Saturday Dhamma Discussion – 09 was conducted on 27 February 2021 by Most Ven. Kukulpane Sudassi Thero. Ven. Anuruddha Thero coordinated the Zoom discussion from another location. The two hour long recording of Saturday Dhamma Discussion – 09, was audio edited to remove unwanted noises and pauses and are presented below as separate questions and answers in order to facilitate better listening.
“ප්රායෝගික ජීවිතයෙහි ධර්මය ප්රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ නවවන ධර්ම සාකච්චාව වර්ෂ 2021 පෙබරවාරි මස 27 දින සිදුකරන ලදී. පුජ්යපද අනුරුද්ධ ස්වාමින්වහන්සේද එම Zoom සාකච්චාව මෙහෙයවීමට දායක වූ සේක.
මෙවර ධර්ම සකච්චාවද “ද්වේෂය දුරුකරන ක්රම” දේශනා මාලාව පාදක කරගෙන සිදුකරනු ලැබීය. එම දේශනා මාලාවට මෙම යොමුව click කර පිවිසෙන්න.
මෙම පැය 2කට වඩා දිගු වන ධර්ම සාකච්චාව, අසන්නන්ගේ පහසුව පිණිස ප්රශ්න හා පිළිතුරු වශයෙන් වෙන්කර, ශබ්ද සංස්කරණය කොට ඉදිරිපත්කර ඇත්තෙමු.
එමෙන්ම, එසේ වෙන් කර ඉදිරිපත්කර ඇති සෑම හඬ පටයකින්ම මෙම ප්රධාන පිටුවට පිවිසිය හැකි යොමුවක් MP3 ගොනුව තුලට ඇතුලත් කර ඇති බැවින් මෙම ඕනෑම MP3 පටයක් බා ගත කල පසු SMART PHONE එකකින් හෝ පරිගණකයකින් හෝ මෙම වෙබ් පිටුවට පිවිසීමට පුළුවන. ඒ යොමුව සෑම MP3 ගොනුවකම “COMMENTS” අංශයට ඇතුලත් කර ඇත.
එමෙන්ම ඇතැම් ප්රශ්න හා ඒවාට දුන් පිළිතුරු සුවිශේෂී වටිනාකමක් ඇති ඒවා වේ. එම පැනයන් නම් අංක 2,1,3,6,8,10
To download: You could download the file by right clicking on the link and then selecting “save as” from the drop down menu.
To listen directly: Please left click on the link to listen directly. Once the link is clicked, you will be directed to a separate page containing the talk. Usually the file starts to play in that window. If it doesn’t you could highlight the browser window and click ‘reload this page’. It will start to play.
- මනසේ ද්වේශය ඇතිවන අරමුණ වෙනස් කිරීමෙන් ද්වේශය දුරු කරන ආකාරය පැහැදිලි කරන්න.
- පිනට, දහමට යෙදී ගත කරන අයට කොවිඩ් -19 න් ආරක්ෂාව ලැබෙනවද?♥♥
- ක්ලේශ, උපක්ලේශ සහ වංචක ධර්ම අතර වෙනස පැහැදිලි කරන්න.♥♥
- ජීවිතයට ගලපා ගන්නට ධර්ම දේශනා අසන්න කීවාට එය සිදු නොවන්නේ ඇයි?
- සිනාවෙන් සහ ප්රීතියෙන් යුතුව තව කෙනෙකුට හිංසා පීඩා කිරීම සිදුවන්නේ කෙසේද?
- ද්වේශය පහලවූ පසු එම මනෝභාවයට අවදි වී ද්වේෂය දුරුකරන ක්රම යොදන ආකාරය පුහුණු වීම සහ ප්රයෝජනය පැහැදිලිකරන්න.
- ද්වේශය වැළැක්වීමට සමාධිය පිටිවහලක් වෙනවද?♥♥
- සමාධිය, ප්රඥාවට පෙර පෙන්වාදී ඇති නිසා එදිනෙදා ජීවිතයේදී ප්රශ්න වලින් සහනයක් ලැබීමට සමාධිය පිටිවහලක් වෙනවද?♥♥
- ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය මුලට දක්වා ඇත්තේ ඇයි?
- තරහා ඇතිවීමේදී එහි මූලය ආශාවක්, ලෝභයක් හෝ භෞතික ආශාවක් හෝ විය හැකිද? ♥♥
- අවසානය.
“ද්වේෂය දුරුකරන ක්රම” මූලික කරගත් ධර්ම සාකච්චා පෙළ අවසානයි.
එම ධර්ම සාකච්චාවේ වීඩියෝව නැරඹීමට මෙතන click කරන්න.
අනෙකුත් සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.