව ඒ තුලින් ශක්තිමත් පදනමක් ඇති වෙන නිසා වෙනි.  ගරු ස්වාමින් වහන්සේ මෙම පළමු දේශනාවේ දී අරහන් බුදු ගුණය විස්තර කිරීම අරඹන්නේ මෙම දේශනා වල කාලීන අවශ්‍යතාවය එම පදනම මත ස්ථාපිත කරමිනි.
    “සම්බුදු ගුණ දේශනා අංක: 01” පිළිබඳ ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.
  14. සම්බුදු ගුණ දේශනා අංක: 02 (31-05-2023): සම්බුදු ගුණ පිළිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදුකල ධර්ම දේශනා දිත්වයේ දෙවන දේශනාව මෙය වේ. මෙම ධර්ම දේශනාවන් ලොකු කුඩා බෞධයින් හට වැදගත් වන්නේ අප ශාස්තෘ වහන්සේ ගේ ගුණයන් ගැන ඉගෙනීම තුලින් නිවැරදි ශ්‍රද්ධාවක් දියුණු කර ගැනීමට සහ බුදු දහමේ මූලික හරයන් සහ ත්‍රිවිධ රත්නයන් පිලිබඳව ඒ තුලින් ශක්තිමත් පදනමක් ඇති වෙන නිසා වෙනි.  ගරු ස්වාමින් වහන්සේ විසින් මෙම දෙවන දේශනාවේ දී ‘සම්මා සම්බුද්ධ’ යනු කුමන තත්වයක් දැයි පහදා දීම සිදු කෙරිණි.
    “සම්බුදු ගුණ දේශනා අංක: 02” ධර්ම දේශනාවේ ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.
  15. සමථයෙන් විදර්ශනාවට යොමු වන්නේ කෙසේද? (03-06-2023): සමථයෙන් විදර්ශනාවට යොමු වන්නේ කෙසේ ද යන මෙම ධර්ම දේශනාව සමථ සහ විදර්ශනා යෝගීන් දෙපාර්ශවයට ම වටිනා කරුණු ඇතුලත් වන දේශනාවකි. අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදුකල මෙම ධර්ම දේශනාවේ දී සමථයත්, විදර්ශනාවත් පිළිබඳව පැහැදිලි විස්තරයක් සහ සමථයෙන් විපස්සනාවට නැංවීම ප්‍රායෝගික ආකාරයෙන් පැහැදිලි කෙරේ. එමෙන්ම වර්ථමාන සමාජයේ විපස්සනා භාවනාව කියා සිදු කරන වැරදි වැටහීම් සහ පුහුණු වීම් පිළිබඳව ද මෙහි පෙන්වා දේ.
    සමථයෙන් විදර්ශනාවට යොමු වන්නේ කෙසේ ද යන ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.
  16. සදහම් සර පොසොන් ධර්ම දේශනාව. (03-06-2023): සදහම් සර මෙම පොසොන් ධර්ම දේශනාව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් ශ්‍රී ලංකා ජනමාධ්‍ය අමාත්‍යංශයේ සිදු කරන ලදී. පොසොන් පොහොය දිනයක දී ශ්‍රී ලාංකිකයන් හට ලැබුණු සුවිශේෂී දායාදය වන බුදු දහම සහ එයින් දැක්වෙන ධර්මානු ධර්ම ප්‍රතිපදාව අපගේ ජීවිත වලට ඇතුලත් කරගන්නේ කෙසේදැයි ඉතාම ප්‍රායෝගික, සරල ආකාරයෙන් මෙහිදී පහදා දේ.
    සදහම් සර පොසොන් ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.
  17. පැවිදි සුවය. (08-06-2023): පැවිදි සුවය පිලිබඳ මෙම ධර්ම දේශනාව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේගේ 50 වෙනි ජන්ම දිනය නිමිති කොට සියැස රූපවාහිනිය තුලින් විකාශනය කෙරුනි. මෙම ධර්ම දේශනාව පැවිදි සහ ගිහි සියලු දෙනාටම වටිනා ධර්ම දේශනාවක් වන්නේ ස්වාමින් වහන්සේගේ 35 අවුරුදු පැවිදි දිවියේ ලැබූ අවබෝධය සහ අත්දැකීම් තුලින් අපට පෙන්වා දෙන පහත දැක්වෙන මුලික කරුණු නිසාවෙනි.  01. නෛෂ්ක්‍රම්‍ය සැපය සමග බද්ධ වී ඇති පැවිදි සැපය ගිහි සැපයට වඩා අග්‍ර බව බුදුරජාණන් වහන්සේ දේශනා කලේ කුමක් නිසා දැයි මෙහි පැහැදිලි කෙරේ.  02. පැවිදි ජීවිතය එවැනි අග්‍ර සැපයක් ඇති වෙන පරිදි සකසා ගැනීමට අවශ්‍ය දැක්ම, ප්‍රතිපදාව සහ ඒ සඳහා අවශ්‍ය කෞශල්‍යයන් කෙසේ දියුණු කරගත යුතු ද යන වටිනා කරුණු මෙහි ඇතුලත් වේ.  03. පැවිද්ද කියන්නේ කුමක් ද, පැවිද්දේ පරමාර්ථ මොනවා ද, පැවිද්දාට සහාය විය යුත්තේ කෙසේ ද, පැවිද්දාගේ කාර්යභාරය කෙතරම් බැරෑරුම් ද යන කරුණු අවබෝධ කර ගැනීමට මනා හැකියාවක් මේ දේශනාව තුලින් ගිහියන්ට ඇති වේ. ඒ වටිනා දැනුම සම්බුද්ධ සාසනයේ චිර පැවැත්ම සඳහා කටයුතු කිරීමට ගිහියන් හට මහෝපකාරී වේ.
    පැවිදි සුවය පිලිබඳ ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.
  18. සොතාපත්ති අංග අවධි කිරීම සහ දියුණු කිරීම. (09-06-2023): සොතාපත්ති අංග අවධි කිරීම සහ දියුණු කිරීම පැහැදිලි කෙරෙන මෙම ධර්ම දේශනාව සෝවාන් වීමට උත්සහ කරන සියළු ගිහි සහ පැවිදි බෞධයන් ට ඉතා වැදගත් වේ.  අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදුකල මෙම ධර්ම දේශනාවේ එම සොතාපත්ති අංග හතර අවධි කිරීම සහ දියුණු කිරීම සඳහා අනුගමනය කලයුතු ප්‍රතිපදාවන් ඉතා ප්‍රායෝගිකව මෙන්ම අපට වැරදෙන සියුම් තැන් මතු කරමින් සිදු කිරීම තවත් සුවිශේෂ අංගයක් වේ. උදාහරණයන් ලෙස නිවැරදි කල්‍යාණ මිත්‍රයන් සහ නිවැරදි ශ්‍රී සද්ධර්ම දේශනාවන් හඳුනා ගැනීමට යෝනිසෝමනසිකාරය දියුණු තත්වයක තිබීමේ අවශ්‍යතාවයත්, භාවනාව දියුණු කර ගැනීමට නම් ප්‍රථමයෙන් දියුණු කරගත යුතු එනමුත් වර්ථමානයේ බොහෝ ”යෝගීන්” නොසලකන වැදගත් ප්‍රතිපදාවනුත් දැක්විය හැක.
    “සොතාපත්ති අංග අවධි කිරීම සහ දියුණු කිරීම” ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.
  19. සිත ගැන පැහැදිලි කිරීම. (15-06-2023): සිත ගැන පැහැදිලි කිරීම පිලිබඳ මෙම ධර්ම දේශනාව අපට වැදගත් වන්නේ එය බුදුරජාණන් වහන්සේ සිත යනු කුමක් දැයි පැහැදිලි කල ආකාරය විස්තර කෙරෙන ධර්ම දේශනාවක් වෙන බැවිනි.  එමෙන්ම සියැස රූපවාහිනිය තුලින් සිදුකල මෙම වටිනා ධර්ම දේශනාවේ දී අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ සිත පිළිබඳව බුදු දහමේ දැක්වෙන අනෙකුත් මූලික කරුණු රැසක් ගොනු කරන සේක.
    “සිත ගැන පැහැදිලි කිරීම” ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.
  20. වචනයෙන් සිදුවන අකුසල් ගැඹුරින් පැහැදිලි කිරීම. (17-06-2023): වචනයෙන් සිදුවන අකුසල් ගැඹුරින් පැහැදිලි කිරීම පිලිබඳ මෙම ධර්ම දේශනාව ලොකු කුඩා සෑම බෞද්ධයන්ට ම වැදගත් ධර්ම දේශනාවකි. සියැස රූපවාහිනිය තුලින් විකාශනය කල මෙම ධර්ම දේශනාවේ දී අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වචනයෙන් සිදුවන අකුසල් පිලිබඳව අප බොහෝ දෙනා නොදන්නා, එනමුත් අප විසින් දැනගත යුතුම කරුණු බොහොමයක් සරලව පහදා දෙන සේක.
    “වචනයෙන් සිදුවන අකුසල් ගැඹුරින් පැහැදිලි කිරීම” ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.
  21. අවිද්‍යාව ඇතිවීමේ හේතු දැක්වෙන අවිජ්ජා සූත්‍රය. (14-04-2023):  අවිද්‍යාව ඇතිවීමේ හේතු සහ ප්‍රත්‍ය පටිච්චසමුප්පන්න ආකාරයෙන් පැහැදිලි කෙරෙන ඉතා වටිනා ධර්ම දේශනාවක් අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් සිදු කරන ලදී. ත්‍රිපිටකයේ ඇති එක් අවිජ්ජා සූත්‍රයක් පාදක කරගෙන සිදු කල එම ධර්ම දේශනාවෙන් අපට ඉගෙන ගත යුතු වටිනා කරුණු බොහොමයක් ඇතුලත් වේ. අවිද්‍යාවේ මුල් ආරම්භයක් නොපෙනෙන බව, පටිච්චසමුප්පාදය යන්න හේතු ඵල වශයෙන් කරුණු දෙකකින් පැහැදිලි කිරීම, අවිද්‍යාව ඇතිවෙන ආකාරය සහ ප්‍රඥා විමුක්තිය ඇතිවෙන ආකාරය යන කරුණු ඇතුළු තවත් බොහෝ වටිනා කරුණු පැහැදිලි කෙරේ.
    “අවිද්‍යාව ඇතිවීමේ හේතු දැක්වෙන අවිජ්ජා සූත්‍රය” ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.
  22. බෝසතුන් වහන්සේලාගේ සත්‍ය පාරමිතාව. (24-06-2023): බෝසතුන් වහන්සේලාගේ සත්‍ය පාරමිතාව පිලිබඳව අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් දායක නිවසක දී සිදුකල මෙම ධර්ම දේශනාව වර්ථමාන, අනාගත සියලු බෞධයන් සඳහා වැදගත් වේ. සියස රූපවාහිනිය තුලින් විකාශනය වූ මෙම දේශනාව තුලින් මහ බෝසතුන් වහන්සේලාගේ කරුණාව පෙරදැරි කොට ගත් සත්‍ය පාරමිතාව කුමන ගුණාංග වලින් යුතු වේ දැයි පැහැදිලි කෙරේ.  සත්‍යවාදී බව දියුණු කරන සැමට ඉගෙනීමට බොහෝ කරුණු මෙම ධර්ම දේශනාවේ ඇතුලත් වේ.
    “බෝසතුන් වහන්සේලාගේ සත්‍ය පාරමිතාව” ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.
  23. මානසික ආතතියේ පීඩාව අවම කරගන්නට බුදුදහම. (24-06-2023): මානසික ආතතියේ පීඩාව අවම කරගන්නට බුදුදහම ඇසුරෙන් කටයුතු කලයුත්තේ කෙසේ දැයි පැහැදිලි කෙරෙන මෙම ධර්ම දේශනාව විශේෂයෙන්ම තරුණ සහ රැකියාවන්, වැඩකටයුතු නිසා මානසික ආතතියට පත් වෙන බෞධයන් සඳහා බෙහෙවින් යෝග්‍ය වේ.  අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදුකල මෙම වටිනා ධර්ම දේශනාවේ දී මානසික ආතතිය ඇතිවන ආකාරය, මානසික ආතතියේ හේතු සහ ප්‍රත්‍ය හඳුනා ගන්නේ කෙසේද, එය දුරු කරන්නේ කෙසේ ද සහ ඒ සඳහා බුදු දහමෙන් ලැබෙන මාර්ගෝපදේශ මොනවා ද යන කරුණු පැහැදිලි කෙරේ.
  24. ශ්‍රද්ධාවේ දුර්වල බව නිසා නිවන පමාවීම. (19-08-2022):  ශ්‍රද්ධාවේ දුර්වල බව නිසා නිවන පමා වෙන ආකාරය පිලිබඳ අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් සියැස රූපවාහිනියෙන් සිදුකල මෙම ධර්ම දේශනාව ඉතා වටිනා වේ.නිවන් අවබෝධ කිරීම සඳහා ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වන ඉන්ද්‍රිය ධර්ම පහ වන්නේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ඉන්ද්‍රියයි. එම නිවන සඳහා එසේ ප්‍රමුකත්වය ගන්නා ධර්ම වල පළමු ධර්මය වන ශ්‍රද්ධාව අනෙකුත් අවශේෂ ධර්ම දියුණු කරන ප්‍රබලතම සාධකය වෙන බව මෙහිදී මානව පැහැදිලි කෙරේ. එමෙන්ම නිවනට මුලික වෙන ප්‍රඥා ඉන්ද්‍රිය ඇතිකිරීමට සහ දියුණු කිරීමට ආකාරවතී ශ්‍රද්ධාව උපකාර කරන ආකාරය සහ එම ආකාරවතී ශ්‍රද්ධාව ඇතිකර ගැනීමට හේතුවෙන කරුණු හයක් මෙහි දී විස්තර කෙරේ.
    ‘ශ්‍රද්ධාවේ දුර්වල බව නිසා නිවන පමාවීම’ ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.
  25. මානසික සතුට ඇති කරගැනීම. (29-06-2023): මානසික සතුට ඇති කරගැනීම පිලිබඳ මෙම ධර්ම දේශනාව අපට වැදගත් වන්නේ ඒ තුලින් අප බහුල ලෙස විඳිනා තෘෂ්ණා මූලිකව, කෙලෙස් සහිතව ලබනා සතුටේ ඇති දුබලකම් පැහැදිලි කරමින් එයට වඩා වටිනා සතුටක් වන නිරාමිස සතුට ඇති කරගන්නා ආකාරය පිලිබඳව පැහැදිලි කෙරෙන බැවිනි. අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් සියැස රූපවාහිනියෙන් සිදුකල මෙම ධර්ම දේශනාව එම නිරාමිස සතුට පුහුණු කරන, දියුණු කරන ආකාරය පෙන්වා දෙන බවින් ඉතා වටිනා වේ.
    “මානසික සතුට ඇති කරගැනීම” ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.