විනෝදනා පහාතබ්බා – Saturday Dhamma Discussion – 87 (26-11-2022)

සෙනසුරාදා ධර්ම සාකච්ඡාවඅංක: 87 (විනෝදනා පහාතබ්බා – කෙලෙස් දුරු කරන විවිධ උපාය මාර්ග) 26-11-2022

විනෝදනා පහාතබ්බාSaturday Dhamma Discussion – 87 was conducted on 26 November 2022 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Dhamma Discussion – 87 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ අසූ හත්වෙනි ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2022 නොවැම්බර් මස 26 වන දින සිදුකරන ලදී.

මෙවර ධර්ම දේශනාවේ දී සබ්බාසව සූත්‍රයේ දැක්වෙන විනෝදනා පහාතබ්බා යන්න කුමක්දැයි පැහැදිලි කරන ලදී.  මෙහිදී දෝෂ දැකීම් සහිතව වීර්යයෙන් පහ කල යුතු ආශ්‍රවයන් පිළිබඳව පැහැදිලි කෙරේ.  උපදිනා කාම විතර්ක, ව්‍යාපාද විතර්ක සහ විහිංසා විතර්ක නුවනින් සලකා දුරු කිරීම සහ නැවත නූපදින තත්වයට පත් කිරීමට කටයුතු කිරීම මෙහිදී දැක්වේ.

එමෙන්ම අද දින ධර්ම දේශනාවට සම්බන්ධ වටිනා ප්‍රායෝගික පැන බොහොමයක් ද ධර්ම සාකච්ඡාවේ දී ඉදිරිපත් කෙරිණි.

ත්‍රිපිටකයේ එම සබ්බාසව සූත්‍රය මෙතනින් කියවන්න: සබ්බාසව සූත්‍රය.

මෙම (විනෝදනා පහතබ්බා – සබ්බාසව සූත්‍රය 07) ධර්ම සාකච්චාවේ වීඩියෝව නැරඹීමට මෙතන click කරන්න.

මෙම සම්පුර්ණ ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව ශබ්ද සංස්කරණය කොට ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් වෙන්කොට පහතින් ඇතුලත් කර තිබේ.


  1. සබ්බාසව සූත්‍රයේ දැක්වෙන විනෝදනා පහාතබ්බා යන්න පැහැදිලි කරන්න. *** (මෙහිදී දෝෂ දැකීම් සහිතව වීර්යයෙන් පහ කල යුතු ආශ්‍රවයන් නුවනින් සලකා ප්‍රයෝගිකව දුරු කරනා ක්‍රමවේදය පැහැදිලි කෙරේ. අලෝභ, අද්වේශ සහ අමෝහ කුසල මූලයෙන් ඇතිව වීර්ය දැනගැනීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණි.)
    මෙම ධර්ම දේශනාවේ දී සඳහන් වුනු විතක්ක සණ්ඨාන සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න: විතක්ක සණ්ඨාන සූත්‍රය.
  2. විනෝදනා පහාතබ්බා” ප්‍රයෝගික ජීවිතයේ දී යොදා ගැනීමට අප තුල ඉතා හොඳ සතියක් සහ සම්පජඤ්ඤයක් තිබිය යුතු වෙනවා නොවේ ද? *** (විනෝදනා පහාතබ්බා යන්න වෙනම ක්‍රම වේදයක් වුවත් එය ප්‍රයෝගිකව යොදා ගැනීමට හඳුනා ගැනීමේ දී සතිය සහ සම්පජඤ්ඤයේ විශේෂ අවශ්‍යතාවය මෙහිදී මතු කෙරේ. එමෙන්ම ධර්ම සංඝනී ප්‍රකරණයේ බුදු දහමේ සතිය පිළිබඳව සඳහන් වෙන ”සතිය වනාහී අකුසලයට ගලා යන්නා වූ සිත එයින් වලක්වා කුසල පක්‍ෂය සිහි කරවන ශක්තියක්” බව ද මෙහි දී මතු කෙරිණි.)
    ධර්ම සංඝනී ප්‍රකරණයේ බුදු දහමේ සතිය පැහැදිලි කරන විනාඩියක කෙටි වීඩියෝවක් මෙතනින් නරඹන්න: සතිය-01_පරමාර්ථ ධර්ම සංග්‍රහය_පිටුව_177
  3. භාවනාව අකුසල සිතින් ආරම්භ කළා වුවත් හොඳින් පුහුණු කල විට එය කුසල් සිතකට පත් වෙනවා නොවේ ද? *** (ගරු ස්වාමින් වහන්සේගේ පිළිතුර මෙහිදී වැදගත් වේ.)
  4. වීර්ය ඉන්ද්‍රිය ධර්මයක් ව සිට බල ධර්ම බවට පත් වීම මේ තුලින් පැහැදිලි කෙරෙනවා නොවේ ද? ***
  5. ආශ්‍රව ධර්ම දුරු කිරීමේ දී ශීලය බොහෝ වැදගත් වෙනවා නොවේ ද? *** (ශීලය සම්බන්ධව සිහියේ, සම්පජඤ්ඤ සහ වීර්යයේ ඇති වැදගත්කම ගැන සඳහන් වෙන ගරු ස්වාමින් වහන්සේගේ පිළිතුර මෙහිදී වැදගත් වේ.)
  6. ගරු ස්වාමින්වහන්සේ විසින් රචිත ” බුදුසමයේ විජ්ජාචරණ සංකල්පය” ග්‍රන්ථයේ දැක්වෙන ආකාරයට සතිපට්ඨානය වැඩීම තුලින් මේ ආත්මයේදීම සියලු ආශ්‍රව දුරු කරගත හැකි වෙනවා නොවේ ද? (ගරු ස්වාමින් වහන්සේගේ පිළිතුර මෙහිදී වැදගත් වේ.)
  7. කාම, ව්‍යාපාද සහ විහිංසා විතර්ක වලට එරෙහිව දියුණු කල හැකි ධර්මතා ප්‍රායෝගිකව පැහැදිලි කරන්න. *** (ප්‍රායෝගික වටින කමක් ඇති පැනයක් සහ පිළිතුරකි.)
  8. සංකල්පීය වශයෙන් ගොඩ නගන රාගය නිසා මනසට සහ ශරීරයට ඇති වෙන තත්වයන් දහමට අනුව පැහැදිලි කරන්න. *** (ඉතා කාලීන සහ ප්‍රයෝගික වටිනාකමක් ඇති දහම් පිළිතුරකි.)
  9. අවසානය. (මෙහිදී සඳහන් කල ගරු ස්වාමින් වහන්සේ විසින් පෙරදී සතිය පිලිබඳ සිදුකල ධර්ම දේශනා වල වෙබ් පිටු වලට යොමුවන් කිහිපයක් මෙහි දැක් වේ.) 01. වර්ථමානය තුළ ජීවත්වීම (04-09-2021)  02. සම්මා සතියේ සිත පිහිටවා ගැනීම. (17-01-2021)  03. සතිය ඉන්ද්‍රිය ධර්මයක් ලෙස පුහුණු කිරීම. (06-11-2021)  04. එදිනෙදා ජීවිතයට භාවනාව උපයෝගී කර ගැනීම – (17-12-2021)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.