පුද්ගල චරිත සහ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය පිළිබඳව සිදුකල මෙම ධර්ම දේශනාව අපට කරුණු කිහිපයක් නිසා වැදගත් වේ.
- බුදුරජාණන් වහන්සේ ජීවත්වන සමයේදී ශ්‍රාවකයන්ගේ චරිත සුවිශේෂ ඥානයකින් දැක ඒ අනුව ධර්මානු ධර්ම ප්‍රතිපත්තියට යොමුකිරීම සිදුකල සේක. එම චරිත විශ්ලේෂණය අනුව යමින් අන්‍ය සිත් දක්නා ඥානයන් සහිත රහතන් වහන්සේලාට යම් ප්‍රමාණයකට ශ්‍රාවකයන්ගේ චරිත අනුව ධර්මානුධර්ම ප්‍රතිපත්තියහි යොමු කිරීමට අතීතයේදී හැකිවුවා. වර්තමානයේ එවන් හැකියාවන් ඇති ගුරුවරුන් සොයා ගැනීම දුෂ්කර නිසා එම පුද්ගල චරිත විශ්ලේෂණය ඉගෙනීම සහ පැහැදිලි කරගැනීම, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය දියුණු කරගන්න අප සැමට ඉතා වැදගත් වේ.
- එම හැකියාව හොඳින් පරිශීලනය කරමින් අපගේ මනස වඩාත් හැසිරෙන්නේ කුමන අරමුණු වලද යන්න පැහැදිලි වෙන විට එම දක්ෂතාවය අපගේ භාවනාමය හැකියාව සහ අපගේ සාමාජීය අන්තර් සම්බන්ධතා දියුණු කරගැනීමටත් උදවුවේ.
- එමෙන්ම එම හැකියාව ඉහත #1 සහ #2 අනුව අපට ඉතා හොඳින් දියුණු කල හැකි වූවොත්, අප ළඟින් ඇසුරු කරන අය හට කල්‍යාණ මිත්‍ර භාවයෙන් පිහිට වීමේ හැකියාවද අප තුල වැඩි දියුණු වේ.
“පුද්ගල චරිත සහ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය” ධර්ම දේශනාවේ වීඩියෝ පටය මෙතනින් නරඹන්න.
මෙම වටිනා ධර්ම දේශනාව අති පුජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 ඔක්තෝබර් මස 08 දින සියස රූපවාහිනියෙන් සිදුකරන ලදී. එම මහඟු ධර්ම දානය, මීට වසර 06 කට පෙර අභාවප්‍රාප්ත වූ ආර්. එම්. පොඩිමැණිකේ මෑණියන්ට පිං පිණිස දූ දරු මුනුබුරු මිනිබිරියන් විසින් සිදුකරන ලදී.