Dayaka Dhamma Talks – 10 දායකත්ව ධර්ම දේශනා – 10

Dayaka Dhamma Talks – 10, මෙහි දහවන පිටුව වේ. එක පිටුවක දේශනා 25ක් දක්වා ඇත. ඉදිරියට සහ පසුපසට යාමට පිටුවේ ඉහල සහ පහල ඇති යොමුවන් භාවිතා කරන්න.

Dayaka Dhamma Talks are conducted by Ven. Kukulpane Sudassi Thero for various Dayakas. These are conducted at Sri Vinayalankararamaya, Pokunuwita or elsewhere in the country.

මෙම දායකත්ව ධර්ම දේශනා, පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් පොකුණුවිට, ශ්‍රී විනයාලංකාරාරාමයේ දී හෝ ශ්‍රී ලංකාවේ නොයෙකුත් ස්ථානයන් හීදී දේශනා කල වටිනා දහම් කරුණු වේ.


  1. විමුක්තායතන සූත්‍රය. (28-05-2024): විමුක්තායතන සූත්‍රය පිළිබඳව අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් විකාශනය වූ මෙම ධර්ම දේශනාව ඉතා වටිනා ධර්ම දේශනාවකි. වර්ථමාන බොදු සමාජයේ නිවන් දැකීම පිළිබඳව පවතින වැරදි අදහස් නිවැරදි කරමින් නිවන් දැකීමට හැකි වෙන අවස්ථා පහක් මෙහිදී පැහැදිලි කෙරේ.  එමෙන්ම එම අවස්ථා පහේ දී කෙලෙස් නැසීමට නම් පහත සඳහන් සුදුසුකම් තුන සම්පුර්ණ කරගත යුතු බව මෙහි පැහැදිලි කිරීම විශේෂ වැදගත් කමක් වේ.
    01. අප්‍රමාදී බවින් යුතුව සති සම්පජඤ්ඤයෙන් කටයුතු කිරීම.
    02. කෙලෙස් තවන වීර්යයෙන් යුතු බව
    03. නිවනට යොමු කරන ලද සිත් ඇතිව. (මෙම කරුණ ඉතා වැදගත් වේ. පළමු සහ දෙවන කරුණු සම්පුර්ණ වූවත් මෙම කරුණ අසම්පූර්ණ නම් නිවන් දැකීමට නොහැකි වේ.)
    “විමුක්තායතන සූත්‍රය” ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න.
  2. අකුසලසමාපත්‌ති සූත්‍රය. (08-06-2024): වර්ෂ 2024, ජූනි 08 වෙනි දින බදුල්ලේ ඓතිහාසික මුතියංගණ රජ මහා විහාරයේ දී අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් ඉතා වටිනා ධර්ම දේශනාවක් සිදු කල සේක. සිය ජන්ම දිනයේ දී අකුසලසමාපත්‌ති සූත්‍රය මූලික කොට ගෙන සිදුකල එම ධර්ම දේශනාව ගිහි පැවිදි අප සියළු දෙනා හට ඉතා වැදගත් වේ.  සංසාරගත සත්වයා විසින් ඉතා සුවිශාල කාලයක් තුල දී අකුසලයට සම වැදීම පුහුණු කර තිබෙන නැමියාව එයින් මුදවා ගෙන කුසලයට සම වදින ආකාරය පුහුණු කරන ක්‍රමවේදය මෙම වටිනා ධර්ම දේශනාවෙන් පැහැදිලි කෙරේ.
    “අකුසලසමාපත්‌ති සූත්‍රය” ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.