මීතිරිගල නිස්සරණ වනවාසී පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් මෙවර ඉරු දිනයේ (26-12-2021) සිදුකල ධර්ම දේශනාවෙන් ආනාපානසතියේදී වේදනානුපස්සනාව සහ චිත්තානුපස්සනාව තුලින් සප්ත බොජ්ඣංග වැඩෙන ආකාරය පැහැදිලි කරන ලදී. එදින ධර්ම සාකච්චාවේද යෝගාවචරයන්ට වටිනා ප්‍රායෝගික කරුණු ඇතුලත් වේ.

Image by river_cm from Pixabay
පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් ඉරිදා සූත්‍ර දේශනා මාලාවේ එකොලොස් වන සූත්‍ර මාලාව ලෙස ආනාපානසති සූත්‍රය පිලිබඳ දේශනා මාලාව වර්ෂ 2021 නොවැම්බර් මස 14 වෙනි දින ආරම්භ කරන ලදී.
ආනාපාන සතිය බුදුරජාණන් වහන්සේ විසින් අප වෙත හඳුන්වා දුන් ප්‍රධානම භාවනා ක්‍රම වේදයකි. ආශ්වාසය හා ප‍්‍රාශ්වාසය මූලික කොටගෙන වෙනත් ආගම් වලද භාවනාවන් ප්‍රචලිත වී තිබේ. එනමුදු ඒවා තුලින් ලබන ප්‍රතිඵලයන් බුදු දහමේ ඉලක්ක කරන ප්‍රතිඵලයන් වලට වඩා වෙනස් වේ. බුදුරජාණන් වහන්සේ දේශනා කල ආනාපානසති සූත්‍රය තුලින් ආශ්වාසය සහ ප‍්‍රාශ්වාසය පිලිබඳව ඇති කරගන්නා සතිය නිවන් දැකීම සඳහා දියුණු කරන ක්‍රමවේදය පැහැදිලි වේ.
ආනාපානසති සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න.
මෙම Zoom දුරස්ථ වැඩසටහනට සම්බන්ධ වීමට Zoom මෘදුකාංගය ස්ථාපිත කරගෙන පහත දැක්වෙන අයුරින් සම්බන්ධ වන්න.
https://us02web.zoom.us/j/
Password: 171717
- ධර්ම දේශනාව 01 – ආනාපානසති සූත්‍රය. (14-11-2021)
- ධර්ම සාකච්චාව 01 (14-11-2021)
- ධර්ම දේශනාව 02 – ආනාපානසති සූත්‍රය – කායානුපස්සනාව. (21-11-2021)
- ධර්ම සාකච්චාව 02. (21-11-2021)
- ධර්ම දේශනාව 03 – ආනාපානසති සූත්‍රය – වේදනානුපස්සනාව. (05-12-2021) ***
- ධර්ම සාකච්චාව 03. (05-12-2021) ***
- ධර්ම දේශනාව 04 – ආනාපානසති සූත්‍රය – චිත්තානුපස්සනාව සහ ධම්මානුපස්සනාව. (12-12-2021) ***
- ධර්ම සාකච්චාව 04. (12-12-2021) ***
- ධර්ම දේශනාව 05 – ආනාපානසති සූත්‍රය – කායානුපස්සනාව තුලින් සප්ත බොජ්ඣංග වැඩෙන ආකාරය. (19-12-2021) ***
- ධර්ම සාකච්චාව 05. (19-12-2021) ***
- ධර්ම දේශනාව 06 – ආනාපානසති සූත්‍රය – වේදනානුපස්සනාව සහ චිත්තානුපස්සනාව තුලින් සප්ත බොජ්ඣංග වැඩෙන ආකාරය. (26-12-2021) ***
- ධර්ම සාකච්චාව 06. (26-12-2021) ***
To be continued…
පසුගිය ඉරිදා දහම් වැඩ සටහන් ඇතුලත් මූලික වෙබ් පිටුවට පිවිසීමට මෙතන click කරන්න.