සිත විදර්ශනා මාර්ගයට යොමු කල හැකි ආකාරය. (05-05-2023)

සිත විදර්ශනා මාර්ගයට යොමු කල හැකි ආකාරය. (වෙසක් පොහොය ධර්ම දේශනාව)

සිත විදර්ශනා මාර්ගයට යොමු කල හැකි ආකාරය පිළිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදුකල මෙම ධර්ම දේශනාව ඉතා වටිනා දේශනාවක් වන්නේ ඒ තුලින් අපගේ සිත විදර්ශනා මාර්ගයට යොමු කිරීම පිලිබඳ මූලික පියවරයන් සතිපට්ඨාන දේශනාව පාදක කර ගනිමින් ප්‍රායෝගික අයුරින් පැහැදිලි කිරීම නිසාවෙනි.

මෙහිදී ඒ සඳහා සතියේ සහ සම්පජඤ්ඤයේ දියුණුකල යුතු පියවර සහ සංධිස්ථාන ඉතා මැනවින් චිත්තානුපස්සනාව සහ ධම්මානුපස්සනාව ඇසුරු කර ගනිමින් විස්තර කෙරේ. ඒ දියුණු කිරීම තුලින් අප තුල ඇතිවන ශෝක, හඬා වැළපීම් සහ ද්වේෂ මූලික ගැටීම් සමනය කරගන්නා ආකාරය මෙහි දී පැහැදිලි වේ. 

මෙම ධර්ම දේශනාවට පාදක වූයේ දීඝ නිකායේ, මහා වර්ගයේ එන මහා සතිපට්ඨාන සූත්‍රයයි. එම සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න: මහා සතිපට්ඨාන සූත්‍රය.


අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
  2. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  3. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  4. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  5. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  6. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  7. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.