සදහම් මණ්ඩපය – 01 (02-04-2026)

සදහම් මණ්ඩපය - 01 (02-04-2026)

සදහම් මණ්ඩපය – 01 (02-04-2026)

සදහම් මණ්ඩපය අංක: 01 (ලෞකික සම්මා දිට්ඨිය) monthly Dhamma talk and discussion was conducted via Zoom on 02nd April 2026 by Most Ven. Kukulpane Sudassi Thero.

This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

සදහම් මණ්ඩපය යන මෙම නව මාසික දහම් වැඩ සටහන ඕස්ට්‍රේලියා සහ නවසීලන්ත දහම් ශ්‍රාවකයන්ගේ ආරාධනය අනුව අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සෑම මසකම පළමු බ්‍රහස්පතින්දා සිදු කෙරේ. මෙම පළමු දහම් වැඩසටහන මහාචත්තාරීසක සූත්‍රය ඇසුරු කොට ලෞකික සම්මා දිට්ඨිය පිළිබඳව වර්ෂ 2026 අප්‍රේල් මස 02 දින ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 2.30 ට සිදු කෙරිණි.

මහාචත්තාරීසක සූත්‍රය ත්‍රිපිටකයෙන් කියවීමට මෙතනින් පිවිසෙන්න: මහාචත්තාරීසක සූත්‍රය.

මෙවර ධර්ම දේශනාව තුලින් ලෞකික සම්මා දිට්ඨිය පිළිබඳව පැහැදිලි කෙරිණි.  මෙහි දී අප සරල ලෙස සිතා සිටින ලෞකික සම්මා දිට්ඨිය අපගේ ජීවිත යහමගට ගැනීමට හේතු වෙනවා පමණක් නොව එය දියුණු කිරීම තුලින් හේතු ඵල ක්‍රියාව පිළිබඳව ගැඹුරු වැටහීමකට ඒමට පවා එය හේතු වෙන බව මෙහි දී පැහැදිලි කෙරිණි.  එමෙන්ම මෙම ලෞකික සම්මා දිට්ඨිය අපගේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය දියුණු කිරීමට පවා හේතු වෙන බව වැඩිදුරටත් පැහැදිලි කෙරිණි.

එමෙන්ම මෙදින ධර්ම සාකච්ඡාවේ දී මාතෘකාවට අනුගත වූ වටිනා පැන නැගුණු අතර ඒවා පිලිබඳව වටිනා පැහැදිලි කිරීම් සිදු කෙරිණි.


  1. ධර්ම දේශනාව: ලෞකික සම්මා දිට්ඨිය පැහැදිලි කරන්න.**** (ලෞකික සම්මා දිට්ඨිය සහ ලෝකෝත්තර සම්මා දිට්ඨියට එය අවශ්‍ය වෙන ආකාරය පැහැදිලි කෙරෙන ඉතා වටිනා ධර්ම දේශනාවකි.)
  2. බොහෝවිට කාමාශ්‍රව නැතිකර ගැනීම පිළිබඳව ධර්ම දේශනා වල පැහැදිලි කලත් දිට්ඨාශ්‍රාවය පිළිබඳව වැඩි දුර දේශනා නැත්තේ කුමක් නිසා ද? එමන්ම දිට්ඨාශ්‍රාවය නැතිකර ගැනීම අපගේ ජීවිත වලට අනුබද්ධ කර ගන්නේ කෙසේ ද? *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  3. අපගේ ගිහි පවුල් ජීවිත ඇතුලේ ගැටීම් අවම කර ගනිමින් ක්‍රියා කරන මේ ආකාරය තුල සක්කාය දිට්ඨිය අඩු වෙනවා නොවේ ද? එමෙන්ම එවන් පවුල් ජීවිත තුල ලෞකික සම්මා දිට්ඨිය ක්‍රමිකව දියුණු වීමෙන් ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇතිකර ගැනීමට හේතු වෙනවා නොවේ ද? **** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.  එමෙන්ම මෙම උදාහරණය තුලින් ලෞකික ජීවිතය සාර්ථක සහ යහපත් කරගන්නා අතරම ලෝකෝත්තර සම්මා දිට්ඨියත් ක්‍රමිකව දියුණු වෙන ආකාරය පැහැදිලි කෙරෙන ප්‍රායෝගික උදාහරණයකි.)
  4. භාවනා කිරීමට අපහසු වෙන මට දහම් දේශනා ශ්‍රවණය කිරීම තුලින් හේතු ඵල අනුව සිතීමෙන් ගැටීම් අඩු කර ගැනීමට පුළුවන.  එය තවත් දියුණු කර ගැනීමට කෙසේ කල යුතුදැයි කියා නොතේරේ. **** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.  මෙහි සඳහන් කෙරෙන ගිරිමානන්‍ද සූත්‍රය ත්‍රිපිටකයෙන් කියැවීමට මෙතනින් පිවිසෙන්න: ගිරිමානන්‍ද සූත්‍රය)
  5. අන් අය සමග මා තුල ගැටීම ඇතිවන්නේ මා ගැන ඇති කැමැත්ත එනම් කාමය නිසාද? **** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  6. කුසලයක් කල විට ඒ ගැන යහළුවන්ට දැනුම් දීමත් කාමය නිසා ඇති වන්නක් ද? වෙළඳසැලක ඇති ඇඳුම් දිහා බලන විට ඇතිවෙන කාමය විදර්ශනා කරන්නේ කෙසේ ද? *** (වටිනා පැනයන් සහ පැහැදිලි කිරීමකි.)
  7. කාමයේ ආදීනව දැක ශීල, සමාධි, ප්‍රඥා දියුණු කරන විට කාමයෙන් අපට මිදෙන්නට පුළුවන් ද? ***
  8. බුදු දහමට යොමුවෙන ආධුනිකයෙකු මුලින්ම කල යුත්තේ කුමක් ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  9. සමාලෝචනය සහ අවසානය. ***

සදහම් මණ්ඩපය, සෑම මාසයකම පළමු බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.30 ආරම්භ කෙරෙනු ඇත.  එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ හෝ ස්මාර්ට් ජංගම දුරකථනයේ හෝ ස්ථාපිත කරගන්න.  ඉන් පසුව පහත Link එක Click කර පහත දැක්වෙන Passcode එක ඇතුල් කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.