සම්මා සතියේ සිත පිහිටවා ගැනීම (17.01. 2021)

අති පුජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.

සම්මා සතියේ සිත පිහිටවා ගැනීම යන මෙම ධර්ම දේශනාව ගිහි පැවිදි සියළු දෙනාටම ඉතා ප්‍රයෝගික වටිනා කමකින් පරිපුර්ණ වූ දේශනාවකි.  සතිය යන්න කුමක්ද කියා අද සමාජයේ නොයෙකුත් අදහස් සහ මතිමතාන්තර පවතී. මෙම දේශනාවේ සම්මා සතිය යනු කුමක්ද යයි පැහැදිලිව තේරුම් කර තිබේ. 

එමෙන්ම කාර්ය බහුල ජීවිත ගත කරන බොහෝ දෙනා හට සම්මා සතිය දියුණු කරගැනීමට ඕනෑකමක් තිබුනත් ඒ සඳහා භාවනාවක් කිරීමට කාලයක් සපයා ගැනීම අපහසු වේ. එවන් අය සඳහා චින්තාමය ඥානය යොදවා සිත දියුණු කිරීමට සිදුකල හැකි පහසු සහ වටිනා ක්‍රම වේදයක් මෙම දේශනාවේ අන්තර්ගත වේ.

“සම්මා සතියේ සිත පිහිටවා ගැනීම” ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬ පටිය මෙම යොමුවෙන් ලබාගන්න.

“සම්මා සතියේ සිත පිහිටවා ගැනීම” ධර්ම දේශනාවේ වීඩියෝ පටය මෙතනින් නරඹන්න.

ධර්ම දේශනාවට පාදක වූ දීඝ නිකායේ මහා සතිපට්ඨාන සූත්‍රය, ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න: මහා සතිපට්ඨාන සූත්‍රය.

මෙම වටිනා ධර්ම දේශනාව අති පුජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 ජනවාරි මස 17 වෙනි දින සියස රූපවාහිනියෙන් සිදුකරන ලදී.  එම මහඟු ධර්ම දානය, අභාවප්‍රාප්ත වුනු මේජේර් ජෙනරාල් ලැරී විජේරත්න ස්වාමිපුරුෂයා ඇතුළු මියගිය ඥාතීන්ට පිං පිණිස ආදරණීය බිරිඳ වූ ඉන්දිරා විජේරත්න සහ දූ දරුවන් විසින් සිදුකරන ලදී.


ගෞරවනීය ස්වාමින්වහන්සේ විසින් මෑත කාලයේ සිදුකල මෙවැනි දායකත්ව ධර්ම දේශනා ධර්ම දේශනා ඇතුලත් වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.

ගෞරවනීය ස්වාමින්වහන්සේ විසින් සිදුකල සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චා සංචිතයට මෙතනින් පිවිසෙන්න. ශ්‍රාවකයන්ගේ පහසුව පිණිස මෙම ප්‍රශ්න සහ පිළිතුරු වෙන වෙනම ඉදිරිපත් කර ඇත.

ගෞරවනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේගේ Dhamma Yathra දහම් සංසදයට එක්වන ආකාරය සඳහා මෙතන click කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.