වේදනානුපස්සනාවේ වැදගත් කරුණු සහ ළමාවිය සංවර්ධනය.

Image by setthayos sansuwansri from Pixabay

  1. වේදනානුපස්සනාවේ වැදගත් ප්‍රායෝගික කරුණු රැසක් පසුගිය සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චාව – අංක: 20 දී විමසීමට ලක්කෙරිණි. එම කරුණු ආරම්භක සහ ප්‍රවීන යන දෙපිරිසටම වැදගත් වේ. බුදුරජාණන් වහන්සේ විපස්සනා භාවනා ‘ක්‍රමයක්’ කිසිම තැනක දක්වා නොතිබුනේ ඇයිද, වේදනානුපස්සනාවේ ප්‍රභේද මොනවාද සහ ඒවා වැඩිය යුතු ආකාරයන් ආදී වැදගත් කරුණු සාකච්චා විය. මෙහි විශේෂයෙන් අංක 01, 03, 04, 05, 07, 09, 12 සහ 13 වැදගත් වේ.      එම වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.
  2. ප්‍රඥාවෙන් වියපත් වෙමින් දේශන මාලා අංක: 04 – ළමා විය. දරුවකුගේ කුඩා අවධියේදී සිටම පාපයෙන් මුදාලීම, යහපතෙහි යෙදවීම සහ ශිල්ප ඉගැන්වීම දෙමාපියන් සතු යුතුකමකි. දරුවන්ගේ සාංසාරික දුබලකම් යටපත්කර ඔවුන්තුල යහපත් ගුණධර්ම වර්ධනය කිරීමට මව්පියන් කෙසේ දක්ෂ ලෙස කටයුතු කලයුතු දැයි මෙම හතරවන දේශනාවෙන් පැහැදිලි කෙරේ. වසර අවුරුදු 5 සිට අවුරුදු 12 දක්වා පාසල් වියේ දරුවන්ගේ කායික, මානසික සහ අධ්‍යාත්මික සංවර්ධනය පුබුදුකරන්නේ කෙසේද යන කරුණ සිඟාලෝවාද සූත්‍රයේ පාඨයක් ඇසුරු කොටගෙන මෙහිදී පැහැදිලි කරන ලදී. මෙම දේශනා මාලාව සර්වෝදය විශ්ව නිකෙතන් සාම නිවහන මගින් සිදුකල ආරාධනයක් මත සිදුකල අතර එය දේශනා 10 කින් සමන්විත වනු ඇත.  එම වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.

 

Share this with others as a gift of Dhamma!

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.