නැවැත්ම සඳහා පැවැත්ම අංක: 03 – (21-01-2023)

Ven. Kukulpane Sudassi Thero – නැවැත්ම සඳහා පැවැත්ම අංක: 03 (21-01-2023)

නැවැත්ම සඳහා පැවැත්ම අංක: 03 – Saturday Dhamma Discussion – 93 was conducted on 21 January 2023 by Most Ven. Kukulpane Sudassi Thero.  Saturday Dhamma Discussion – 93 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ අනූ තුන්වෙනි ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2023 ජනවාරි මස 21 වන දින සිදුකරන ලදී.

මෙවර ධර්ම දේශනාවේ දී අරියවංශ සූත්‍ර දේශනාව තවදුරටත් පැහැදිලි කරමින්, භෞතික සම්පත් කෙරේ අප හැඟීම් වලට වහල් නොවී අවශ්‍යතා මත පැවැත්විය යුතු ආකාරයත් එම සම්පත් ගුණ දහම් වැඩෙන ආකාරයට රැස් කිරීම සහ භාවිතා කිරීම පුහුණු කරන ආකාරයත් පැහැදිලි කරන ලදී.  එමෙන්ම මෙවර ධර්ම සාකච්ඡාවේදී ද මතු කළ සියළුම පැනයන් වාගේ මෙම මාතෘකාවට අදාල වටිනා කරුණු මතු කළ  ප්‍රශ්නයන් විය.

ත්‍රිපිටකයේ එම අරියවංශ සූත්‍රය මෙතනින් කියවන්න: අරියවංශ සූත්‍රය.

මෙම (නැවැත්ම සඳහා පැවැත්ම අංක: 03 – 21-01-2023) ධර්ම සාකච්චාවේ වීඩියෝව නැරඹීමට මෙතන click කරන්න.

මෙම සම්පුර්ණ ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව ශබ්ද සංස්කරණය කොට ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් වෙන්කොට පහතින් ඇතුලත් කර තිබේ.


  1. ධර්ම දේශනාව – අරියවංශ සූත්‍රය තුලින් නැවැත්ම සඳහා පැවැත්ම ඇතිකර ගැනීමට අපට විවර වෙන ක්‍රමවේදය තව දුරටත් පහදා දෙන්න. *** (නැවැත්ම සඳහා පැවැත්ම සිදුකරන්නේ කෙසේද යන්න අරියවංශ ප්‍රතිපදාවට අනුගතව සිදුකල ඉතා වටිනා දේශනාවකි.)
  2. ඇතැම් පුද්ගලික අධිෂ්ඨාන සීලබ්බත පරාමාස ගණයට වැටෙන්නට පුළුවන් ද? *** (අරමුණ සහ ප්‍රතිපදාව අතර තිබිය යුතු හේතුඵල සම්බන්ධතාවය තේරුම් ගැනීමේ අවශ්‍යතාවය පහදා දෙන වටිනා පිළිතුරකි.)
  3. දහම් මග එදිනෙදා ජීවිතයේදී ප්‍රගුණ කිරීමේ වටිනාකම පිළිබඳව ඛජ්ජනීය සුත්‍රය ඇසුරින් පැහැදිලි කිරීමක්. *** (චන්ද්‍රානී හෙට්ටිආරච්චි මහත්මියගේ පුතනුවන් පසුගිය දිනෙක හදිසියේ මිය යාම ඇසුරු කොට සිදුකල පින් දීමක් සහ කරුණු පැහැදිලි කිරීමෙකි. එහිදී සඳහන් කල ධර්ම දේශනා දෙකට ප්‍රවේශය මෙයින් ලබා ගන්න. 01. දුක, මම, ලෝකය සහ අතරමං වීම. (16-01-2023), 02. ඛජ්ජනීය සුත්‍රය.
  4. වර්ථමාන සමාජයේ දී හැඟීම් වලට වහල් නොවී ගුණදහම් වඩන මග පුහුණු කිරීම අපහසු නිසා නිරාමිස ප්‍රීතිය යන්න කුමක්දැයි කුඩා වයසේ දීම භාවනාව තුලින් හඳුන්වා දීම වැදගත් නොවේ ද?**** (අරියවංශ ප්‍රතිපදාව ජනගත කිරීමේදී ඉතා අවශ්‍ය වෙන නිරාමිස ප්‍රීතිය යන්න කුමක්දැයි ප්‍රායෝගිකව දැන ගැනීමේ වටිනාකම සහ ගරු ස්වාමින්වහන්සේ පෙබරවාරි මාසයේදී දියත් කිරීමට බලාපොරොත්තු වෙන නව ආධ්‍යාත්මික වැඩසටහන පිළිබඳව විස්තර මෙම සාකච්ඡාවේ ඇතුලත් වේ.
  5. ප්‍රියයන්ගෙන් වෙන්වීමේදී පිළිපැදිය යුතු කරුණු පිළිබඳව සිදුකර ඇති මෙම ක්‍රමවේද තුලින් වඩා නිවැරදි ක්‍රමය පැහැදිලි කරන්න. *** (ප්‍රායෝගිකව ජීවිතයට වැදගත් වන පිළිතුරකි.)
  6. අප පරාර්ථය සඳහා දැඩිව යම් අරමුණකට නිමග්න වී කටයුතු කිරීමේ දී ඇතිවිය හැකි චන්දය සහ ලෝභය අතර වෙනස පැහැදිලි කරන්න. **** (ඕනෑම යහපත් කාර්‍යයක් කිරීමේදී වංචක ධර්ම වලට හසුවිය හැකි ආකාරය පැහැදිළි කෙරෙන ඉතා වටිනා සාකච්ඡාවකි. මෙහි සඳහන් කෙරෙන වඤ්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම පිළිබඳ වැඩසටහන් මාලාවට මෙතනින් පිවිසෙන්න.)
  7. උච්චේද දෘෂ්ටිය යනු හේතු ඵල ධර්මයට අනුව සිතේ පැවැත්ම නොකැඩී නොසිඳ තියෙනවා යන්න ද? ***
  8. ආයතන හයට හසුවෙන සෑම අරමුනකටම ඇලීමක් හෝ ගැටීමක් ඇති වෙනවා ද? ***
  9. භෞතිකවාදීන් උච්චේද දෘෂ්ටිය අනුව සිතන අය නොවේද? ***
  10. අවසානය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.