දස සංඥා සහ විදර්ශනාව. (10-05-2023)

දස සංඥා සහ විදර්ශනාව. (10-05-2023)

දස සංඥා සහ විදර්ශනාව ළිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදුකල මෙම ධර්ම දේශනාව භාවනාව ප්‍රගුණ කරන බෞද්ධයන් හට ඉතා ප්‍රයෝජනවත් ධර්ම දේශනාවකි.

නිවන සඳහා යන ගමනේ දී සත්ව, පුද්ගල ස්වභාවයෙන් වෙන් කොට එය නම රූප ධර්ම සමූහයක් කියා නිවැරදිව තේරුම් ගැනීම පහසු නොවේ.  ඒ සඳහා දස සංඥා දියුණු කර ගනිමින් විදර්ශනා මාර්ගයට යොමුවෙන ආකාරය මෙහි පැහැදිලි කෙරේ. 

පෘථග්ජන අප විසින් කරුණු හතරක් පිළිබඳව, විකෘති ආකාරයෙන් අඳුනා ගැනීම්, විකෘති සිතුවිලි ඇති කර ගැනීම් සහ විකෘති දෘෂ්ටි ඇති කර ගන්නා ආකාරය දේශනාවේ දී සවිස්තරව පැහැදිලි කෙරේ.  එම වැරදි ආකාරයෙන් වටහා ගැනීම ක්‍රමානුකුලව දුර්වල කරමින් නිවැරදි වටහා ගැනීම් ඇති කර ගැනීමට හේතුවෙන දස සංඥාවන් දියුණු කල යුතු ආකාරය මෙහි දී පැහැදිලි වේ.

මෙම ධර්ම දේශනාවට පාදක වූයේ සූත්‍ර පිටකයේ, අඞ්‌ගුත්‌තර නිකායේ, චතුක්ක නිපාතයේ, රෝහිතස්‌ස වර්ගයේ එන විපල්‌ලාස සූත්‍රයයි.  එම සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න: විපල්‌ලාස සූත්‍රය.


අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
  2. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  3. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  4. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  5. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  6. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  7. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.