පුද්ගල චරිත සහ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. (08-10-2021)

අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.

පුද්ගල චරිත සහ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය පිළිබඳව සිදුකල මෙම ධර්ම දේශනාව අපට කරුණු කිහිපයක් නිසා වැදගත් වේ.

  1. බුදුරජාණන් වහන්සේ ජීවත්වන සමයේදී ශ්‍රාවකයන්ගේ චරිත සුවිශේෂ ඥානයකින් දැක ඒ අනුව ධර්මානු ධර්ම ප්‍රතිපත්තියට යොමුකිරීම සිදුකල සේක.  එම චරිත විශ්ලේෂණය අනුව යමින් අන්‍ය සිත් දක්නා ඥානයන් සහිත රහතන් වහන්සේලාට යම් ප්‍රමාණයකට ශ්‍රාවකයන්ගේ චරිත අනුව ධර්මානුධර්ම ප්‍රතිපත්තියහි යොමු කිරීමට අතීතයේදී හැකිවුවා.  වර්තමානයේ එවන් හැකියාවන් ඇති ගුරුවරුන් සොයා ගැනීම දුෂ්කර නිසා එම පුද්ගල චරිත විශ්ලේෂණය ඉගෙනීම සහ පැහැදිලි කරගැනීම, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය දියුණු කරගන්න අප සැමට ඉතා වැදගත් වේ.
  2. එම හැකියාව හොඳින් පරිශීලනය කරමින් අපගේ මනස වඩාත් හැසිරෙන්නේ කුමන අරමුණු වලද යන්න පැහැදිලි වෙන විට එම දක්‍ෂතාවය අපගේ භාවනාමය හැකියාව සහ අපගේ සාමාජීය අන්තර් සම්බන්ධතා දියුණු කරගැනීමටත් උදවුවේ.
  3. එමෙන්ම එම හැකියාව ඉහත #1 සහ #2 අනුව අපට ඉතා හොඳින් දියුණු කල හැකි වූවොත්, අප ළඟින් ඇසුරු කරන අය හට කල්‍යාණ මිත්‍ර භාවයෙන් පිහිට වීමේ හැකියාවද අප තුල වැඩි දියුණු වේ.

“පුද්ගල චරිත සහ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය” ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬ පටිය මෙම යොමුවෙන් ලබාගන්න.

“පුද්ගල චරිත සහ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය” ධර්ම දේශනාවේ වීඩියෝ පටය මෙතනින් නරඹන්න.

මෙම වටිනා ධර්ම දේශනාව අති පුජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 ඔක්තෝබර් මස 08 දින සියස රූපවාහිනියෙන් සිදුකරන ලදී.  එම මහඟු ධර්ම දානය, මීට වසර 06 කට පෙර අභාවප්‍රාප්ත වූ ආර්. එම්. පොඩිමැණිකේ මෑණියන්ට පිං පිණිස දූ දරු මුනුබුරු මිනිබිරියන් විසින් සිදුකරන ලදී.


ගෞරවනීය ස්වාමින්වහන්සේ විසින් මෑත කාලයේ සිදුකල මෙවැනි දායකත්ව ධර්ම දේශනා ධර්ම දේශනා ඇතුලත් වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.

ගෞරවනීය ස්වාමින්වහන්සේ විසින් සිදුකල සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චා සංචිතයට මෙතනින් පිවිසෙන්න. ශ්‍රාවකයන්ගේ පහසුව පිණිස මෙම ප්‍රශ්න සහ පිළිතුරු වෙන වෙනම ඉදිරිපත් කර ඇත.

ගෞරවනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේගේ Dhamma Yathra දහම් සංසදයට එක්වන ආකාරය සඳහා මෙතන click කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.