සිත යෝනිසෝමනසිකාරය දක්වා පුහුණු කිරීම. (08-05-2023)

සිත යෝනිසෝමනසිකාරය දක්වා පුහුණු කිරීම. (08-05-2023)

සිත යෝනිසෝමනසිකාරය දක්වා පුහුණු කිරීම පිළිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදුකල මෙම ධර්ම දේශනාව ඉතා විශිෂ්ඨ දේශනාවක් වන්නේ එමගින් අපගේ සිත යෝනිසෝ මනසිකාරය දක්වා පුහුණු කිරීමේ අවශ්‍යතාවයත් සහ සිත එසේ පුහුණු කරන්නේ කෙසේද යන කාරණා මැනවින් පැහැදිලි කරන බැවිනි.

එමෙන්ම මෙම යෝනිසෝමනසිකාරය, චිත්තානුපස්සනා සහ ධම්මානුපස්සනා සතිපට්ඨාන භාවනාවට සම්බන්ධ වෙන ආකාරය මෙම දේශනාව හොඳින් ශ්‍රවණය කිරීමේ දී පැහැදිලි වේ.

මෙහිදී පහත දැක්වෙන කරුණු විශේෂයෙන්ම මතු කෙරිණි.

  1. බුදුරජාණන් වහන්සේ ආශ්‍රව වශයෙන් කෙලෙස් නැති කිරීම ගැන දේශනා කලේ නුවණින් මෙනෙහි කිරීමට හැකි අයට පමණි! එතරම් සුවිශේෂ වූ නුවණින් මෙනෙහි කිරීම යෝනිසෝ මනසිකාරය බව මන ලෙස පැහැදිලි කිරීම.
  2. එමෙන්ම සතිය සහ සම්පජඤ්ඤය කුමක්ද යන්න ගැඹුරින් තේරුම් කර දීම. එම පැහැදිලි කිරීම විශේෂයෙන්ම වැදගත් වන්නේ වර්ථමානයේ සතිය පිළිබඳව වෙනස් අර්ථකථන ඇති බැවිනි.

මෙම ධර්ම දේශනාවට පාදක වූයේ මජ්‌ඣිම නිකායේ, මූල පන්නාසකයේ, මූලපරියාය වර්ගයේ එන සබ්බාසව සූත්‍රයයි. එම සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න: සබ්බාසව සූත්‍රය.


අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
  2. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  3. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  4. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  5. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  6. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  7. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.